මිලියන 80ක් වූ ලොව පුරා විසිරී සිටින සහ තමන්ටම වෙන්වූ ස්වාධීන රාජ්‍යයක් නොමැති දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ ඉහළ ධූර ලබා ගැනීමට අසීරු වී ඇත්තේ මිලියන 18ක් වූ සිංහලයන්ගේ භාෂාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව, අධිකරණ භාෂාව වී ඇති නිසාය. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා වී ඇති අතර රටේ ආරක්ෂාවද, ශ්‍රී ලංකා රාජ්‍යයේ අනන්‍යතාවයද තහවුරු වී ඇත. වසර ගණනාවක් උතුරු නැගෙනහිර සන්නද්ධ අරගලයක් ගෙන යන ලද්දේ ශ්‍රී ලංකාවේ භූමියෙන් වෙනම රටක් වෙන්කර ගැනීමටය.එවන් තත්ත්වයක් තුළ ජාත්‍යන්තර භාෂා 6ක්ම තිබියදී විදෙස් ගත වීමට ඉංග්‍රීසි ඕනෑ කියන මන්තරයේ සහ නීති අධ්‍යාපනයෙන් සිංහල ඉවත් කිරීමේ යටි අරමුණ රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන්, අධිකරණ භාෂාවෙන් සිංහල ඉවත් කර විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ ධූර සඳහා සිංහලයන්ට / නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට ඇතුල් වීම අහිමි කරවීමද? රටේ ආරක්ෂාව අහිමි කරවීමද? යන්න විද්වත් කතිකාවක් ආරම්භ කිරීම අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම පුරවැසියන්ගේ යුතුකම නිසාය. මේ වන විට රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව, අධිකරණ භාෂාව ඉංග්‍රීසි කිරීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කරමින් 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට අලි සබ්‍රිගේ මූලිකත්වයෙන් නීති පනවා ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව, අධිකරණ භාෂාව සිංහල භෂාවක්ව තිබියදී නීති අධ්‍යාපනය සහ නීති විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නේ කෙසේද යන්න විසඳා ගත නොහැකි වී ඇත්තේ මේ අවනඩුවට ප්‍රධානීන් රැසක්ම දායක වී ඇති නිසාය. 1972 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ලබා දුන් නීති අධ්‍යාපනය සිංහල භාෂාවෙන් ලැබීමේ අයිතිය ජේ. ආර් ජයවර්ධන මැතිතුමාද ආරක්ෂා කළේය.එසේ තිබියදී පසු කාලීන රජයන් සිංහල භාෂා අයිතිය අහිමි කිරීම ජනතාවගේ පරමාධිපත්‍යයට ද පටහැනි වේ. නිදහස් අධ්‍යාපනය ලබා දීම රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව, අධිකරණ භාෂාව වන සිංහල භාෂාවෙන් ලබා දීම විධිමත්ව කරගෙන යද්දී නීති අධ්‍යාපනය සි‍ංහල භාෂාවෙන් ලබා දීම වැළක්වීම නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ යන පිළිගත් නීති මූලධර්මයටද පටහැනි වේ. ජාත්‍යන්තරය යනු ඉංග්‍රීසි පමණක් නොවේ. බ්‍රිතාන්‍යය හැර ඉංග්‍රීසි භාවිතා කරන දියුණු රටවල් ඇත්තේ 4ක් පමණි.ඒ ඇ.එ.ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයයි. ඒ අන් හේතුවක් නිසා නොව එම රටවල් බ්‍රිතාන්‍යයේ යටත් විජිතව පැවතීම සහ බ්‍රිතාන්‍යයන්ගේ ජනතාගේ ජාන සහිත ජනතාව/ ඥාති සම්බන්ධතා ඇති ජනතාව එම රටවල් පාලනය කිරීමය. (ශ්‍රී ලංකාවේ කලු සුද්දන් එම රටවල සුද්දන් වේ) ප්‍රංශය, ජර්මනිය, චීනය, රුසියාව, කොරියාව, ඉතාලිය, ජපානය, ෆින්ලන්තය වැනි දියුණු රටවල් ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු නොකරයි. රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන්, අධිකරණ භාෂාවෙන් සිංහල ඉවත් කර රජයේ ධූර සඳහා සිංහලයන්ට/ නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට ඇතුල් වීම අහිමි කරවීම මෙහි අරමුණ වන අතර ප්‍රංශ, චීන, ස්පාඤ්ඤ, රුසියන්, අරාබි, ඉංග්‍රීසි යන ජාත්‍යන්තර භාෂා 6 වෙනුවට විදෙස් ගත වීමට ඉංග්‍රීසි භාෂාව පමණක් අවශ්‍ය බවට අසත්‍ය ප්‍රචාර කරන්නේත් මේ සඳහාය. 

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න