ගෝඨාභය ජනාධිපතිට ජනාධිපති පුටුව අහිමි කළ මුල් පෙළ ඉදිරියෙන්ම කිහිප දෙනෙක් සිටී. ඒ අතරින්ද ඉදිරියෙන්ම සිටියේ කවුද යන්න පැහැදිලි කිරීම මෙම කෙටි ලිපියේ අරමුණයි.. ගෝඨාභය ජනාධිපතිවරයා නිවැරදි කිරීමට පුරවැසියන් විසින් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවේය. රටේ පවතින ප්‍රශ්න ගෝඨාභය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නේය. ඒ සියල්ල ගඟට ඉණි කැපුවා සේ විය. නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේදී ගෝඨාභය ජනාධිපතිවරයා එරෙහිව පැවරූ නඩුවලදී දැඩිව විරුද්ධ විය. පුරවැසියන් විසින් ගෝඨාභය ජනාධිපතිට කියන මේ නීතිමය දුක්ගැනවිලි ජනාධිපති නීති විශාරදයන් ජනාධිපතිවරයාට සන්නිවේදනය නොකළේය. එපමණක්ද නොව, අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කෝරෝනා වෛරස් රෝගයේ ආවරණය ලබා අන්තවාදී නීති ගෙන ඒමට 2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට, අධිකරණ අමාත්‍යාංශයට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයැයි කියමින් අධිකරණ ඇමතිව සිටි ජනාධිපති නීති විශාරද අලි සබ්‍රි විසින් 2021 ජූනි මස 08වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එක් පුරවැසියෙක් ඒ පනත් කෙටුම්පත සහ ක්‍රියා කලාපය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කර එකී පනත් කෙටුම්පතට ජනමතවිචාරණයක් ලබාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල ඒ උත්සාහය පරාජය කළේය. (කියවන්න 2021 ජූලි 06 අඟහරුවාදා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව 1387-1449 පිටු) එමෙන්ම ජනාධිපති නීති විශාරද අලි සබ්‍රි ගෝඨාභය ජනාධිපතිවරයා නොමග යවා ඉංග්‍රීසියෙන් පමණක් නීති ව්භාග සහ නීති අධ්‍යාපනය ලබා දීමට 2020.12.30 අංක 2208/13 අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කෙරෙව්වේය. අධිකරණ භාෂාව ඉංග්‍රීසි කිරීමේ අලි සබ්‍රිගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ආරම්භ කළේ ඒ ආකාරයටය. දැනට ඉංග්‍රීසි අධිකරණ භාෂාවක් නොවේ. අධිකරණ භාෂාව සිංහල වන අතර මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, මහාධිකරණ, සිවිල් අභියාචනාධිකරණයේ නඩු තීන්දු සිංහලෙන් ලිවිය යුතුය. ඉංග්‍රීසියෙන් ඉගෙන, විභාග ලියා සිංහලෙන් නඩු තීන්දු ලියන්නේ කෙසේද කියා සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමට එරෙහි නීති විශාරදයන් පැහැදිලි කරන්නේ නැත. ඉංග්‍රීසියෙන් පමණක් නීතිය උගන්වා, නීති විභාග පවත්වා අධිකරණ භාෂාව ඉංග්‍රීසි කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම අලි සබ්‍රිගේ උපක්‍රමය බව ඉදිරියේදී ජනතාවට වැටහෙනු ඇත. ජනාධිපති නීති විශාරද අලි සබ්‍රි ද, ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපති ධූරයෙන් ඉවත් කිරීමට පෙරමුණේ සිටි ජනාධිපති නීති විශාරද සාලිය පීරිස් ඇතුලු නීතිඥ කණ්ඩායම් සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීමට විරුද්ධ කණඩායමේ එකට සිටින අය වෙති. මේ සියල්ලේම අවසන් ප්‍රතිඵලය “ගෝඨා ගෝ හෝම්” නැමති ගෝඨාභය ජනාධිපති ධූරයෙන් ඉවත් කිරීමට මහජන ව්‍යාපාරයක් නීතිය නොදැන වුන් පෙරටු කරගෙන අවස්ථාවාදීන් එනම් බොර දියේ මාලු බාන්නන් විසින් සංවිධානය කිරීමය. ඒ ගාලුමුවදොර  අරගලයයි. ගාලුමුවදොර අරගලකරුවන්ගෙන් බහුතරයක්ම ජර්මන් නීති දාර්ශනික කෙල්සන්ගේ “ගෘන්නෝම”  නීති මූලධර්මය පිළිබඳ නොදැන සිටියේය. “Grundnorm, as defined by Kelson, is used to denote the basic norm, order, or rule which go on to form the basis for any and every legal system. This can be regarded as the source of the validity of positive law of that legal system” එහි ප්‍රතිඵලය වූයේ ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපතිධූරයෙන් ඉවත් කරගැනීමත් සමඟම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කිහිප දෙනෙකුම දීර්ඝ කාලයකට සමාජයෙන් ඈත් කර තැබීමටද නීතියම යොදා ගැනීමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපති පුටුව අහිමි වූයේ ඔහු වටා සිටි ඔහුව ආරක්ෂා කරනවා කියූ අයගේ වැරදි නිසාය. ඒ පිළිබඳව පුරවැසියන් අවධානය යොමු කළ යුත්තේ නීතියේ පාලනය රටේ සංවර්ධනයට අත්තිවාරම වන නිසා ය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න