සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පත්කර තිබුණි. ඒ අනුව නීති අධ්‍යාපනයද රාජ්‍ය භාෂාවෙන් ලබා දීම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ආරම්භ විය. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළක්වීමට නොයෙක් බලවේග ක්‍රියාත්මක විය. 2010 දී රවුෆ් හකීම් අධිකරණ ඇමතිව සිටි සමයේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වීමට නීති පනවන ලදී. 2020 දී අලි සබ්‍රි අධිකරණ ඇමතිව සිටි සමයේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීමට 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් නීති පනවන ලදී. රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව, අධිකරණ භාෂාව සිංහල භාෂාව වී තිබියදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීමට ක්‍රියා කිරීමෙන් අනාගතයේදී අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීමට නොහැකි වේ. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ජනාධිපති ගෝඨාභය රාජ්පක්ෂ මහතාට ඉල්ලීමක් යොමු කරමින් එකී වැරැද්ද නිවැරදි කරන ලෙස ඉල්ලා සිටියේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා එකී ඉල්ලීම අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කළේය. (මේ සමග එකී ලිපිය පළවෙයි) අන්තවාදී ඇමතිවරුන්ගේ අදහස් අනුව නොව මෙවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියාත්මක වූයේනම් ඔහු තවමත් ජනාධිපති අසුනේය. 

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න