බෞද්ධ භික්ෂුව වනගත ගල්ලෙන් ආශ්‍රිතව බුදු සසුන ඇරඹුන මුල් යුගයේ දිවි පෙවෙත ගෙන ගියේ බෞද්ධ ආචාර ධර්ම වලට අනුගතව ඉතාම සරලව ය.
ලංකාවේ නාගරික ප්‍රවර්ධනය, ජන සබඳතා හා රාජ්‍ය ප්‍රධානීන් සමඟ ගණුදෙනු වල ප්‍රතිඵලය වනගත ගල් ලෙන් වලින් බැහැර ආරාමික ජීවිතයකට නැඹුරු වුණා. අනුරාධපුර යුගය දක්වා දිව යන ඉතිහාසය තුළ රමණීය ආරාම, කෙත්වතු හා වෙනත් විවිධ දේපළ බදා ගැනීමේ සංස්කෘතියක් නුවර යුගය දක්වා ප්‍රවර්ධනය වුණා. බුද්ධ කාලයේ දී ගෞතම බුදුරජාණන් වහන්සේ ලැබෙන සියල්ලක් සාංඝික දේපළ ලෙස පමණක් පිළිගන්න යැයි උපදෙස් දුන්හ. වර්ථමානයේ සිදුවන්නේ කුමක් ද? සාංඝික දේපළ පෞද්ගලික පැවැත්ම සඳහා පෝෂණය සඳහා යෙදවීමේ සංස්කෘතියක් වර්ධනය වී තිබෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඒකීය දර්ශනයක්.
එකී ධර්මය සඳහා විවිධ පැති වලට වෙනස් වූ විවිධ ආවේණික භික්ෂු නිකායන් ලංකාවේ බිහිවී තිබෙනවා.
ශ්‍රී ලංකා අමරපුර නිකාය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කතිකාවත ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කළ්‍යාණිවංශ පාර්ශවය, ශ්‍රී ලංකා ශ්වේජින් නිකාය
බෞද්ධ භික්ෂූන් වහන්සේ සඳහා කුලය, ජාතිය නිර්ණය කිරීම මෙසේ නිකායන් වශයෙන් බෙදීමට එක් සාධකයක් දකින්නේනම් එය බෞද්ධාගමට අවමානයක් වීම ඇතැම් භික්ෂූන් වහන්සේලා ආත්මාර්ථකාමී පාදඩ දේශපාලන පක්ෂ වලින්, නායකයින්ගෙන්, වංචාකාර හා මත්ද්‍රව්‍ය පාතාල ප්‍රමුඛයින්ගෙන් පෞද්ගලික දේපළ හිමිකර ගැනීම විහාර සන්තක දේපළ විහාරාධිපති හිමියන් හා දායකයින් අතර ආරවුල් වර්ධනය වීම.
ජනමාධ්‍ය තුළින් ප්‍රතිරූපයක් ගොඩ නඟා ගන්නා ඇතැම් පුරවැසියන් අයුතු සමාජ භාවිතය සඳහා පසු කාලීනව සිය ජනප්‍රියත්වය ප්‍රයෝජනයට ගන්නවා. එවැනි එක් උදාහරණයක් එඩ්වින් ආරියදාස මහා මුදල් මංකොල්ලකරු සක්විති සමඟ සුසංයෝගව මහජන මුදල් සක්විති ළඟ ආයෝජනය කරන්න උඩගෙඩි දීම. සූවිසාල මුදල් සම්භාරයක් අයුතු ලෙස සක්විතිට මංකොල්ල කන්න පුද්ගලාන්තර හා ජනමාධ්‍ය මඟින් උත්තේජනය ලබා දුන්නේ එඩ්වින් ආරියදාස විසිනි.
ඒ බව සනාථ වන්නේ සක්විති මගඩියට ගොදුරු වූ අහිංසක පුරවැසියන් මිරිහාන පොලිසියට කරන ලද පැමිණිලි වලින් හෙළිවන්නකි.
ජාවාරම් දේශපාලනයේ පාතාල ඇතැම් මාෆියා සමඟ සබඳතා විවිධ අයුරින් පවත්වාගෙන ගිය එඩ්වින් ආරියදාස පදිංචිව සිටියේත් බොරැල්ල නාරාහේන්පිට මාර්ගය ආසන්නයේ ය.
දෙමටගොඩ රුවන්ගේ පුත් තරිඳු මධුසංක නාරාහේන්පිට ප්‍රකට දේශපාලන සබඳතා ඇති භික්ෂුව සමඟ අසීමිත හිතවත්කමක් වර්ධනය වන්නේ බෞද්ධාගමට ඇති නිර්මල බව නිසා ද?
දිවයින පුරා සංඝ සමාජයේ ඇතැම් විහාරාධිපතිවරු සිය පවුලේ ඥාතීන් ආර්ථිකව ශක්තිමත් කිරීම ගෞතම බුදුන්ගේ ගෞරවනීය කීර්තිය යොදාගෙන මහජනතාවගෙන් නඩත්තු වෙමින් පුන්‍යාධාර මුදල් වලින් සිය නැගෙණියව / මවව / පියාව / අයියව / අක්කව / මාමාව / නැන්දාව / ලොකු අම්මාව / ලොකු තාත්තාව / සීයාව / ආච්චීව හා වෙනත් සෙසු ජාතීන් නඩත්තු කිරීම.
සිල්ලර කඩ / මස් කඩ / වගාවන් වලට ඉඩම් ලබා දීම ඔවුන්ගේ නමින් වාහන මිලදී ගෙන පවුලේ ඥාතීන්ගේ ව්‍යාපාර දියුණු කරන සමාජ සංස්කෘතියක් සමාජ ගතව තිබීම.
භික්ෂුවකට ඇති සිවිල් බලය යොදාගෙන පවුලේ ඥාතීන්ට රැකියා අවස්ථා දේශපාලඥයින් මඟින් ලබා දීම.
බැංකු ණය පහසුකම් ලබා දීම.
පුන්‍යාධාර වශයෙන් ලැබුණු දේපළ ඥාතීන්ගේ පරිහරණය සඳහා ලබා දීම.
වාහන මිලදී ගැනීම සඳහා ප්‍රාග්ධනය සැපයීම.
රුවන්ගේ පුතු හරහා නාරාහේන්පිට ප්‍රකට දේශපාලන සබඳතා ඇති විහාරස්ථානයට CAA – 7062 විසල් ජීප් රථය ප්‍රධානය කෙරෙන්නේ මරණීය දණ්ඩනයට නියමව සිටින රුවන්ගේ සොහොයුරු දෙමටගොඩ චමින්ද මරණීය දණ්ඩනයෙන් ජනපති සමාව යටතේ මුදවා ගැනීම තරිඳු මධුසංක භික්ෂු නායකත්වයෙන් දේශපාලනයට කාන්දු කර ගැනීමේ අරමුණින් ය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මංකොල්ලකරුවන්, මිනී මරුවන් බව දැන දැනම ඇතැම් පාදඩ භික්ෂූන්ගේ තොරතුරු අප්‍රමාණයක් මුරපල්ලා සතුයි.
ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය අයුතු ලෙස යොදාගෙන සිවුර ආභරණයක් කරගෙන හැසිරෙන පාදඩ භික්ෂූන් පිළිබඳ විධිමත් තීරණයක් නෛතික වැඩ පිළිවෙලක් රජයකට නැත්තේ ඇයි? පාදඩ දේශපාලනයේ දිගුව සඳහා නැවත නැවතත් භික්ෂු සමාජය යොදාගන්නා උපාය මාර්ග බංකොලොත් දේශපාලනය සතු නිසා!
මෙවැනි පාදඩ භික්ෂූන් හමුවේ මතුපිටින් කනගාටු වීම, බෞද්ධාගමට වන හානිය දැක්වීම පමණක් පුරවැසියන්ගේ වගකීමද?
මෙලොව පමණක් නොව පරලොවත් සමෘද්ධිමත් මානව දර්ශනයක් සමාජයට ගෙන දුන් ගෞතම බුදුන්ගේ උත්සාහය, ආරක්ෂාව, කළණ මිත්‍ර සේවනය, සම සමව ජීවිකාව ගෙන යාමට සමජීවිකාව පෙන්වා දී ඇති බෞද්ධ දර්ශනය වේදිකාවක් කරගෙන ඇතැම් පාදඩ භික්ෂූන්ගේ හැසිරීම හා භාවිතය තුළින් ප්‍රදර්ශනය වන්නේ කුමක් ද? ශ්‍රේෂ්ඨ බුදු දහම පාදඩ පැවැත්ම සඳහා හැසිරෙන ඇතැම් කාලකණ්නීන්ගේ ධර්ම දේශනා වැදි බණ නොවේ ද?
ඇතැම් භික්ෂූන් පොලියට මුදල් දීම, මත්පැන් පාවිච්චිය, වස විස විකිණීම, සොරකම, බලහත්කාරය ජීවිකාව කරගත් පාතාල මාෆියාව සමඟ අත්වැල් බැඳගත් පාදඩ භික්ෂූන් කවරේද යන්න හඳුනා ගන්න පුරවැසි ඔබ තවමත් අසමත් නිසා පාදඩ භික්ෂු ක්‍රියාකාරීත්වයක් සමාජ ගතව පවතිනවා.
කඨින පූජාවට ඇති තරම් මුදල් වියදම් කරන චෛත්‍ය ගොඩනගන, බෝධි ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කරන, දාන ශාලා හදන, භික්ෂු නේවාසිකාගාර ගොඩනඟන පාදඩ දේශපාලඥයින් හා පාතාල මාෆියා පුරෝගාමීන්ගේ මැදිහත් වීම් වලදී පුරවැසි ඔබගේ සමාජ විරෝධීතාවය ඉදිරිපත් වී තිබෙනවාද? සාමූහිකව පුරවැසියන්ගේ මැදිහත්වීම නෛතික බලපෑමක් සිදුකල යුතු අවස්ථා මග හරින බෞද්ධකම සදාචාරාත්මකද?
සිය දරුවාගේ සදාචාරාත්මක වර්ධනය අගතියට තල්ලු කර ඇතැම් විහාරස්ථාන වල දහම්පාසල් වල වැඩ සිටින භික්ෂූන්ගෙන් සිදුවන අගතිය ඔබ දන්නවා ද?
භික්ෂූන් සිය නිවසට කැඳවා සුපිරි දාන ලබා දෙන මව්පියන් නිසා සිය දරුවාට සිදුවන අගතිය ඔවුන් නොදැකීම කණගාටුවට කරුණක්.
භික්ෂු දානයක් සඳහා සිය නිවසට වැඩම වීමේදී ඥාතීන්ට අසල්වැසියන්ට දැනෙනසුඵ දානය ලබා දීම. බාස්මතී සහලේ සිට සුපිරි වෙනත් සහල් වලින් දහවල් දානය සමන්විත වීම. ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ යෝජනා අනුව විවිධ මස් වර්ග මාඵ වලින් සමන්විත වීම, ඇල් වතුර වෙනුවට පානය කිරීම සඳහා තැඹිලි වතුර ලබා දීම.
ආහාර පරිභෝජනයෙන් පසුව කිරි පැණී, ෆූට් සැලඩ්, අයිස් ක්‍රීම්, වටලප්පම් වෙනත් විවිධ අතුරු පස ලබා දීම. කෑම දිරවීම සඳහා කෝපි පානය ලබා දීම.
පිරිකර සඳහා රුපියල් පන්දහසේ සිට ඉහළ අගයක් ඇති මුදල් ලබා දීම.
මේ සියල්ලක් පුරවැසි ඔබ සිදු කරන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට එරෙහිව බව ඔබ නොදන්නේ ද?
අල්පේච්ඡතාවය බෞද්ධ දර්ශනයයි. භික්ෂුව සඳහා විනය, අල්පේච්ඡතාවය නොසලකා මේ සියල්ලක් භුක්තිවිදීම කණගාටුවට කරුණක්. එලොවට විශ්මිත ආයෝජනයක්සේ සලකා බෞද්ධ පුරුවැසියන් ලබා දෙන භික්ෂු දානය මරණමංචකය අභියස සිටින පිළිකා රෝගීන්ගේ පවුල් වල ආර්ථික අවපාතය සලකා එවැනි පවුල් වලට නඩත්තු දානයක් සඳහා සමාජය යොමු නොවීම කණගාටුවට කරුණක්. භික්ෂු සමාජය සඳහා සුපිරි දානය වෙනුවට සිය අසල්වැසියාගේ දිළිඳුභාවය නැති කිරීම සඳහා හැකි පමණින් උදව් උපකාර සඳහා ප්‍රජාව උනන්දු කිරීමේ ඒකාත්මක අරමුණක් භික්ෂුව සතු ද?
ලාංකික පුරවැසියන්ගේ සාක්ෂරතා ප්‍රඥාව ඉහළද පහළ ද ප්‍රදර්ශනය වන්නේ ප්‍රසිද්ධ මහ මැතිවරණයකිනි. ඊට මෙය අවස්ථාව නොවේ.
බෞද්ධ සංස්කෘතියට අනුව ආහාර දැක්ම ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥාව දක්වා විග්‍රහ වී තිබෙනවා. ගිහි සමාජයට නියමිත ආහාර කෙලෙස් මර්ධනය සඳහා භික්ෂු සමාජයට ප්‍රවේශ වී සිටින භික්ෂුව සඳහා ලබාදිය යුතු ආහාර වට්ටෝරුව නීතිගත වියයුතු කාලය එළඹීලා. මනසේ ගැඹුරු ස්ථානයක් ස්පර්ශය කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් නැවත නැවත සිහිගන්වන, අවබෝධ කරවන ආහාර වට්ටෝරුව බෞද්ධ කටයුතු අමාත්‍යංශය හෝ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සකස් කල යුත්තකි. මහජන මුදලින් වැටුප් ලබන මහා නිකාය වලින් යැපෙන නිළධාරීන්ට මේ දක්වා ප්‍රඥාවක් ඒ සඳහා නොලැබීම රටේ අවසනාවන්ත තත්වයක්.
1980 අංක 26 ආහාර පනත යාවත්කාලීන කිරීමෙන් බෞද්ධ භික්ෂුවකට සුදුසු ආහාර වට්ටෝරුව කායික හා මානසික අධ්‍යාත්මික නිරෝගීතාව සඳහා සුදුසු ආහාර කවරේද යන්න අන්තර්ගත කළහැකි නොවේ ද?

ලාංකික සමාජයේ පොදු හර පද්ධතිය සිරිත්විරිත් නොතැකීම.
දානේ නිවසක, මඟුල් ගෙදරක, මළගෙදරක පාඵ මකන්න එන අසල්වැසියන් මත්පැන්, දුම් පානය, බූරු ගසමින්, සැණකෙළිය මළ ගෙදර මරණ ගෙයක් දක්වා පරිවර්ථනය වන්නේ ඇයි? කාඩ් සෙල්ලම, කැරම් සෙල්ලම, දුම් ඇදිල්ල, දුම් පානය, විෂ මත්ද්‍රව්‍ය පානය, කොක් හඬලමින් සිනාසීම, ශබ්ද පූජා පැවැත්වීම යම් පුරවැසියෙකුගේ විපතක් හමුවේ රාත්‍රී කාලයේ පාඵ මකන්න එන අසල්වැසියන්ගේ හා ඥාතී සහභාගීත්වයෙන් සිදුවන්නේ පොදු හර පද්ධතියක් නෛතිකව නැතිකම නොවේ ද?
මරණීය විපතක් භික්ෂු සමාජයට සතියකින්, තුන් මාසයකින්. හය මාසයකින්, වසරකින් පෝෂණ කාලපරිච්ඡේදයක්.
ආර්යවංශ සූත්‍රයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ බෞද්ධ භික්ෂුවට අල්පේච්ඡ ධර්ම හතරක් සඳහන්,
ලැබුණු සිවුරකින් සතුටට පත්වීම.
ලද ආහාරයකින්
ලැබුණු සේනාශනයකින්
භාවනා යෝගීව කාලයගත කිරීමෙන්

වර්තමානායේ සිදුවන්නේ කුමක් ද?
“සිවුපසය ලොබිනේ – අරහත් දහම නසන්නේ”
ආර්ය ජීවී වූ බෞද්ධ ධර්මය අඥානකමින් නැසීමද?
පාපි ඇතැම් භික්ෂුන්ගේ දෘෂ්ඨිය නිසා හා හැසිරීම හා භාවිතය නිසා සමාජ අවඥාවට ලක්වීම ද?
තීරණය ප්‍රජා ඔබ සතුයි.
බෞද්ධ හරය පස්සට තල්ලු කර ඵලය බදාගෙන බෙදාගෙන කන භික්ෂු නිකායවලින් උදම් අනන අතීතය කුමකට ද?
භික්ෂුවගේ බණ දේශනාවල අන්තර්ගතය සැබෑ බුදුදහම ද? ශාසන නිකායන් වලට දක්වන උනන්දුව ද? දූෂිත සිතැගි වෙනුවෙන් බුදුදහම පාවා දෙන ඇතැම් භික්ෂුන් වහන්සේගේ ධර්ම දේශනා ඉතිහාසය වර්තමානයට කියා දෙන පාඩම කුමක් ද?
පාදඩ දේශපාලනය ලාංකික සමාජය අගතිය කරා ගෙන යන සංස්කෘතියක් නොවේ ද? රාජ්‍ය ඇතැම් සේවක භාවිතය හා හැසිරීම රාජ්‍ය දුරාචාරය නොවේද? කරුමවාදය කරපින්නාගත් කාලකණ්ණි සමාජ ප්‍රවර්ධනයක් දිළිඳුකමට හසුව ගසට පොත්ත මෙන් බැඳ තැබීම නොවේ ද?

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න