2 වන කොටස

පසුගිය ලිපියෙන් අපි ළමා අයිතිවාසිකම් සම්බන්ධව දේශීය වශයෙන් කතා කරා.
ළමා අයිතිවාසිකම් හමුවේ ළමා පැවිද්ද තුළින් ළමා හිමිකම් අහිමිවීම සම්බන්ධව හා ඊට අදාළ ප්‍රායෝගික
ශ්‍රී ලංකා අත්දැකීම් කීපයක් හා ජාත්‍යන්තර මට්ටමේ සම්මුතීන් පිළිබඳවත් අද තොරතුරු හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා.
එහිදී පළමුවෙන්ම ළමයා යනු කවරේද යන්න පළමුවෙන්ම අප තේරුම්ගත යුතුයි.
ජීවිතේ විවිධාකාර වූ අත්දැකීම් විඳිමින් තරගකාරිත්වය පසුපස දිවෙන සමාජයක ළමයෙකුට හැදෙන්න වැඩෙන්න අද සිද්ධ වෙලා තියෙනවා.
එවැනි පරිසරයක් හමුවේ යුක්තිගරුක සමාජයක් අප කතා කරනවා.
එවන් මනුෂ්‍යත්වය ගරු කරන යුක්තිය හා සාධාරණත්වය රජයන සමාජයක් තනන්නට නම් නීතියේ රැකවරණය සැමට සමානව හිමි විය යුතුයි.
එමෙන්ම නීතිය සමානව සැමට ක්‍රියාකාරි විය යුතුයි.
පැමිණෙන දහසකුත් ජනයා අතර මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම් අපරාධමය වරදවල් තුළින් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට ළමුන් ගොදුරුවන පරිසරයක් හමුවේ තවදුරටත් ලංකාවේ ළමා පැවිද්ද හමුවේ ළමා හිමිකම් දියවෙන සමාජ සංස්කෘතියක් තුළ නීතියට අනුව ළමයා යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියට අනුව නීතිය මගින් අඩු වයසකදී පූර්ණත්වය ලබයි නම් මිස වයස අවුරුද 18ට අඩු සියලුම මනුෂ්‍යයින් ළමයා යනුවෙන් අර්ථ දක්වන්න පුළුවන්.
ජාත්‍යන්තර මෙන්ම දේශීයවද සාමාන්‍ය පිළිගැනීම වයස අවුරුදු 18ට අඩු අය ළමයින් බව වූවත් අප රටේ ළමයින්ට බලපාන විවිධ නීති තුළ ළමයා යන්න විවිධාකාරයෙන් හඳුනාගෙන තිබෙනවා.
එය රාජ්‍ය ආයතනවල ළමයා යන්න දැක්ම හා ප්‍රතිපත්ති සම්බන්ධව කරුණු ඒ පිළිබඳ අනාවරණය වනවා.
වයස අවුරුදු 18ට අඩු අය ළමයින් ලෙස දරුවන් දරුකමට හදාගැනීම හෙවත් කුලවැද්දීමේ ආඥා පනතේද කාන්තාවන් හා ළමයින් සේවයේ යෙදවීමේ පනතේ ද සාප්පු හා කාර්යාල සේවක සම්බන්ධ ආඥා පනතේද සඳහන් වෙනවා.
අනත්දරු ආඥා පනත සිවිල් නඩු ආඥා පනතට අනුව වයස අවුරුදු 18 අඩු අයකු හුදෙක්ම ළමයෙක්.
ළමයින් හා යෞවනයන් පිළිබඳ ආඥා පනතේ 14ට අඩු අය ළමයින් ලෙසද 16ට අඩු අය යෞවනයන් ලෙස ද සැලකෙනවා.
නඩුත්තු පනතට අනුව වයස අවුරුදු 18ට අඩු අය ළමයින් බවද වයස අවුරුදු 25ට අඩු අය වියපත් ළමයි ලෙසද හඳුන්වාදී තිබෙනවා.
දණ්ඩ නීති සංග්‍රහය හා සංශෝධනවල ඇතැම් වැරදි සඳහා වයස අවුරුදු 18ට අඩු අයකු ළමයකු බවද තවත් වෙනත් වැරදි සම්බන්ධයෙන් වයස අවුරුදු 16ට අඩු අයකු ළමයකු ලෙස ද දක්වා තිබෙනවා.
එතකොට ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වගකීම ඇත්තේ කාටද?
ළමයා වෙනුවෙන් විශේෂිත රැකවරණයක් ද විශේෂිත සැලකිල්ලක් ද දැක්විය යුතු බව ළමා අයිතිවාසිකම් සම්මුතියේ 18 වන වගන්තියේ දක්වා තිබෙනවා.
මවුපියන් දෙදෙනාම ළමයින් හදා වඩා ගැනීම හා වර්ධනය පිළිබඳ සමසේ වගකීම දරන්න අවශ්‍යයි.
අවස්ථානුකූලව මෙම වගකීම් නිත්‍යානුකූල භාරකරුවන්ට ද පැවරෙනවා.
ඔවුන් හැම විටම ළමයාගේ යහපත උදෙසා ක්‍රියා කළ යුතු වෙනවා.
මේ සඳහා රජය ඔවුන්ට සහය විය යුතුයි.
රජය කියන්නේ ආයතන ඒ සඳහා කැපවී මැදිහත් වී නිත්‍යානුකූලව බිහි කර ඇති ආයතන.
ඒ ආයතන ළමා අයිතිවාසිකම් ගරු කිරීම සඳහා ඒවාට අවශ්‍ය ක්‍රියාමාර්ග මැනවින් ඉටු කරනවාද යන්න ගැටලු‍ සහගතයි.
ඒ නිසා ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර නීතිය එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අනුව තම ශාරීරික හා මානසික නොමෙරූ භාවය නිසා ළමයින් පහසුවේනම පීඩාවට ලක් විය හැකියාව ඇති බව සඳහන් කර තිබෙනවා.
ඒ නිසා ළමයින් කෙරෙහි විශේෂ සුරක්ෂිතතාවයක් සැපයිය යුතු බව වැඩිදුරටත් සඳහන් වෙනවා.
ළමා පැවිද්ද හමුවේ ඒ හිමිකම ශ්‍රී ලංකාවේ තවදුරටත් ලැබෙනවාද යන්න ගැටලු‍ සහගතයි.
සම්මුතියට අත්සන් තැබූ රටවල් කෙරෙහි ළමයින් පිළිබඳ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා ජාත්‍යන්තර වශයෙන් වගකීමකට ලක් වෙනවා.
කෙසේ වෙතත් මේ සියලු‍ කාරණා හමුවේ ළමයින් විකිණීම, ගණිකා වෘත්තියේ යෙදවීම සහ අසභ්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කර ගැනීම පිළිබඳව ළමා අයිතිවාසිකම් සම්මුතියට කරන ලද වෛකල්පිත ගිවිසුම 2002 ජනවාරිවල බිහි වෙලා තියෙනවා.
ළමා කම්කරු සේවයේ අයහපත් කම ස්වරූප පිළිබඳව සම්මුතිය 1999 අංක 182 පනතින් අනාවරණය වෙලා තියෙනවා.
ළමයින් සන්නද්ධ අරගල වලට හවුල්කර ගැනීම පිළිබඳව ළමා අයිතිවාසිකම් සම්මුතියට කරන ලද වෛකල්පිත ගිවිසුම 2002 පෙබරවාරි මාසයේ බිහි වී තිබෙනවා.
උතුරු නැගෙනහිර සටන්වලදී ළමා සොල්දාදුවන් හවුල්කර ගැනීම පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට මැදි වූ අවස්ථා ලංකා ඉතිහාසයේ දකින්නට පුළුවන්.
නමුත් ලංකාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර මැදිහත්වීම අවම තත්ත්වයක තියෙන්නෙ.
අවම වයස පිළිබඳ සම්මුතිය 1973 අංක 138 යටතේ රැකියාවට හෝ රස්සාවකට බඳවාගැනීමේ අවම වයස බාල වයස්කරුවන්ගේ පූර්ණ ශාරීරක හා මානසික වර්ධනයට අනුකූල වන මට්ටමක් දක්වා ඉහළ නැංවිය යුතු බව සඳහන් වෙනවා.
ඒ කරුණු කාරණා අනුව ලංකාවේ බොහෝ වෙලාවට ළමා පැවිද්ද හමුවේ මුනිවත රකින සමාජ පරිසරයක් දකින්නට ලැබෙනවා.
ගැටලු‍කාරී තත්ත්වයන් හමුවේ ඇතැම් විට අමාත්‍යවරුන් ජනාධිපතිවරයා අගමැතිවරයා අදාළ ළමා කටයුතුවලට මැදිහත් වී සිටින හිමිකම් රැකීමට නීතියෙන් බැඳී සිටින ආයතන වහාම කැඳවන අවස්ථා තිබෙනවා.
එවැනි අවස්ථා පුවත්පත් මගින් අනන්තවත් අප දකිනවා.
නමුත් ඒවා හුදෙක්ම දේශපාලන පැවැත්ම සඳහා ක්‍රියාකාරි වන අවස්ථා වශයෙන් දකින්න පුළුවන්.
2022 ඔක්තෝබර් මාසය වන විට මහණකමට ලබාගත් පන්සල්වල රැදීසිටි දරුවන් අවමානයට, ලිංගික උත්තේජනවලට ගොදුරු කරගත් අවස්ථාවලදී ලංකාවේ රාජ්‍ය අංශය බුද්ධ ශාසන අමාත්‍යංශය, ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරු මැදිහත් වූ අවස්ථා තිබෙනවා.
නමුත් ඒවා හුදෙක් ජනමාධ්‍ය භාවිතය, ගණිකා වෘත්තියේ යොදාවාගැනීම වැනි අවස්ථා තමයි ඒ තුළින් නිරූපණය වූයේ.
ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් සෙවීම සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය හා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරින් එවැනි අවස්ථාවලදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට කැඳවූ අවස්ථා තිබෙනවා.
නමුත් ඒවා හුදෙක් න්‍යායන්ට පමණක් සිමා වෙනවා.
ක්‍රියාකාරි නෛතික මැදිහත්වීම් ක්‍රියාත්මක වන්නේ අවම වශයෙන්.
ඒ සඳහා දීර්ඝ කාලීන වැඩසටහන් දියත් වන්නේ නැති තරම්.
රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මගින් ඒ දිනවල මාධ්‍ය විමසූ අවස්ථාවලදී ඒ සඳහා ඇය විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡා පවා කැඳවා තියෙනවා.
ළමා අපයෝජන සිදුවීම් පිළිබඳව කඩිනම් විසඳුම් ලබාගැනීම සඳහා එවැනි අවස්ථාවලදී රාජ්‍ය අංශය කමිටු පිහිටුවනවා.
ඒ කමිටු පිහිටුවීම අවශ්‍ය නැති තරම්.
අදාළ ආයතන වහම ක්‍රියාත්මක නොවන පරිසරයක් තුළ ඇති අන්තර්ගතය තමයි එයින් මතු වන්නේ.
ජාතික ළමාආරක්ෂක අධිකාරිය ළමයින් සම්බන්ධ සිදුවීම්වලදී නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට එවැනි අවස්ථාවලදී අදාළ අමාත්‍යවරිය හෝ ඇමතිවරයාගෙන් චෝදනා එල්ල වනවා පමණයි.
පවතින ප්‍රවනතා හමුවේ එම අධිකාරිය සිය නිද්‍රාශීලී ප්‍රතිපත්තියෙන් අවදි වී කාර්යක්ෂම කටයුතු කළ යුතු බවට එවැනි අවස්ථාවලදී පමණක් රාජ්‍ය අංශය ප්‍රකාශ කරන අවස්ථා තියෙනවා.
එමෙන්ම යම් නිලධාරියෙකුට ළමයින් සම්බන්ධ කරුණුවලදී කාර්යක්ෂම කටයුතු කළ නොහැකි නම් රැකියාව අතහැර ගෙදර යා හැකි බවට ද ඇමැතිවරුන් තරවටු කරන අවස්ථා ද තියෙනවා.
ළමයින්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම සඳහා විෂය භාර අමාත්‍යවරු ඒ ඒ කාලවලදී පමණක් උද්ගත වූ ප්‍රශ්නවලදී පමණක් යෝජනාවන් ඉදිරිපත් කරනවා.
නමුත් ඒවා හුදෙක්ම පාදඩ දේශපාලනයේ සංස්කෘතිය තුළ නිරූපණය වන තවත් අවස්ථාවක් පමණයි.
මේ ළමා පැවිද්ද හා ළමා අයිතිවාසිකම් අරඹයා ගැටලු‍ සහගත සමාජයන් හමුවේ ඉතාම ගැටලු‍ම සහගත තත්ත්වය නම් කුමක්ද?
ඇතැම් භික්ෂූන් වහන්සේලාට ඒඩ්ස් රෝගීන් අතර හිමිවරුන් සිටින බව එච්.අයි.වී. ආසාධිතයින් අතරට ශ්‍රී ලංකාවේ එකතු වී තිබෙන බව ලැබී තිබෙන අලු‍ත්ම ආරංචියයි.
ඒඩ්ස් මර්දන ව්‍යාපාරය යම්කිසි විදිහකට ඒ අදාළ රෝගීන් හඳුනාගන්නා අවස්ථාවලදී අලු‍තින් හඳුනාගන්නා රෝගීන් අතර තරුණ ස්වාමින්වහන්සේලා සිටින බව අනාවරණය වී තිබෙනවා.
එහෙම නම් එවැනි තත්ත්වයක් හමුවේ මේ සිදුවීම් බැරෑරුම් නොවේද?
ළමා අපයෝජනය සහ ළමා අපචාරයන් මොනවාද කියලා ඒ නිසා අප සමාජය තේරුම්ගත යුතුයි.
හිමිවරුන් යනු අධ්‍යාත්මික ක්‍රියාකාරි රාජකාරි කරන පිරිසක් නම් එවැනි හිමිවරුන්ට භික්ෂූන්ට ලිංගික භයානක ඒඩ්ස් රෝගීන් වශයෙන් මතුවන අවස්ථා තිබේනම් එවැනි සංඝ සමාජයක් තුළ අපට දකින්න ලැබෙන්නේ ඉතාම ඛේදවචාක තත්ත්වයක් නොවේද?
එසේ නම් ඒ සම්බන්ධව රජය වහාම වැඩපිළිවෙළක් දියත් කළ යුතු නොවේද?
ළමා අපචාර යනු ළමයින් විසින්ම කරනු ලබන නිත්‍යානුකූල නොවන ක්‍රියා වෙනවා.
නිදසුනක් ලෙස ළමයෙක් සොරකමක් කළොත් ළමයෙක් තවත් ළමයෙකුට හෝ වෙනත් අයකුට පහරදුනහොත් එය ළමා අපචාරයක්.
නමුත් ළමා අපයෝජනයක් යනු ළමයාගේ කැමැත්ත ඇතිව හෝ නැතිව වැඩිහිටියකු විසින් ළමයින්ව අපරාධවලට ලක් කිරීම හෝ ළමයා වැරදි ක්‍රියාවල යෙදවීමක්.
ළමයින්ට එරෙහිව සිදුවෙන ශාරීරක, මානසික හා ලිංගික හිංසා මෙයට අයත් වෙනවා.
ආගමික අංශවල බොහෝ විට ළමා අපචාර ක්‍රියාවන් සිදුවෙනවා.
ළමා අපයෝජන සිදු වෙනවා.
එය හුදෙක්ම බහුතරයක් සංඝ සමාජය තුළ බෞද්ධ විහාරස්ථානවල සිදු වන්නේ ළමා පැවිද්ද නිසයි.
ඒ නිසා ළමා පැවිද්ද කල යුත්තේ ළමා කාලය තුළ නොවේ.
ළමා කාලය පරිපූර්ණ වන්නේ අදාළ නීතිවලින් වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසුවයි.
එසේ නම් ළමයින් සඳහා ළමා පැවිද්ද තවදුරටත් ශ්‍රී ලංකාවට සුදුසු නොවේ.
ළමයින්ට එරෙහිව සිදුවන අපරාධ පිළිබඳව මූලික වශයෙන් 1883 අංක 2 දරණ දණ්ඩ නීති සංග්‍රහය මගින් කරුණු අනාවරණය කරල තියෙනවා.
කාලීන අවශ්‍යතා අනුව විටින් වටි දණ්ඩ නීති සංග්‍රහයට ගෙන ආ සංශෝධන මගින් හඳුන්වාදුන් නව වැරදි පහත වශයෙන් කරුණු දක්වන්නට පුළුවන්.
1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත යටතේ මේ කරුණු අනාවරණය වෙනවා.
ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම හා ඒ සඳහා පරිශ්‍රයක් සැපයීම මෙය වඩාත්ම විහාරස්ථාන ආශ්‍රිතව සිදුවන්නක්.
ළමයින් කෲර වදහිංසාවලට භාජනය කිරීම බොහෝ විට ළමා පැවිද්ද හමුවේ විහාරස්ථාන ආශ්‍රිතව සිදු වන්නක්.
ලිංගික අපයෝජන සඳහා ළමයින් සැපයීම බොහෝ විට භික්ෂු සමාජය තුළ සිදු වෙනවා.
එය හුදෙක්ම වැඩිහිටි භික්ෂු සමාජය තුළ යැයි කීම වඩාත් නිවැරදියි.
අසභ්‍ය හෝ අශ්ශීල දර්ශනයකට හෝ ප්‍රකාශනයකට ළමයෙකු යොදාගැනීම හෝ එවැනි ප්‍රකාශනයක් සන්තකයේ තබාගැනීම, විකිණීම, බෙදාහැරීම හෝ අනුබල දීම 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයට අනුව වරදක්.
1998 අංක 29 දරණ දණ්ඩනිති සංග්‍රහයට අනුව ළමයින් සිඟාකෑම සඳහා යෙදවීම, ලිංගික සංසර්ගය සඳහා ළමයින් කුලියට ගැනීම, සේවයේ යෙදවීම, සීමිත භාණ්ඩ එනම් විස අබිං හෝ වෙනත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමයින් යෙදවීම වරදක්.
2006 අංක 46 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතට අනුව පරිගණකය මගින් ළමයකු ලිංගික අපයොජනය කිරීම වැලැක්වීමට එකී සේවා සපයන තැනැත්තකු විසින් අවශ්‍ය පියවර නොගැනීම වරදක්.
ළමා අපයෝජන සඳහා පරිශ්‍රයක් භාවිතා කරන බවට දැනුම් නොදී සිටීම වරදක්.
ළමයෙකු කවර හෝ ලිංගික අපයෝජනයකට පොළඹවා ගැනීමට ඇවිටිලි කිරීම වරදක්.
මේ ඇවිටිලි කිරීම බොහෝ විට ශ්‍රී ලංකාවේ භික්ෂු සමාජය තුළ සිදු වන්නේ විවිධ මුහුණුවරින්.
ඒ නිසා වැඩිහිටි භික්ෂු සමාජයට ඒ සඳහා වඩාත් අවකාශ තිබෙන අවස්ථා අපමණයි.
සන්නද්ධ අරගලයක යෙදවීම සඳහා ළමයකු බඳවාගැනීමත් 2006 අංක 16 දරණ දණ්ඩ නීති සංග්‍රහයට අනුව වරදක්.
ළමයින් ලවා බලහත්කාරයෙන් හෝ අනිවාර්යෙන් වැඩ ගැනීම දාස භාවයට පත් කිරීමක්.
තැනැත්තන් වෙළෙඳාන් කිරීම ළමයින්ගේ ආරක්ෂාව හා භාරය දරන්නන් විසින් ළමයින්ට මනෝවිද්‍යාත්මකව හෝ මානසික කම්පන සිදුවන ලෙස කරන හානි බරපතල අපරාධ ලෙස හඳුනාගෙන තිබෙනවා.
පුවත්පත් වාර්තාවලට අනුව එවැනි අවස්ථා අප්‍රමාණව ශ්‍රී ලංකාව තුළ දකින්න ලැබුණු අවස්ථා අපමණයි.
ඒ පිළිබඳව කතා කරන්නේ නම් විහාරස්ථානය ආශ්‍රිතව සිදුවන දුරාචාර ක්‍රියාවන් හමුවේ බොහෝ විට ඇතැම් මවුපියන් මහණ කිරීමට දරුවන් ලබා නොදෙන පරිසරයක් තියෙනවා.
එය හුදෙක්ම දැනුවත් දෙමාපියන්ගේ ක්‍රියාවක්.
නමුත් ඇතැම් කාන්තාවන්, මවුවරුන් පියාටද නොදන්වා මහණ කිරීම නිසා එවැනි පියවරුන් උසාවි ගිය අවස්ථා අප්‍රමාණවත් දකින්න ලැබෙනවා.
මේ සිද්ධිය වාර්තා වූයේ කළුතරින්.
මව විසින් උතුරු කළුතර උග්ගල්බොඩ රජමහා විහාරස්ථානයකට භාරදී පැවදි කරගෙන සිටි 7 හැවිරිදි සාමනේර හිමියන් ඉල්ලා පියා ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙනිය මහත්මිය ඒ සඳහා දිසා අධිකරණයේ නඩුවක් පවරා තම දරුවාගේ භාරකරත්වය ලබාගන්නා ලෙස එම පියාට නියම කළා.
මෙය සිදු වන්නේ 2021 නොවැම්බර් මාසයේදී.
මෙවැනි අවස්ථාව අප්‍රමාණවත් දකින්නට ලැබෙනවා.
මේ නිසා ඇත්තටම දැනුවත් මවුපියන් බොහෝ විට එවැනි අවස්ථාවලදී සිය දරුවන් වෙනුවෙන් මැදිහත් වන්නේ ඉතාම සීමිත වශයෙන්.
මේ නොදැනුවත්කම ඇති දෙමාපියන් තමන්ගේ නොදැනුවත්කම නිසා දරුවන් ළමා පැවිද්දට භාරදීමෙන් සුවිශාල හානියක් කර ගන්නවා.
තැනැත්තන් අතර දැඩි අශිෂ්ඨ ක්‍රියා අස්වාභාවික වැරදි සිදුවන අවස්ථා පන්සල් ආශ්‍රිතව බහුලව සිදුවන බව ඇතැම් වාර්තා වලින් හෙළිවන අවස්ථා තියෙනවා.
ඒ සඳහා සංශෝධන දණ්ඩනීති සංග්‍රහයක් 365(අ) යටතේ නිකුත්වෙලා තියෙනවා.
නමුත් එවැනි අවස්ථාවලදී දේශපාලන අධිකාරියේ මැදිහත්වීම නිසා අදාළ ආයතන ක්‍රියාත්මක වීමට අපොහොසත් වන අවස්ථා ඕන තරම් දකින්නට ලැබෙනවා.
වැඩිහිටියන් විසින් දරුවන්ට සමලිංගික ක්‍රියාකාරකම්වලට හා ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ වෙනත් අස්භාවික වැරදි සඳහා යොදාගැනීම වැලැක්වීම සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ) වගන්තිය මගින් අපේක්ෂිතයි.
මෙවැනි වැරදි වයස අවුරුදු 17ට වැඩි තැනැත්තකු විසින් අවුරුදු 16 අඩු තැනැත්තකු සිදු කළ විට අවුරුදු 10කට නොඅඩු වූද 20 කට නොවැඩි වූද කාලයකට බරපතල වැඩ ඇතිව සිරදඬුවමකට හා දඩයකටද යටත් කළ හැකිය.
අධිකරණය නියම කරන ලද වන්දි මුදලක් ද හානියට පත් වූ තැනැත්තාට ගෙවිය යුතුයි.
නමුත් ඒ සඳහා නීතිය මැනවින් ඉටු නොකරන පරිසරයක් හමුවේ ගැටලු‍ සහගත තත්ත්වයක් තිබෙනවා.
බරපතල ලිංගික අපයෝජන විහාරස්ථාන ආශ්‍රිතව සිදු වූවත් ඒවා මතු වන්නේ ඉතාම සුලු‍ වශයෙන්.
සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ) වගන්තිය යටතේ ස්ත්‍රී දූෂණයක් නොවන වෙනත් අනිසි ලිංගික ක්‍රියා මගින් මෙම වරද ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එරෙහිව සිදුවිය හැකියි.
ලිංගික තෘප්තිය ලබාගැනීම සඳහා ලිංගික එන්ද්‍රීය හෝ මිනිස් ශරීරයේ වෙනත් යම් කොටසක් හෝ යම් උපකරණයක් වෙනත් යම් තැනැත්තකුගේ ශරීරයේ යම් කොටසක් සඳහා පාවිච්චි කිරීම මගින් එම වරද අර්ථනිරූපණය කර තිබෙනවා.
ඒ නිසා මේ සම්බන්ධව වහාම රජය මැදිහත්වීම විය යුතු බව පැහැදිලියි.
ඒ සඳහා අදාළ බලධාරින් ක්‍රියාත්මක නොවීම පිළිබඳවය තවදුරටත් අපි කතා කළ යුතුයි.
මේ සඳහා ළමයාගේ හිමිකම් උපරිම යහපත සඳහා යෙදවිය යුතු ආයතන කවරේද යන්න මීළඟ ලේඛනය තුළින් බලාපොරොත්තු වන්න.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න