ලංකාවේ පුරවැසියන්ගේ ඉඩම් අයිතිය අහිමි කළ ගෝත‍්‍රික සමාජ සංස්ථාවක් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
නමුත් ඔවුන් ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේගේ නියෝජිත පිරිසක්. දවස ලංකාවේ ආරම්භ වන්නේ හිමිදිරි උදය ඔවුන්ගේ හඬින්. පිරිත් ධර්මදේශනා, වැදිබණ වලින් ඔවුන් අංගසම්පූර්ණයි.
ලාංකික සමාජයේ කර්තෘත්වය දරාගෙන දේශපාලනඥයින් උගතුන් සාමාන්‍ය ජනතාව අපූර්ව ලෙස නොමඟ යැවීමට සමත් පිරිසක් පිළිබඳව තමයි ඔබ වෙත කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ. වැඩවසම් සමාජ ක‍්‍රමයක් ගොඩනගමින් ඒ මතින්ම යැපෙන මේ සමාජ සංස්ථාවේ අවභාවිතාවන් දැකීමට ආණ්ඩු මෙතෙක් අසමත් වෙලා තිබෙනවා.
බුදුරාජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය හමුවේ උගතුන්, බුද්ධිමතුන් සිය බුද්ධිය සඟවාගෙන හැසිරීම මීට ප‍්‍රධාන සමාජ ගැටලූ‍ සහගත තත්ත්වයක් මතුවෙලා තියෙනවා.
විපක්ෂය රැුඩිකල් දේශපාලන මතධාරින් විකල්ප දේශපාලනඥයන් සඳහා කතාකරන බහුතරය ද ජනප‍්‍රිය බෞද්ධාගම ඉදිරියේ පසුගාමි ඉන්නවා.
මේ නිසා මේ සමාජ සංස්ථාව සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගාදීම දිගින් දිගටම ව්‍යාප්ත කරගෙන ඉන්නවා.
මේ සමාජ සංස්ථාවේ පාදඩ දේශපාලන ගැතිකම් නිසා අනුහස් නායකත්වයන් මතුවීම නිසා අද රට සුවිශාල ආර්ථික අර්බුදයකට සමාජය ගොදුරු වෙලා තියෙනවා.
සමාජ සංස්ථාව යහපත් කිරීමට ඉන්නා මේ පිරිස කූඨ ලෙස සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගාදීම කාර්යක්ෂම ලෙස සිදු කරමින් ඉන්නවා.
ඒ නිසා මේ රටේ ඉපදුන පුරවැසියන්ගේ ඉඩම් අයිතිය වසාගෙන භුක්ති විඳින සමාජ පරිසරය පිළිබඳව සංවාදයක අවශ්‍යතාවය මේ ලේඛනයත් එක්ක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාජ සන්නස්පත‍්‍ර රටාවේ මෙය ආරම්භයයි.
පවතින ඉඩම් ප‍්‍රතිපත්ති ඉඩම් නීති හා ඉඩම් පරිපාලන ක‍්‍රියාපටිපාටි සහ භාවිතයන් හේතුවෙන් ප‍්‍රජාවන් මුහුණ දෙන විවිධාකාර ගැටලූ‍ සහ ඒවායේ ප‍්‍රතිඵලයන් අධ්‍යයනයන්ගෙන් පසුව මේ හෙළිදරව්ව අප සිදු කරනවා.
රජයේ ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ජනතාවගේ අපේක්ෂාවන් අඛණ්ඩව බැහැර කර සිටින තත්ත්වයක් මේ
තුළින් ඉස්මතු වී තිබෙනවා.
ජනතා අදහස් මත ගොඩනැගෙන ජාතික ඉඩම් ප‍්‍රතිපත්තියක් සඳහා ව්‍යවස්ථානුකූලව මුල පිරීම අද දවසේ ආණ්ඩුවක ප‍්‍රධාන වගකීම් අතර යම් වගකීමක්.
මහජන ඉඩම් පිළිබඳ ගැටලූ‍වේදී අද කී දෙනෙක් මේ රටේ බිම් අඟලක් නැතුව අසරණව ඉන්නවද? සමාජ ක‍්‍රියාකාරීන්, ශ‍්‍රාස්ත‍්‍රඥයින්, පරේෂකයින් සහ නීතිඥයින් මේ සඳහා මැදිහත්ව ක‍්‍රියා කළ යුතු අවදියක්. මහනුවර, මාතලේ, අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, හැටන්, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මොනරාගල, මුලතිව්, මාතර, පොළොන්නරුව, ත‍්‍රිකුණාමලය සහ වවුනියාව ආදී දිස්ත‍්‍රික්ක පුරා මේ ඉඩම් මාෆියාව ගොදුරු කරගෙන රටේ ජනතාවට ඉඩම් අඟලක් නැති කරපු භික්ෂු සමාජයේ තත්ත්වයන් පිළිබඳව හෙළිදරව් කිරීම අපගේ අපේක්ෂාවයි.
විවිධ ජනවාර්ගික ආගමික සමාජයීය ආර්ථික පසුබිම් සහිත භූගෝලීය ප‍්‍රදේශ සහ හරස්කඩ නියෝජනය කිරීම වැනි පුළුල් ලෙස සහතික කළ යුතු පැති පිළිබඳව මෙහිදී අවධාරණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා සමාජ විරෝධතා දක්වන තත්ත්වයක් රටේ බහුලව නැතත් 1971 කැරැුල්ලට ප‍්‍රධාන සාධකයක් අතර ජනතාවගේ ඉඩම් අයිතිය අහිමි වීම පිළිබඳව සාධක අතර එක් සාධකයක්.
අවතැන් වූ හා ඉඩම්ි නොමැති ප‍්‍රජාවන් නෙරපා හරින ලද්දන් හෝ වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇති අය සිටින සහ සංවර්ධනය හා නාගරික පුනර්ජනනීය ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී ඇති වන ගැටලූ‍ත් මෙහිදී සැලකිල්ලට ගත යුතුයි.
කාලය සම්පත් සංවිධායක හවුල්කරුවන්ට ලබාගත හැකි තොරතුරු තුළ ජනතාවට වඩාත් නිවැරදි
තක්සේරුවකින් මැදිහත් වීමේ නොහැකියාව පිළිබඳ තත්ත්වයක් ද මේ තුළ තිබෙනවා.
ඇත්තටම තරගකාරී සමාජය තුළ කාලය සීමා වීම ජනතාව සමඟ ගැඹුරු ලෙස සාකච්ඡුා කිරීමට අදාළ දේශපාලන අංශ ක‍්‍රියාත්මක නොවීම වැනි කරුණුත් මීට ප‍්‍රධාන වෙනවා.
ඇත්තටම මේ සඳහා ජනතාව පුළුල් ආකාරයට සක‍්‍රීය කරන්න ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂයේ දේශපාලන පක්ෂ පසුගිය වසර 75 තුළම අසමත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව පුළුල්ව කතා කිරීම ඉතාම වැදගත් කරුණක්. නින්දගම් රටාව පැහැදිලිව කියනවා නම් මහනායක හිමිවරුන්ගේ වැඩවසම් සමාජ ක‍්‍රම හමුවේ ගොඩනග ාගෙන තිබෙන ව්‍යාපෘතියක් වන මෙය පොදු සමාජයේ හිමිකම් අහිමි කිරීමට බලපාල තිබෙනවා.
දිගුකලක් තිස්සේ පැවැති මේ අසාධාරණය පරම්පරාවෙන් පරම්පරා ගණනක් පුරා පැතිර තිබෙන බලපෑම තුළ ඇති වී තිබෙන ගැටලූ‍ අනන්තයි අප‍්‍රමාණයි.
ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය නිසා ඇති වූ අයුක්තිය සහ අයිතිවාසිකම් උල්ලංඝනය විමේ පැති ද මේ සම්බන්ධව තිබෙනවා.
ලංකාවේ ඉඩම් අයිතිය නීතිය හා පරිපාලනය සඳහා නිසි මග පෙන්වීමක අවශ්‍යතාවය මේ නිසා පැහැදිලියි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මේ වත්මන් ඉඩම් ක‍්‍රමය තුළ ප‍්‍රතිසංස්කරණමය නීති අවශ්‍යම යුගයක්. සිවිල් සමාජය තුළ ඉඩම් අරගල වැඩියෙන්ම තිබෙන්නේ අධිකරණයට ගොනු වෙලා මේ ප‍්‍රශ්නය මතයි. ජනතාවගේ දුක් ගැහැටවලට වඩා හොඳින් ප‍්‍රතිචාර දැක්වීමට සහ ඔවුන්ගේ ජීවිත සංවර්ධනය කිරීමට උපකාර කළ යුතු මහ සංඝරත්නය ලංකාවේ ඉඩම් අයිතියෙන් බහුතරයක් ඔවුන් සතුකරගෙන තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් පාරිසරික තිරසර භාවය සහ සමාජ වගකීම් ප‍්‍රවර්ධනය කිරීමට කිසිම උනන්දුවක් නැති මේ භික්ෂු සමාජය ඇත්තටම බුදු හාමුදුරුවන්ගේ පැහැදිලි සත්‍ය ධර්මයට පිටුපා ක‍්‍රියා කරන බව පමණක් තමයි මෙයින් හැඟී යන්නේ.
මේ නිසා ඉඩම් අරගල ගැටලූ‍ ඉතාම තදින් මේ රටෙ තුළ සිවිල් පුරවැසියන් තුළ ගොඩනැගෙමින් තිබෙන සමාජ රටාවක් ප‍්‍රවර්ධනය වෙමින් තිබෙනවා.
මිනිසුන් සහ ඉඩම් සමඟ ගනුදෙනු කිරීමේදී භික්ෂු සමාජය යහපත් භාවිතා ක‍්‍රියා පටිපාටින් මාර්ගෝපදේශ මූලධර්ම සඳහා කිසිම අනුගමනය කිරීමක් දකින්නට නැහැ.
රජය වූවත් ඉඩම් වන්දි ගෙවීම, සංක‍්‍රාන්ති යුක්තිය ප‍්‍රතිසංධානය ආදී කටයුතුවලට මැදිහත්ව ක‍්‍රියා කරන බවක් පේන්නේ නැහැ.
රජය අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන විවිධ පාර්ශ්වකරුවන් ඉඩම් අයිතිය පිළිබඳ ගැටලූ‍වේදී මුණිවත රකින සංස්කෘතියක් දකින්නට ලැබෙනවා.
මෑතකදී ඉඩම් ප‍්‍රතිපත්තිය හමුවේ ප‍්‍රාදේශීය ලේකම්ට පවරා දීමේ අයිතිය ලබාදීමට රජයේ එකඟතාවයක් මතු වූවා.
එය තවදුරටත් ඉඩම් පොදු ජනතාවගෙන් ගසාකෑමේ එක්තරා ආරම්භයක් කියලා කියන්න පුළුවන්. ඊට හේතු සාධක අප‍්‍රමාණව තිබෙනවා.
මොනරාගල ගංජා එස්. පී. ගේ හැසිරීම භාවිතය මහවැලි ඉඩම් හා රජයේ වෙනත් වනාන්තර ප‍්‍රාදේශීය ලේකම්වරුන් අතට දෙන්න එපා යැයි සමාජ මතයක් මේ වන විට ගොඩනැගෙමින් තිබෙනවා. ප‍්‍රාදේශීය ලේකම්වරුන් පිළිබඳව සමාජයේ ඇතිවන අඳුරු මතකයන් නිසා එය වඩාත් පැහැදිලියි. ඇහැටුවැව හිටපු ප‍්‍රාදේශීය ලේකම්වරිය එවැනි එක් චරිතයක්.
කෙසේ හෝ නාකොළගනයේ සිදුව ඇත්තේ රජයේ ඉඩම් සම්බන්ධ බරපතල වංචනික ක‍්‍රියාවක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ රජයේ වෙනත් ඉඩම් අයිතිය සම්බන්ධ ආයතනයක් මැදිහත්ව මේ සඳහා ක‍්‍රියාත්මක විය යුතුයි.
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඇහැටු වැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි ඉඩම් අක්කර 4,500කට ආසන්න ප‍්‍රමාණයක් විහාරයකට අයත් නින්දගම් ඉඩම් යැයි පවසා පාදඩ දේශපාලකයන්ට, ප‍්‍රභූ පිරිස්වලට හා ව්‍යාපාරිකයන්ට බෙදා දී ඇති බව පසුගියදා ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය හෙළිදරව් කළා. මේ පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වයඹ පළාත් පරිසර අධිකාරිය, බෞද්ධ කටයුතු කොමසාරිස් සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැමිණිලි කර තිබෙනවා. නමුත් ඔවුන් කිසිදු ප‍්‍රතිඵලයක් සහ පියවර මෙතෙක් ගෙන නැහැ. ඒ තුළම අන්තර්ගත ලංකාවේ රාජ්‍ය දුරාචාරය පිළිබඳ රටාව.
මේ නින්දගමක් කීම තනිකරම මුසාවක්.
ඇහැටුවැව හිටපු ප‍්‍රාදේශීය ලෙක්ම්වරිය සම්බන්ධ කරගෙන තමයි මේ චීවරධාරීන් ව්‍යාජ සන්නස් සකස් කර
තියෙන්නේ.
මේ ඉඩම් සම්පූර්ණයෙන්ම අයත් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ 1948 දී ඞී. එස්. සේනානායක මහතා ඇති කළ මීඔය වාරි යෝජනා ක‍්‍රමයට. මෙවැනි චීවරධාරීන් රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මහනායක හිමිවරුන්ගේ ආශිර්වාදය ඊට ලැබීම තවත් ප‍්‍රධාන ගැටලූ‍වක්.
මෙවැනි චීවරධාරින්ගේ ජාවාරම් පිළිබඳව හෙළිදරව් කිරීමට ඉදිරියේදී පී.එෆ්.පී. නිවුස් බලාපොරොත්තු වෙනවා.
මේ නිසා මේ ඉඩම්වල කැලෑ එළිකිරීම මගින් අලි ඇතුන්ගේ වාසභූමි මේ වන විට අහිමි වෙලා තියෙනවා. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඇහැටුවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉඩම් අක්කර 4,500කට ආසන්න ප‍්‍රමාණයක් මේ හිමි නම විසින් හිතවතුන් අතරේ බෙදාදීම සුවිශාල ජාවාරමක්. මේ තොරතුරු පිළිබඳව රජය පැහැදිලි නිර්වචනයක් තවමත් ලබාදී නැහැ.
බුද්ධාගම වෙනුවෙන් රාජකාරි කරන මහනායක භික්ෂු සමාජයක් නිහඬ තත්ත්වයක දැනට ඒ සම්බන්ධව ඉන්නේ.
නාකොළගනයේ විහාරයට අයත් නින්දගමක් යැයි පවසමින් රජයට අයත් ඉඩම් සැලකිය යුතු ප‍්‍රමාණයක් දේශපාලකයින්ට, නිලධාරින්ට, ප‍්‍රභූන් යැයි කියාගන්නා පිරිසකට හා ව්‍යාපාරික හිතවතුන්ට ලබාදි ඇතැයි කියන්නේ ඒ අදාළ හිමියන් හා ඥාති හිමිනමක් විසින්.
කොයි කා අතින් සිදුවූවත් මෙතැන සිදුවන්නේ අකටයුත්තක් බව සමස්ත රටම තේරුම්ගත යුතුයි. මෙය බරපතල වරදක්.
අදාළ විහාරයට නින්දගමක් යැයි උපකල්පනය කළත් මෙය අලි ඇතුන්ගේ නිජ භූමිය බඳු වන සතුන් නිතර
ගැවසෙන කාලාන්තරයක් වන වැදුණු ඉඩම්.
කිසිදු වගවිභාගයක් නොමැතිව එළි පෙහෙලි කරන්නට කවරෙකුට හෝ පවරන්න හැකියාවක් ඇත්ද යන ප‍්‍රශ්නය මතු වෙනවා.
හෙක්ටයාරයකට වැඩි කැලෑ ඉඩමක් හෙළි කරන්නට වුවත් පරිසර බලපෑම් ඇගයීමේ වාර්තාවක් කැඳවිය යුතු නෛතික තත්ත්වයක් තියෙනවා.
රටේ වර්තමාන ජනගහන තත්ත්වය අනුව මෙහෙම නින්දගම් ඉඩම් හිතූ හිතූ පරිදි භාවිතයට ඉඩම් නොලැබෙන පරිදි විහාර හා දේවාලගම් පනත වහාම සංශෝධනය කළ යුතු තත්ත්වයක් තිබෙනවා.
කොටින්ම දැනට පවතින සත්‍ය නින්දගම් තුළ පවා හොඳින් කැලෑ වැවී තිබේනම් වහාම එම නින්දගම් රජයට පවරාගත යුතුයි.
වනජීවී සංරක්ෂණයට යොදාගත යුතුයි. මන්ද මේ නින්දගම් දැන් තනිකරම රටට හෙණයක් වී තිබෙනවා. මහනුවර මහ නායක හිමිවරුන් පවා ඔය නින්දගම් තියෙන ඉඩම් බහුතරයක් ව්‍යාපාරිකයින්ට බදු දීල
තියෙනවා.
මේක ජාවාරම්කාර ව්‍යාපාරික රටාවක්.
හිතූ හිතූ පරිදි විහාරවල ඇතැම් තක්කඩි චීවරධාරින්ගේ හා තක්කඩි කපුවන්ගේ හා තක්කඩි නිලමේවරුන්ගේ පුද්ගලික සුඛ විහරණයට රජයේ හා පොදු සමාජයට හිමිවිය යුතු ඉඩම් ගොදුරුකර තිබෙන්නේ නිකායන්ට අයත් බෞද්ධ සමාජ සංස්ථා.
බලංගොඩ සොරගුණේ දේවාලයට අයත් යැයි කියන නින්දගමක් පිළිබඳවද පසුගියදා වාර්තා වුණා. එය අක්කර 6,000ක් පමණ වෙනවා.
තම ගජ මිතුරන්ට හා සල්ලිකාරයින්ට ජාවාරම්කාර දේශපාලකයින්ට මේ ඉඩම් බෙදාදීමේ සංස්කෘතිය දැන් වසර 75ක් පුරා දියත් වී තිබෙන මහා ඛේදවාචකයක්.
නිලමේවරයකුගේ ඡුන්දය ලබාගැනීම සඳහා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට රුපියල් ලක්ෂ 10 – 15 – 20 එක් ලේකම්වරයකුට දෙන්නේ මෙවැනි සමාජ බූදල් සූරාකෑමේ තත්ත්වයක් හමුවේ.
දේවාලයේ කපුවන් හා නිලමේවරුන් භික්ෂූන් ජලපෝෂිතය විනාශ කරමින් මේ වන විට ඉන්නවා.
උඩවලව දක්වා ගොවිපවුල් 30,000ක් පමණ අනාථ කරන අලි ඇතුන්ගේ නිජබිම අකාමකා දමන කපටි කපුවන්ට මේ පවු කවදා ගෙවා දමන්නට හැකි වේදැයි පොදු සමාජය හුදෙක් කල්පනා කිරීම පමණක් ප‍්‍රමාණවත් වන්නේ නැහැ. ඊට එරෙහි විය යුතුයි. නාකොළගනයේද එසේමය.
විශේෂත්වය වන්නේ මේ නින්දගම තවදුරටත් නොමැතිවීමයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා ඞී. එස්. තැනූ පැරණි මීඔය නැත්නම් (අතරගල්ල* අතරගල්ල වාරියෝජනා ක‍්‍රමයට අයත් වනාන්තර, ඉඩම් මෙසේ බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති ජාවාරම්කාර චීවරධාරීන් දෙදෙනකු එකතුව ව්‍යාජ සන්නසක් නිර්මාණය කර තිබීම ඇත්තටම බෞද්ධ ජනතාව තවදුරටත් පසුවිපරම් කළ යුතු කරුණක්.
මේ තත්ත්වය රට පුරාම සංඝ සමාජය තුළ බොහෝ විට ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා.
ඉඩම් අයිතිය තහවුරු කර ගැනීම සඳහා මහනායක හිමිවරු බොහෝවිට තවත් ජාවාරම්කාර තත්ත්වයන් ගොඩනඟනවා.
මහනායක පදවියට ජ්‍යෙෂ්ඨත්වය අනුව සුදුසුකම් ලබන විනයගරුක සමාජ සේවයට කැපවුණු භික්ෂුන් වහන්සේලාගේ කාරක සභා සාමාජිකත්වය අහිමි කරමින් විවිධ චෝදනා ගොඩනගමින් ජාවාරම්කාර ව්‍යාපාර කාලයක සිට දියත් කර තිබෙනවා.
ඒ පිළිබඳව පුළුල් සාකච්ඡුා ගොඩනගන්න පී.එෆ්.පී. නිවුස් බලාපොරොත්තු වෙනවා.
නාකොළවැව, ඒරියාව, ඇතිමලේ, පාලූ‍කඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග‍්‍රාම නිලධාරි වසම්වල පිහිටි අලි ඇතුන් පිහිටි කැලෑ සහ වැව් පෝෂක ප‍්‍රදේශ මෙසේ බලෙන් අත්පත් කර ගෙන දේශපාලනඥයින්, නිලධාරින් හා හිතවතුන්ට ලබාදීම ඇත්තටම බෞද්ධ භික්ෂුවකට තරම් සුදුසුද? එවැනි සමාජ ක‍්‍රියාකාරී ව්‍යවසනයන් භික්ෂු සමාජය මැදිහත්ව ක‍්‍රියා කරන අවස්ථා අපමණයි අනන්තයි. දැනට අපි හෙළිදරව් කරන්නේ මේ ජාවාරම පිළිබඳ පිටුපස කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත‍්‍රික් නියෝජනය කරන හිටපු කැබිනට් ඇමැතිවරු දෙදෙනකුද සිටින බව ජනතාව තේරුම්ගත යුතුයි. ඉඩම් ජාවාරම් පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬව සිටින්නේ එවැනි පසුබිමක් තුළයි. මීඔය වාරියෝජනා ක‍්‍රමයට අයත් වාරිමාර්ග අංශවලට හා වැඩිමනක් මධ්‍යම පරිසර අධිකාරියට සහ වයඹ පළාතේ පරිසරය ගැන මහා බලයක් අත්පත් කරගෙන සිටින වයඹ පළාත් පරිසර අධිකාරිය මේ වන තුරු පියවර ගෙන නැහැ.
පෙරකී පරිදි ඇත්තම නින්දගමක් නම් හෝ මෙසේ පරිසර විනාශයක් ඇති වන විට රජයේ වගකිව යුතු කවර අංශයක හෝ නිලධාරියෙකු අවදිවීම සොයාබැලීම, නිතිය ක‍්‍රියාත්මක කිරීම, ඔවුන්ගේ වගකීමක්.
නමුත් අද මේ සියලූ‍ නිලධාරින් කසාය බීපු ගොලූ‍වන් ගානට ඉන්නේ මේ පිටුපස බලවත් හස්තයක් ක‍්‍රියාත්මක වීම නිසයි.
එසේ නම් ඒ බලගතු හස්තය කුමක්ද?
කුරුණෑගල හා හම්බන්තොට නියෝජනය කරන ලද දේශපාලන හරක් දෙදෙනා නිසාද?
නාකොලගනයේ විහාරයේ කපටි කයිරාටික ඉඩම් මේනියාවෙන් පෙළෙන චීවරධාරීන් රට තුළ තවත් ඉන්න බව ප‍්‍රජාව තේරුම්ගන්න අවශ්‍යයි.
ඒ සඳහා දායක වන ප‍්‍රාදේශීය ලේකම්වරුන් ද අපමණ ඉන්නවා.
මේ ඉඩම් ගත්තවුන් අතර ප‍්‍රකට වෛද්‍යවරයෙක් ද සිටින බව දැනට තොරතුරු ලැබෙමින් තිබෙනවා. නමුත් කියන්නට ඇත්තේ රටේ කොතැනක හෝ ¥ෂණ ක‍්‍රියාවක් ජාවාරමක් සිදුවන තැන නිලධාරියෙකු හෝ නිලධාරින් කිහිප දෙනෙක්ද සිටින බවයි.
ඊට හොඳම සාධකය මැතකදී මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ ගංජා ව්‍යාපාරය. මේ පිළිබඳව දැඩිව සහ පුළුල්ව සමාජය තවදුරටත් විමසිලිමත් විය යුතු වෙනවා.
මෙවැනි සමාජ විරෝධී සමාජ අවභාවිතාවන් පිළිබඳව දිගින් දිගටම අපි අදාළ තොරතුරු විවිධ විෂය පථයන් ඔස්සේ ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.
ලිව්වේ සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න