භික්ෂු කුහකත්වය, දේපළ හිමිකරගැනීමට හා පිරිවෙන් හා විහාරස්ථාන අධිපති කරගැනීමේ මේ සිද්ධියේ ආරම්භය 1943 ජුලි 23 දක්වා දිවයයි.
නමුත් 1873 වර්ෂය සිහිපත් නොකළ හැකිය. ගිහි පුද්ගලයින් දහතුන් දෙනෙකුගේ එකතුවෙන් මුදල් එකතු කරන්නේ බෞද්ධ ශ්‍රී සද්ධර්මය ගිහි පැවදි දෙපාර්ශවයටම අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහාය.
ඒ සඳහා විද්‍යාධාර සමිතියක් මේ කාලයේදීම ආරම්භ වේ.
අන්දරිස් පෙරේරා මෙහි නායකයා වේ.
මේ කාලයේදී දේශාභිමානය සඳහා මැදිහත් වූ සිවිල් පුරවැසියන් අප්‍රමාණය.
1873 වන විට ශ්‍රී ලංකාව එංගලන්තයේ අධිරාජ්‍යයට යටත් රටක් විය.
ජාතිය, ආගම රට වෙනුවෙන් සාහිත්‍යය විශේෂංග මතුවෙමින් තිබුණි.
එහි අතුරු පලයක් වශයෙන් මරදුනේ අන්දරිස් පෙරේරාව හිමි ඉඩම මේ සිද්ධියේ පූර්ව නිමිත්තයි.
යටත් විජිත සමයේ මිනිස් ජීවිතයේ ස්වභාවය, යටත් විජිත ප්‍රවණතා, නිවැරදි ජීවන දර්ශනය. යහපත හා අයහපත තේරුම් ගැනීම සඳහා බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා මධ්‍යස්ථානයක් ගොඩ නැගීම අන්දරිස් පෙරේරා ඇතුඵ කණ්ඩායමේ මුලික හරය විය. යටත් විජිත යුගයේ මිනිස් ජීවිතවලට ගෙන ආවේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික ගැටඵ පමණක් නොවේ.
බුදුරජාණන් වහන්සේගේ පිළිඹිබු වූ ගැඹුරු දහම සදාචාර අධ්‍යපනයක් සඳහා විශිෂ්ඨ මධ්‍යස්ථානයක් කරා ගෙනයන සංකල්පයට කණකොකා හඬලන්නට පටන් ගන්නේ 1943 ජුලි 23 දිනය.
ඒ ඇතැම් භික්ෂූන් තුළ පැල පැදියම් වී තිබෙන කුහක ගතිගුණ නිසාය. ඒ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ජීනරතන හිමියන්නේ ලේඛණයක් නිසාය.
සිවිල් වැසියන්ගේ මැදිහත්වීමෙන් බෞද්ධ සුබ වින්දන අරමුණින් ආරම්භ කරන ලද ජීවි අජීවි වැඩසටහන් අසාර්ථකත්වය සඳහා භික්ෂුන්ගේ මැදිහත්වීම් ලංකාවේ කොපමණ තිබේ ද?
ජීවි අජීවි සියඵ උපාංග, මෙවලම්වල යන පැවැත්ම බෞද්ධ දර්ශනයයි. භෞතිකවූ ද අභෞතික වුද පුද්ගලයා සතු සුවිශේෂ හැකියා බුද්ධි වර්ධනයෙන් මතුවන්නේ අධ්‍යාපනයයි. බුදු දහම කේන්ද්‍රකරගෙන අධ්‍යාත්මික සංවර්ධනය අරමුණු කරගත් විධිමත් අධ්‍යාපන පද්ධතියක් ගොඩ නැගීමට වෙහසකර වෑයම් අපමණ දියකර හැරිය භික්ෂුන්ගේ ක්‍රියා කලාප ප්‍රසිද්ධියට පත් නොවන්නේ ඇයි? බුදු දහම යනු විශ්වයට විවිධ සංකලනය කරන ලද දහමකි. නාම කාය, මනෝමයකාය විද්‍යාව තහවුරුකරන නිර්වචනය කර තිබෙන බුදුදහම අතිශය සංකීර්ණ දහමකි. එවන් සම්භාවනීය දහමක් නියෝජනය කරන ඇතැම් භික්ෂුවගේ අපයෝජන ක්‍රියා වලට විරුද්ධව නැගී සිටීමට සිවිල් පුරවැසියා දක්වන්නේ උකටලීකමකි. බෞද්ධකමට, සිවුරට අගෝචර නිසාය. නමුත් ඒ නොසැලකිල්ලම භික්ෂුවගේ වාසියට හේතු වී තිබේ. (ගෙවීගිය ඉතිහාසය පුරාම) සිදුකරන අපචාරයන් හමුවේ සිවිල් පුරවැසියන් නෛතික ක්‍රියා මාර්ගවලට ප්‍රවේශ නොවීමේ තත්වය නිසා ඇතැම් භික්ෂුන් පුද්ගලිකව හා සාමූහිකව දිගින් දිගටම ලොව්තුරු බුදුදහමට කරන්නේ නිගාවක්. මේ නිසා වැඩි වශයන් අධිකරණයට ගොනු වන්නේ භික්ෂුන් අතර එක්නෙකා පරයා යන දේපළ, අධ්‍යපන මධස්ථාන හිමිකරගැනීමේ තෘෂ්ණාව තනතුරු සඳහා හා වෙනත් භෞතික ප්‍රතිලා සඳහා හබයන්ය. බුදුදහමේ එන කරුණා, මුදිතා, උපේක්ෂා යන පුද්ගල ගෝචර මනෝභාවයන්ට එරෙහිව ඇතැම් ආණ්ඩු ක්‍රියාකිරීමේ දී එහි ඇති අගෝචර බව නිර්වචනය කරමින් ගරු අධිකරණය වෙත නඩු ගොනු ඉදිරිපත් කළ භික්ෂු ඉතිහාසයක් අපට නැත. මෑතකදී වර්ජනය වූ ගුරු වර්ජනය හමුවේ ගුරුවරයා හා ශිෂ්‍යා යන දෙපාර්ශවයේ අන්‍යෝන්‍යය කාර්යභාරය, ආකල්ප කවරේද යන්න ශාස්ත්‍රීය විග්‍රහය කරමින් ගරු අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමට මහා නිකායන් හෝ පාර්ශව, අග්‍ර නිකායන් පසුගිය කාලයේදී සමත් වූයේ ද? කවර අධ්‍යාපනයක වුවද ඇත්තේ පුද්ගල සංවර්ධනයයි. ශිෂ්‍යය මනිසකාර ප්‍රසන්න උචිත දිශාවන්ට බුද්ධිමය චලනය ඔස්සේ උපාය මාර්ගිකව ආත්මගත කිරීමේ වගකීම ගුරුවරයා සතුය. ජාති, ආගම්, දේශ, කාල යන පටු සීමාවන් ඉක්මවා අධ්‍යාපන ආකෘති සංවර්ධනයෙන් කිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ වගකීමක්. කාලීන හා පර්යේෂණාත්මක ගුණාංග වලින් හෙබි අධ්‍යාපන රටාවක් රට තුළ නැතිනම් ඒ සඳහා ද ගෞරවනීය මෙහෙවරක් සඳහා ආගමික සංවිධාන වලට පොදු යුක්තිය ඉටු කර ගැනීම සඳහා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ හැකිය. නොවන්නේ ද එයම නොවේද? සුඵ සිද්ධීන් ජාතික වටිනාකමක් නැති ආත්මාර්තකාමී අරමුණු වලින් අධිකරණය වෙත ගිය භික්ෂු ඉතිහාසයක් නම් අපට ඇත. ශ්‍රී ලංකාව බහුතර භික්ෂු සමාජයක් නියෝජනය වෙති. කිලෝමීටරයක් ආශ්‍රිතව විහාරස්ථාන 3 ත් 5 ත් අතර බොහෝ විට නාගරිකව දක්නට ලැබේ.
ආණ්ඩු හෝ පුද්ගල අගෝචර මනෝභාව රටක පැවැත්මට ඉතාම අහිතකරය. ඉන් රටත් ප්‍රජාවත් මුදවා ගැනීමේ පරම වගකීම ඇති භික්ෂු සමාජ සංස්ථා හුදෙක් වැදි බණ කීමේ සංස්කෘතියක නියැලී සිටීනම්,

මෙත්තා : පරහිංසාව හා පරපීඩකත්වයෙන් මුඵමනින්ම වෙන්වීම.
මුදිතා : මුදු බව
කරුණා : පරහිතකාමී බව
උපේක්ඛා : මැදිහත් බව
යන සතර බ්‍රහ්ම විවරණ වලින් ප්‍රායෝගිකව ඉවත්ව කටයුතු කරන බවට සාධක නොවේද? අප්‍රමාදය හෙවත් නැවැරදි උත්සාහය බුදු සමයේ පියවර හතරකින් සමන්විතය.

නොපවත්නා වැරදි තත්වයන් ඇතිවීම වැළැක්වීම.
පවත්නා වැරදි තත්වයන් ඉවත් කිරීම.
නොපවත්නා නිවැරදි තත්වයන් ඇතිකර ගැනීම.
පවත්නා නිවැරදි තත්වයන් ආරක්ෂා කරගැනීම.
මෙවැනි කරුණු සිහිපත් කිරීම භික්ෂු සමාජයට අකැපද? විචාර බුද්ධිය ඇති භික්ෂුව කිපෙන්නේ නැත. විචාර බුද්ධිය පළවා හැර භෞතික අවශ්‍යතාවයන් වෙනුවෙන් දේශපාලඥයාට කඩේ යන භික්ෂුහු කිපෙති. මැදිහත් විවේචනය අගය කරන භික්ෂු ධූරාවලියකින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත නම් යථෝක්ත කරුණු අනාවරණය කිරීමට කාලය ගත යුතු නොවේ. බෞද්ධ විහාර දේවාලගම් පනත බිිහිවන්නේ 1931 අංක 19 ලේඛනයෙන් ය. බෞද්ධ හා දේවාල වලට අයත් දේපළ බැහැර කිරීමේ සීමාකර තිබේ. එම සීමාවෙන් ඉක්මවා රට පුරාම දේපළ භික්ෂු නායකත්වයට අවශ්‍ය පරිදි ලබා දී ඇති බව පුඵල් සමීක්ෂණයක් සිදු කිරීමෙන් අනාවරණය වනු ඇත. විකිණීම, උකස් කිරීම, අන්සතු කිරීම පනතට අනුව නීතී විරෝධීය. ඉන් බැහැර වන්නේ 29 වැනි වගන්තිය යටතේ ය. විහාරධිපති භාරයේ ඇති දේපළ විහාරධිපතිට භාරකරුට හෝ පරිපාලන අයෙකුට බදු දීමට හැකිය. බැලු බැල්මට පෙනී යන්නේ 1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් පනත මගින් ලාංකික සිංහල බෞද්ධයාගේ දේපළ ආරක්ෂා වන බවත්ය. බුදුදහමේ චිරස්ථිතිය හා ගෞරවය සඳහා ඉමහත් සේවයක් කරන බවය. නමුත් සැබෑ සත්‍ය නම් ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරකම් සඳහා භික්ෂුවට සූක්ෂමව ක්‍රියා කිරීමේ අවස්ථාව මතු කර තිබේ. වසර 99 කට යටත්ව බෞද්ධ විහාර හා දේවාල වලට අදාළ ඉඩම් බදු දීමට හැකිය. වසර 10 කට වැඩි කාලයක් බදු දීම සිදුවන්නේ නම් බදු මුදල නැවත සලකා බැලිය හැකිය. දේපල භාරකරුට හෝ තනතුරක් දරන්නෙකුට බදු ගැනුම්කරුවෙකු විය නොහැකි බව පනතේ සඳහන් වේ. නුවර, මහියංගනය ආශ්‍රීත විහාර දේවාල බදුගෙන ඇත්තේ මුස්ලිම් ජාතිකයින් බව ලියුම්කරුගේ මතුපිට විමසීමේදී හෙළිවිය. හිමිකරුවන්සේ ක්‍රියාකරන භාරකරුවන් නිකායන්වල තනතුරු දරණ අයගේ ඥාතීන් හා ඥාතීන්ගේ හිතවතුන් අතර වෙනත් ව්‍යාපාරික හිතේෂීන් අතර 99 බදු ගිවිසුම් අනුව බදුගෙන ඇති පරම්පරාවෙන් පරම්පරාවට හිමිකාරීත්වය දිගුවන තත්වයක් පෙනේ. ලංකා ඉතිහාසයේ වලගම්බා රජු වනගතව සිටියදී ආහාරපාන වලින් පෝෂණය වී ඇත්තේ කුප්පිකල තිස්ස වනවාසී භික්ෂුව නිසා බව සඳහන් වේ. සොළීන් සමඟ සටනේදී වනගතව සිටි වළගම්බා රජුට කරන ලද උපකාරවැව ප්‍රතිඋපකාරයක් වශයෙන් රජු නැවතත් රජකමට පත්වීමෙන් පසුව අභයගිරි විහාරය ඉදිකර කුප්පිපාල තිස්ස තෙරනමට පූජාකළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. මේ වන විට පැවති මහා විහාරය ඊට විරුද්ධ විය. බෞද්ධ දේපළ හිමිකරගැනීමේ ඓතිහාසික ඉතිහාසය නිමිත්ත ඒ අනුව අනුරාධපුර යුගය දක්වා දිවයයි. පෞද්ගලික ආරම පූජාව වළගම්බා රජු දවස සිට ආරම්භ වී අද දක්වා ව්‍යාප්ත වෙමින් තිබේ. ගෞතම බුදුන් වහන්සේගේ එකම ශ්‍රී සද්ධර්මය නිකායන්වලට අනුරාධපුර යුගයෙන් ඇරඹී අදටත් නිකායන් විවිධ ස්වරූපවලින් වර්ධනය වෙමින් තිබේ. භාවනානුයෝගී සුදුසු ගල්ලෙන්වල නිකෙළෙස් නිසාල වනමැද ජීවත් වූ කුප්පිගල තිස්ස ආරන්‍යවාසී හිමියන්ට එදා වළගම්බා රජු කළ ප්‍රජාව පිළිබඳ ශාස්ත්‍රීය සමාජ සංවාදයක් නොවීමද ගැටඵ සහගතය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිකායන් මෙසේය. ශ්‍යාමෝපාලි මහා නිකාය, පසුව මල්වතු මහාවිහාර පාර්ශවය බිහිවේ. අස්ගිරි මහා විහාර පාර්ශවය. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය, සියම් නිකායෙන් පසුව ශ්‍රී කල්‍යාණි සාම ශ්‍රී ධර්ම මහා සංඝ සභාව, ඌව ස්‍යාම වංශික නිකාය, රංගිරි දඹුලු විහාර සංඝ සභාව, ස්‍යාමෝපාලී වංශික ශ්‍රී රෝපණ පාර්ශවය මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස නිකාය.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය අමරපුර මූලවංශික නිකාය, උඩරට අමරපුර නිකාය, අමරපුර සිරි සද්ධම්මවංශ නිකායන් වලින් තවත් පාර්ශව බිහි වී තිබේ. අමරපුර නිකාය අමරපුර පාර්ශවය. ශ්‍රී ලංකා අමරපුර නිකාය අඹගහපිටිය පාර්ශවය අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකාය අමරපුර සද්ධම්මවංශ නිකායේ රාස්සගල පාර්ශවය, අමරපුර සද්ධම්ම යුක්තික මාතර නිකාය. අමරපුර ආර්යවංශ සද්ධම්ම යුක්තික නිකාය වේ.
අමරපුර වජිරවංශ පාර්ශවය – අමරපුර සිරිසුමන දඹලු පාර්ශවය වේ.
අමරපුර සිරි සද්ධම්මවංශ නිකාය – සමස්ථ ලංකා අමරපුර චුලග්ඪි නිකාය වේ.
අමරපුර එන්තැලිගොඩ විහාර පාර්ශවය අමරපුර ඉද්දමල්ගොඩ විහාර පාර්ශවය වේ.
ඌව අමරපුර නිකාය – අමරපුර සිරි සද්ධම්ම යුක්තික නිකාය අමරපුර කල්‍යාණිවංශික ශ්‍රි ධර්මාරාම සද්ධම්ම යුක්තික නිකාය
ඌව උඩුග්ද අමරපුර නිකාය – ශ්‍රී ලංකා සවේජිත් නිකාය – උඩරට අමරපුර ශ්‍රී සාම ශ්‍රී සංඝ සභාව දක්වා ව්‍යාප්ත වේ.
ශ්‍රී කල්‍යාණවංශ නිකාය – අමරපුර නිකාය ශ්‍රී සම්බුද්ධ ශාසනිනෝදය සංඝ සභාව ආදී වචන වලින් හරඹ වූ නිකාය සංග්‍රහයක් දකින්නට ලැබේ. එකල බුදුන් වහන්සේ කොටස්වලට බෙදුනහොත් විහාරාධිපති, දේපළ පාලනය කරගත යුතු ආකාරය සංවිධානකරගෙන සිටින්නේ ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කලයුතු නිසා ද? පෞද්ගලික ඕනෑ එපාකම් ධූරාවලියක් මතද?
මේ අනුව සලකා බලන විට ශ්‍රී ලංකාවේ මහානාධික හිමිවරුන් ඉක්මවා සිටිති. සංඝ සමාජයේ ඇතැම් පාදඩ ක්‍රියා සිදුකරන භික්ෂුන් ඉන් වැළැක්වීම සඳහා ගෙන ඇති විධිමත් පියවර කවරේ ද?
කීර්ති ශ්‍රී රාජසිංහ සමයේදී වැලිවිට අසරණ සරණ සරණංකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍යාමෝපාලි වංශික මහා නිකාය ඇරඹෙන්නේ 1753 වර්ෂයේදීය. බුරුමයේ සියම් දේශයෙහි උපසම්පදාව ගෙන ඒම නිසා සියම් නාමය පටබඳවාගෙන තිබේ. සියම් යනු එදා බුරුමය අද හමුදා පාලනයක් ඇති රටකි. 1803 දී බුරුමය අමරපුර ප්‍රදේශයෙහි උපසම්පදාව ගෙන ඒම නිසා අමරපුර නිකාය වී තිබේ.
1864 දී බුරුමයේ රාමඤ්ඤ ප්‍රදේශයෙහි උපසම්පාදව ගෙන ඒම නිසා රාමඤ්ඤ නිකාය වී තිබේ. මේ නිකායේ අග්‍ර නිකාය හෝ පාර්ශව, සංඝ සභා පිළිබඳ තොරතුරු හෙළි වී නැත.
ඉහත නිකායන් බිහිවීමට තුඩුදුන් කරුණු කාරණා විමසීමේදී විවාදයට තුඩුදෙන කරුණු අප්‍රමාණය. ඒ සියල්ලක් ඉදිරි කාලයේදී විවරණය කිරීමට අපේක්‍ෂා කෙරේ.
රටවල ප්‍රදේශ අනුව හිමිවරුන්ගේ නාමයන් අනුව බිහි වී ඇති නිකායන් මගින් ප්‍රජාවගේ ශ්‍රී සද්ධර්ම ගුණය මේ වන විට කොතෙක් දුරට ප්‍රවර්ධනය වී තිබේ ද?

බුද්ධ යනු කුමක් ද?
ලෝකය තුළ පවත්නා සියඵ සමස්ථය අති සියුම් ක්‍රියාකාරීත්වය අංග සම්පූර්ණ අවබෝධ කරගත් පුද්ගලයා නොවේ ද? සොබාදහම තුළින් මතුකරන හා භෞතික සියල්ලක් බදාගෙන වැජඹීම බෞද්ධකම නොවේ. වානිජ හා භෞතික ක්‍රියාකාරීත්වය ගසක පොත්ත මෙන් බැඳීම යනු තණ්හාව වර්ධනය කරගැනීම හා පැවැත්ම සඳහා සංවිධානගතවීමය. ඇදහිලිවලින් බැහැරව බෞද්ධ ප්‍රතිපත්තිමත යැපෙන පූජ්‍යය පක්ෂයට සංවිධානගත වියයුතු ද? බුදුදහම සමඟ උපේක්ෂා සහගතව වැදීම යනු සිත අධ්‍යාත්මකව දියුණුකර ගැනීමය. ඒ තුළ පුහුණුව මතු වේ. පුහුණුව වගාකරගැනීම සියඵ භෞතික දේ තුළින් ඉවත් වීමය. මේ මාවත විවර කරගැනීමට නොහැකි අයට ඇත්තේ බියක්. ඒ වෙනත් සමාජ කණ්ඩායම් මගින් සිය බල අධිකාරිය දුබලකර වී යැයි යන සිතුවිල්ලක්. ඊට විකල්පය වෙනත් නිකායක්, පාර්ශවයක්, සංඝසභාවක් බිහිකර ගැනීම නොවේ ද?
මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන් හබය කොලඹ දිසා අධිකරණය දක්වා මීළඟ කොටසින්

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න