ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඉතිහාසය වර්තමානය හා අනාගතය අපේකමට ගැළපෙන සංස්කෘතියකින් පොහොසත් ද?
මුද්‍රිත හා ශ්‍රව්‍ය දෘෂ්‍යය මාධ්‍යවල දේශපාලන අධිකරණ හා ආර්ථිකය පිළිබඳ විචාර ලියන ලේඛකයින් හා කාටුන් ශිල්පීන් වැඩසටහන් ඉදිරිපත් කරන්නන් සඳහා වූ තරගාවලියක් ශාස්ත්‍රීය මට්ටමෙන් නැතිකම එක් හේතුවකි. ඇල් මැරුණු සංවිධායක ප්‍රතිපත්ති මාලාව ගොනුකරගෙන සංවිධානයවන ජනමාධ්‍යය සැණකෙළි වලින් පලක් නැත. එවනි සංවිධායකයින්ව ආර්ථික ප්‍රතිලාභ ලැබේ. නමුත් සමාජයට තිරස් හෝ සිරස් දියුණුවක් ඇතිවන්නේ නැත. පාඨකයාගේ හා ශ්‍රාවකයාගේ …….. මණ්ඩලයක් කරා ගෙනයන ජනමාධ්‍යය සංස්කෘතියක් බිහිවිමට නම් ජනමාධ්‍යය කරුවාගේ විචාරයට ප්‍රතිචාර දක්වන ප්‍රජාවක් බිහිවිය යුතුය. ඒ සඳහා ජනමාධ්‍යය විචාරකයා ප්‍රබුද්ධ කරන පහසුකම් සැළැස්වීම පවතින රජයක් හා සිවිල් සමාජ ක්‍රියාකාරකයින්ගේ වගකීමකි, යුතුකමකි. සන්නිවේදනයේ පෙරළිකාරයින් මතුවන්නේ එවිටය.
වේගවත්ව සමාජයට එන තොරතුරු බොහෝ විට ඇත්ත නොවේ. ඇත්ත මතුවන්නේ ප්‍රසිද්ධියේ පෙනී නොසිටන තිරය පිටුපස සිටින මධ්‍යස්ථ ජනමාධ්‍යය විචාරකයාගෙන්ය. යම් තොරතුරක සමාජ ප්‍රගතිය ඇතිකරන හෝ ….. රසය වර්ධනය කරන සු`ඵ සියල්ලක් ගවේෂණාත්මකව විවරණය කිරීම විචාරකයාගේ වගකීමය. එහිදී අදාළ විචාරය තුළින් සමාජයට කරන බලපෑම කවරේද යන්න තීරණය කළ යුතු වන්නේ ගවේෂණාත්මක ජනමාධ්‍යය කරුවාය. හුදෙක් එය වෛවර්ණ චිත්‍ර, ඡායාරූප, වර්ණ, අකුරු, මෝස්තර රටා උපයෝගී කරගෙන හැඩරුව විචිත්‍රවත් කිරීමෙන් පලක් නැත.

ගවේෂණශීලි මාධ්‍යය භාවිතාව

ගැඹුරින් කරුණු සොයා ගවේෂණශීලි වාර්තාකරණය පිළිබඳව ලංකාවේ ඇත්තේ ස්වල්ප ජනමාධ්‍යය ආයතන කිහිපයක් පමණි.
මේ තත්වය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගවේෂණශීලි ජනමාධ්‍යය සමාජ සංස්ථාව දිරිගැන්වීමේ ක්‍රමවත් වැඩසටහන් දියත්විය යුතුය. කාලීන පුවත් මතුකර සමාජය ඉදිරියේ පෙළ ගැස්වීම ගවේෂණශීලි ජනමාධ්‍යය කරුවෙකුගේ කාර්්‍යය භාරයයි.
ඒ සඳහා කල්පිතය තුලින් උපකාරක න්‍යායක් ගොඩ නැගේ. රහසේ කාන්දුවෙන තොරතුරුවලින් උපසාධක වර්ධනය වේ. උප සාධක සමඟ විවිධ දිසාගත වීම් නිසා ගවේෂණශීලි චාරිකා ඇරඹේ.
එහිදී රාජ්‍ය වාර්තා ජනමාධ්‍ය අවභාවිතයට ගෙන හැසිරෙන රාජ්‍ය ප්‍රධානීන්ගේ භූමිකා හඳුනාගැනීම ගැඹුරින් විශ්ලේෂණයට ලක් කිරීම සඳහා ජනමාධ්‍යවේදීන් උනන්දුකිරීම සඳහා මැදිහත්විය යුත්තේ ජන සමාජයයි.
සත්‍යය පුවතක උපත වර්ධනය හා පසුවිපරම සඳහා ගවේෂණශීලි ජනමාධ්‍යය සංස්කෘතියත් ප්‍රවර්ධනය කිරීම, රජයකද ප්‍රධාන යුතුකමකි. මහජන මුදල් අවභාවිතය නිසා බොහෝ විට රාජ්‍යය අංශය විවේචනයට ලක්වේ. නමුත් එවන්නෙකුට අත්වන්නේ පතුළක් නැති අගාධයකට තරම් ප්‍රචණ්ඩ පලිගැනීමේ චේතනාවකින් යුත් වෛරිකාරී පිරිසක් මතුවීම. පාලක දේශපාලන අංශවලින් හා රාජ්‍යය අංශවලින් මතුවීම පමණකි.
මාධ්‍යකරුවා භීතියට පත්කරන රාජ්‍යය හැසිරීම් හා ඇතැම් වගකිවයුතු අංශවල භාවිතාවන් වලදී මේ රටේ පොදු ප්‍රජාව ඉදිරියට පැමිණීමේ සංස්කෘතියක් ප්‍රවර්ධනය වී නැත.
ඇතැම් පාදඩ වගකිවයුතු (ප්‍රවෘත්තියට ගවේෂණශීලි විශේෂාංගයට අදාළ) අංශ ක්‍රියාත්මකවන්නේ මාධ්‍යය කරුවාට විවිධ ලේබල් ගසන ව්‍යාජ උද්ඝෝෂණ සංවිධානය කරමින්ය.
එහිදී එවැනි කුණුහරුප ඇතුළත් උද්ඝෝෂණ වාර්තාකරන ජනමාධ්‍යය ද මේ රටේ තිබේ.
අදාළ ගවේෂණශීලි ප්‍රවෘත්තියට, විශේෂාංගයට මූලාශ සොයාගත් ආකාරය හෙළිකරගැනීමට නීතිය අවභාවිතා කරන පාදඩ වගකිවයුතු අවශ්‍ය තවත් වෙනත් විවිධ පැතිවලින් ක්‍රියා කරති.
ගවේෂණශීලි මාධ්‍යකරුවන්ගේ සිත් පීඩා ඇතිකරන පරිසරයක් හමුවේ මේ රටේ ප්‍රගතිශීලි ජනතාව කළ යුත්තේ කුමක් ද? ජනමාධ්‍යය ඔහු හෝ ඇය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබාදීමය. සංවේදී පුවත්, ඡායාරූප, පොත්පත් වීඩියෝ දර්ශන එක්රැස් කිරීම ගවේෂණශීලි මාධ්‍යවේදීයෙකුගේ කාර්ය්‍ය භාරය අතර එක් කටයුත්තකි.
නමුත් හදිසි නීතිය පනවා ඇති අවස්ථාවක වංචාකාරී රජයකට පොලිසිය හමුදාව යොදවා සැකකටයුතු ලේඛණ යන සන්නාමය ලබා දී අදාළ මාධ්‍යකරුවා අත්අඩංගුවට ගෙන සිරගෙට යැවීමේ ඉඩකඩ වැඩියි.

උතුරු නැගෙනහිර යුද්ධය

1983 ජුලි කලබලයෙන් පසුව වර්ධනය වූ උතුරු හා නැගෙනහිර ද්‍රවිඩ ස්ලාම් යුද්ධයක් සමඟ මේ රටේ ද්‍රවිඩ සාමාන්‍යය පුරවැසියන් මුහුණදුන් ගැටඵ අනන්තය, අප්‍රමාණය. ඛඔඔෑ ඇතුඵ ද්‍රවිඩ සටන්කාමී සංවිධාන ගෙනගිය ඇතැම් ක්‍රියාකලාපයන් හමුවේ ලාංකික සාමාන්‍යය ද්‍රවිඩ පුරවැසියන්ට මේ රට තුළ මුහුණ දීම සිදු වූ ඛේදවාචක විවිධ පැතිවලින් විවිධ මුහුණුවලින් සිදුවිය.
ඒ දිනවලදී උතුරු නැගෙනහිර පලාතක පුරවැසියෙකුට කොළඹ වීදියක ගමන් කිරීම තාවකාලික පදිංචිය ගැටඵ සහගත තත්වයන් උද්දීපනය කරන ……. කිසිම ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ නැති ද්‍රවිඩ පුරවැසියන් පොලිසිය ඇතුඵ ත්‍රිවිධ හමුදාවේම සැකයට අවිශ්වාසයට ලක්විය. ඒ නිසාම බහුතරයක් මෙරට ද්‍රවිඩ පුරවැසියන් රට හැරයාමේ ප්‍රවනතාවයකයට තල්ලුවිය.
යාපනය ඇතුඵ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඒ දිනවල කොළඹට ද්‍රවිඩ පුරවැසියන් පැමිණියේ ගමන් බලපත්‍ර වීසා හා වෙනත් පිටරට යෑම සඳහා අවශ්‍යය පහසුකම් සපයා ගැනීම සඳහාය. මේ සඳහා උනන්දු වූයේ මූල්‍යමය ඇති නැති ද්‍රවිඩ අයවලුන් පමණි. දින කිහිපයක් කොළඹ ඒ සඳහා ගත කිරීමට සිදු වීම නිසා වැල්ලවත්ත, බම්බලපිටිය. කොල්ලුපිටිය, මරදාන හා කොළඹ අවට වෙනත් ප්‍රදේශවල …… ආශ්‍රිත නවාතැන් ගැනීමට මේ පිරිස්වලට සිදුවිය. සිදුවූයේ කුමක් ද? රාත්‍රී කාලයේදී ශ්‍රී ලංකා පොලිසිය ද්‍රවිඩ පුරවැසියන් නවාතැන්ගත් ස්ථාන වැටලීමය. හදිසි නීතිය යටතේ රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදුවිය. ඇතැම් පුරවැසියන් බියට පත්විය. ප්‍රශ්න වලට පිළිතුරු දීමේදී පරස්පර වූ අවස්ථා තිබුණි. ජනකතා සාහිත්‍යය තුළ “ගෙදර ගියොත් අඹු නසී. මහ සිටියොත් තා නසී” පිරුළ තුළ බහුතර ද්‍රවිඩ සාමාන්‍යය පුරවැසියන් පොලිසිය හමුවේ කොටු වී තිබුණි. ඇත්තම තත්වයවූයේ යුද්ධය පැවති කාලයේදී ද්‍රවිඩ පුරවැසියන් ඛඔඔෑ එකට බලයෙන් බඳවා ගැනීම හා විරැකියාව, රටේ වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටීමට නොහැකි තත්වයක් ඒ වනවිට රට තුළ පැන නැගී තිබුණ නිසා පොලිසිය නගන ප්‍රශ්නවලදී සැබෑ පිළිතුරු දීමට අපහසු තත්වයන් මතුවීම සිදුවිය. මෙය ජාවාරමක් කරගෙන ක්‍රියා කල පොලිසියේ ලොකු මහත්වරු අනන්තවත් සිටියහ. සැකපිට අත්අඩංගුවට පත්වන පිරිස් පිළිබඳව අදාළ පොලිස් නිළධාරීන් ඒ දිනවල ජනමාධ්‍යවලට තොරතුරු ලබාදුන්නේ ඛඔඔෑ සැකකරුවන් යන ලේබලයක් සමඟය. එදිනෙදා පුවත්පත් වල එම තොරතුරු පලවීමෙන් පසුව ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ නැති අදාළ පුද්ගලයින්ගේ ඥාතීන් ඉතාම අපහසුතාවලට පත් වූහ. ජාවාරම්කාර ඇතැම් උසස් පොළිස් නිළධාරීන්ට යහමින් මුදල් ලබාදුන් ද්‍රවිඩ පුරවැසියන් විදේශ ගත වූහ. ඔවුන් පිටරට ගියේ ද්වේශයෙන් යුතුවය. හේතුව ඥාතීන්ගේ දෙමාපියන්ගේ රත්තරන් බඩු හා වෙනත් දේපළ උගසට හෝ විකුණා පොළිස් නිළධාරීන්ට සංතෝසන් ලබා දීමට සිදුවීම නිසාය. පිටරට ගිය එම ද්‍රවිඩ පිරිස් පසුකාලයේදී සිදුකලේ කුමක්ද? පොළිස් දෙපාර්තමේන්තුවේ හා ආරක්ෂක අංශවල ඇතැම් නිළධාරීන්ගේ අපචාර ක්‍රියා නිසා ප්‍රභාකරන්ගේ ප්‍රතිපත්ති වලට ගරු කිරීමේ මාවතකට පසුකාලීනව තල්ලු වීම නොවේද? ආරම්භයේදී පිටරට ඔවුන් ලබන වැපුපෙන් සියයට ප්‍රමාණයක් කොටි සංවිධානයට ලබා දීමය. පසුව වෙනත් ද්‍රවිඩ පිරිස් හා අන්‍ය ජාතිකයින්ගෙන් මුදල් එකතු කොට වැඩි වැඩියෙන් ප්‍රභාකරන් ඇතුඵ කොටි සංවිධානයට විශාල ලෙස ප්‍රාග්ධනයක් රැස් කිරීමට ඔවුහු යුහුසු`ඵ වීම සහ පෙළඹවීමය. පොළිස් නිළධාරීන්ගේ මනදොළ පිරිවීමට මූල්‍ය අල්ලස් දීමට අසමත් වූ …… උතුරේ ඇතැම් පුරවැසියන් උසාවි වලට භාරවිය. ඒ කාලයේදී එම පුරවැසියන් සඳහා ඉදිරිපත් වූ නීතීඥ ප්‍රජාවද පසුගාමී විය. අධික ලෙස මුදල් ඉපයු නීතිඥ සීමිත ප්‍රමාණයක් මේ සඳහා ඉදිරිපත් වූ අවස්ථා තිබුණි. උසාවි වලට ඉදිරිපත් කරන ලද මේ ලොජ් වල නවාතැන්ගෙන සිටි උතුරේ පුරවැසියන් ඇතැම් විට චෝදනා නැතිව හදිසි නීතිය යටතේ ඇති නෛතික පදනම නිසා ඔවුනොවුන්ගේ මානව හිමිකම් උල්ලංගණය වූ අවස්තාද තිබුණි. මේ සියල්ලක් අවසානයේදී හෝ ඇපපිට උතුරට යන පුරවැසියා ගමන් කළේ සිය නිවසට නොවේ ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය දෙසටය. අවසානයේදී කොටි සංවිධානය ඉච්ඡාභංගත්වයට පත් කරන පිරිස් වලින් තර විය. අවසානයේදී සමස්ථ රටම භීතියට පත් කරන ව්‍යසන රටාවක් කරා ප්‍රභාකරන් ගෙන යාමට සමත් විය. රටේ ආර්ථිකය, ජන ජීවිතය පසුගාමී තත්වයකට තල්ලුවිය.
දේශපාලන පක්ෂ හා පාදඩ දේශපාලඥයින් හා තිස් අවුරුද්දක් පුරා පැවති සිවිල් යුධකාල වලදී රට පාලනය කල දේශපාලන පක්ෂ තුවාලයක් ලෙස ප්‍රයෝජනයට ගෙන ක්‍රියාකලහ. සමස්ථ රටටම අත්වූයේ කෙළවරක් නැති ඛේදවාචකයන්ය. මෙවන් තත්වයක් හමුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ හදිසි නීති තත්වයක් ඉදිරියේ ක්‍රියාකළ යුතු වන්නේ මනා අවබෝධයකින් විය යුතුය. හදිසි නිීතිය ආරක්ෂක අංශවල ආත්මාර්ථකාමීත්වය සඳහා යොදාගතයුතු නොවේ. එය රටේ ප්‍රජාවගේ සත්භාවය සඳහාම ක්‍රියාත්මක කළයුතු දෙයකි. ගෙවීගියකාලය තුළදී අපේ ඇතැම් ආරක්ෂක අංශ දේශපාලන න්‍යාය පත්‍ර සඳහා ක්‍රියා කිරීම නිසා රට දීර්ඝකාලීන ගැටලු සමූහයකට මුහුණ දී තිබෙන බව අමුතුවෙන් සඳහන්කළ යුතු නොවේ.
රණවිරු සඳහිරු සෑය පසුගිය ඉල් පුරපසලොස්වක පොහෝ දින විවෘත කිරීම ශ්‍රී ලංකාවේ තවත් ජාතීන් අතර ගැටුමක ආරම්භයක් ද? කොරෝන ව්‍යාප්තිය වැඩිම දිස්ත්‍රික්කය අනුරාධපුරයේ විශාල සෙනගක් එකරාශී වීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේඛම් උපුල් රෝහිත කිසිසේත්ම සුදුසු නොවන බව පවසයි. සඳහිරු සෑය අනාගතයේදී වෛරයේ සංකේතයක් විය හැකි බව ඇතැම් භික්ෂූන් වහන්සෙලා පවසයි. ප්‍රශ්නය වන්නේ උන්වහන්සේලා විජයදාස රාජපක්ෂ, උදය ගම්මන්පිල, විමල් වීරවංස, වාසුදේව නානායක්කාර ආමාත්‍යවරු හා රාජ්‍ය ආමාත්‍ය ප්‍රියංකර සුසිල් ප්‍රේමජයන්ත කුලකයේද යන්නයි.
මහින්ද දිනුම් කණුවේ
ලසන්ත පොළව යටට

ජනමාධ්‍ය නිදහස්ද නැද්ද යන්න අපට නියත ඉතිහාස සාධකයක් තියෙනවා. පසුගිය වසර අවසානයේ දී අගමැති මහින්ද රාජපක්‍ෂගේ ප්‍රකාශයක් නිසා මියගිය ලසන්ත වික්‍රමතුංග ව තෝරා බේරාගෙන තොරතුරු ලබාදුන්න සිද්ධි දාමයක් නිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන කාලයේ දී අගමැතිකම අපේක්ෂාවෙන් සිටි මහින්ද රාජපක්‍ෂට අගමැතිකම තබා වගකිය යුතු අමාත්‍යංශයක්වත් හරියට ලැබුනේ නැත.
මේ අමනාපය නිසා ජනාධිපති බණ්ඩාරණායක අමාත්‍යය මණ්ඩල සාකච්ඡාවේ සිට ඇය යන එන කනබොන සිය`ඵ තොරතුරු මහින්ද මගින් ලසන්ත වෙත ගලා ගියේ විශාල වැයවීමකින් තොරව.
මහින්දගේ අරමුණ වූයේ චන්ද්‍රිකා පාලනය දුර්වල කිරීම සඳහා ඇගේ අඩුපාඩුකම් සහිත සිද්ධීන් ලසන්ත වෙත ලබාදීමය.
ලසන්ත දක්ෂ මාධ්‍යවේදියෙකු වූවත් මහින්ද රාජපක්‍ෂට නොරැවටී ක්‍රියා කිරීමට පෞරුෂයක් තිබුණේ ද යන ප්‍රශ්නය මතු නොවන්නේ ද?
ලසන්ත යනු කලක් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ලේකම්වරයෙකි. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ වේගවත් නැගීම සමග මව දුවගේ සීතල යුද්ධය සිරිමාවෝ මැතිණියගේ යම් යම් ප්‍රකාශවලින් ප්‍රසිද්ධියට පත් වූ අවස්ථා තිබුණි. ඉරුදින “සන්ඩේ ලීඩර්” යන පුවත් පත් හිමිකාරිත්වයක් ලබා ගනිමින් සෑම ඉරුදිනකම පුවත්පත්වල සිරස්තල වල චන්ද්‍රිකා ජනාධිපතිනියගේ අවභාවිතාවන් ඉලක්ක කරගෙන ප්‍රවෘත්ති විශේෂාංග විවරණය වූවා. අදාල කාලවල දී මේ විශේෂාංග ගවේෂණශීලී ප්‍රවෘත්ති විශේෂාංග ලෙසත් බහුතරයක් සැලකූහ.
ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක් ද? මහින්ද රාජපක්‍ෂගේ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් ලසන්ත වික්‍රමතුංග පෙනී සිටීම ගවේශණශීලී ජනමාධ්‍යය ද?
ආණ්ඩුවේ හෝ විපක්‍ෂයේ අදහස් උදහස් නියෝජනය ගවේෂණශීලී ජනමාධ්‍යය ද? ආර්ථික සමාජයීය, සංස්කෘතික, කාලීන පරිවර්තනවල නිවැරදි සම්භාව්‍යය දැක්ම ගවේෂණශීලී ජනමාධ්‍යයයි.
ප්‍රතිරූපය අහිමිවන දේශපාලඥයාගේ ප්‍රතිරූපය මතුකර ගැනීම සඳහා ජනමාධ්‍යය කරුවා නම්මවා ගැනීමේ කලාවක් එදත් තිබුණි. අදත් තිබේ. ඔවුනොවුන්ගේ පාදඩ දේශපාලනය වර්ධනය වන්නේ මෙවැනි මෙහෙයවීම් නිසා ය. සාමාන්‍යය ප්‍රජාවගේ ඕනෑ එපාකම්, දුක්ගැනවිලි, අපේක්ෂා, අභිලාෂයන්, වෘත්තිය පදනමක සිට මාධ්‍යයකරුවා නියැලීමට අපොහොසත්වීම රටේ අභාග්‍යයකි.
ආදීනව හා නිර්භයව සිදුකිරීමට සමාජ පරිසරයක් වර්ධනය කිරීම ද පුරවැසියකු සතු කාර්්‍යය භාරයකි.
මානව සංවර්ධනයේ මූලික දර්ශනය නිදහස් ජනමාධ්‍යයේ ස්වාධීනත්වයයි. ඒ ස්වාධීනත්වය නැතිකරන්නේ රාජ්‍යය රහස් රැකීමේ ආයතන සංග්‍රහය ද? නිරවද්‍යය තොරතුරු සැපයීම, නිරවද්‍යතා විමර්ශණය, තොරතුරු විශ්ලේෂණය තුළින් නිරවුල් ලෙස වාර්තා කිරීමට හැකියාව ලැබෙන්නේ රාජයය අංශය නිවැරදි තොරතුරු ලබාදීමෙන් පමණක් බව රාජ්‍ය අංශවලට අවධාරණය කිරීම ගවේශණශීලී මාධ්‍යයේ මෙහෙවර විය යුතු ය.
දේශපාලඥයින් ජනමාධ්‍යය මෙහෙයවන ආකාරය සිය අත්දැකීමෙන් පසුගිය දා ප්‍රකාශකල මහින්ද රාජපක්ෂගේ ව්‍යංග උපහාසය ශ්‍රී ලංකාවේ ගවේෂණශීලී ජනමාධ්‍යය තේරුම් ගත යුතුය. මේ සඳහා වෘත්තිය හා නිදහස් ජනමාධ්‍යකරුවන්ට මගහැරීයාම පිළිබඳව වෘත්තිය වගකීම පිළිබඳ පසුවිපරමක් සඳහා සමාජ සංවාදයක් වහාම ආරම්භ කල යුතුය. දැන්ට ප්‍රෝඩාව හා බොරුව මත යැපෙන ජනමාධ්‍යයේ වසා දමන ස්වයං ජනමාධ්‍ය ප්‍රමිති ලේඛනයක අවශ්‍යතාවන් මහින්දගේ ප්‍රකාශවලින් සනාථ කරයි. ඔහු ලසන්තව වෙනස්වුණු ආකාරය අනුව සිය අත්දැකීම ප්‍රකාශ කරන්නේ මෙසේ ය.

“ජනමාධ්‍යකරුවන් නොදැන වෙනත් පාර්ශවල මෙහෙයවීම් වලට ගොදුරුවන බවය”

තොරතුරු වාර්තාකරුගේ ස්වරූපයෙන් නොව සංස්කාරවරයෙකුගේ දෘෂ්ටියෙන් ලබාදුන් විට මාධ්‍ය කරුවාගේ සවිඥානික සම්මුතිය ගිලිහී යයි. තොරතුරු ලබාදීම එකකි. සංක්‍ෂිප්ත කර ලබාදුන් විට ගෙඩිය පිටින්ම බෙදාගැනීම ප්‍රායෝගිකව සිදුවෙන අකරතැබ්බයකි.
මහින්දගේ පරමාර්ථය සංස්කරණයකර ලබාදුන් තොරතුරු ඔහුට ද සාක්ෂාත් කරගැනීමය. ලසන්ත සිය වෘත්තිය ආචාර ධර්ම හකුලාගෙන මහින්දගේ තොරතුරු නොසඟවා සමාජයට ඉදිරිපත්කර ඇත. මහින්ද එදත් අදත් දිනුම් කණුවේ ය. ලසන්ත වලපල්ලේ ය.
චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන වකවානුවට අදාල තොරතුරුවල ප්‍රභවය ජනාධිපති තනතුරටනම් තොරතුරුවල අදාලත්වය රටේ ආර්ථික, සමාජයීය, සංස්කෘතික අගතියට නම් යුක්ති යුක්ති භාවය තක්සේරු කරගැනීම ලසන්තගේ පරම වගකීම විය යුතු නොවේ ද?
එදා මහින්ද රාජපක්‍ෂට අගමැතිකමට හෝ අගනා අමාත්‍යංශ ගණනාවක් නොලැබීම පොදු ප්‍රශ්නයක් ද? අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිනිය හා සෙසු අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ සිය ජංගම දුරකථනයෙන් ලසන්තට ඇසීමට ඉඩ සලසාදීම අමාත්‍යය මණ්ඩල පොදු වගකීමෙන් බැහැරවීම වෙනම ගැටඵවකි. එවන් ඉතිහාසයක පරම වන්දනීයත්වය වර්තමානය දක්වා කාන්දු වී ඇතිබව දැනට රටේ සිදුවෙන බොහෝ සක්‍රීය අගති ක්‍රියාවලින් පැහැදිලි නොවන්නේ ද? සත්‍යකාමී වුවත් තොරතුරුවල අදාලත්වය ප්‍රජාවට ගැලපෙන්නේ ජාතික සංවර්ධනයට කෙතෙක් දුරට කේන්ද්‍රියවන සමාජ පසුබිමකය. කොතෙක් දුරට විශ්වාසදායී වුවත් සමාජ සාධාරණත්වයට ඉන් පිටුවහලක් නොවන්නේ නම් එවන් මාධ්‍යකරණයෙන් ඇති ඵලය කුමක් ද? මහින්දගේ මෙහෙයවීමෙන් ලසන්තට දුන් තොරතුරු පක්ෂග්‍රාහී බව අගමැතිවරයා හොදින්ම එදත් අදත් අවබෝධ කරගෙන තිබේ. කට බොරු කීවාට දිවට බොරු කීමට නොහැකි බව ජනවහරේ ඇති කියමන සත්‍යයක් ලෙස තහවුරු කළ අවස්ථාවක් ලෙස පසුගිය වසර අවසානයේ දී අගමැතිගේ ප්‍රකාශය වැඩිදුරටත් සනාථ කළේ ය. ජනමාධ්‍යය ආණ්ඩු පිහිටුවීමට උදව් උපකාර කලත් ආණ්ඩු රැකීමට ජනමාධ්‍යය පෙනී නොසිටින බව මහින්ද වැඩිදුරටත් ප්‍රකාශකර ඇත. එවිට මාධ්‍යකරුවාට හිමිවන්නේ මරණය ද? ලසන්තගේ ජනමාධය මෙහෙවර මගින් රත්නසිරිගෙන් අගමැතිකම ගලවාගෙන අගමැති වූ මහින්ද පසුව ජනාධිපතිකම දක්වා දිගු ගමනක් ගියේ ය. වාර්තාකරුගේ භූමිකාව අභිබවා සංස්කාරගේ ක්‍රියාව තමන් සිදුකළ බව වැඩිදුරටත් අගමැතිවරයා සඳහන් කර ඇත. තමන්ගේ පැවැත්මට හා ප්‍රතිරූපයට අදාල තොරතුරු පමණක් ලසන්තට ලබාදුන් බව ඉන් පැහැදිලි වේ. ලසන්තගේ පක්ෂග්‍රාහී ප්‍රවනතාවය ද ඉන් ප්‍රකට කරයි. අදාල දිනවල ලසන්තගේ මාධ්‍යය භාවිතය හා හැසිරීම පිළිබඳ මතභේදාත්මක ප්‍රපංචයක් විවරණය සඳහා සෙසු මාධ්‍යය නිවැරදි භූමිකාව සිදුනොකළ බව වැඩිදුරටත් සනාථ කරයි. ජනමාධ්‍යය කියවන බලන ප්‍රජාව දපක්ෂග්‍රාහී තත්වයෙන් තොරව විවෘත මනසකින් හැසිරෙන ප්‍රජාවක් අපට නැතිකම ද විශාල ගැටඵවකි. බැලූ බැල්මට ප්‍රජාව ජනමාධ්‍ය සඳහා දක්වන උනන්දුව අනුව එය සත්‍යයක් නොවන බව යමෙකුට පැවසිය හැකි ය.
නිදහස ලැබුණු දින සිට බලයට පත් වූ ආණ්ඩු දෙස විමර්ශණයක් කිරීමේ දී සත්‍යය කුමක් ද යන්න තහවුරු කරගත හැකි ය. ආත්මාර්ථකාමී ලෙස පවුල් බලය තහවුරු කරගන්නා රාජ්‍යය මුදල් අවභාවිත කරගන්නා වංචාව දූෂණය සිදුකර ඇති බවට තොරතුරු තහවුරුවන පරිසරයක නැවත නැවත පාදඩ දේශපාලනයම බලයට පත්කරගන්නා රටාව මගින් යථා තත්ත්වය පැහැදිලි නොවන්නේ ද?
නිර්නාමික ප්‍රභවයන් තුලින් ලබාගන්නා තොරතුරු වුවද ප්‍රජා සංවර්ධනයට පුහුණුවට ඇති අදාලත්වය ගවේෂණශීලී ජනමාධ්‍යකරුවාගේ නිවැරදි තක්සේරුවකින් තොරව තොරතුරු ගලායාමේ ඉතිහාසය මේ තත්ත්වය ප්‍රවර්ධනය කර තිබේ.
ජනමාධ්‍ය කරුවාගේ ලැදියාවන් නිසා දුරාචාර මාධ්‍යය කලාවක් සංවර්ධනය වී තිබේ. මහින්දගේ සංස්කරණය කරන ලද තොරතුරුවල පසුවිපරමක් හෝ පසුව ලුහුබැඳීමක් සෙසු මාධ්‍යය ඉදිරියට ගෙන නොයාම නිසා පාදඩ දේශපාලනය ශක්තිමත් පරිසරයක් සංවර්ධනය කරගෙන ඇත.
ලසන්තගේ මාධ්‍යය වාර්තාකරණ ඉතිහානසේ සිට සලකා බැලීම වැදගත් ය. මහින්දගේ බලපෑමෙන් ලසන්තගේ අකුරු කිරීමෙන් “මහින්ද සුළඟ”නිර්මාණය වන්නේ එසේ ය. මහින්දගෙන් ලබාගත් තොරතුරු කෙසේ අනාවරණය වූයේ ද යන්න කිසිදිනක ලසන්ත සිය මාධ්‍ය මගින් හෙළිකර නැත. ප්‍රවෘත්තියක්, විශේෂාංගයක් සකස් කිරීමේ දී අදාළත්වය සිය ආයතනයට ඇති විශේෂිත සම්බන්ධය සැගවීම සදාචාර විරෝධී ය.
ලංකාව් බොහෝවිට සිදුවන්නේ පුවත්පත් වෙළඳ දැන්වීමක් පල කිරීමේදී පවා වංචා සහගත ලෙස හුවා දැක්වීම පමණි. එය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට පමණක් නොව මහජන සම්බන්ධතා වැඩසටහන් වලදී පවා මහජනතාවගේ සාමාන්‍යය බුද්ධියට නිගාදීම බහුලව සිදු වේ.
“මෙය වෙළඳ දැන්වීමක්” යනුවෙන් සඳහන් කිරීමට අසමත් පුවත්පත් දැන්වීම් පිටුපුරා දකින්නට ලැබේ. දේශපාලඥයාගේ ප්‍රතිරූපය, පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශ පාරම්පරික වෛද්‍ය හා රූපලාවන්‍ය උදාහරණ කිහිපයක් පමණි.
දේශපාලන නායක හෝ අර්ථපතීන්ගෙන් ලැබෙන විවිධ අනුග්‍රහයක් වසාගෙන හසුරුවන ජනමාධ්‍යය කලාව තුළ ඇත්තේ පාදඩ දේශපාලනයේ තවත් පැත්තක් පමණි. ප්‍රජාවට සත්භාවයෙන් තොරතුරු ඉදිරිපත් නොකරන දේශපාලඥයාගෙන් හෝ අර්ථපතියාගේ රුචි අරුචිකම් අනුව හැසිරෙන මාධ්‍යය මාෆියාවන් විවිධ ස්වරූප වලින් ඉතිහාසයේ අපට දකින්නට ලැබී තිබේ.
රාජ්‍ය නොවුන සංවිධානවලින් දේශපාලන පක්‍ෂවලින් යැපෙන සංස්කෘතියක් තුළින් …………… ශ්‍රී ලංකාවේ ව්‍යසනය සංවර්ධනය කිරීමට නිල නොවන හා නිල මාධ්‍යය ජාලා එදත් තිබුණි. අදත් තිබේ. ඊට එක් උදාහරණයක් ලබාදෙන්නේ නම් ඉරුදින සන්ඩේ ලීඩර් පුවත්පත් පෙන්වාදිය හැකි ය. ඒබව හෙළිවූයේ සුදු කොඩි නඩුවේදීය. ඒ පිළිබඳ වැඩි විස්තර ලිවීමට මෙය අවස්ථාව නොවේ. පසු අවස්ථාවක අරමුදල් සැපයූ අදාල පක්‍ෂයේ නපුංශක දේශපාලනය දක්වා පුඵල් විවරණයක් කිරීමට අපේක්ෂා කෙරේ. ලසන්තගේ මූලිකම ලැදිකම මහින්ද වෙනුවෙන් කැප කිරීමේ ප්‍රතිඵලය අවාසනාවන්ත මරණයක් දක්වා දිගුවීම පිළිබඳව පසුවට ලිවීමට අපේක්‍ෂා කෙරේ. බලපුඵවන්කාර දේශපාලනයක් සංවර්ධනය කරන ජනමාධ්‍යය පුරවැසි අවශ්‍යතා වෙනුවෙන් පුහුණුව ලබා දී තිබෙන්නේ නම් රට මෙතරම් අගතියට පත් වන්නේ ද?
පුරවැසි අවශ්‍යතා වෙනුවෙන් ජනමාධ්‍යය මෙහෙයවූයේ නම් අනතුරුදායක ආර්ථික අනතුරකට රට පත්වේ ද?
දේශපාලන හා ව්‍යාපාරික ලැදිකම් අනුව සක්‍රිය දායකත්වයක් ලබාදුන් ඉතිහාසය ………….. ලාංකික සමස්ථය තුළින්ම ප්‍රදර්ශනය වේ.

පාරිභෝගික අභිමතයන්ට එරෙහිව ජනමාධ්‍යය හැසිරුණු වටපිටාව සියඵ දේශීය විදේශීය නිෂ්පාදනවල මූල්‍යය වටිනාකම දෛනිකව ඉහළ යමින් තිබේ. මහජන සම්බන්ධතා මුවාවෙන් හා ප්‍රත්‍ය කිරීම හා සමාජ සේවා මුහුණුවරින් සේවාදායක අභිලාෂයෙන් ඉලක්ක කරගෙන මාධ්‍යය ජාලා සිදුකරන කුප්පහි ක්‍රියාකාරකම් වල නිමිත්ත වෙළඳ අරමුණු වේ. මේවා බේරුම්කරණයට, තේරුම් කිරීමට රාජ්‍යය හෝ ජනමාධ්‍යය මැදිහත්වන්නේ නැත. දැන්වීම්කරුවාගේ සේවාදායකගේ වෙළඳ පණිවුඩය ප්‍රජාවගේ ඉහ මොලවලට කිදා බස්සවන්නේ සූක්‍ෂම ලෙසය. මෙවැනි පරිසරයක් ගොඩනගාගෙන ඇති ජනමාධ්‍යය වපසරයකින් අකලංක අවංක ප්‍රජා සේවයක් අපේක්‍ෂා කල හැකි ද? පාදඩ දේශපාලනයට ගැතිකම් කරන කෛරාටික වෙළඳ ප්‍රජාව මතුකිරීම සඳහා ක්‍රියාකාරී දායකත්වයක් තුළින් ජනමාධ්‍යය හෙළිකර ඇත්තේ කුමක් ද? පාඨකයාට ග්‍රාහකයාට ලාංකික ජනමාධ්‍යයේ භාවිතයෙන් සිය වගකීම් පැහැර හැර ඇතිබව නොවේ ද? මහින්දගේ පටු අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටි ලසන්ත මහින්ද රටේ ජනාධිපතිවරයා දක්වා ගෙනයාමේ පසුබිම සකස්කර ඇත්තේ නිර්මාණශීලීවය. ලසන්තගේ මාධ්‍යය භාවිත වූයේ මුද්‍රිත මාධ්‍යයට පමණක් නොවේ. ශ්‍රව්‍ය දෘෂ්‍යයක් වූ සිරස මාධ්‍යය ජාලාවේ සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් වැඩසටහන් ඉදිරිපත් කළේ විවාදාත්වකමය. ඒ ප්‍රජාවට පෙනුන හැටි ය. ගවේෂණශීලී මාධ්‍යයට පෙනෙන්නේ කුමක් ද? මහින්දගේ හැම සමූහයකම ලසන්ත කොටු වී සිටි බව ය. ලසන්තගේ වාර්තාකරනය ආපසු හැරී බැලීමේ දී මෙහෙයවන පුද්ගලයාගෙන් ස්වාධීන වී නැතිබව ප්‍රදර්ශනය වීම එක් කරුණකි. එම පුද්ගලයාගේ කටින්ම වෙනස් හඬකින් වෙනත් ස්වරූපයකින් ප්‍රකාශවීම නිසා ය. ජනමාධ්‍යකරුවා නොදැනී අදිසි හස්ත වල කොටු වී සිටින බව මහින්දගේ ප්‍රකාශවලින් ප්‍රකාශ වූයේ ලසන්ත සමග මීට වසර ගණනකට පෙර පැවති සබඳතා අත්දැකීම් ය. මහින්ද අනුහස් නායකත්වයක් කරා ගෙන ගිය සමාජ පරිචය හැඩගැන්වූයේ ඔහුගේ ………. නොවේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ දුර්වල තැන් විවරණය කරමින් ලසන්තගේ ජනමාධ්‍යය භාවිතය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ එදා නායකත්වය සඳහා අවකාශය සංවර්ධනය කිරීම ය. ලසන්තගේ නොදැනුවත්කම වහල්කම මහින්දගේ අනුහස් නායකත්වයේ සැබෑ පසුබිම වේ. මධ්‍යස්ථ ජනමාධ්‍යය ලෙස පෙනී සිටින බහුතරයක සමාර්ථය යම් පාර්ශවයකට වහල් ව සේවය කිරීම ය. ඒ බව ප්‍රජාවට පෙනීගිය ද …….. ක්‍රියා කිරීමට අදාල මාධ්‍යය මෙවලම් නැතිකම තවත් ගැටඵවකි. හැඟීම්බර මාධ්‍යය භාවිතය හා හැසිරීම සහ විරෝධතා හඬවල් මතුකරන ඇතැම් ජනමාධ්‍යය සැබෑ විවරන වලදී නිහඬ ය.
සුනිල් ආරියරත්නගේ විරෝධාකල්ප ගීත රචනා හා නන්දා මාලනීගේ ගායනා ශෛලිය මීට හොඳ උදාහරණයකි. මේ පිළිබඳ සැබෑ විචාරයක් සද්භාවයෙන් සිදු කළේ මහාචාර්ය සුචරිත ගම්ලත් පමණි. ඒ පිළිබඳ ව විචාරය පසුවට තබා ගැනේ.
පමණට වඩා ලසන්ත මහින්දට ළංවීම අවාසනාවන්ත මරණයක් කරා ගිය ඉතිහාසයද අමතක කලයුතු නොවේ. සැබෑ මාධ්‍යකරුවාගේ වගකීම අමතක කර දේශපාලඥයන් පසුපස කරායෑම අවාසනාවන්ත මරණය තිව්‍රර කරන ලදී. ඔහුට තොරතුරු ලබාදුන් මහින්ද රාජපක්‍ෂ සමග රහස්‍යය ගණුදෙනු ඹභඡ පාලන කාලයේ දී සිදුවීම එක් අභාග්‍යය තත්ත්වයකි.
මහින්ද ජනාධිපති කාලයේ දී ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ගුවන්යානා මිළදී ගැනීම් පිළිබඳ විවාදාත්මක තොරතුරු ප්‍රජාවට නිරාවරණය වන්නේ පරස්පර විරෝධී ලෙස ය. මහින්ද පුම්බා තැබීම ලසන්තගේ අරමුණ වූවා ද?
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාව සිටියදී ඇතැම් දිනවල ලසන්ත වික්‍රමතුංග මධ්‍යම රාත්‍රී ඉක්මවා යනතුරු අරලියගහ මන්දිරයේ මධුපානය කලබව දන්නේ ඉතාම සීමිත පිරිසකි. නාවල නිවසකරා ලසන්ත ගමන් කිරීමේ දී ජනාධිපති ආරක්‍ෂක නිළධාරීන්ගේ රැකවරණය ලබාදුන්නේ කුමක් නිසා ද? අරලියගහ මන්දිරයේ සිට යනවිට ඔහුට ජීවිත හානියක් සිදුවුවොත් ඉන් වැළැක්වීමට ද?
ජීවිත හානිය නියත වශයෙන් ම සිදුවෙන බව මහින්ද රාජපක්‍ෂ පූර්වදැන සිටි නිසා ද? නැතිනම් රාත්‍රී කාලයේ දී තමන් ව හමු වී යන පුද්ගලයාට සිදුවෙන හානියක් හමුවේ මහින්දට ලැබෙන චෝදනා වලින් නිදහස්වීම ද? මේවා දැනට වැලලී තිබෙන අභිරහස් ය. එම අභිරහස් තාවකාලික වන්නේ ගවේෂණශීලී ජනමාධ්‍යය අනාගත ශ්‍රී ලංකාවේ හැසිරීම හා භාවිතය මතය.
ජනමාධ්‍යවරු වෘත්තීය වශයෙන් නියැලී පාදඩ දේශපාලඥයින්ගේ රහස්‍යය උපදේශකයින් වශයෙන් ක්‍රියාකරන ඇතැම් මාධ්‍යය ඔස්තාර්ලාට ලසන්තගේ අවාසනාවන්ත මරණයෙන් ලබා දී තිබෙන සමාජ පණිවුඩය තවමත් ආත්මගත වී නැත.
ඇතැම් වෘත්තීය මාධ්‍යවේදීන් පාදඩ දේශපාලඥයින්ගේ ප්‍රතිරූපය මතුකරන පිටපත් රචනය කරමින් ලාභ ප්‍රයෝජන හා පිටරට සවාරිවල නිරත වෙමින් ගෙවන දූෂිත මාධ්‍යය දුරාචරවලින් ඒ බව සනාථ කරති.
සිය සේවය කරන පුවත්පත් අලෙවිය අඩු වූ විට සාමාන්‍යය ජනතාවගේ සාමාන්‍යය බුද්ධියට නිගා දෙන සුඵ විරෝධාකල්ප ප්‍රවෘත්ති විශේෂාංග පලකරන පුවත්පත් වලින් කර්තෘවරයාගේ හා කර්තෘ මණ්ඩලයේ නිරුවත නිහඩව ප්‍රකාශ වෙන අවස්ථා වේ. ඇතැම් ප්‍රදේශවල අලෙවියන් නැති නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල අළෙවිය සීඝ්‍රයෙන් පහත බැස ඇති පුවත්පත් වල අයිතිකරුවන් පාදඩ දේශපාලනයට ඇති කීකරු බව සනාථ කරවන තවත් කරුණක් ද තිබේ. පාදඩ දේශපාලනය හා අයිතිකරුවන් අතර ඇති පවුල් හවුල් කාරීත්වයයි. පුවත්පත් මහජනතාව අතර සන්නිවේදනය නැතිවුව ද රජයේ වෙළඳ දැන්වීම් වලින් පිරී තිබීම ඉන් එක් කරුණකි. හවුල් කාරීත්වය ඇති අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් රජයේ ආයතන වල විධායක ශ්‍රේණියේ හා වගකිය යුතු තනතුරු දැරීම නිසා අදාල ආයතන වලින් වෙළඳ දැන්වීම් ලැබීම එක් පැත්තකි. රජය නියෝජනය කරන බව ප්‍රදර්ශනය කරමින් සිය ලැදියාවන් අනුව රාජ්‍යය හා පෞද්ගලික අංශයේ වෙළඳ දැන්වීම් ලබාගැනීම සඳහා අදාල ශ්‍රව්‍ය ද්‍රව්‍යය මාධ්‍ය හිමිකරුවන් සිය ප්‍රතිරූපය ප්‍රයෝජනයට ගන්නා අවස්ථා වේ. මෙය කදිමට ක්‍රියාත්මක කරන්නේ රනිල් වික්‍රමසිංහ ගේ සොහොයුරු වේදියාත් ………….. හිමිකරු ශාන් වික්‍රමසිංහය. වෙළඳ දැන්වීම් රාජ්‍යය අංශයෙන් අයුතු ලෙස ලබා ගැනීමද වංචාවකි. විරෝධාකල්ප හා මානව අයිතිය සාක්ෂාත් කිරීමට යම් ප්‍රමාණයක උත්සා හදරන විකල්ප පුවත්පත් හා ඊට අදාල සෙසු ශ්‍රව්‍ය ද්‍රෂ්‍යය මාධ්‍යය සමාජයෙන් ඉවත් කිරීමට ක්‍රියා කිරීම පාදඩ ආණ්ඩුවල සම්ප්‍රදායයි. පුවත්පත මිලදී ගන්නා පාඨක ප්‍රමාණය අවම වීම ශ්‍රව්‍ය ද්‍රෂ්‍යය මාධ්‍යය ග්‍රාහක පිරිස සීමිතවන විට ඇතැම් විකල්ප අදහස්, ප්‍රවෘත්ති සීමිත ප්‍රමාණයක් විපක්‍ෂ දේශපාලනයට අදාලව ගොනු කිරීම ද සිදුවෙන අවස්ථා වේ. සිය මාධ්‍යය ආයතනයේ ජනප්‍රියතාවය රැක ගැනීමේ අරමුණින් තාවකාලිකව හැසිරෙන එම භාවිතය ද සාමාන්‍යය ජනතාවගේ සාමාන්‍යය බුද්ධියට නිගා දීමකි. මෙවැනි අවස්ථා පිළිබඳ ස්වයං විවේචනයක් සිදුකල ලාංකික ජනමාධ්‍යයක් නැත. පාඨක ශ්‍රාවක අදහස් උදහස් නියෝජනය කරන බව පෙන්වන සුඵ ඇතැම් ක්‍රියාකාරකම් බොහෝවිට අදාල ප්‍රශ්න මුල්කරගෙන නොවේ. අර්ථවත් සිද්ධි අරඹයා ප්‍රජාව පොළඹවන සුඵ විවිධ විෂය ක්ෂේත්‍ර අරභයා විවරණය කරන ලිපි ලේඛනවලින් සාකච්ඡා වලින් මේ සඳහා සමාජ සංවාද මණ්ඩප මතුකර ගත හැකි ය. පුඵල් නියෝජිත පරාසයක පාඨක ශ්‍රාවක ග්‍රාහක අදහස් උදහස් නිරන්තර සංවාදය කරන කේන්ද්‍රීය ප්‍රශ්න ඉලක්ක කරගෙන දියත්වන ජනමාධ්‍යය සංස්කෘතියක් නැත්තේ පාදඩ දේශපාලන, ආගමික, සමාජයීය සංවර්ධනය කරන ආත්මාර්ථකාමී රටාව නිසා ය.
මෙවැනි ගැටඵ අරභයා විධිමත් යාන්ත්‍රණයක් ප්‍රතිපත්තිමය වශයෙන් තවමත් ගොඩනැගී නැත. සිදුවීම් වලට අදාල තොරතුරු වලට ස්ථාවර සමාජ වටිනාකමක් නියෝජනය නොවූවත් බාල දේශපාලනය තුළින් අනුහස් නායකත්වය මතු වේ. මෙවැනි අනුහස් නායකත්වය සංවර්ධනය වූ ඉතිහාස වාර්තා තිබේ. එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට ප්‍රමුඛ වැඩ කොටසක් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පියා වන බණ්ඩාරනායක ය. සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේග සවන් පාඨය එදා පනහේ දශකයේ බණ්ඩාරනායක අනුහස් නායකත්වයක් කරා ගෙන ගොස් තිබේ. ඒ පිළිබඳ සාකච්ඡාවට බදුන් කිරීම පසුවට තැබේ. අනුහස් නායකත්වය සංවර්ධනය වන්නේ කාලීන ගැටඵව අරභයා කෙටි මාර්ගවලින් ප්‍රජාව සිතන නිසා ය. මූලික ගැටඵ නිවැරදිව තේරුම් ගැනීමට ප්‍රජාවට ඇති අසමත්භාවය නිසාය. කාලානූරූප ගැඹුරු දැනුවත් නිර්වචනය කරගැනීමට නොහැකියාව ඊට අවශ්‍යය නිවැරදි මාර්ග නැතිකම තවත් හේතුවකි. අතිශෝක්තියෙන් කලාව යාබදකර විචක්ෂණයකින් තොරව දිගින් දිගටම ඔහු හෝ ඇය පිළිබඳ ප්‍රතිරූපය නංවන සුඵ සිදුවීම් …….. පොතක මෙන් වක්‍රව ආත්මගත කිරීම ය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න