ලංකාවේ පාර්ලිමේන්තු කාරක සභා නමට පමණයි යන්න තවදුරටත් පැහැදිලි වන සත්‍යයක් නම් අස්වැසුම එහෙම නැත්නම් සමෘද්ධි ලාභීන්ගේ අදාළ ක්‍රියාමාර්ග පිළිබඳව මේ මොහොතේ රටේ සංවාදයට යොමු වෙලා තිබෙන කරුණු යමක් විමසා බලමු.
ලංකාවේ දිළින්දන් නැති කරන්න තමයි සමෘද්ධිය ආරම්භ වුණේ.
නමුත් දිළින්දන්ට වඩා නිලධාරින් යැපීම සඳහා කෝටි 1800ක් මේ වන විට රජය වැයකර තිබෙන බෙනවා. සමෘද්ධිය බිහි කරේ යම් දුරකට දුප්පත්කම නැති කරන්න.
නමුත් රැකියා ලබාදීල සමෘද්ධි ව්‍යාපාරය රැකියා ලබාදෙන මාවතක් බවට පත් වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය කාලයේ ඉඳන්.
දිළිඳු භාවයේ කිසිම අඩුවක් මේ දක්වා යම්කිසි පරිවර්තනයක් වෙලා නැති බව රජයේ ගිනුම් පිළිබඳ කාරක සභාවේදී එහෙම නැත්නම් කෝපා රැස්වීමකදී අනාවරණය වුණා.
සමෘද්ධිය සඳහා දෙන මුදල් පලදායි ලෙස යෙදවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව කෝපා කමිටුවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා පහුගිය නමවෙනිදා පැවති කෝපා කමිටුවේදී ප්‍රකාශ කළා.
මෙතෙක් හිටපු කෝපා කමිටුවලදී ඔය ක්‍රියාකාරකම් කියවීම තමයි සිද්ධ වුණේ.
දිගින් දිගටම රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාවය බොහෝ දුරටත් ප්‍රදර්ශනය වුණ අවස්ථා කෝපා කමිටුවලදී සිදුවුණා.
ජනතාවගේ දිළිඳුකම නැති කිරිම සඳහා පසුගිය වසරේදී පමණක් කෝටි 14,900ක් වැය කරල තියෙනවා.
ඒ බව හෙළි වූයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් තමයි කෝපා කමිටුවේදී ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකා සමෘද්ධි සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරින් පිරිසකට විශ්‍රාම වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් ද රජයේ ගිනුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී කෝපා කමිටුවේදී අප්‍රසාදය පළ වුණා.
නිලධාරින්ට විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අධිකරණය දුන් තීරණය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ද කෝපා කමිටුවේදී ප්‍රශ්න කෙරෙැණා.
හුදෙක් මේ ප්‍රශ්න කිරීම් රජයේ ආයතන ගෙන්වා කෝපා කමිටුවලදී වෙනත් කාරක සභාවලදී අනන්තවත් අප්‍රමාණවත් සිද්ධ වෙනවා.
අවසානයේ කිසිම ඵලදායි දෙයක් කෝපා කමිටුවෙන් සිද්ධ වෙන්නේ නැහැ.
ඊට අදාළ නෛතික සංයුතියක් සකස් වී නොතිබීම තමයි මෙයට කනගාටුවට කරුණ.
අස්වැසුම වැඩසටහන හා සමෘද්ධි වැඩසටහන ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවයක් කෝපා කමිටුවේදී අදාළ මන්ත්‍රීවරු පෙන්වා දුන්නා.
කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ කටයුතු හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කෝපා කමිටුවට කැඳවා තිබුණා.
ලබාදුන් නියෝගවල වර්තමාන තත්ත්වය සාකච්ඡා කිරීමට රජයේ ගිනුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියව්නන මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය නමවෙනිදා ඒ කියන්නේ අගෝස්තු නමවෙනිදා රැස්වුණා.
එම තොරතුරු අනාවරණය වූයේ ඒ රැස්වීමේදී.
එසේම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පරිපාලන ගැටලු‍ නිරීක්ෂණය වන බවත් මන්ත්‍රීවරු පෙන්වා දුන්නා.
ඒ නිරීක්ෂණවලට ගන්නා වූ පියවර කවරේද යන්න තවමත් ගැටලු‍ සහගතයි.
සමෘද්ධි බැංකුවල කාර්ය භාරය සහ අස්වැසුම සහනාධාරය සමෘද්ධි බැංකු හරහා දීමේ හැකියාව සාකච්ඡා කෙරුණ මෙහිදී.
මේ කාරක සභාවට රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු ඇමතිවරුන් ගණනාවක්ම සහභාගි වුණා.
කොහොම හරිම මේ කමිටුවලින් එහෙම නැත්නම් කාරක සභාවලින් ඵලදායි දෙයක් රටේ ප්‍රජාවට සිදුවෙන්නේ නැති බව පැහැදිලි කරුණක්.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතානායකවරයාට දැන් දින කීපයකට පෙර පැමිණිල්ලකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පවතින ගැටලු‍ පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා.
පාර්ලිමේන්තුවේ මෙවැනි කාරක සභා 73ක් ක්‍රියාත්මක වෙනවා.
එම කාරක සභා පැවැත්වීම සඳහා කමිටු කාමර පාර්ලිමේන්තුවේ නමයක් වෙන් කරල තියෙනවා.
පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දිනයන්හිදී පමණක් කාරක සභා රැස්වෙනවා.
නිලධාරි හිගයක් රැස්වීම කරගෙන යෑමට බාධාවක් වී තිබෙනවා.
ඒ නිසා පාර්ලිමේන්තු රැස්වීම් නොමැති සති දෙක තුළදී කාරක සභා රැස්වීම් සුදුසු බව ජනාධිපතිවරයා යෝජනා කර තිබුණා.
බොහෝ වෙලාවට පාර්ලිමේන්තුවේ ඝනපූර්ණය නැති වූ අවස්ථා අප්‍රමාණව තිබුණා.
උපදේශක කාරක සභා අමාත්‍යංශවල පැවැත්වීමට මෙහිදී යෝජනා කෙරුණා.
මන්ත්‍රීවරු ඊට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ.
ඊට හේතුව අදාළ අමාත්‍යවරු අදාළ අමාත්‍යංශවල අධිකාරි බලයක් පවත්වාගෙන යාම නිසා වෙන්න පුළුවන්.
මේ නිසා පාර්ලිමේන්තු රැස්වීම් නොමැති සති දෙක තුළ දී කාරක සභා රැස්වීම් සුදුසු බවට ජනාධිපතිවරයා කරපු යෝජනාව විදිමත්ව තවමත් ක්‍රියාත්මක වෙලා නැහැ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව කෝපා කමිටුව හා රාජ්‍ය ගිණුම්කාරක සභාව, මුදල් කාරක සභාව මෙන්ම අලු‍තින් පිහිටුවන ලද අංශික අධික්ෂණ සභා 17 මගින් ද රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා හා ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර අවශ්‍ය අවස්ථාවලදී යම් යම් නිර්දේශ ඉදිරිපත් කෙරෙන අවස්ථා තිබෙනවා.
එම නිර්දේශ ඉදිරිපත් කරනු ලබන්නේ අදාළ අංශවල ක්‍රියාකාරිත්වය විධිමත් කිරීමේ අරමුණින් වෙන්න පුළුවන්.
නමුත් විධිමත් වෙන බවක් පැහැදිලිව නොපෙනීම කණගාටුවට කරුණක්.
නමුත් නම වන පාර්ලිමේන්තුවේ තෙවන සභා වාරයේ පැවැති මේ කාරක සභා කළ නිර්දේශ කිසිවක් රාජ්‍ය අයාතනවලින් ක්‍රියාත්මක කර නැහැ.
සිවුවන සභාවාරයේදී අලු‍තින් පත් කරන ලද කාරක සභා මගින් කරන ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය වෙලා තියෙනවා.
එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් යළිත් වාර්තා කැඳවීම තමයි දිගින් දිගටම සිදුවෙන්නෙ.
වෙනත් නීතිමය බලයක් මේ කාරක සභාවට නොමැති වීම මීට ප්‍රධාන සාධකයක්.
මේ තත්ත්වය හේතු වන බව වැඩිදුරටත් බොහෝ විට අදාළ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ වෙනවා.
බොහෝ විට තෙවන සභාවාරයේ පැවති කාරක සභා මගින් කළ ප්‍රශ්න කිරීමේදී පිළිතුරු දුන් නිලධාරියාම ඊළග කාරක සභාව විසින් නගන ප්‍රශ්න කිරීම්වලදී පිළිතුරු දීමට පැමිණෙනවා.
එම නිලධාරියා ලබාදෙන්නේ ඊට පෙර ලබාදුන් පිළිතුරු බව තවදුරටත් පේන ලක්ෂණයක්.
මේ කාරක සභාවල සාමාජිකයන් වශයෙන් කටයුතු කරන මැති ඇමැතිවරු සියලු‍ තොරතුරු සමග එම අවස්ථාවට පැමිණි නිලධාරින්ගෙන් විමසන ප්‍රශ්නවලට ඇතැම් විට කිසිදු පිළිතුරක් ලැබෙන්නේ නැහැ.
නමුත් ඉන් එහා ගත හැකි පියවරක් ද නැහැ.
මේ නිසා රාජ්‍ය නිලධාරින් කාරක සභා හෑල්ලු‍වට ගෙන තිබෙන තත්ත්වයක් දකින්නට පුළුවන්.
අවම වශයෙන් ප්‍රධාන සභාවන් හෝ නීතිමය බලතල ලැබෙන ආකාරයන් ඇති විය යුතුයි.
කාරක සභා සාමාජිකයින්ගේ වැඩි අදහසත් එයයි.
මෙම කාරක සභා සහ කැබිනට් රැස්වීම් පැවැත්වීමට වෙනම ගොඩනැගිල්ලක් පාර්ලිමේන්තුව අසල ඉඩමක ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මේ අතර යෝජනා කර තිබුණා.
නමුත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී එම ඉඩමේ සඳුන් පැළ රෝපණය කරන්න ගත්තා. මේකයි තත්ත්වය.
මෙය දිගින් දිගටම කාරක සභාවලින් වැඩක් නැත්තන් මේ සඳහා අදාළ වැය කිරීම් තවදුරටත් මහජන මුදල් වැය කළ යුතු ද යන ප්‍රශ්නය ජනතාව බුද්ධිමතුන් ප්‍රශ්න කළ යුතු කරුණක්.
නමුත් එය මනාව ඒ සම්බන්ධව ක්‍රියාත්මක කිරීම තමයි ගැටලු‍ සහගත තත්ත්වය.
කොහොම වෙතත් මේ ගැන දිගින් දිගටම තොරතුරු විමසීමේදී මේ පාර්ලිමේන්තු කාරක සභාවල අන්තර්ගතකය පිළිබඳව තවදුරටත් යමක් පැවසීම මහජනතාවගේ ප්‍රඥාව අවදිවීම සඳහා වැදගත්.
තේරීම් කාරක සභා ලෙස බොහෝ විට හඳුන්වා දෙනු ලබන විශේෂ කාරක සභා පාර්ලිමේන්තුව විසින් පත් කරන්නේ යම් විශේෂිත කරුණක් සම්බන්ධයෙන් ඉතා පුළුල් ලෙස කරුණු සලකා බලා තම නිර්දේශයන් නියමිත කාලයක් තුළ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහායි.
මෙවැනි වාර්තා සකස් කිරීමේ සම්ප්‍රදායික රටාවක් රට තුළ ගොනු වී තිබීමත් අවාසනාවන්ත තත්ත්වයක්.
විශේෂ කාරක සභාවක විෂය සීමාව එම කාරක සභාව පත් කරන අවස්ථාවේදී සාමාන්‍යයෙන් නියම කෙරෙනවා.
පාර්ලිමේන්තුවේ අනුමැතිය මත පසුව එය වඩාත් පුළුල් ලෙස හෝ සීමා කරන්න පුළුවන්.
වාර්තා කිරීම සඳහා ලබාදෙන කාල සීමාව දීර්ඝ කිරීමේ බලය ඇත්තෙත් පාර්ලිමේන්තුවටයි.
කොහොම හරිම බොහෝ වෙලාවට හුදු අලියකුගේ භුමිකාව මේ කාරක සභා හදනවයි කියන එක රටටම පෙනෙන දෙයක්.
විශේෂ කාරක සභාවක් සඳහා පත් කළ හැකි යැයි පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල දැක්වෙන සාමාජික සංඛ්‍යාවට වැඩි සාමාජික සංඛ්‍යාවක් නම් කිරීමේ බලය ද පාර්ලිමේන්තුවට තියෙනවා.
1992 පත් කරන ලද දේශයේ සාමය හා දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමේ ක්‍රම සඳහා විධි නිර්දේශ කිරීම සඳහා ඇති විශේෂ කාරක සභාව සහ 1995 දී පත් කරන ලද ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරිම සඳහා වූ කාරක සභාව මීට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්.
විශේෂ කාරක සභා සඳහා සාමාජිකයින් පත් කරනු ලබන්නේ කතානායකතුමා.
පාර්ලිමේන්තුව කල්තබා ඇති අවස්ථාවකදී මේ කාරක සභාවලට තමන්ගේ පරීක්ෂණ කටයුතු නොකඩවා කරගෙන යාමට පුළුවන්.
පාර්ලිමේන්තුවේ සැසිවාරයක් අවසන් කර ඇති අවස්ථාවකදී නම් සැසිවාරයේ කටයුතු ආරම්භ කළ පසුව තම කටයුතු දිගටම කරගන යන්නත් පුළුවන්.
නමුත් විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා ස්ථාවර කාරක සභා සහ සභා සහ උපදේශක කාරක සභා සඳහා සෑම සැසිවාරයක් ආරම්භයේදීම අලු‍තින් සාමාජිකයින් නම් කළ යුතු වෙනවා.
මෙය කපටි විදියට මේ රටේ ජනාධිපතිවරු අවස්ථා කිහිපයකදීම උපායශීලී ලෙස වංචනික ලෙස යොදා ගත් අවස්ථා තියෙනවා.
විශේෂ කාරක සභාවල කටයුතු නොකඩවා පවත්වාගෙන යෑමේ වැදගත්කම සහ අවශ්‍යතාවය පිළිබඳව දක්වන අවධානය මෙයින් මනාව පැහැදිලි වෙනවා.
පාර්ලිමේන්තුවට සිය වාර්තාව ඉදිරිපත් කරන තෙක් හෝ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් එය විසුරුවා හරින තෙක් විශේෂා කාරක සභාවක් ක්‍රියාත්මක විය යුතුය යන්න පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල දක්වල තියෙනවා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අනෙක් සියලු‍ම කාරක සභා මෙන්ම විශේෂ කාරක සභාවත් අහෝසි වන සුළුයි.
තම කටයුතු සංවිධානය කළ යුත්තේ කවර ආකාරයකින් ද යන්න පිළිබඳව තීරණය කිරීමේ පූර්ණ අයිතිය හා බලය විශේෂ කාරක සභාව වෙත පැවරෙනවා.
කාරක සභාව ඉදිරියේ පෙනීසිටින ලෙස යම් තැනැත්කුට කැඳවීමට ද පුළුවන.
යම් ලේඛනයක් හෝ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් යම් තැනැත්තෙකුට නියම කිරීමටත් පුළුවන්.
නියමිත කටයුතු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය යැයි කාරක සභාව කල්පනා කරන ලිඛිත හා වාචික හා ශාක්ෂි ලබාගැනීමට කාරක සභාවට පුළුවන්.
ඊට අදාළ බලය පාර්ලිමේන්තුව සතුයි.
කාරක සභාවේ නියමයන්ට අවනත නොවන හෝ ඒවා කඩ කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කිරීමට කාරක සභාවට බලය තියෙනවා.
නමුත් දූෂිත ක්‍රියාවන් හා වංචනික රාජ්‍ය මුදල් ගසාකෑම්වල හෙළිදරව්වලදී ක්‍රියා කිරීමේ හැකියාව අවම තත්ත්වයක තියෙන්නේ.
එයට හේතුව බොහෝ වෙලාවට නිලධාරින් සිදු කරන්නේ ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමතිවරුන්ගේ හෝ රාජ්‍ය ඇමතිවරුන්ගේ හෝ වෙනත් අමාත්‍යංශ ප්‍රධානියකුගේ ඉල්ලීම් නිසා මේ වැරද්දේ නියමුවා වන්නේ බොහෝ වෙලාවට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ මන්ත්‍රීවරුන් හෝ ඇමතිවරුන් විය හැකියි.
මේ නිසාම මේ අදාළ නිලධාරින්ට දඬුවම් කිරීමේ නෛතිකත්වය සගවාගෙන හැසිරෙන සමාජ පසුබිමක් පාර්ලිමේන්තුව තුළින් ප්‍රදර්ශනය වෙනවා.
පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම් සම්බන්ධයෙන්ද එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය ද නමුත් කොහොම වෙතත් පාර්ලිමේන්තුවේ තියෙනවා.
උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදාහැරීම පිළිබඳව ගැටලු‍ විශ්වවිද්‍යාලවල ඇති අර්බුදකාරී තත්ත්වයන්, දැනට පවත්වාගෙන යන ඡන්ද ක්‍රමය නිසා පැන නැගෙන ඇතැම් ගැටලු‍ වැනි ජාතික ප්‍රශ්න සම්බ්නධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා අතීතයේදී මෙවැනි විශේෂ කාරක සභා පත්කර තිබෙනවා.
එම කාරක සභා විසින් එම ගැටලු‍ව පිළිබඳව ඉතා දීර්ඝ කාලයක් දැඩි වෙහෙසක් දරා තම සාමාජිකයින් වැඩි දෙනකුගේ කැමැත්ත ඇතිව අදාළ ගැටලු‍වලට විසඳුම් ලෙස නිර්දේශයන් ද ඇතුළත් කර වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන්.
එම වාර්තා අධ්‍යයනය කිරීමෙන් මෙම වාර්තා කෙතරම් පුළුල් ලෙස අදාළ ගැටලු‍ අධ්‍යයනය කොට විමර්ශනයට ලක් කර තිබේද යන්න වටහාගන්න පුළුවන්.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 94 යටතේ යම් නිශ්චිත කරුණක් සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සඳහා පත් කරනු ලබන විශේෂ කාරක සභා හැර ස්ථාවර නියෝග 78(අ) හා 78(ආ) යටතේ පත් කළ හැකි විශේෂ කාරක සභා ද ඉතාම වැදගත් වෙනවා.
මෙයින් 78(අ) ස්ථාවර නියෝගය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාව ප්‍රකාරව විනිශ්චයකාරවරයකු එහෙම නැත්නම් අග්‍රවිනිශ්චයකාරවරයා, අභියානාධිකරණයේ සභාපතිවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චයකාරයෙක්ම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලබන චෝදනාවක් සඳහා යෝජනා සම්මතය පිළිබඳ දැන්වීම කතානායකවරයාට දැනුම් දුන්නම කතානායකවරයා එම යෝජනා සම්මතයට අදාළ විනිශ්චයකාරවරයාට එරෙහිව ඒ සඳහා අවශ්‍ය විෂමතාවය හෝ අබලතාවය පිළිබඳ චෝදනා විභාග කොට පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් හත් දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කෙරෙනවා.
එවැනි අවස්ථාවක් තමයි ශිරානි බණ්ඩාරනායක පිළිබඳ සිද්ධිය.
මේ පිළිබඳව අදාළ කාරක සභාවේ නඩු වාර්තාව මේ වන විට දිගින් දිගටම අපි පල කරලා තියෙනවා අපේ වෙබ් සයිඩ් එක මගින්.
78(අ) ස්ථාවර නියෝගයෙන් දැක්වෙන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා, මැතිවරණ කොමසාරිස්වරයා, විගණකාධිපතිවරයා හෝ පරිපාලන කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා එහෙම නැත්නම් ඔම්බුස්මන්වරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වූ යෝජනා සම්මතයක් අවස්ථාවකදී කරුණු විමසා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා මෙවැනිම විශේෂ කාරක සභාවක් පත් කරන්න අවශ්‍ය වෙනවා.
මෙම විශේෂ කාරක සභාවලට ද 94 ස්ථාවර නියෝගය යටතේ පත් කරන ලද විශේෂ කාරක සභාවලට ලැබෙන බලතල හා සමාන බලතල අයත් වෙනවා.
කාරක සභා ක්‍රමය පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නිශ්චිත මෙන්ම ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන අතර ඇතැම් රටවල විධායකය හෝ ව්‍යවස්ථාදායකය අතර බලතුලනය සඳහාද විශේෂ මෙහෙයක් ඉටු කරන බව ද ඇතැම් විට ඔබට පෙන්වා ඇති.
පාර්ලිමේන්තුව විසින් විස්තරාත්මක ලෙස සලකා බැලීමට කාරක සභා විසින් ඉටුවන මෙහෙය අති විශාලයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියන්න පුළුවන්.
නමුත් පොදුවේ එම සේවය ජනතාවට පැහැදිලිව කාන්දු වෙන ලක්ෂණ මෙතෙක් ප්‍රදර්ශනය වෙලා නැහැ.
පාර්ලිමේන්තුවේ කාලය ඉතිරි කර ගන්න පුළුවන් හොඳ අවස්ථාවකුත් වෙනවා මේ කාරක සභා ක්‍රමය.
විවිධ ප්‍රශ්න වඩාත් විස්තරාත්මක ලෙස හා සම්පුර්ණ ලෙස සලකා බලන්නට මේ කාරක සභාවට පුළුවන්.
වර්තමානයේ පාර්ලිමේන්තුවට පැවරෙන විවිධ මෙන්ම විශාල කාර්යභාරයන් ගැන සලකන විට කාරක සභා ක්‍රමය වඩාත් කාර්යක්ෂම ලෙස යොදාගැනීම අපට වඩාත් පලදායි.
නමුත් ඒ පලදායි භාවය නෛතිකව ඊට බලයක් නැති බව ගැටලු‍ සහගතකයි.
පාර්ලිමේන්තුවේ සියලු‍ම පක්ෂයන් නියෝජනය වන ලෙස කාරක සභා පත්කිරීම සාමාන්‍ය පිළිවෙතයි.
ඒවායේ කටයුතු පාර්ලිමේන්තු රැස්වීම්වලට වඩා සුහදව හා නිදහස් ලෙස පවත්වාගෙන යාමට අවස්ථාව තියෙනවා.
තමාට පැවරෙන කාර්ය භාරය පූර්ණ ලෙස සහ සාධාරණ ලෙස සලකා බැලීමේ අවස්ථාව කාරක සභා සාමාජිකයින් සතුයි.
නමුත් බොහෝ වෙලාවට විපක්ෂයේ මන්ත්‍රීවරු සහ පාලක පක්ෂයේ මන්ත්‍රීවරු අතර මේ කාරක සභාවලදී තම දේශපාලන ලැදියාවන් අනුව ඔවුන්ගේ කතාබහ ගොනුවීම නිසා ප්‍රචණ්ඩකාරී ස්වරූපයලට යන අවස්ථාත් තියෙනවා.
මේ නිසා මේ තත්ත්වය තේරුම්ගෙන විවාදාත්මක බුද්ධිමය සාකච්ඡා මණ්ඩපයක් බවට මේ කාරක සභා පත්වෙන්න ඕන.
ඒ වගේම පුළුල් ලෙස අධ්‍යයනය කිරීමෙන් රාජ්‍ය මුදල් භෞතික සම්පත් අවභාවිතා වී තිබෙන අවස්ථාවකදී ඍජුව ඊට නෛතික පියවරගැනීමේ අවකාශයක් මේ කාරක සභා සතු වෙන්න අවශ්‍යයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අනවශ්‍ය වාද විවාද ගැටීම්වලින් තොරව පොදු එකගත්වයකින් මේ කාරක සභා ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය නෛතික ප්‍රඥාව හා නෛතික ලියවිල්ල පාර්ලිමේන්තුව සභා සම්මත කළ යුතු දවසකට අපි දැන් එළැඹිලා තියෙන්නෙ.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න