ලංකාවේ ජනවාර්ගික අර්බුදය ඉලක්ක කර ගනිමින් බොහෝ විට දේශපාලන පක්ෂ හා පාලකයින් සමාජය නොමඟ යැවූ සංස්කෘතියක් අපට තියෙන්නේ.
ඒ සංස්කෘතිය තවදුරටත් දිගු කරමින් රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුව නැවතත් අගෝස්තු 15 දින කැඳවීමට නියමිත බව වාර්තා වුණා.
සර්වපාක්ෂික සමුළුව කැඳවන්න පෙර ලංකාවේ ඇත්තටම රාජ්‍ය ව්‍යවසාය මනාව ජනාධිපතිවරයා හසුරවනවාද ගැටලුව මතුව තිබෙනවා.
ලංකාවේ ඉදිරි වසර ඇතුළත නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසියම් තමන්ට ලැදියා ප්‍රවර්ධනයක් වර්ධනය කරන්න ක්‍රියා කරනවාද කියල මතු වන්නේ පසුගිය පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ඔහුගේ අදහස් උදහස් නිසා.
මම එක ඡන්දයයි, මම තනි මනුස්සයා, පාර්ලිමේන්තුව තමයි සියල්ල අනුමත කරන්න ඕන කියල මේ කාරණයේදී ජනාධිපතිවරයා පළමු සර්ව පාක්ෂික සමුළුවේදී දැක්වූ අදහස් අනුව බොහොම උපායශීලී ලේස සිය ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ද්‍රවිඩ ජනතාවගේ ඡන්දය මංකොල්ලකෑම සඳහා ගන්නා උත්සාහයක් ද කියන ගැටලුව මෙහිදී පැන නගිනවා.
මම පත් කළ ජනාධිපතිවරයෙක් ඒ නිසා මට මේ කාර්ය කරන්න අවකාශය දෙන්නේ නැහැ.
දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තුව ඒ නිසා මට මේ සඳහා විධිමත් කාර්යභාරයක් කරන්න නම් ඉදිරි ජනාධිපතිවරණයේදි ඔබේ ඡන්දය පාවිච්චි කරන්න යැයි නොකියා කියන කාන්දු කිරීමක් ද කියන මතය මානසිකත්වය මේ වන විට බුද්ධිමත් ජනතාව අතර වර්ධනය වෙලා තියෙන්නෙ.
ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධව මූලික වශයෙන් ක්‍රියාත්මක විය යුතු අවස්ථාවක ජනාධිපතිවරයා ජනවාර්ගික අර්බුදයට විසඳුමක් සැපයීමේ මුවාවෙන් කිසියම් දේශපාලන කෙළිමඬලක් සඳහා මැදිහත් වනවාද කියන ගැටලුවත් මතු වෙනවා.
රජයක ප්‍රධාන මූලික එහෙම නැත්නම් ඉලක්කය විය යුත්තේ ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය මනාව වර්ගීකරණය කරගෙන එය කළමනාකරණය කිරීමයි.
එහිදී රාජ්‍ය ව්‍යවසායී ක්‍රියාකාරිත්වය විග්‍රහ කිරීම හා න්‍යායත්මක හා ප්‍රායෝගික සංකල්ප ඉදිරිපත් කිරීමේ ප්‍රධාන වගකීම තියෙන්නේ විධායකයට ජනාධිපතිවරයාට.
ඔහුගේ තුන්වන ඇසකින් ඒ පිළිබඳව දක්වන අදහස් පාර්ලිමේන්තුව තුළ හා පාර්ලිමේන්තුව තුළ පුළුල්ව සාකච්ඡාවට බඳුන් කරලා ඒ සඳහා ඍජු මැදිහත්වීම ඉලක්කය අවශ්‍ය කාලයක ජනාධිපතිවරයා ජනවාර්ගික අර්බුදය විසඳුමක් සොයන්න සර්ව පාක්ෂික සමුළුව කැඳවීම ඉතාම ගැටලු සහගත තත්ත්වයට මේ වන විට රට තල්ලු වෙලා තියෙනවා.
විධායකය එහෙම නැත්නම් ජනාධිපතිවරයා ඉදිරි වසර 5 දී ඔහුගේ රට ගොඩනංවන සංඝායනාව පිළිබඳව සිය ජාතිය අමතමින් ප්‍රකාශයක් නිකුත් කළා ඒ 2023 ජූනි 01 වැනිදා.
ඉදිරි 5 වසරේදී රටේ ඉදිරි සංවර්ධනය පූර්ණ ලෙස ස්ථාවර කරන අතර ඊළඟ වසර 25 දී ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත් කරන බව ඔහු දැන් මීට මාස දෙකකට පෙර ප්‍රකාශ කළේ.
මේ අගෝස්තු මාසය.
ඉදිරි රටේ ගමන සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා ආර්ථිකය හා සමාජයේ පරිපූර්ණ පරිවර්ථනයක් කළ යුතු බව ජූනි 01 ජාතිය අමතමින් කියපු ජනාධිපතිවරයා ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රතිසංවිධාන හා නවීකරණය පිළිබඳ සඳහන් කළ කරුණු අමතක කරමින් ජනවාර්ගික අර්බුදය සඳහා විසඳුම් සොයන්න මැදිහත් වෙලා තියෙනවා.
ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා මෙතෙක් කරපු වැරදි ප්‍රතිපත්ති දුර්වල වැඩසටහන්, අසාර්ථක ව්‍යාපෘති ක්‍රමවත් මාවතකට ගන්නවා කියපු රනිල් වික්‍රමසිංහ මේ වන විට ඇත්තටම මේ වන විට ඔහුගේ හැසිරීම හා භාවිතය ඉතාම ගැටලු සහගත තත්ත්වයකට ගිහිල්ල තියෙනවා.
මෙහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ හැසිරීම භාවිතය පිළිබඳව ජනවාර්ගික අර්බුදය හා එල්.ටී.ටී.ඊ. සම්බන්ධව යමක් සඳහන් කළ යුතුයි.
2001 පෙබරවාරි 19 වැනිදා සටන් විරාම ගිවිසුමක් ඔහු අගමැතිවරයා වශයෙන් සිටියදී එල්.ටී.ටී.ඊ. ය සමඟ අත්සන් කළා.
මේකට ජාතික ආරක්ෂාවට එල්ල කළ තර්ජනයක් බව පෙන්වා දුන්නේ එදා හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක.
ඒ පිළිබඳව ඇය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට ලිපියක් යවා තිබෙනවා.
ඒ ලිපියට පිළිතුරක් එදා ලබාදීමටත් රනිල් වික්‍රමසිංහ අසමත් වුණා.
එතකොට මේ සර්වපාක්ෂික සමුළුවලට වර්තමානය වෙන්නේ මොකක්ද?
වර්තමානයේ අපට ඉගෙන ගන්න පුලුවන් වන්නේ ඔහුගේ හෝ ඇයගේ ඉතිහාසයේ හැසිරීම මතයි.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් 2004 වන විට පිහිටුවලා තිබුණා.
වසර එකහමාරකට ආසන්න කාලයක් මුළුල්ලේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ පැවැත්වූ සාකච්ඡා බිඳ වැටුණා 2003 අප්‍රේල් මසයේ පමණ.
එම බිඳ වැටීමට හේතු වුණේ අන්තර්වාර පාලනයක් ලබාදෙන තුරු තමන් සාකච්ඡාවට නොඑන බව ප්‍රකාශ කරමින් එල්.ටී.ටී.ඊ.ය සාකච්ඡා මේසයෙන් එදා ඉවත්ව යාමයයි.
එතැන් සිට එල්.ටී.ටී.ඊ. නැවතත් සාකච්ඡා මේසයට ගෙන ඒම සඳහා අන්තර්ජාතික ප්‍රජාව දැරූ සෑම ප්‍රයත්නයක්ම නිෂ්ඵල වුණා.
එහිදී හිටපු ජනාධිපතිනියගේ ස්ථාවරය ලෙස එදා පළ වුණේ ජනවාර්ගික ප්‍රශ්නයට තුඩු දුන් මූලික ප්‍රශ්නය විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ දුක් ගැනවිලිවලට හේතු වී ඇති මූලික ප්‍රශ්න පළමුව සාකච්ඡා කොට නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානකූල විසඳුම් ලබාදිය යුතු බවයි.
මොනවද ඇත්තටම උතුරේ ජනතාවගේ ප්‍රශ්න.
ඔවුන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කොළඹ හොඳ මිලක් ලබාගැනීමේ අවශ්‍යතාවය එහිදී පළමුවෙන්ම පැන නගිනවා.
නමුත් එදා එවැනි සාකච්ඡාවලට එල්.ටී.ටී.ඊ. සංවිධානය මැලිකමක් දැක්වූවා.
එක්සත් ජාතික පක්ෂ පෙරමුණ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් එදා නිසි අවධානය යොමු කළෙත් නැහැ.
රාජ්‍ය නොවන සංවිධාන හා වෙනත් ප්‍රධාන පෙළේ බුද්ධිමතුන් ලවා මූලික ප්‍රශ්න සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය අවධානය කිරීමටත් බහුතරයක් මැලි වුණා.
මේ නිසා එදා ඊනියා සාකච්ඡා පැවැත්වූයේ යැයි කියන වසර එකහමාරක කාලය තුළ කිසිදු ඵලදායි යමක් ශ්‍රී ලංකාවට සිදුවුණේ නැහැ.
ඒ බව ඊට පෙරත් උතුරේ ජනතාව දන්නා කරුණක්.
මේ පිළිබඳව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ එදා සාම සාකච්ඡා පිළිබඳවත් උතුරේ සංචාරය කරපු එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු පවා පරස්පර අදහස් එදා දක්වල තිබුණා.
එවැනි පසුබිමක් තුළ 2003 අප්‍රේල් මාසයේ දී එම සාකච්ඡා එල්.ටී.ටී.ඊ.ත් එක්ක බිඳ වැටුණා.
අන්තර් ස්වයං පාලන අධිකාරිය යන සංකල්පය යෝජනාව එදා එල්.ටී.ටී.ඊ. මගින් ඍජුවම ඉදිරිපත් වුණේ නැහැ.
නමුත් ඔවුන් කඩා වෙන් කිරීමේ අවශ්‍යතාවය තමයි ඔවුන්ගේ මතය වුණේ.
ව්‍යවස්ථා විශේෂඥයන් වෙනත් රටවල්වලට යවා කරුණු අධ්‍යයනය කිරීමෙන් එදා පැවති ආණ්ඩුවල නායකයින් කටයුතු කළා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය දිගින් දිගටම ඔවුන්ගේ මතය වුණේ වෙනම රාජ්‍යයකට අවශ්‍ය පසුබිම සකසන ලෙසයි.
අද බොහෝ දෙමළ පක්ෂවල මතයත් ඔවුන්ගේ අන්තර්පාලන කතාව තුළ යටින් දිව යන්නේ වෙනම පාලනයක අවශ්‍යතාවයයි.
නමුත් මතුපිටින් පෙන්වන්නේ පළාත් පාලන ආයතන සියල්ලත් පළාත් සභා ක්‍රමය යටතේ ගොනු කිරීමයි.
දැන් යන්නේ 13 ශක්තිමත් කිරීම සඳහා පොලිස් බලතලවලින් තොරව සාකච්ඡා පැවැත්වීමේ තේමාවක්.
නමුත් ඒ වටා දිය යට ගින්දරක් සේ තිබෙන සැබෑ යතාර්ථය නම් බෙදා වෙන් කිරීමේ න්‍යායයි.
ඒ ගැන සර්වපාක්ෂිකව සමුළුවට සහභාගි වුණ ආණ්ඩුපක්ෂයේ හෝ විපක්ෂයේ හැම කෙනෙක්ම සිය මුණිවත රැක්කා.
ජනමාධ්‍යවලට නිකුත් කරපු ප්‍රකාශවලටත් පොඩි පොඩි පරස්පරතා තිබුණා.
ජනතා විමුක්ති පෙරමුණ, සිහල උරුමය, බහුතරයක් මේ පිළිබඳව ඍජු ප්‍රකාශයක් නොකර වටින් ගොඩින් ප්‍රකාශ කිරිම තමයි සිද්ධ වෙමින් තියෙන්නෙ.
කොහොම වුණත් වහෙන් ඔරෝ භාෂාවෙන් එදා ජී. එල්. පීරිස් මහතාත් ඒ පිළිබඳව ප්‍රකාශ කළේ කුමක්ද කියලා 2004 හිටපු ජනතාව දන්නවා.
එදා එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශයට පත් වී තිබුණෙත් නැහැ.
අද උතුර සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයත් පැහැදිලි නැහැ.
එහෙත් ඔවුන් ප්‍රකාශ කළේ අවශ්‍ය නම් යෝජනා මාලාව පිළිබඳ සාකච්ඡා කිරීමට එදා සූදානම් බව තමයි මතු කළේ.
එය කොහොම කොහොම වෙතත් වහෙන් ඔරෝ භාෂාවෙන් සැඟවී සාකච්ඡා කරපු දෙවල් තමයි තිබුණේ.
සාම සාකච්ඡා එදා එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියා මාර්ගයන් වර්තමානයට ගැලපෙන්නේ නැහැ.
කොහොම හරිම මේ වෙනස රනිල් වික්‍රමසිංහ තේරුම්ගන්න අවශ්‍යයි.
සටන් විරාම ගිවිසුම 2001 පෙරබවාරි 19 වැනිදා රනිල් වික්‍රමසිංහ එල්.ටී.ටී.ඊ.ත් එක්ක අත්සන් කළා.
විවිධ කාර ගැටලු සහ එමගින් රටේ ජාතික ආරක්ෂාවට එල්ල කරන තර්ජනය පෙන්වා දෙමින් එදා ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවපු ලිපියට පිළිතුරු දීමට අසමත් වුණා.
ඉන් පසුව බොහෝ දේ ඇස් පනාපිටම ඔප්පු වෙමින් පැවතියා.
මෙහෙම පරිසරයක් තුළ ලංකාවේ සිංහල ආණ්ඩුවක විනිවිද භාවය, පාරදෘෂ්‍ය භාවය පිළිබඳව ගැටලු රාශියක් මතු වෙලා තියෙනවා.
එය ඉතිහාසයට පොදුයි, වර්තමානයටත් පොදුයි.
ඒ බව සනාථ වෙන්නේ එක් මාසයක කියන ප්‍රකාශය අමතක කරමින් තවත් ප්‍රකාශයකට තවත් අලුත් මාවතකට තල්ලු වෙන්න රනිල් වික්‍රමසිංහ සමත්.
එදා ජූනි මාසයේ 2023 ජුනි මාසයේ 01 වැනිදා රනිල් වික්‍රමසිංහ ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ ලැබෙන ප්‍රතිඵල මොනවද කියල කිව්වේ මෙහෙම.
ඔබේ ජීවන බර අඩු වෙනවා ජීවන මට්ටම ඉහළ යනවා ඉතා කුඩා මට්ටමේ සිට මහා පරිමාන මට්ටම දක්වා ශක්තිමත් වර්ධනයක් සහිත ව්‍යාපාර ඇති කිරීම සඳහා නව අවස්තාවන් රනිල් වික්‍රමසිංහ නිර්මානය කරනවා කියල කිව්වා.
රටේ දිළිඳු සහ අසරණ ජනකොටස් ආරක්ෂා කරමින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය සහන සහ පහසුකම් ඔහුගේ සැලැස්ම යටතේ ලැබෙනවා කියලා මාස දෙකක් යන්නට පෙර නැවත වතාවක් ජලය 65%කින් වැඩි කරල තියෙනවා.
විදුලියට තත්ත්වයත් එසේමයි.
මේ වන විට විදුලි බිල තුන් ගුණයකින් වැඩි කරපු පරිසරයක් තුළ හොඳ ආර්ථික කළමනාකරණයක් රනිල් වික්‍රමසිංහට රට කරන්න බැහැ කියන එක සනාථ කරල තියෙන කරුණක්.
කොහොම හරිම රටේ දිළිඳු හා අසරණ ජන කොටස් ආරක්ෂා කරමින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය සහන සහ පහසුකම් සැලසෙනව කියල කිව්වට අස්වැසුම වැඩපිළිවෙළත් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යටතේ අසාර්ථක බව ප්‍රදර්ශනය වුණා.
උඩින් යටින් සළුපිළි ඇන්දවීම ආර්ථිකය රටකට හොඳ දෙයක් නොවේ.
නමුත් රටක දුප්පත් ජනතාව වෙනුවෙන් පැහැදිලි ආර්ථික න්‍යායාත්මක වෙනස්කම් විධායකය විසින් සකස් කළ යුතු කාලයක්.
විනිවිද පෙනෙන ආකරයට වගවීමෙන් සහ වගකීමෙන් කටයුතු කිරීමේ පිළිවෙතක් රනිල් වික්‍රමසිංහ සකස් කරන බව 2023 ජූනි 01 වැනිදා ජාතිය අමතමින් ඔහු ප්‍රකාශ කළා.
නමුත් ඊට පසරස්පර තත්ත්වයක් දැන් උද්ගත වෙමින් තිබෙනවා.
ලෝකයේ වඩා වේගවත් වර්ධනයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කරන බවට ඔහුගේ සියලු ප්‍රකාශ මේ වන විට ඉච්ඡා භංගත්වයට තල්ලු කරල තියෙනවා.
ඔහු ඒවා එදා කියනකොට රට දියුණු තමන් කිරීම වැරදිද කියලා ඔහු ජාතියෙන් ඇහුවා.
එය රට විකිණීමක් ද කියල ඔහු ඇහුවා.
නමුත් ඊටත් වඩා දරුණු තත්ත්වයකට මේ වන විට රට තල්ලු වෙමින් තියෙනවා.
තිරසර දියුණුවක් හා සාර්ථකත්වයක් අත්පත් කර දීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන බව ඔහු පැවසුවා.
නමුත් ඒ සියලු ප්‍රතිසංස්කරණ හුදෙක් සුරක්ෂිත භාවය තේමාව කරගෙන ක්‍රියා නොකරන බව හුදෙක් බදු මත යැපෙන උද්ධමනය වර්ධනය කරන තත්ත්වයක් තමයි රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවෙන් මේ වන විට සිදු වෙන්නේ.
කොහොම වෙතත් ජලය වැඩි වීම තුළ සියලු නිෂ්පාදන ද්‍රව්‍යවල මිල වැඩිවෙනවා.
ඒ වගේම තෙල් ආශ්‍රිත පැට්‍රල්, ඩීසල්, භූමිතෙල් වල මිල වැඩි වුණා.
වෙළෙඳපොළ පුළුල් අර්ථවත් කිරීමට ගන්නා ව්‍යායාමයක් ඒ තුළින් රනිල් වික්‍රමසිංහගෙන් පේනවද?
ඉතින් මුළින්ම රට ස්තාවර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න නම් ලංකාවේ මේ පවතින ජීවන ආකෘතිය රනිල් වික්‍රමසිංහ වහාම තේරුම්ගත යුතුයි.
ඊට පසුව නිදහස් සෞඛ්‍ය, ජලය, විදුලිය මූලික ජනතාවගේ අවශ්‍යතා බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තේරුම්ගන්න අවශ්‍යයි.
ඒ තේරුම් නොගැනීම නිසා සමාජ ව්‍යුහයේ ඉදිරි ජීවන ගැටලු තුළින් ඇති කරන ක්‍රියාකාරිත්වය ගැටලු සහගත තත්ත්වයකට තල්ලු වෙන බව යම් යම් සිද්ධි වලින් පැහැදිලි වන කරුණක්.
ඒ නිසා පවතින ආර්ථික ප්‍රශ්න, ඒ සඳහා විකල්ප, සංකල්ප, ක්‍රියාකාරකම් පිළිබඳ වැඩසටහනක විනිවිද භාවය, පාරදෘෂ්‍ය භාවය වහාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිය වැඩකටයුතුවල පළමු කාර්ය භාරය කර ගත යුතුයි.
ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය පැහැදිලිවම තේරුම් ගැනීමේ අවශ්‍යතාවය රනිල් වික්‍රමසිංහ තියෙනවා නම් රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩලවල අකාර්යක්ෂමතාව වසා දැමීමේ න්‍යායාත්මක හා ගැඹුරු ඍජු වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළ යුතුයි.
ඒ පසුබිම නැතිව අයහපත් මූල්‍ය ප්‍රතිඵල පසුගිය වසර 75 තුළම ජනතාව දේශපාලනඥයින්ගේ පාලකයින්ගේ කෙළිමඬලක් වූ නිසා ඉතාම මූල්‍ය ව්‍යසනයක ප්‍රතිඵල ජනතාව භුක්ති විඳිමින් ඉන්නවා.
අකාර්යක්ෂ රාජ්‍ය ආයතන කාර්යක්ෂමතා මත දිගු වෙන වැඩපිළිවෙළක් රනිල් වික්‍රමසිංහ හෝ අමාත්‍ය මණ්ඩලය හෝ මේ වන තෙක් විධිමත් ලෙස ඉදිරිපත් කරලා නැහැ.
කොහොම හරිම රාජ්‍ය ව්‍යවසාය ආර්ථික ප්‍රතිසංස්කරණ ඌන ක්‍රියාකාරි තත්ත්වයක අතපත ගෑමක් දක්නට ලැබෙනවා.
ඒ නිසා ලංකාවේ වත්කම් පුනරුදය කිරීමේ මාවතක් දිගු කර ගැනීම ඉතාම වැදගත්.
රාජ්‍ය ව්‍යවසායන්හි අධික අලාභ ලබන ආයතන පැහැදිලිව යථාවත් කිරීමේ ක්‍රියාමාර්ගයක් සඳහා විශේෂඥ උපදෙස් ලබාගැනීමේ වැඩසටහනක් දියත් වෙලා නැහැ.
විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් කැඳවා මේ වන විට ආර්ථික විශේෂඥයන් කැඳවා ආර්ථික උපදෙස් වැඩපිළිවෙළක් පොහොට්ටු පක්ෂයේ ලේකම්ගේ නායකත්වයෙන් ජනාධිපතිවරයාගේ යටතේ සිදුවෙනවා.
එය උපහාසයට භාජනය වෙමින් විපක්ෂය මේ වන විට සහභාගිත්වය ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
කොහොම හරිම ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සිට සමස්ත රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරී ආර්ථික, සාමාජික ක්‍රියාවලින් පිළිබඳව පසු විපරම් සමීක්ෂණයක් පළමුවෙන්ම රනිල් වික්‍රමසිංහ සකස් කර ගත යුතුයි.
ඒ සඳහා පාලන මූලධර්ම හඳුනාගත යුතුයි.
ඒක ජනාධිපතිවයාගේ උපදේශක, මාර්ගෝපදේශ දෙන අයගේ වගකීමක්.
පාලන දුර්වලතා හඳුනාගැනීමත් ඉතාම වැදගත් කටයුත්තක්.
නමුත් ලංකාවේ ජනාධිපතිවරයාට ඔහුගේ අඩුපාඩුකම් කීමට පැහැදිලි චිත්‍රයක් ඔහුට ලබාදීමට මේ රටේ විද්වත් පුරවැසියන් ඉන්නවාද කියන ගැටලුවත් නැවත නැවත මතු වන්නේ ඔවුන්ගේ හැසිරීම හා භාවිතාවන් තුළින්.
ලංකාවේ රාජ්‍ය ව්‍යාපාරවල කාර්යසාධන වාර්තාවලින් ආයතනවල යථා තත්ත්වය තේරුම්ගන්න පුළුවන්.
ඒ නිසා කාර්යක්ෂමතාවය ඵලදායී තත්ත්වය වර්ධනය කිරීමේ අරමුණින් පළමුවෙන්ම මැදිහත්විය යුතු ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුළුව දෙවනුවට තබා පළමුව ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදිය යුතුයි.
සර්ව පාක්ෂික සමුළුවට දෙවන වටය අගෝස්තු 15 දින කැඳවීමට නියමිතයි.
එහිදීද ජනාධිපතිවරයා පරස්පර ඔහුගෙන් මතු වන්නේ නම් එය නිමිති කරගෙන ලංකාවේ අද්‍යයතන ආර්ථික කඩාවැටීම පිළිබඳව සාකච්ඡාව ඉදිරියට අපි තියා ගමු දැනට.

තවත් කොටසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු විසිනි

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න