1. ජාතික ගීය, පදමාලාව සහ සංගීතය නියම කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ය.

2. ජාතික ගීය, පදමාලාව සහ සංගීතය ජනතාවගේ පරමාධිපත්‍යයේ අංගයක් වන අතර පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සහ ජනමතවිචාරණයක් මගින් මිස විකෘති කිරීම/ වෙනස් කිරීම කළ නොහැකිය.

3. එමෙන්ම ජාතික ගීය, පදමාලාව සහ සංගීතය ජාතිය සතු බුද්ධිමය දේපලකි.

4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතිය ආරක්ෂාකොට අනුගමනය කිරීම සෑම පුරවැසියෙකු සතු ව්‍යවස්ථාපිත යුතුකමකි.

5. ජාතික ගීය පදමාලාව සහ සංගීතය වෙනස් කිරීම, එය විකෘති කර පුද්ගලික සන්තකයේ තබා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය සහ බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කිරීමක් වෙයි.

6. ඒ අනුව ජාතික ගීය නියමිත පටිපාටියෙන් බැහැරව විකෘති කිරීම/ වෙනස් කිරීම අපරාධ වරදක් මෙන්ම ප්‍රජාඅයිතිය අහෝසිවන ක්‍රියාවක්ද/ වරදක්ද වෙයි.

“නීතියේ සිංහල නුගමුල” ෆීනික්ස් නීති සාර සංග්‍රහය වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න