1978 සිට මේ දක්වා වසර 45 ක්ම ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 23.2 (16වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර) සහ දැන් 23.4 (16වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පසු) අනුව්‍යවස්ථාවට අනුකූලව නීති පැනවී ඇත්ද යන්න සළකා නොබැලුවේ ඇයි සහ තවමත් හිතා ඉන්නේ රටේ ක්‍රියාත්මක වන්නේ සෝල්බරි ව්‍යවස්ථාව රටේ ක්‍රියාත්මක වන බවද යන්න ජනතාව හමුවේ ඇති ප්‍රශ්නයකි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාව අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමට පෙර පැවති සියලු නීති සහ අනු නීති සිංහල සහ දෙමළ භාෂාවෙන් ගැසට් පත්‍රයේ පළකල යුතු වෙයි. එවැනි විධිවිධානයක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළේ ඇයි? මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කිහිපයක්ම 1972ට පෙර පැවතිණි. සෝල්බරි ව්‍යවස්ථාව ඉන් එකකි. ඒ යටතේ පනත් පැනවී තිබුණි. ඊට පෙර ආඥාපනත් පැනවී තිබුණි. ඒවා කිසිවක් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න හෝ අනනුකූලද යන්න දන්නේ නැත. එහෙත් එවැනි පනත් හෝ ආඥාපනත් සංශෝධනය කිරීමට වර්තමාන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සංශෝධන කෙටුම්පත් ඉදිරිපත් වෙයි. උදා..දණ්ඩනීති සංග්‍රහය, විෂවර්ග අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනත, නගර සහ ගෘහ නිර්මාණ ආඥාපනත වැනි පැරණි නීති සංශෝධන…. එවැනි අවස්ථාවක එවැනි නීති සංශෝධන කෙටුම්පත් සිංහල සහ දෙමළ භාෂාවෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තන සහිතව ඉදිරිපත් කිරීම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයකි. එසේ නියමයක් පැවතියද මුල් නීතිය හෝ ආඥාපනත ඉංග්‍රිසියෙන් පමණක් තිබීම ප්‍රශ්නගත හෙයින් එය නිරාකරණය කර විසදුමක් ලබා දීමට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 අනුව්‍යවස්ථාව දක්වා ඇත. එකී නීතිමය තර්කය 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීමට 2023 ආයුර්වේද සංශෝධනය ගෙනා අවස්ථාවේදී එය අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණට SC/ SD 52/23 පෙත්සමක් ඉදිරිපත් කළ වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම සහ වෛද්‍ය වොෂින්ටන් ගල්හේනහේ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රී පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ඉදිරිපත් කරන ලදී. එකී නීතිමය තර්කය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල දීර්ඝ ලෙස නීතීඥවරයාගෙන් ප්‍රශ්න කළ අතර එකී නීතිමය කරුණු ඇතුලු පෙත්සම්කරුවන් සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සළකා බලා 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීමට 2023 ආයුර්වේද සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. “නීතියේ සිංහල නුගමුල” ෆීනික්ස් නීති සාර සංග්‍රහය වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න