සමාජයේ දරුවන් හමුවේ තිබෙන ලොකුම අභියෝගය වැඩිහිටියන් ම බව සාරංග දිසාසේකර පවසයි.වැඩිහිටියන් සකස්කල රාමුවක සිරවී සිටීමට දරුවන්ට සිදුවේ. ලමා මනස ක්‍රියාත්මක වන ආකාරය අප සැම දැනගත යුතුය.වැඩිහිටියන් ට අවශ්‍ය වන ලෙස දරුවා වෙනස් කිරීමට ඔවුන්ට අයිතිය ක් නැත. වැඩිහිටියන් තමන්ගේ හීනයට දරුවන් දක්කාගෙන යාම අවාසනාවන්ත තත්වයකි. දරුවන් බාහිරින් රැකවරණය සොයන්නේ දෙමාපියන් ඔවුන්ගෙන් ඈත් වූ විටය.සාරංග පවසයි
විසාකේස චන්ද්‍රසේකර පවසන්නේ වැඩිහිටියන් ට ලමයින් කලහකාරීන් ලෙස දකින බවයි.ඇමරිකාවේ ජිම් නම් මහාචාර්ය වරයාගේ පර්‍යේෂණ අනුව ජානගතව කලහකාරී, අපරාධකාරි දරුවන් ඇති වීම නොව අවටින් ලැබෙන අදහස් වලින් හා බලපෑම් වලින් එය සිදුවන බවයි
දිනක්ෂි ප්‍රියසාද් (සන්නාම තානාපති) පවසන්නේ විකෘති මනස සහිත පුද්ගලයයන්ගෙන් ගැලවී සිටින ආකාරය ගැන තම දියණියට කියා දීමට බලාපොරොත්තු වන බවයි.අනවශ්‍ය අයට දරුවාව ස්පර්ශ කිරීමට නොදීම කියා දිය යුතුය.ලිංගික අධ්‍යාපනය පාසැල තුල ලබා නොදීම ගැටලුවකි.වයසට අනුව ඒ අධ්‍යාපනය ගැහැණු පිරිමි දෙපාර්ශවටම ලබා දිය යුතු බවයි.
ළමා කාලය පීඩාකාරී වන විට පසුකාලීනව මොළය ට දෙන උපදෙස් අනුගමනය නොකිරීම ස්වභාවයයි. වෛද්‍ය චමින්ද (Panalist) පවසයි
අප්‍රසන්න,පීඩාකාරී අත්දැකීම් ප්‍රමාණය 25% (මොළයේ ධාරිතාවයෙන්) ප්‍රමාණයක් ඉක්මවූ පසු මොළයේ හැඩය (Bio chemical Structure )වෙනස්වේ. අප රටේ සියලු තැන්වල පුරවැසියන් ට පීඩාකාරී ලෙස මිනිසුන් හැසිරෙන්නේ කුඩාකල සිට ඔවුන්ට ලැබුනු පීඩාකාරි අත්දැකීම් නිසාය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න