1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීම, නඩු තීන්දු ලබා දිය යුතුය.

2) අධිකරණ අමාත්‍යාංශයේ සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ මෙහෙයවීමෙන් ප්‍රකාශයට පත් කර ඇති 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රය මගින් අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම, නීති විභාග පැවැත්වීම වළක්වා ඇත.

3. අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වීමෙන්, නීති විභාග පැවැත්වීම වැළක්වීමෙන් අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීමට සහ අධිකරණ භාෂාවෙන් නඩු තීන්දු ලබා දිය හැකි ශක්නුතාවය ඇති විනිසුරුවරු බිහිවීමද වළක්වා ඇත.

4) ජනතාව නීතියෙන් ඈත් කරවන සහ විදෙස් නීති උපාධිවලට ප්‍රමුඛත්වය දෙන මෙවැනි නීති පනවන්නේ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවට සාමාජිකයන් පත් කිරීම ස්වාධීනව නොකර අධිකරණ ඇමතිගේ අභිමතයට කිරීමට ඇති හැකියාව හේතුවෙනි.

5) මෙය නිවැරදි කළ හැක්කේ සහ  විසඳුම වන්නේ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ස්වාධීන කොමිසමක් කිරීම හෝ ශ්‍රී ලංකා අධිකරණ භාෂා නීති විද්‍යාලය පිහිටුවීමට පනතක් ගෙන ඒමයි. ඉංග්‍රීසියෙන් පමණක් නීතිය ඉගැන්වීමට සංස්ථාගත නීති අධ්‍යාපන සභාව 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රයෙන් නීති පනවා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව, නීති පැනවීමේ භාෂව පිළිබද අවබෝධයෙන් තොරව. https://youtu.be/bWfYKFU01uo සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න