නීතිය යනු පාර්ලිමේන්තුව පනවන නීති සහ ඒ අසුරෙන් අධිකරණය ලබා දෙන අර්ථ නිරූපණවල එකතුවකි. ප්‍රධාන නීති මූලාශ්‍ර 2කි, ඒ පාර්ලිමේන්තු පනවන පනත් සහ ඉහළ අධිකරණ තීරණ ය. අංගුලිමාල සිවුර දරාගෙන බුදු හාමුදුරුවන්ට කරදර කළා කියා ජනාධිපතිවරයා ප්‍රකාශ කළද එය වැරදි බව ජනතාව දනී. ජනාධිපතිවරයාගේ එකී වැරදි ප්‍රකාශය ජනතාව නිවැරදිව දකී. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලවත්ම කුළුණ එහි 9 වන ව්‍යවස්ථාවයි. එහි ඇති ව්‍යවස්ථා 172 අතරින් වඩා බලවත්ම ව්‍යවස්ථාව එයයි. 1815 උඩරට ගිවිසුමේ 5වන වගන්තිය දක්වා එහි සම්බන්ධය තිබුණද එහි ඉතිහාසය ඊට ඈත අතීතයට යයි. වර්තමානයේ සමාජ කතිකාව ඇත්තේ එකී 9 වන ව්‍යවස්ථාව අනතුරේද යන්නයි. වෙනම රටකට පාර කැපේද යන්නයි. එය නිවැරදිව දැකීමට ඇති බාධාව සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල සහ දෙමළ භාෂා විරෝධී ක්‍රියා කළාපයයි. මේ සඳහා අවධානය යොමු කිරීමේදී සහ පිළිතුරු සෙවීමේදී අධිකරණ ඇමතිගේ සහායෙන් අගවිනිසුරු සාමාජිකත්වය දරන, “සංස්ථාගත නීති අධ්‍යාපන සභාව” ද්වේශයෙන්, ව්‍යවස්ථාපිත යුතුකම ඉටු නොකරමින්, වෙනම රටකට පාර කපමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින බවට වන ප්‍රතිඥාව කඩ කරමින් සිංහල සහ දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වීම ප්‍රශ්න කිරීමෙන් ආරම්භ කිරීමට සිඳුවේ. නීතියේ පාලනය, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට සංවාදය, සාකච්ඡාව අවශ්‍යමය. අධිකරණ භාෂාවෙන් එනම් සිංහල – දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වූ  2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයට සහාය දුන් සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් 14 දෙනාගේ නම් ප්‍රසිද්ධ කිරීමෙන් එකී සාකච්ඡාව ආරම්භ කළ හැකිය. එමෙන්ම අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක් වූ අවස්ථාවේ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිටි සාමාජිකයන් 14 දෙනා පාර්ලිමේන්තුවට කැදවා සිංහල – දෙමළ භාෂාවෙන් එනම් අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වීම ගැන ප්‍රශ්න කළ යුතුය. එමෙන්ම මහේස්ත්‍රාත් අධිකරණයේ සහ දිසා අධිකරණයේ නඩු පවරා ඒ සම්බන්ධයෙන් අධිකරණයේ සාකච්ඡා කිරීමද කළ හැකිය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න