ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු පැවරීම ගැන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ දී ඉංග්‍රීසියෙන් නිවැරදිව නීති අධ්‍යාපනය ලබා නොදෙන බව පර්යේෂණාත්මකව තහවුරු වෙයි. මෙම අධ්‍යයන පරයේෂණය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමට නීති ප්‍රතිපාදන තිබේද? නැද්ද? සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අභියාචනාධිකරණ රීති සිංහල භාෂාවෙන් තිබේද? නැද්ද? යන ප්‍රශ්නය නීති ක්ෂේත්‍රයේ  අයගෙන් විමසා ඇත. නීති ශිෂ්‍යයන්, වෘත්තීකයන්, පොලීස් නිලධාරීන්, අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අය ඇතුලු නීති ක්ෂේත්‍රයේ අයගෙන් සම්මුඛව, පත්‍රිකා මාර්ගයෙන් සහ දුරකථන මගින් මේ විමසීම/ දත්ත ලබා ගැනීම කර ඇත. එහිදී ලබා දී ඇති පිළිතුරු අනුව පහත නිරීක්ෂණය ලැබී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරීමට නීති ප්‍රතිපාදන තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 94% ක් නොදනී. ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ අභියාචනාධිකරණ රීති සිංහල භාෂාවෙන් තිබියදී ඒ බව නීති ක්ෂේත්‍රයේ 96% ක් නොදනී. පර්යේෂණයේ / දත්ත ලබා ගැනීමේදී පැවති දුර්වලතා

1. ඇගයීමට තොරතුරු ලබා ගත් නීති ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන වර්ෂය නොවිසවීම සහ අදාල අධ්‍යාපන ස්ථානය/ අදාල විශ්ව විද්‍යාලය නොවිමසීම.

2. ඇගයීමට තොරතුරු ලබා ගත් වෘතිකයන්ගේ වෘත්තීය වසර ගාණන නොවිසවීම.

3. දින 4ක් පමණ දත්ත ලබා ගැනීමට කාලය වැය කිරීමට සිදුවීම නිසා ඇත්ත නීතිමය තත්ත්වය දත්ත ලබා ගත් අයට දැන ගැනීමට/ සොයා ගැනීමට අවස්ථාව ලැබීම.

4. සම්මුඛ පරීක්ෂණ, ඇගයීම් පත්‍රිකා සහ දුරකථන මාර්ගයෙන් දත්ත ලබා ගැනීම සිඳුකළ හෙයින් ඒකාකාරීව දත්ත ලබා නොගැනීම.

5. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩු පැවරීම ගැන නීති අධ්‍යාපන වැඩසටහනක් යොදා ගෙන තිබියදී මෙම ඇගයීම කිරීම.

6. අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අය අධිකරණ සේවා කොමිසමෙන් යම් බලපෑමක් වෙතැයි කියමින් දත්ත ලබා ගැනීමට සහාය නොදීම.

7. මෙම දත්ත ලබා ගැනීමේදී දත්‍ත ලබා දෙන අය ප්‍රශ්න විමසීම සහ ඒවාට පිළිතුරු ලබා නොදීම හේතුවෙන් පත්‍රිකා ආපසු ලබා දීම.

8. දුරකථනයෙන් දත්ත ලබා ගැනීමට ක්‍රියා කිරීමේදී අඛණ්ඩව දුරකථන ඇමතුම ලබා ගැනීමට තිබූ දුෂ්කරතාවය සහ දත්ත ලබා දෙන අයට තිබූ කාර්ය බහුලත්වය.

9. කණ්ඩායම් වශයෙන් දත්ත ලබා ගැනීමේදී ඔවුන් අතර අදහස් හුවමාරු වීම් පැවතීම. මේ අධ්‍යයන පත්‍රිකාව මගින් එළිදරව් වී ඇති දත්ත සහ සමාජ අදහස නීති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම සිඳුකළ යුතු බවට සමාජයට වැදගත් පණිවිඩයක් ලබා දෙයි. නීති අධ්‍යාපනය සම්බන්ධයෙන් තීරණ ගන්නා සංස්ථාගත නීති අධ්‍යාපන සභාවට මෙන්ම අධිකරණ ඇමතිවරයාට, අධිකරණ අමාත්‍යාංශයට, අධ්‍යාපන ඇමතිවරයාට, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට, පොලිස් දෙපාර්තමේන්තුවට, නීතිපති දෙපාර්තමේන්තුවට, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවට, විශ්ව විද්‍යාලවල නීති පීඨාධිපතිවරුන්ට, නීති දේශකයන්‍ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, කතානායකවරයාට, විනිසුරුවරු පුහුණු කරන ආයතනයට, නීති කොමිසමට,නීති ආධාර කොමිසනට, ස්වාධීන කොමිෂන් සභාවලට, රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට සහ විශේෂයෙන් ජනාධිපතිවරයාට මෙහිදී නෛතික බලවන්ත සහ නෛතික සාක්ෂරතාවයෙන් යුත් සමාජයක් බිහිකිරීමේ වැදගත් මෙහෙයක්, වගකීමක් ඉටුකිරීමට ව්‍යවස්ථාපිත යුතුකම පැවරේ. නීතිය ජනතාවගෙන් ඈත් කිරීමෙන් නෛතික බලවන්ත සහ නෛතික සාක්ෂරතාවයෙන් යුත් සමාජයක් බිහි කිරීමට නොලැබේ. (නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන යටතේ කරන ලද අධ්‍යාපන විමර්ශනයක සංඛ්‍යාලේඛන සහ නියැදි පරීක්ෂණ දත්ත ඇසුරෙනි) (පර්යේෂණ  වාර්තාව සඳහා විමසන්න) ෆීනික්ස් නීති සාර සංග්‍රහය දුරකථන 0342256066, 0342256067, 0712063394.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න