ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් බලය පවරා ඇති 33 ව්‍යවස්ථාවට වඩා 70 ව්‍යවස්ථාව බලවත් බවත් ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවීම වැරදි බව 2018 දෙසැම්බර් 13 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7ක්  SC FR  351/ 2018 නඩුවේ ඒකමතිකව තීරණය කර ඇත. (එසේම ඉංග්‍රීසියෙන් පමණක් නීතිය ඉගැන්වීමට සහ නීති විභාග පැවැත්වීමට ගෙනා 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයද 2023.03.21දින පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කර ඇත.) එකම කරුණක් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්ථාන කිහිපයක විධිවිධාන පවතීනම් ක්‍රියාත්මක කළ යුත්තේ කවර විධිවිධානයද යන්න සහ ප්‍රධාන ව්‍යවස්ථාව අභිබවා වෙනත් ව්‍යවස්ථාවලට ක්‍රියාත්මක වීමට නොහැකි බවට SC FR  351/ 2018 ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී විනිසුරුවරු 7කු ඒකමතිකව තීරණය කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  24 ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව, 23 ව්‍යවස්ථාවේ නීති පැනවීමේ භාෂාව පිළිබඳව පැහැදිලිව විධිවිධාන දක්වා ඇති අතර, ඉංග්‍රීසි භාෂාව අධිකරණ භාෂාවක් හෝ නීති පැනවීමේ භාෂාවක් නොවේ. එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේම පූර්ණ විනිශ්චය සභා තීන්දු අභිබවා ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ සිවිල් අභියාචනා මහාධිකරණවල ඉංග්‍රීසියෙන් නඩු විභාග කිරීම, තීරණ ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිවැරදි නොවනවා පමණක් නොව 2018 දෙසැම්බර් 13 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7කු  SC FR  351/ 2018 නඩුවේ ලබා දුන් ඒකමතික තීරණයටද පටහැනි වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ සහ සිවිල් අභියාචනාධිකරණ මහාධිකරණවල අධිකරණ භාෂාවෙන් නඩු විභාග නොකිරීම, තීරණ ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණවලටත්, පාර්ලිමේන්තුව චේතනාවටත් පටහැනි වෙයි.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2023.05.22)

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න