චිත්‍රමාලී ද සිල්වා  මහත්මිය හමුවෙයි.

පුහුණු අපේක්ෂිත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීන් ගේ එකමුතුව සහ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය අතර හමුවීම පසුගියදා සිදුවිය. පුහුණු අපේක්ෂාවෙන් සිටින සිසුවියන් 1636 ක ප්‍රමාණය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් ලෙස පුහුණු කිරීමට බඳවාගැනීමට සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින්නැයි එම සිසුවියන් එහිදී ඉල්ලීමක් කර තිබේ.
එහිදී විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවට තවත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීන් කඩිනමින් එක් කර ගැනීම තමාගේත් බලාපොරොත්තුව වන බවයි .එසේම මෙම ඉල්ලීම පිලිබඳව සලකා බලා සෞඛ්‍ය ලේකම්වරයා සමගද සාකච්ජා කර බඳවාගැනීම් කඩිනම් කිරීම පිලිබඳව සාකච්ජා කරන බවද මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කලාය.
පුහුණු අපේක්ෂිත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීන් ගේ එකමුතුවේ කැඳවුම්කරු ඒ.එල්.යූ.එම්. ලියනගේ මෙනෙවිය ප්‍රකාශ කලේ එළඹෙන දෙසැම්බර් 31 වන විට පුහුණුව සඳහා තමන් කැඳවනු ඇතැයි බලාපොරොත්තුවක් සිය කණ්ඩායමේ පවතින බවයි.(හඬ පටය අමුණා ඇත)

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න