4 වන කොටස

ළමයින් සම්බන්ධව ක්‍රියා කරන විටදී හා ඔවුන් පිළිබඳ තීරණ ගැනීමේදී ළමයාගේ උපරිම යහපත සැලසීම පිළිබඳව ප්‍රමුඛව සැලකිය යුතු බව ජාතිකවත් ජාත්‍යන්තරවත් පිළිගත් ප්‍රමිතියක්.
විශ්ව ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 3 වන වගන්තියෙන් මේ බව තහවුරු කොට තියෙනවා.
ඒ අනුව යමින් දරුවන් සම්බන්ධ සිවිල් සහ අපරාධ නඩු කටයුතුවලදී දරුවන්ගේ උපරිම යහපතට ප්‍රමුඛත්වය දී අධිකරණ මගින් කටයුතු කිරීම ඉතාම වැදගත්.
දරුවාගේ සෞඛ්‍ය පෝෂණය අනාගතකය අභිවෘද්ධිය අධ්‍යාපනය ආරක්ෂාව රැකවරණය සදාචාරවර්ධනය හා ළමයාගේ කැමැත්ත මෙන්ම වෙනත් අවස්ථානුගත කරුණු සලකා බලා තීරණය කිරීමේ වැදගත්කම නොසලකා සමාජය හැසිරෙන බව තහවුරු කළේ සමස්ත ලාංකික ප්‍රජාවයි.
2023 මැයි පළමු සතිය මේ ගෙවෙන්නේ ලාංකික සැදැහැවත් බෞද්ධ මැයි මාසයයි.
මේ දිනවල සාමනේර හිමිවරුන් මුහුණ දෙන ඉතාම ගැටලු‍ සහගත තත්ත්වයන් ජනමාධ්‍ය තුළින් 10%ක් පමණ ප්‍රචාරය වෙමින් තියෙනවා.
මේ වෙසක් සමය නිසා එවැනි පරිසරයක් මේකට උදාහරණ ලෙස පවසනව නම් ගම්පොල සිද්ධියක් සම්බන්ධව කරුණු මතු කරන්න පුළුවන්.
එහි පොලිසියේ හැසිරීම හා භාවිතය පිළිබඳවත් ඔවුන්ගේ වගකීම හා මේ සඳහා ඇති රාජ්‍ය ආයතනවල නිහඬ බවත් මතු කිරීම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙනවා.
ගම්පොල පාර 2 ප්‍රදේශයේ විහාරස්ථානයකදී 8 හැවිරිදි සාමනේර හිමිනමකට තවත් හිමිවරු තිදෙනෙකු විසින් දින කිහිපයක්ම පහර දී තිබෙනවා.
දස වද දීම නිසා උන් වහන්සේ දින 15ක් පුරා ගම්පොල හා පේරාදෙණිය රෝහල්වල ප්‍රතිකාර ලබා නිවසට පැමිණ දින 3ක දී යළිත් රෝගී වීම නිසා නැවතත් පසුගිය 7 වැනිදා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කරල තියෙනවා.
මෙවැනි සිද්ධීන් දිවයින පුරා සිදුවෙමින් පවතිනවා.
ඒ සිදුවෙන්නේ කොහොමද?
විහාරස්ථාන ආශ්‍රිතව ඉන්නා වැඩිහිටි ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා හා විහාරාධිපතිවරු ළමා අපයෝජනය සඳහා දරුවන් සාමනේර වූ පසු ඊට පෙර යොදාගැනීමේ උපක්‍රම තියෙනවා.
ඊට පෙර අපයෝජනයට ලක් කර ගත් කුඩා නොදරුවන් ඒ සඳහා වර්ධනය කරගත් සාමනේර හිමිවරු ඒ සඳහා බොහෝ විට යොදා මෙහෙය වනවා.
ඒවා පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුව හෝ වැඩිදුරටත් පසුවිපරමක් කරන්න මැදිහත් වෙලා නැති කම ඉතාම ගැටලු‍ සහගතයි.
ශ්‍රී ලංකා පොලිසිය මේ පිළිබඳව වඩාත් අවදිවිය යුතුයි.
පොලිස් හා ළමා කාන්තා කාර්යාංශය මේ ළමයි සඳහා ඉන්නා තවත් ආයතනයක්.
ඔවුන් මෙවැනි දේ පිළිබඳ සමීක්ෂණයක් කරල තියෙනවාද?
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ සඳහා වඩාත් මැදිහත්ව ක්‍රියා කරන්න පුළුවන්.
ඊළඟට මානව හිමිකම් කොමිසන් සභාව තියෙනවා.
පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව තියෙනවා.
ඊළඟට කම්කරු දෙපාර්තමේන්තුවේත් ළමා හිමිකම් රැකගැනීම සඳහා නෛතික විධාන තියෙනවා.
ඊළඟට ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව මේ සඳහා මැදිහත්ව ක්‍රියා කරන බවට ප්‍රසිද්ධ කර තිබෙනවා.
නමුත් ප්‍රායෝගිකව කොතෙක් දුරට එය ක්‍රියාත්මක ද යන්න ගම්පොල සිද්ධියෙන් පැහැදිලි වෙනවා.
ගම්පොල මේ පහරදීම සම්බන්ධයෙන් කුඩා හිමියන් හා උන්වහන්සේගේ පියා වන අමරසිරි දිසානායක යන අය පුස්වැල්ල පොලිසිය වෙත පැමිණිලි කර තියෙනවා.
නමුත් පොලිසිය මේ පිළිබඳව පසු විමර්ශනයක් මනාව කරල නැති බව තමයි පැහැදිලි වෙන්නෙ.
මේ හිමියන් පවසන පරිදි උන්වහන්සේට කොසු මිටවල් කැඩෙන තුරු පහරදී මුත්‍රා පොවා මුහුණට පහරදී දතක් හා නහය කඩා තොල් හා මුඛය තුවාල කර තිබෙනවා.
මෙහිදී මතුවන සිද්ධීන් ගණනාවක් තියෙනවා.
මෙවැනි මානව විරෝධී ක්‍රියා හමුවේ විහාරස්ථානයේ විහාරාධිකාරි හා විහාරාධිපති මේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් කටයුතු නොකළේ ඇයි?
බාල අපචාරවලට යොමු වෙච්ච සාමනේර හිමිවරුන්ව මේ සඳහා උත්තේජනය කර සෙසු හිමිවරුන් යොදා ගැනීමේ උපයාමාර්ගවල එක කොටසක් මෙය වෙන්න පුළුවන්.
මෙහිදී පහරදීම සිදුවන්නේ කුඩා සාමනේර හිමිවරුන් නිසා ඔවුන්ට නිතිය ක්‍රියාත්මක වීමට තිබෙන අවම තත්ත්වය නිසා මෙය උපක්‍රමශීලීව විහාරාධිපති ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහස්සේලා මහනායක හිමිවරු ගන්නා ක්‍රියාමාර්ගයක්.
ළමයින් වැරදි සිදු කරනවා නම් නීතියෙන් නිදහසක් තියෙනවද?
දණ්ඩ නීති සංග්‍රහයේ 75 වගන්තියට අනුව වයස අවුරුදු 8 ට අඩු ළමයකු විසින් කරනු ලබන කිසිවක් වරදක් නොවේ.
මෙවැනි සිද්ධීන් වලදී භික්ෂුන් වහන්සේලා මනාව සූක්ෂමව සිය ළමා අපචාර ක්‍රියාවන් කරගැනීම සඳහා ඉත්තන් බවට පත් කරගන්නේ විහාරස්ථානයේ ඉන්නා කුඩා සාමනේර හිමිවරු.
දණ්ඩ නීති සංග්‍රහයේ 76 වගන්තියට අනුව ප්‍රමාණවත් පරිදි පැසුණු බුද්ධියක් නොමැති වයස අවුරුදු 8 ට වැඩි 12 අඩු ළමයෙකුගේ ක්‍රියා තවදුරටත් වරදක් වෙන්නේ නැහැ.
සාක්ෂි ආඥා පනතේ 113 වගන්තියට අනුව වයස අවුරුදු 12ට අඩු ළමයෙකු විසින් ස්ත්‍රී දූෂණයක් සිදු කළ නොහැකි බව දක්වා තිබෙනවා.
හැබැයි මේ සිද්ධියේදී අධිකරණය වෙත කරුණු වාර්තා කරල තියෙනවා කුඩා හිමියන්ට පහරදුන්නා යැයි කියන හිමිවරු වයස අවුරුදු 10, 12, 14 පසුවන හිමිවරුත් ඉන්නවා.
එහෙම නම් පුස්සැල්ලාව පොලිසියට මේ සම්බන්ධව 12ට ඉහළ ඉන්න දරුවන් සම්බන්ධව කෙළින්ම චෝදනා පත්‍ර ගොනු කරන්න පුළුවන්.
වයස අවුරුදු 12ත් 18ත් දරුවන් වැරදි කළ විට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.
මේ පහරදීම තුළ 12ත් 14ත් අතර ඉන්න හිමිවරු සම්බන්ධව පොලිසිය පසුගිය 10 වනදා වනතුරු යම් පියවර ගත්තා යැයි අපට වර්තා වුණේ නැහැ.
අපි ඒ පිළිබඳව සොයා බැලීමේදී පොලිසිය මේ පිළිබඳව උත්තර දීමට දැඩි මැලිකමක් දක්වනවා.
මේ පහරදීම පිළිබඳව හෙළි වී දින 20ක් පසු වූවත් පොලිස් පරීක්ෂණ පිළිබඳව සැහීමකට පත්වීමට නොහැකි බව මේ කුඩා හිමියන්ගේ ඥාතීහු පවසනවා.
ඒ පිළිබඳව පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික හේමකුමාර මහතා කියන්නේ කරුණු අධිකරණයට වාර්තා කරල තියෙනවා.
පවතින නිතිය අනුව බාල වයස්කරුවන්ව අපට අත් අඩංගුවට ගන්න බැහැ.
එය සම්පූර්ණයෙන් වැරදියි.
මේ සාමනේර හිමිවරු වයස අවුරුදු 12ත් 14ත් අතර පසුවෙනවා.
ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.
ඊටත් තවදුරටත් පසු විමර්ශනය කරන්න පොලිස් ස්ථානාධිපතිවරයා මැදිහත් වෙන්න ඕන.
දැනට පොලිසිය කර ඇති පරීක්ෂණ අනුව පන්සලේ ලොකු හාමුදුරුවන්ට මෙයට සම්බන්ධ බව අනාවරණය වෙලා නැහැ කියල විශේෂයෙන් පොලිස් ස්ථානාධිපති වරයා කියනවා.
ඒක තමයි මෙතන සැකයට තුඩු දෙන කරුණ.
නමුත් තවදුරටත් පරීක්ෂණ කරන බව ඔහු පවසනවා.
කෙසේ වෙතත් 12 වෙනිදා ඒ කියන්නේ අපි මේ ලියන විට ඔබට තවම පොලිස් පරීක්ෂණ මනාව සිදු වෙලා අදාළ වගකිවයුත්තෝ අධිකරණයට ඉදිරිපත් කරල නැහැ.
පොලිසියේ වගකීම තමයි පැහැදිලිව ඒ සඳහා මැදිහත්විම කළ යුත්තේ.
ළමා වින්දිතයන්ට අදාළ නීති සහ බාලක යුක්තිය ගැන කතා කරනවා නම් දරුවන්ගේ ආරක්ෂාව සහ
රැකවරණය සැලසීම දෙමවුපියන්ගේ පමණක් නොව රජයේ සහ සමාජයේ සියලු‍ දෙනාගේම වගකීමක්.
ශාරීරිකව හා මානසිකව නොමේරු දරු දැරියන් සඳහා නීතිය ඉදිරියේ ද විශේෂ ආරක්ෂාවක් තියෙනවා.
වැඩිහිටියන්ගේ නීතිමය අයිතීන් ආරක්ෂා කිරිමට වඩා දරුවන්ගේ නීතිමය සුරක්ෂිතතාවය සැලසීමේ කාර්ය ඉතා ප්‍රවේශමෙන් සුපරික්ෂාකාරීව හා සංවේදීව කළ යුතුයි.
නමුත් මේ ගම්පොල සිද්ධියේදී මේ පිළිබඳව හොඳම උදාහරනයක් වශයෙන් පෙන්වා දෙන්න පුළුවන් පොලිසියේ පසුගාමී තත්ත්වය.
සමාජයේ ඉදිරිපැවැත්ම හා දියුණුව සඳහා දරු දැරියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ගේ කුසලතා හා මනා පෞරුෂත්වය සුරැකිය යුතුව තියෙනවා.
නමුත් ඒ වෙනුවට සිදුවෙමින් පවතින්නේ ඊට හාත්පසින් වෙනත් තත්ත්වයක්.
ළමා ආරක්ෂාව සහ නිසි රැකවරණය යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද කියල අපි පැහැදිලි කරගමු.
ළමයින් ප්‍රචණ්ඩත්වයෙන්, අපයෝජනවලින්, සූරාකෑමෙන්, නොසලකා හැරීමෙන්, ආරක්ෂා කිරීමෙන් මෙන්ම දරුවන්ගේ පැවැත්මට සංවර්ධනයට සහභාගිත්වයට ඇති අයිතීන් තහවුරු නොවන තත්ත්වයක් මේ සාමනේර හිමිවරුන් වශයෙන් දරුවන් ශාසනයට ඇතුළත් කර ගැනීමෙන් දිගින් දිගටම රටා පුරා සිදුවෙමින් පවතිනවා.
ගම්පොළ සිද්ධියේදී ගාථා පැටලු‍නයි හා වැරදුනයි කියා තමයි මේ සාමනේර හිමිවරු කුඩා වයස අවුරුදු 8 හැවිරිදි සාමනේර හිමියන්ට ඉතාම අධම ලෙස පහරදීල තියෙන්නෙ.
ඒ කියනනේ ඒ කුඩා සාමනේර හිමියන්ගේ තට්ටමට ඒ කියන්නේ පසු ප්‍රදේශයට පැහැදිලිවම අඩන්තෙට්ටම් කරල තියෙනවා.
ඒ කියන්නේ කව කටුවකින් තට්ටම පෙදෙසට ඇණ ඇති අතර හිස මුදුණේද තුවාල තියෙනවා.
ඒ කියන්නේ මේ තට්ටම ප්‍රදේශයට පෙරලා පහර දෙන්න තරම් මානසිකත්වයක් මේ සාමනේර හිමිවරුන් තුළ ඇති වන්නේ කොහොමද?
මේ පිළිබඳව වඩාත් පොලිසිය උනන්දුවෙන් ක්‍රියා කළ යුතු බවයි අපේ අදහස.
උන් වහන්සේගේ තට්ටම්වලට විශාල තුවාලයක් ඒ නිසා සිදු වෙලා තියෙනවා.
අතක් ඉදිමිලා තියෙනවා.
පැවිදි වී දින 45ක් උන් වහන්සේට අනෙක් හිමිවරු බුද්ධ පූජාව තබන ලෙස පවසා තියෙනවා.
අවුරුදු 8ක් වූ හිමියන්ට ගාථා පැටලීම හා වැරදීම තමයි මේ පහර දීමේ නිමිත්ත විදියට පොලිසිය ප්‍රකාශ කරන්නේ.
නමුත් මෙහි යථා තත්ත්වය පොලිසිය මනාව පරීක්ෂණය කළොත් අදාළ රාජ්‍ය ආයතන මේ සඳහා මැදිහත් වනවා නම් මීට වඩා තොරතුරු සොයාගන්න පුළුවන්.
මේ වගේ සිද්ධි රට පුරාම දිනපතා සිදු වෙනවා.
නමුත් එක් සිද්ධියක් දෙකක් පමණයි රටට කාන්දු වෙන්නෙ.
බෝතලයකට මුත්‍රා කර ඒවා පොවල තියෙනවා මේ කුඩා හිමියන්ට.
මේ වගේ දේවල් රට පුරා විහාරස්ථානවල වෙනවා.
එතකොට මේ ධර්මානුකූලව හැසිරිය යුතු භික්ෂුවක් මේ අධර්ම ලෙස හැසිරෙන්නේ කොහොමද?
ඒ ජ්‍යෙෂ්ඨ භික්ෂූන්ගේ හැසිරීමේ හා භාවිතය තුළ එක සාධකයක් නොවේද?
බීමට දෙහි මිරිකා ඒවා දිවෙන් ලෙවකන්න කෑමට දෙන ආහාරවල යම්කිසි විදියක අධම හැසිරීම් රටාවක් බහුලව මේ තුළ තිබිල තියෙනවා.
පහර දීම දිගින් දිගටම වෙලා තියෙනවා.
මේ පහරදීම්වලින් පසුව ගම්පොල රෝහලටත් ඉන් පසුව පේරාදෙණිය රෝහලටත් මේ කුඩා 8 හැවිරිදි සාමනේර හිමියන්ට දුක් විඳින්න වෙලා තියෙනවා.
පේරාදේණිය රෝහලේදී උන් වහන්සේ වෛද්‍ය පීඨයට හා මනෝ වෛද්‍ය ඒකකයට යොමු කරල තියෙනවා.
නමුත් විශ්වවිද්‍යාලය හෝ පේරාදෙණිය රෝහල මේ සඳහා මැදිහත් වෙන්න ඕන නේද?
ඇයි මේ අය නීතිය දන්නේ නැද්ද?
නමුත් මේ දෙමාපියන්ගෙන් පියා පමණයි පොඩ්ඩක්වත් මාධ්‍යයට ප්‍රකාශ කරන්නෙ.
2006 අංක 16 දරණ දණ්ඩනීති සංග්‍රහය සංශෝධන පනත යටතේ ළමයින්ගේ ආරක්ෂාව සහ භාරය දරන්නන් විසින් ළමයින්ට මනෝවිද්‍යාත්මක හෝ මානසික කම්පන සිදුවන ලෙස ඇති කරන හානි බරපතල අපරාධ ලෙස මේ 2006 අංක 16 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ පනතින් හඳුනාගෙන තිබෙනවා.
මේ බරපතල අපරාධයක් ලෙස තමයි තියෙන්නෙ.
එහෙම නම් මේ බරපතල අපරාධයට සාමනේර හිමිවරු අඩු වයස්කරුවන් කියා පොලිසියට නිහඬව ඉන්න බැහැ.
වහාම ළමයින්ගේ ආරක්ෂාව සහ භාරය කියන්නේ පැහැදිලිව දෙමවුපියන්ගේ හැරුණු විට විහාරාධිපතිට තමයි තියෙන්නෙ.
එතකොට විහාරාධිපති වහාම අත්අඩංගුවට ගන්න ඕනෑ.
ඒ භාරය නොසලකා හැරීම නිසා.
2006 අංක 16 දරණ දණ්ඩ නීති සංග්‍රහයට අනුව විහාරාධිපති විතරක් නොව මේ කූරත්වයට ලක් වූ සාමනේර හිමියන් එහෙම නැත්නම් එම විහාරස්ථානයේ ජ්‍යෙෂ්ඨ හිමිවරු සියලු‍ දෙනා පොලිසිය අත්අඩංගුවට ගන්න ඕනැ.
අනිත් එක මේ විහාරස්ථානය අදාළ නිකාය මොකක්ද?
ඒ නිකායේ මහා නායක හිමියන් ගෙන් ප්‍රශ්න කරන්න ඕන.
නිකායට අයත් සංඝ සභාව මීට වගකිව යුතුයි.
සංඝ සභාවේ සියලු‍ සාමාජිකයන්ගෙන් ප්‍රශන් කරන්න ඕන.
ප්‍රශ්න කරලා ඔවුන් සැකකරුවන් විදියට පොලිසිය පත් කරන්න ඕන.
ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයට මේ පිළිබඳ වගකීමකුත් තියෙනවා.
ශාසනාරක්ෂක මණ්ඩලයට එරෙහිවත් පොලිසිය චෝදනා නැගිය යුතුයි.
ඊට විතරක් නොව මේ විහාරාස්ථානය ආශ්‍රිතව ඇති දායක සභාවත් මීට වගකිව යුතුයි.
මේ විහාරස්ථාන ධර්මානුකූලව පැවැත්මක්, භාවිතයක් නැත්නම් ඒ සමස්තයම දණ්ඩ නීති සංග්‍රහයේ 2006 අංක 16 පනතට අනුව ගොනුකර ගත යුතුයි.
මෙය පුළුල්ව ක්‍රියාත්මක කළ යුතු දෙයක්.
නමුත් ඒ පිළිබඳව කටයුතු නොකිරීම ඉතාම ගැටලු‍ සහගතයි.
ළමා ආරක්ෂාව යන්නෙන් මොකක්ද අදහස් කරන්නේ.
ළමයින් ප්‍රචණ්ඩත්වයෙන්, අපයෝජනවලින්, සූරාකෑමෙන්, නොසලකා හැරීමෙන් ආරක්ෂා කිරීම.
ඒ ආරක්ෂා කිරීම මේ ගම්පොල විහාරස්ථානයෙන් මනාව සිදු වෙලා නැහැ.
මේ සාමනේර භික්ෂුවක් වුණාට උන්වහන්සේ දරුවෙක්.
ඒ දරුවාගේ පැවැත්මටත්, සංවර්ධනයටත්, සහභාගිත්වයටත් ඉතාම ගැටලු‍ සහගත තත්ත්වයක් මේ නිසා උද්ගත වෙලා තියෙනවා.
මේක පොදුවේ සමස්ත දිවයිනේම සුබසාධනයට ළමයින්ගේ උපරිම යහපත් අදාල ක්ෂේත්‍ර සියලු‍ම දේ අනාවරණය කරන සිදුවීමක්.
ඒ නිසා ලංකාවේ ළමයින් හා තරුණ පුද්ගලයන් පිළිබඳ බලපැවැත්වෙන ප්‍රධානතම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනය වන්නේ 1939 අංක 48 දරණ ළමයි සහ යෞවනයින් පිළිබඳ ආඥා පනතයි.
ඒ පනතේ ප්‍රතිපාදන අනුව ළමයෙකු යනු වයස 14ට අඩු අයකු වන අතර වයස 14ත් 16ත් අතර අය යෞවනයන් වශයෙන් සලකල තියෙනවා.
ඒ නිසා මේ පිළිබඳව වගකීම, ක්‍රියා කිරීම, කටයුතු පොලිසිය නොකරන්නේ නම් ඒ සඳහා පොලිස් ළමා හා කාන්තා මූලස්ථානය වහාම පියවර ගත යුතුයි.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය පොලිසිවල බොහෝ විට භික්ෂූන් විහාරස්ථාන ආශ්‍රිතව සිදුවෙන ළමා අපයෝජන, ළමයින්ට සිදුවන කෲරත්වය පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා.
මොකද ඒ අදාළ විහාරස්ථානවලින් විවිධ වරප්‍රසාද ඔවුන්ට ලැබෙන නිසා.
මෙයද ඉතා කණගාටුවට කරුණක්.
හැබැයි පොලිසියේ වගකීම අපරාධයක්, කෲරත්වයකට දරුවෙක් පත් වුවහොත් එය දැනගත් වහාම ඒ විගසමට ළඟම ඇති පොලිස් ස්ථානය ක්‍රියාත්මක වෙන්න ඕන.
ළමා අපයෝජන විමර්ශන හා ළමයින්ට සිදුවන අපරාධ වැලැක්වීමට ළමා හා කාන්තා ඒකකයක් සෑම පොලිස් ස්ථානයකම තියෙනවා.
ඊට අමතව නුගේගොඩ, අංක 12 පාගොඩ පාරේ පොලිස් ළමා හා කාන්තා කාර්යංශ මූලස්ථානයක් තියෙනවා.
මේ ළමා හා කාන්තා අපයෝජන වළක්වන්න.
නමුත් දිවයින පුරා විහාරාස්ථානවල සිදුවන එවැනි ක්‍රියා වලදී මනාව එය ඉටු වන්නේ නැහැ.
ඊළඟ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 1998 අංක 50 දරණ පනත මගින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පිහිටුවා තිබෙනවා.
ළමා අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට, ප්‍රවර්ධනය කිරීමට හා ළමයා අපයෝජනයෙන් වළක්වාගැනීමයි එහි මූලික අරමුණ.
ජාතික ළමාරක්ෂක අධිකාරිය, තලවතුගොඩ මාදිවෙල පිහිටා තිබෙනවා.
නමුත් මේ සම්බන්ධව ඔවුන්ගේ සැබෑ ක්‍රියාකාරිත්වය ඉතාම කනගාටුවට කරුණක්.
නමුත් ඔවුන් පැය 24 පුරාම ක්‍රියාත්මක ළමා උපකාරක සේවයක් තියෙනවා 1929.
ළමයින්ට සිදුවන ශාරීරික හෝ මානසික හෝ ලිංගික අපයෝජන පිළිබඳව නොසලකා හරින ලද අත්හැර දැමූ ළමයින්ව වීදිවල දරුවන් පිළිබඳව ඕනෑම අයකුට ඒ දුරකතනයට කතා කරන්න පුළුවන්.
හැබැයි මේ දුරකතනය නොවෙයි මේ වන විට මේ සිද්ධිය අරඹයා ජනමාධ්‍යයෙන් ඕන තරම් ප්‍රකාශ වෙලා තියෙනවා.
නමුත් ළමාරක්ෂක අධිකාරිය මේ සඳහා ක්‍රියාත්මකද? ගැටලු සහගතයි.
ඊළඟට මානව හිමිකම් කොමිසමක් තියෙනවා.
මානව හිමිකම් ප්‍රවර්ධනය හා ළමා ආරක්ෂාව එහි අරමුණයි.
ළමයින්ට මානව හිමිකම් කඩකිරීම් ගැන විමර්ශනය කිරීමට ඔවුන්ටත් බලයක් තියෙනවා.
නමුත් එහි ක්‍රියාකාරිත්වයක් තිබෙනවාද?
නමුත් මේ සියලු දෙනා වැටුප් ලබන මහජන මුදලින් යැපෙන පිංපඩි ගන්නා පිරිසක්ද?
ඊළඟට පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා.
දෙමාපියන්ට අවනත නොවන, පාසලෙන් කට්ටි පනින, මුරණ්ඩු, සමාජ විරෝධී වැඩ කරන ළමයි යහමගට ගැනීම තමයි ඒ දෙපාර්තමේන්තුවේ අරමුණ.
නමුත් අනාථ, අත්හල, අසරණ හා කෲරකම්වලට ගොදුරු වුණ නොයෙක් අපවාදවලට ලක්ව සිටින ළමයි රැකබලාගැනීමත් පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක්.
ඒ නිසා ගම්පොළ සිද්ධියේදී විතරක් නෙවෙයි ළමා සුබසාධනයට අයුතු විදියට හැසිරෙන, භාවිතාවන දිවයින පුරා විහාරස්ථානවල මෙවැනි සිදුවීම් අරඹයා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සමීක්ෂණයක, විමර්ශනාත්මක අධීක්ෂණය කර ඊට අදාළ තොරතුරු සම්පාදනය කරගෙන වහාම ක්‍රියාත්මක කළ යුතුයි.
විධිමත්ව හා අවිධිමත්ව ඒ තොරතුරු බොහෝ විට ස්වෙච්ඡා සංවිධානවලින් ගන්නත් පුළුවන්.
කම්කරු දෙපාර්තමේන්තුවෙත් කාන්තා හා ළමා කටයුතු අංශයක් තියෙනවා.
කම්කරු දෙපාර්තමේන්තුව පිහිටා තියෙන්නේ කොළඹ 5 නාරාහේන්පිට.
ඉතිං දරුවන්ගේ ජීවිතයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට හෝ ශරීරයට හානි ගෙන දෙන රැකියාවල යෙදීම ගැන කම්කරු දෙපාර්තමේන්තුව මෙන්ම ප්‍රාදේශීය කම්කරු කාර්යාලවලට ද පැමිණිලි කරන්න පුළුවන්.
නමුත් මේ කිසිවෙක් මැදිහත්ව ක්‍රියාත්මක වන බවක් දැනට දක්නට ලැබෙන්නේ නැහැ.
ඊළඟට ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව ඔවුන් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා ළමයින් ඇතුළු ඕනෑම කෙනෙකුට බලපාන සියලු නීති ගැටලු පිළිබඳව නොමිලේ නිති උපදෙස් ලබාදීම සහ අඩු ආදායම්ලාභීන්ට නොමිලේ නීතිඥ සහය ලබාදීම ප්‍රධාන කාර්යභාරයක් කියල.
ළමා ඒකකයක් ඔවුන් පිහිටුවල තියෙනවා.
ළමා අයිතිවාසිකම් සම්බන්බන්ධව ළමයින් මෙන්ම වැඩිහිටියන් ද දැනුවත් කිරීම සඳහා පලදායි පියවර ගැනීම ඔවුන්ගේ ඉලක්කයක් විය යුතුයි.
ළමා වින්දිතයන් සැකකරුවන් හා ළමයාගේ උපරිම යහපත සැලසිය යුතු අවස්ථාවලදී ඒ සඳහා තොරතුරු විමසා නොමිලේ මේ සඳහා නීතිඥ සහය ලබාදීමට මේ ගම්පොළ සිද්ධියේදී වත් ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව මැදිහත් වෙලාද කියල ඔබ පොඩ්ඩක් සොයා බලන්න.
ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදුවන ළමා අපයෝජන විහාරස්ථාන වෙනත් පූජ්‍ය ආගමික ස්ථානවල ඉතාම ගැටලුකාරී විදියට බොහොම වසා දමා ක්‍රියාත්මක වන තත්ත්වයන් සොයා බැලීම ඔවුන්ගේ වගකීමක්.
ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරලා ක්‍රියාත්මක කරනවාද කියන එක ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව වෙත ඔබට අප දුරකතන අංකයක් ලබා දෙන්නම්.
එහි සභාපතිවරයා ජනාධිපති නීතිඥ රොහාන් සහබන්ධු – 0775190096.
මේ පිළිබඳව ළමා රක්ෂක නීති සම්බන්ධව පවතින අඩුපාඩු රජයට පෙන්වාදීල නව නීති තත්ත්වය හඳුන්වාදීම මගින් නීතිය සංවර්ධනය කිරීමේ වගකීම ඒ සඳහා දායක වීම ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ ළමා ඒකකයේ වගකීමක්.
මා පෙර සඳහන් කළ බොහෝ ආයතනවල නීති කෙටුම්පත්වල ඇත්තටම සංඝ සමාජයෙන් සිදුවන ළමා අපචාර එහෙම නැත්නම් කුඩා හිමිවරු ශාසනයට ඇතුළත් කිරීම තුළින් ළමා පැවිද්ද තුළින් ළමා අයිතිවාසිකම් දිය වී ගිහිල්ල තියෙන එක පිළිබඳව නීති ආධාර කොමිෂන් සභාව සිය නව නීති රජයට හඳුන්වාදීල ඒ පිළිබඳව අදාළ ආයතනවල පනත්වලට ගොනු කරන්න ඕන.
ජාතික ළමා රක්ෂක අධිකාරිය පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පොලිසිය හා ළමා සුබසාධනය සඳහා ක්‍රියා කරන අනෙකුත් ආයතන සමඟ සහයෝගයෙන් ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය සඳහා නීති ආධාර කොමිෂන් සභාව ක්‍රියා කරන බවට ප්‍රචාරය කරනවා.
නමුත් ඒ සඳහා ගත වූ කාලය තුළ දිවයින පුරා විහාරස්ථාන ආශ්‍රිතව අප්‍රමාණව ළමා අපයෝජන බහුලව ළමා පැවිද්ද තුළින් සිදු වෙනවා.
ඒ පිළිබඳව ඍජුව විහාරස්ථාන ආශ්‍රිතව සිදුවන මේ ළමා අපචාර පිළිබඳව වහාම ක්‍රියාත්මක වීම සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව වැදගත් කාර්ය භාරයක් කර තිබේද නැද්ද?
එසේ නැත්නම් ඔබ ප්‍රදේශයේ, ඔබේ නගරයේ, ඔබේ ග්‍රාමීය ප්‍රදේශයේ විහාරස්ථාන ආශ්‍රිතව තියෙන අද්දැකීම් ඔහුට පවසන්න.
ජනාධිපති නීතිඥ රොහාන් සහබන්දු, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සභාපති, දුරකතන අංකය 0775190096 සභාපතිවරයාගෙන් ජනාධිපති නීතිඥ රොහාන් සහබන්දුගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කරන්න ඔබ ස්වෙච්ඡා ආයතනයක් නම්, ඔබ රටට හිතැති පුරවැසියෙක් නම් ඔබ දන්නා තොරතුරු ඔවුන්ට ලබාදෙන්න.
මොකද ඔවුන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, පොලිසිය හා ළමා සුබසාධනය සඳහා ක්‍රියා කරන අනෙකුත් ආයතන සමඟ සහයෝගයෙන් ළමා අයිතිවාසිකම් ප්‍රවර්ධනය උදෙසා ක්‍රියා කරන බවට ප්‍රචාරය කරන ලද ලේඛන අප මාධ්‍ය ආයතනය සතුයි.
ඒ නිසා ඔවුන් බැඳී ඉන්නවා මෙවැනි ක්‍රියාකාරකම් සඳහා දායකත්වයක් දක්වන්න.
ඔබ ඒ සම්බන්ධව මැදිහත්වීමට කැමැති නම් වහාම ජනාධිපති නීතිඥ රොහාන් සහබන්දු, 0775190096 ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සභාපතිවරයා අමතන්න.
මේ පිළිබඳව තවත් කාලීන තොරතුරු ඔබ ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න