වර්තමාන අගවිනිසුරු ජයන්ත ජයසූරිය තවදුරටත් අගවිනිසුරු ධුරයේ රැඳී සිටීම සදාචාර විරෝධී බව පැවසෙන පණිවිඩයක් මා වෙත ලැබෙන්නේ පසුගිය මාර්තු 21 දිනයි.
වර්තමාන අගවිනිසුරු ධුරයේ රැඳීම තවදුරටත් විවේචනාත්මකව මේ පණිවිඩය ගොනු වී ඇත්තේ ෆීනික්ස් නිතිසාර සංග්‍රහයෙන්.
එහි නිමිත්ත වන්නේ අගවිනිසුරුවරයාගේ මූලිකත්වයෙන් ඉදිරිපත් වී තිබුණ ගැසට් පත්‍රයක් පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමේ නෛතිකත්වයයි.
අදාළ සිද්ධිය අරඹයා ලියුම්කරුගේ යෝජනාවලිය සඳහා අදාළ පසුබිම් කථනය තේමාව යටතේ 2023 මාර්තු 08 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතා ලියන ලද ලිපියක් ද මෙහිදී සිහිපත් කළ යුතු වෙනවා.
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුලුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අමතා සුමිත් කොඩිතුක්කු විසින් පිටු 11 කින් යුතු ලේඛනය මෙහිදී සතුටින් සිහිපත් කරන්නේ මහත් අභිමානයෙන්.
පරිපූරක නීති පාඨමාලාව අවසානයේ කොළඹ නීති විද්‍යාලයේ පැවති විභාගය අවසානයේ ලියුම්කරු නීති අධ්‍යාපනය තවදුරටත් පුළුල් විය යුතු මාවත් පිළිබඳ දීර්ඝ විස්තරයක් පැවසුවා.
ඒ සඳහා ඇති බාධක ඉවත් කරගැනීම සඳහා නීති විද්‍යාලයට ඇතුල්වීමට තිබෙන සීමා හා සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය හැදෑරීමට ලබාගත යුතු අවකාශ්‍ය සඳහා සංවිධානාත්මකව ඒ සඳහා යම් සංසදයක අවශ්‍යතාවය සිය පාඨමාලාව හැදෑරූ සගයන් අමතා ප්‍රකාශ කළා.
ලියුම්කරුගේ ඒ මැදිහත්වීමෙන් ආරම්භ වූ පරිපූරක නීති සංසදයේ සභාපතිවරයා වශයෙන් සුමිත් කොඩිතුවක්කු පත් වුණා.
පසුව දේශපාලනයෙන් ප්‍රතිරූපය ගොඩනගා ගන්න උත්සාහ දරන පුද්ගලයකු මෙහි ලේකම් වශයෙන් පත් වූවා.
ඔහුගේ අත්තනෝමතික හැසිරීම හා භාවිතය විවේචනයට ලක් කිරිම නිසා මේ සංසදය කඩකප්පල් කිරීමට ඔහු කටයුතු කළා.
සභාපතිවරයාගේ අනුදැනුමකින් තොරව සභා රැස්වීම් කැඳවා ඔහුට ආවේනික නීති ආධාර පරිපූරක සභාවක් පිහිටුවීමේ ම්ලෙච්ඡ අත්තනෝමතික දුරාචාර ක්‍රියාවට එරෙහිව මේ වන විට සුමිත් කොඩිතුවක්කු නීතිමය පියවර ගෙන තිබෙනවා.
නමුත් කොඩිතුවක්කු මහතා සිය මූලික පරමාර්ථ අරඹයා අදාල කටයුතු කිරීමේ එක් පියවරක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අමතා ලියන ලද පිටු 11කින් සමන්විත ලේඛනයේ ප්‍රතිඵල තමයි නීතිය, නීති විද්‍යාලය තුළ දී සිංහල භාෂාවෙන් හැදෑරීමට අවකාශ ලබාදීමේ හිමිකම පාර්ලිමේන්තුව තුළින් සම්මත වන්නේ.
සිරිමාවෝ බණ්ඩානාරයක මැතිනිය 1970 පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමෙන් පස්සේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී සිංහල භාෂාවෙන් නීතිය ඉගෙනීමේ හා සිංහල භාෂාවෙන් නීති විභාගවලට පෙනී සිටීමේ අයිතිය ලබාදුන්නා.
හිටපු අධිකරණ ඇමැති අලි සබ්රි සමඟ ඔහුගේ සහයෙන් 2020.12.30 අංක 2208/13 අති විශේෂ ගැසට් පත්‍රයට අනුමැතිය ලබාදී එකී අයිතිය ඒ කියන්නේ සිංහල භාෂාවෙන් නීති විද ්‍යාලය තුළ නීතිය හැදෑරීමේ අවස්ථාව අහිමි කරනවා සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයින්.
මේ නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයින් කවුද?
ගරු ජයන්ත ජයසූරිය අගවිනිසුරු ජනාධිපති නීතිඥ
ගරු ඩී. ද ලිවේරා එවකට නීතිපති
ගරු පී. බී. අලුවිහාරේ ජනාධිපති නීතිඥ
ගරු කේ. සිසිර ජේ. ද ආබෲ
එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා එවකට අධිකරණ අමාත්‍යංශයේ ලේකම්
සංජේ රාජරත්නම් මහතා එවකට වැඩ බලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ
ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා ජනාධිපති නීතිඥ
මහාචාර්ය ටී. වී. තමිල් මාරන්
ප්‍රියන්ත නවාන මහතා ජනාධිපති නීතිඥ
කේ. නවරත්න මහතා
කේ. ඉන්ද්‍රතිස්ස මහතා ජනාධිපති නීතිඥ
තිසත් විජේගුණවර්ධන මහතා ජනාධිපති නීතිඥ
ධම්මක දසනායක මහතා
සාවිත්‍ර ගුණසේක මහත්මිය
ඉන්දිරා සමරසිංහ මහත්මිය ජනාධිපති නීතිඥ, විදුහල්පති, ලේඛකාධිකාරි, සංස්ථාගත නීති අධ්‍යාපන සභාව
මේ තත්ත්වය මේ පනත මේ ගැසට්ටුව ඉවත දමමින් පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එම ගැසට් පත්‍රය අහෝසි කළා.
ඉන් පසුව උද්ගත වූ තත්ත්වය අරඹයා තමයි මේ පිළිබඳව නීති අධ්‍යාපනය පිළිබඳව වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන වෛද්‍යතිලක පද්මා අනුස්මරණ නීති අධ්‍යාපන යටතේ ඉහත ප්‍රකාශය නිකුත් වන්නේ.
අගවිනිසුරුවරයා ජයන්ත ජයසූරිය සිය ධුරයෙන් ඉවත් විය යුතු බවට අදාළ ලේඛනයේ කරුණු සඳහන් වන පරිසරය තුළ ලංකාවේ අධිකරණ ක්‍රමය පිළිබඳව හා එහි ධුරාවලිය පිළිබඳව මතු වී තිබෙන ගැටලු සම්බන්ධව කතා කළ යුතුයි.
නීති විද්‍යාල ප්‍රවේශ පරීක්ෂණය පැවැත්වීම සම්බන්ධව අක්‍රමිකතා වංචා හා වෙනත් අයුතු ක්‍රියාවන් දිගින් දිගටම පසුගිය කාලය තුළ සිදු වුණා.
ඒවා පරීක්ෂා කිරීමේ හා ගත යුතු ප්‍රතිකර්ම නිර්දේශ කිරීමේ අනුකාරක සභා ද පිහිටවනු ලැබුවා.
නමුත් ඒවා මොනවාද යන්න ප්‍රසිද්ධියට පත් වුණේ නැහැ.
පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව අමතා කොඩිතුවක්කු මහතා ලියන ලද ලේඛනයේ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේදී සිදුවෙන වැරදි ක්‍රියාවන් අරඹයා පුළුල් පැහැදිලි කිරීමක් අදාළ ලේඛනයේ අන්තර්ගත කරා.
එය විවෘත විශ්විවිද්‍යාලය ආශ්‍රිතව සිදු වූ සිද්ධියක් තමයි නිමිත්ත කරගත්තෙ.
එහෙමම ලංකාවේ දිගින් දිගටම පාර්ලිමේන්තුවේ මහ ලේකම් ආශ්‍රිතව අනුකාරක සබාවේ ලේකම් උපදේශක කාරක සභාවේ කාර්යංශය මෙවැනි පරීක්ෂා කිරීම් නිර්දේශ කිරීම් අනුකරාක සභා පිහිටුවා තිබෙනවා.
නමුත් මේ වන තෙක් ඊට අදාළ පුළුල් විකල්ප ක්‍රියාමාර්ග නීති විද්‍යාලය ගෙන නැති බව ඉතාම කනගාටුවට කරුණක්.
එසේ වන්නේ ඇයි?
ලංකාවේ නීති විද්‍යාලය මනාව ක්‍රියාත්මක නම් ඒ සම්බන්ධව අප දිගින් දිගටම කතා කළ යුතු වෙනවද?
නීති විද්‍යාලය ආරම්භ වන්නේ බි්‍රතාන්‍ය යුගයේදී.
නීති ක්ෂේත්‍රයේ ඇති කරණ ලද අධිකරණ ක්‍රමය ආශ්‍රියෙන් තමයි නීති විද්‍යාලය බිහි වෙන්නේ.
ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ආරම්භ වීමත් සමඟ නීති වෘත්තියට ඇතුළත් වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය වුණා.
වර්ෂ 1801 දී නීතිඥයින් අධිනීතිඥයින් බඳවාගැනීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරුණා.
1860 දී නීතිවේදීන් පත් කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට සහ පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයකට පැවරුණා.
වර්ෂ 1874 දී නිති අධ්‍යාපන මණ්ඩලයක් ඉන්පසුව පත් වුණා.
නීති අධ්‍යාපන මණ්ඩලයේ මුදල් තත්ත්වය දියණු වීම හා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීම නිසා 1911 වර්ෂයේ අලුත්කඩේ උසාවිය ඉදිරිපිට භූමි භාගයේ ලංකා නීති විද්‍යාලය ආරම්භ වෙනවා.
ඒ බිහිවුණු නීති විද්‍යාලය තවදුරටත් අපේ අධිකරණය යහපත් මඟකට තල්ලු කරලද එහෙමත් නැත්නම් යටත්විජිත යුගයේ භාවිතය හා හැසිරීම තුළ තවදුරටත් යැපෙනවද කියන එක ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා.
රටක ජනතාව එරට අධිකරණ පද්ධතිය දුෂිත හා වංචනික යැයි විශ්වාස කරන්නේ නම් ඉන් හැඟවෙන්නේ කුමක්ද?
අධිකරණ නීති ක්ෂේත්‍රයේ පවා අධිකරණ පද්ධතිය පිළිබඳ අවිශ්වාස කරන්නේ නම් ඉන් ඇඟවෙන්නේ කුමක්ද?
මේ පිළිබඳව රටේ වැදගත් සමීක්ෂණ ආයතන ප්‍රකාශයට පත් කරපු කරුණු තිබෙනවා.
ඒවා අධ්‍යයනය කිරීමේදී ඇති කරන්නේ පිළිකුල් සහගත ආකල්පයක්.
මේ පිළිබඳව වඩාත් පහසුවෙන් කතා කළ යුතු පැති බොහොමයක් තිබෙනවා.
එහිදී ලංකාවේ අධිකරණය තුළ යුක්තිය පසඳලීමේ නාමයෙන් ඉතාම කෲර දේවල් සිද්ධ වෙනවා.
නමුත් ඒවා බොහෝ විට කතා බහට ලක් වන්නේ නැහැ.
සංවාදයට ලක්වන්නේ නැහැ.
ග්‍රාමීය පුරවැසියෙක් බුලත් විටක් කාලා අධිකරණය භූමිය තුළ බුලත් විටක් විකන කොට එය අධිකරණයට අපහාස කළා කියලා තීන්දු කරන ඇතැම් විනිසුරුවරුන් ඉන්නවා.
තමන් විනිශ්චය ආසනය වෙත එන්නේ උසාවි ආරම්භ කළ යුතු වෙලාවට වඩා පැය කීයක් පමා වෙලාද කියලා ඒ විනිසුරුවරු කල්පනා කරන්නේ නැහැ.
බුලත්විට කන මිනිස්සු ඉන්න රටක කිසියම් පුද්ගලයකු අතපසුවීමකින් හෝ අධිකරණ භූමිය තුළ දී බුලත්විටක් කෑවොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඔහුට ඒ මොහොතේම දඬුවම් විඳින්න සිදු වෙනවා.
මේ එක් කරුණක් පමණයි.
මෙවැනි වෙනත් ආශ්‍රිත කරුණු අරභයා අධිකරණවලදී ක්ෂණික දඬුවම් ලබාදෙන අවස්ථා තිබෙනවා.
නීතිය නොදැනීම කියල යම් කිසි තේමා පාඨයකුත් තියෙනවා.
ඇත්තටම නීතිය පාසල් පද්ධතිය තුළ මනාව ඉගැන්වීමේ ක්‍රමවේදයක් නැති පරිසරයක් තුළ ලංකාවේ ග්‍රාමීය නාගරික වශයෙන් ජනතාව අපහසුතාවට පත්වන අවස්ථා අපමණයි.
කොහොම වෙතත් විනිසුරුවරයෙක් තමන් අහන නඩුවක විත්තිකාරියක් අධිකරණයේ නිල කුටියදීම බලහත්කාරයෙන් දූෂණය කළහොත් එය බරපතල වරදක් ලෙස සලකන්නේ නැති අධිකරණ ඉතිහාසයක් අපට තියෙනවා.
එවැනි චෝදනාවලට ලක්වූ විනිසුරුවරයෙක් වැරදිකරු වීමෙන් පසුවත් ඔහුගේ වැඩ තහනම් කෙරෙන්නේ පූර්ණ වැටුප් ලැබෙන විදියටයි.
එසේම අධිකරණවල රටේ පුරවැසියන්ගේ අනාචාර නඩු විභාග වෙනවා.
ඒත් රටේ අග්‍රවිනිශ්චයකාරවරයාට එය අදාළ වන්නේ නැති විදියට ක්‍රියා කරපු අවස්ථා තිබෙනවා.
එහිදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ප්‍රමුඛයි.
රටේ නිවැරදි ක්‍රම පද්ධතියක් ස්ථාපනය කර වඩාත් පාරදූෂ්‍ය වගකීම සහ වගකීම් සහිත රාජ්‍ය යාන්ත්‍රණයක් බලගැන්වීමට නොහැකිකම නිසා මේ තත්ත්වය උද්ගත වෙලා තියෙනවා.
මේ සඳහා සමාන වටිනාකමක් ලබාදෙන්නට ගැමියෙක් විදියට පැමිණි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ඇතුළු ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවත් සිදු කළේ තවදුරටත් රාජ්‍ය දුරාචාරය වැපිරීම පමණයි.
ස්වාධීන අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා පුළුල් වගකීමක් මැදිහත් වීමක් කළේ නැහැ.
මහින්ද රාජපක්ෂ සහ ඊට පෙර පැවති චන්ද්‍රිකා ආණ්ඩු රටෙහි අධිකරණ යාන්ත්‍රණය උඩු යටකුරු කිරීමට හේතු වූ කරුණු අපමණයි.
තීරණ පත් කිරීම්, ඉවත් කිරිම්, මැදිහත් වීම් පාදඩ දේශපාලනය විසින් කළ නිසා මෙවැනි තත්ත්වයක් රටේ උද්ගත වී තිබෙනවා.
චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේදී අග්‍රවිනිශ්චයකාරවරයා වශයෙන් සරත් නන්ද සිල්වා පත් කිරීමෙන් අධිකරණ ක්ෂේත්‍රයේ බරපතල කඩාවැටීමක්.
ඔහුගේ පත් වීම ඔහු අසුන්ගත් ශ්‍රේෂ්ඨාධිකරණයේදීම අභියෝගයට ලක් වුණු බව ඒ කාලවලදී අපි දන්නා කරුණක්.
ඔහු කළ විෂමාචර සහ අනෙකුත් සමාජ විරෝධී ක්‍රියා සියල්ලක්ම පාහේ රටේ සාමාන්‍ය මහජනතාවට දැනකියා ගැනීමට අවස්ථාව ලැබුණා.
කොහොම වෙතත් එවකට නඩු ඇසූ ශ්‍රේෂ්ඨාධිකරණය චන්ද්‍රිකාගේ පත් කිරීම නීත්‍යානුකූල බවට අදාළ නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි අවස්ථාවේදී ලබාදුන් තීන්දුවක් සැක සහිතයි.
සරත් එන්. සිල්වා කළ කී ද ෑ මේ වන විට මුලු රටම අද භුක්ති විඳිමින් තියෙනවා.
එහෙයින් අයුතු ප්‍රතිඵල පිළිබඳව එකිනෙන් එකට පහැදැලිව කර ගැනීමට පසුවට දැනට තබාගැනෙනවා.
තමන්ට අවශ්‍ය වන අවස්ථාවලදී කබරගොයා තලගොයා කරගත් න්‍යායයෙන් සරත් එන්. සිල්වා ලබාදුන් සමහර නඩු තීන්දු සම්බන්ධයෙන් පසුව ඔහු ජාතියෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලූ බව ඔබට මතක ඇති.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙක් නඩු පැවරීමේ සිට පහළ අධිකරණයක විනිසුරුවරයකු ලබාදුන් තීන්දුව තෙක් අගවිනිසුරුවරයකුගේ බලපෑම සහ බල අපයෝජනය තිබෙනවා.
සරත් එන් සිල්වා තම ධූරයේ සිටිමින් කළ එදා ඒ බලපෑම අපයෝජන රටාවක් රට තුළ සංවර්ධනය වෙන්නට ඉමහත් පිටුවහලක් වෙලා තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා විසින් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු වරිය වශයෙන් පත් කරන්නේ එවැනි පරිසරයකින් පසුවයි.
ඇය අගවිනිසුරු වරිය වශයෙන් පත් වූ පසු නාමල් රාජපක්ෂ නීතිඥවරයකු වශයෙන් දිවුරුම්දීම පිළිබඳවත් ඔහුගේ නීති විද ්‍යාලයේ විභාගවලට මුහුණ දීම පිළිබඳවත් ගැටලු සහගත තත්ත්වයන් ගණනාවක් එදා තිබුණා.
නමුත් ඒ අවස්ථාවලදී ශිරාණි බණ්ඩාරනායක ඔවුන් සමඟ ඉතාම කුළුපඟව හැසිරුණා.
නාමල් රාජපක්ෂ හා ශිරාණි බණ්ඩාරනායක දිවුරුම් දීමෙන් අනතුරුව එක්ව ඡායාරූප ද අරගෙන ප්‍රසිද්ධියට පත් වුණා.
ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අතර මධුසමය කෙටි කාලයකින් අවසන් වන්නේ දිවිනැඟුම පනත හා බලය බෙදීම සම්බන්ධයෙන් බණ්ඩාරනායක මැතිණියගේ ස්ථාවරය රාජපක්ෂ ආණ්ඩුව නොරිස්සූ තත්ත්වයක් තුළයි.
රාජපක්ෂවරුන් ශිරාණි බණ්ඩාරනායක කෙරෙහි කෙතරම් වෛරයක් ඇති කරගත්තේ ද යන්න ඇයව පාර්ලිමේන්තු විශේෂ තේරිම් කාරක සභාව විසින් ඉවත් කිරිම දක්වා ගිය ගමන් මඟ පිළිබඳ නඩු වාර්තාව දැන් ඉදිරියට ඔබට දිගින් දිගටම නිවුස් ඇන්ඩ් ඉමේජ් ඕගනයිෂේසන් වෙබ් අඩවිය මගින් කියවන්න අවස්ථාව ලැබෙයි.
යහපාලන ආණ්ඩුවේ පසුව ඇමතිකම් ගත් කීපදෙනෙක්ද මහින්දගේ පාර්ලිමේන්තු තේරුම් කමිටුවක් මගින් කැකිල්ලේ තාලේ නඩුවක් අසා ඇය ධුරයෙන් නෙරපා හරින තත්ත්වය තුළත් මේ රටේ රාජ්‍ය දුරාචාරය මනාව ප්‍රදර්ශනය වුණා.
යහපාලන ආණ්ඩුවේ සිටි නියෝජ්‍ය කතානායක ඇතුළු සමහර ඇමැතිවරු ඇයගේ නිල නිවසේ පිළිකන්නේ කිරිබත් කන්නේ මහින්ද රාජපක්ෂ දුරාචාර රාජ්‍ය නායකයාගේ එදා මැදිහත්වීම හා හැසිරීම භාවිතය තුළයි.
ආචාර්ය බණ්ඩරනායක ධුරයෙන් නෙරපීමෙන් අනතුරුව මොහාන් පීරිස් අග්‍රවිනිශ්චයකාරවරයා වශයෙන් රාජපක්ෂ ජනාධිපති විසින් පත් කරනු ලබනවා.
ඔහු එසේ පත්වීම් ලබද්දී ඊට පෙර කැබිනට් මණ්ඩලයේ උපදේශකයකු වශයෙන් ක්‍රියා කරල තියෙනවා.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයෙකු ලෙස කටයුතු කරල තියෙනවා.
සෙලාන් බැංකුවේ සභාපතිවරයා වශයෙන් ද කටයුත කරල තියෙනවා.
ඒ අනුව එම පත්කිරීම සම්බන්ධයෙන් රටේ විශාල එදා විරෝධයක් ගොඩනැගුණා.
රාජපක්ෂ කැටිකොටගෙන තිබුණු බලය ඔහු යටත් කොට සිටි ආණ්ඩුපක්ෂය සහ කැබිනට් මණ්ඩලයේ නිශ්ක්‍රීය භාවය මත ඔහුට එම විරෝධතා කිසිම විලිලැජ්ජාවක් ඔහු තුළ ඇති වූයේ නැහැ.
මොහොන් පීරිස් සරත් සිල්වා කලාක් මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ගත්තා.
සරත් සිල්වා මෙන් සීරු මාරුවට නොවුණත් රාජපක්ෂලාගේ සහයෙන් ඔහු රාජපක්ෂලාගේ අවශ්‍යතා සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේදි ඔහු මනාව ඉටු කළා.
අවසානයේ වූයේ මොහාන් පීරිස්ගේ අනීතික ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ප්‍රතිවිරෝධයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ එදා සිටි අනෙකුත් විනිශ්චයකාරවරුන්ගෙන් ඉදිරිපත් නොවීමයි.
එහිදී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ හැසිරීම භාවිතය හා නිහඬවීම තුළ අප තේරුම්ගත යුත්තේ මොනවාද?
ඉදිරි ලේඛනවලින් බලාපොරොත්තු වන්න.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න