දෙවන පෑතිස් රාජ්‍ය සමයේ දී මහින්දාගමනය සිදු විය .

එදා අද සමාජ ශිෂ්ඨාචාර පඨිථය අතිශය බැරෑරුම් ලෙස සෝදා පාලුවට ගොස් තිබේ.

ඒ ශ්‍රී ලංකාවේ භික්ෂු සමාජය නිසාය .

අනුරාධපුරයේ මහවිහාරය ආරම්භ වී වසර 200කට පසු භික්ෂු සමාජයේ අෂ්ශීල ගුණාංග පළමු වරට විවෘතව ප්‍රතික්ෂේප කරන්නේ මහසෙන් රජතුමාය.

මහවිහාරය බිමට සමතලා කර අමු සිටුවීමට එදා උපදෙස් දෙන මහසෙන් රජතුමා පසුකාලීනව රජරට ජනතාවගේ දේවත්වයට පත් වේ.

අභයගිරිය , ජේතවනාරාමය මෙරට භික්ෂු සමාජයේ කඩඉම් ඇති කරන ලද කාලපරිච්ඡේද  ලෙස හැඳින්වීම ඉතාම යෝග්‍ය වේ.

මහසෙන් රාජ්‍ය සමයේ දී ලාංකික භික්ෂු සමාජයේ ජේතවන නිකායක් ආරම්භ වීම හා වළගම්බා රජ දවස අභයගිරි නිකායක් යන දෙඅංශයම තුළින් ම බිහි වූයේ ධර්ම රුචික භික්ෂූන් වහන්සේලායි.

නමුත්  මහවිහාරික භික්ෂූන් වහන්සේලා එදා මෙදා කාලය තුළ සැබෑ ඊට අදාළ තොරතුරු වසා තිබේ.

මේ පිළිබඳ පුළුල් විස්තරයක් පසුව හෙලිදරව් කිරීමට අපේක්ෂා කෙරේ.

ධර්මයෙන් තොරව චීවරය දරන්නා අනුරාධපුර යුගයේ සිට නුවර යුගය දක්වා තොරතුරු ඇත.

එම තොරතුරුවල සැබෑව හදුනාගෙන පොදු සමාජයට කාන්දු කිරීමට අපේ විද්වත් සමාජය අසමත් වී තිබේ.

චණ්ඩාශෝක රජු බුද්ධාගමට හැරුණු ආකාරය සමාජයට නිර්වචනය කර ඇත්තේ ඉතාම සත්‍ය ලෙස නොවේ.

ඒ තුළ ඇත්තේ ලාලසාය ( අධික ආශාව ) ප්‍රයෝග ගුණයකි.

ඇත්තම සත්‍යනම් ඉන්දියාවෙන් චණ්ඩාශෝක ධර්මාශෝක වන්නේ යුද්ධයේ බිහිසුන බව හා අනිත්‍ය අවබෝධය තුළින් ය.

රජවාසල ඉදිරියෙන් වැඩම කරමින් සිටි කුඩා සාමනේර නමකගේ සංවර විලාසය ගැන පැහැදුණු අශෝක රජතුමා සත්භාවයෙන් රජවාසලට එක් කර ගත්තේ සංඝයා වහන්සේ කෙනෙකු සතු පැහැදුණු සිතින්ය.

වර්තමාන භික්ෂු සමාජය සිය පැවැත්ම සඳහා මෙවැනි ‌‌‌ඓතිහාසික කරුණු භික්ෂු සමාජයේ සුඛ විහරණය සඳහා අත්තනෝමතික ලෙස උපකල්පනය කරගෙන තිබේ.

මේ තත්වය වර්ධනය වන්නේ උතුරු නැගෙනහිර පැවැති යුද්ධයත් සමඟය.

මේ කාලපරිච්ඡේදයේ රටේ ජනාධිපතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂය.

වෙනත් ආගමකට අයත් හින්දු ජන කණ්ඩායමක නියෝජනයක් වූ උතුරු නැගෙනහිර යුද්ධය අවියක් කරගෙන ජාතිවාදය තුළින් ගැටීමට භික්ෂු සමාජය ගෙන ගිය කැත වැඩ පිළිවෙළ මේ තත්වය තුළ එක් ආරම්භයක් වශයෙන් කිව හැකිය.

බුද්ධාගම ආරක්ෂා කිරීම එහි තේමාව විය.

චීවරධාරීන් , පූජ්‍ය , අතිපූජ්‍ය , ආචාර්යය , මහාචාර්යය , නිකාය මහානායකහිමිවරු අඩු වැඩි වශයෙන් මීට දායක වූවෝ වෙති.

මීට අමතරව දෙතොල් පාට කරන කටහඩේ මධුර ස්වරය උපරිම ප්‍රයෝජන ගත් ජනමාධ්‍ය ධර්ම දේශකයින් වර්තමාන අර්බුදයේ පෙර රාජපක්ෂවරු වෙනුවෙන් කපටි වැඩ කොටසක් කළ අය වේ.

රූපවාහිනිය , ගුවන්විදුලිය තුළින් ධර්මය නොව මිනිසුන්ගේ සමාන්‍ය අවශ්‍යතා පුබුදුවා සිහින ලෝකවලට ගෙන ගිය මේ අය පසුකාලීනව සුවිශාල ක්‍රීඩා පිට්ටනිවල ව්‍යාපාරික ධර්ම දේශනා පැවැත් වූහ.

ඒ සදහා රට පුරා සංවිධායකයින් පත් කර ගත්හ.

වැය කළ මුදල් සාමාන්‍ය ජනතාවගේ බෞද්ධාගම නාමයෙන් එකතු කර ගත් මුදල් ය.

ඒ සදහා අනුග්‍රහය දැක් වූ ව්‍යාපාරික ආයතනවලින් ලැබුනේ අති විශාල මුදල් කන්දරාවකි.

මේ සියල්ල පසුපස රාජපක්ෂ නඩය සිටි අතර පාදඩ දේශපාලනය තුළින් ඔවුන්ට ලැබුනේ දැවැන්ත ප්‍රතිරූපයකි.

මේ නිසා සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට ධර්ම දේශක භික්ෂුන් වහන්සේලා ආභරණයක් කර ගත්තේ ශ්‍රේෂ්ඨ බුදු දහමය.

රාජපක්ෂලාට ගැතිකම් කරන ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලැබුන මුදල්වලට අමතරව විශාල පිට්ටනිවලට රැස්වන ධර්ම ශ්‍රාවකයන් අතින් අත යවා සම්මාදම් කරගත් මුදල් ප්‍රමාණය එක් වරකට රුපියල් ලක්ෂය ඉක්ම වූ අවස්ථා තිබේ.

අහිංසක නූගත් ග්‍රාමීය උපාසිකාවන්ගේ පැළඳ සිටි රං ආභරණ පවා එම පිංවට්ටිවලට පිං පිණිස ලබා දීම සඳහා බුද්ධ දේශනාව හරව හරවමින් සටකපට ලෙස මේ භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා පැවැත් වූහ.

අහිංසක ග්‍රාමීය නූගත් වයසක උපාසක අම්මලා පැළඳ සිටි රං ආභරණ පවා අතින් අත යැවූ පූජා වට්ටි වලට රං ආභරණ එක් කළේ විචිත්‍ර ධර්ම දේශනාවලින් මුසපත් වීමෙන් පසුවය.

මේ සියල්ල තුළ සමස්තය ව්‍යාපාරික මාෆියාවක් විය.

නමුත් එහි හැඩරුව මහජනතාවට හදුනා ගැනීමට නොහැකි වූයේ සියල්ලක් සිදු වූයේ ශ්‍රේෂ්ඨ බුදු දහමට මුවා වී ක්‍රියා කළ නිසාය.

දෙමළුන් මැරීම නිවනට මඟ යැයි එදා ගීත ලියූ භික්ෂූන්ගේ චීවරය පසු පස ඇති ධර්මය කුමක් ද? යන්න පොදු සමාජය ප්‍රශ්න නොකලේ ඒ නිසාය.

බොදු බල සේනා අධිපති පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර භික්ෂුව එදා මෙදා කාලය තුළ පාදඩ චරිත රඟ දක්වන්නේ ඒ නිසාය.

රාවණ බලය , සිංහල රාවය , ජාතික විද්වත් භික්ෂු සංසදය වැනි ආයතන බිහි වන්නේ මෙවැනි සමාජ පරිසරයක් තුළිනි.

උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වීමත් සමග බොදු බල සේනා අධිපති හැරෙන්නේ මුස්ලිම් ප්‍රජාව දෙසටය.

අලුත්ගම ධර්ගා නගරය හා බේරුවල දක්වා සිදු කළ බොදු බල සේනා ඇති කළ ජාතිවාදී උත්තේජනය තුළින් සිදු වූ පෞද්ගලික ධනහානි සඳහා ඊට වන්දි රජය ලබා දුන්නේ අවසානයේ මහජන මුදල්වලින් ය.

බොදුබල සේනා චීවරධාරියා ඔහුගේ සාහසික ප්‍රකාශවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත.

රටේ පැවැත්මට හානිකර ක්‍රියාකාරකම් රැසක් ඇති කළ මෙවැනි පාදඩ භික්ෂූන්ට සමාජ වටිනකම් ලබා දුන්නේ ජනාතාව ප්‍රතික්ෂේප කළ ජනාධිපතිකමින් පලා ගිය නන්දසේන රාජපක්ෂය.

එක රටක් එක නීතියක් සදහා වාර්තාවක් සැකසීමට පත් කළ කණ්ඩායමේ ප්‍රධානියා වූයේ ඥාණසාර ය.

මෙවැනි ක්‍රියාකාරකම් පනස් හය වසරේ දී බලයට පත් වූ අගමැති බණ්ඩාරනායක ඝාතනය කළ ඉතිහාසය දක්වා දිව යයි.

අගමැතිවරයා ඝාතනය කළේ සෝමාරාම චීචරධාරියායි.

බුද්ධාගම සහ සංඝ ශාසනයේ නාමයෙන් එදා සිට අද දක්වා වීදි බසින භික්ෂූන්ගෙන් රටේ සංවර්ධනයට සිදු වී ඇති පොදු ක්‍රියාකාරකම් නැති තරම්ය.

දේශපාලඥයින්ගේ අසාර්ථකත්වයට පිළිතුරු ඇත්තේ පැවැදි මැදිහත් වීමෙන් බව සනාථ කර ඇත.

ඒ බව මහින්දට හා නන්දසේනට කඩේ ගිය භික්ෂු පරපුර කරුණු සනාථ කරති.

මහජනතාවට වැදි බණ කියා සඟ ගැට තුළින් රාජපක්ෂ නඩය ඔසවා තැබූ භික්ෂු සමාජය නිසා අද ශ්‍රී ලංකාව අසාර්ථකත්වයට පත් වී ඇත.

ශ්‍රී ලංකාව සිල්වත් රාජ්‍යයක් , පන්සිල් රකින රටක් බවට පත් කරන තේමා වාක්‍ය ඉදිරිපත් කළ ජාතික හෙළ උරුමයේ තේමාව වන බොරුව , වංචාව , ප්‍රෝඩාව හරය කරගත් හැසිරීමක් හා භාවිතයක් තිබුණි.

මීට මැදිහත් වූ චීවරධාරීන් තක්කඩිකමින් නව පන්සල් බිහි කරගෙන හැසිරෙති.

මොවුන් අලි හොරුන් පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ තුට්ටු දෙකටත් විදපු හොරු රැලක් ය.

රට සුද්ද කිරීමට පාර්ලිමේන්තු ගිය චීවරධාරීන්ගේ කාලයේ දී දුරාචාරයට රට තල්ලු වී ව්‍යාප්ත වී තිබේ.

පංචශීලයේ පස්වන ශික්ෂා පදය මත්පැන් භාවිතය උග්‍ර වී තිබුණි.

අන්තර්ජාලයේ කාමය සොයා ගිය රටවල් අතරින් පළමු තැනට අවුරුදු තුනක් ම පිට පිට ම ශ්‍රී ලංකාව පත්ව තිබිණි.

ගුවන් විදුලි විකාශන බලපත්‍රයක් ලබා ගත් බෞද්ධ භික්ෂුවක් විසින් එම බලපත්‍රය රුපියල් මිලියන හැට පහකට විකුණන්නේ ද මේ නඩයේ භික්ෂුවක් විසිනි.

මෑතක ළගම උදාහරණය එල්ල වූයේ අතුරුලියේ රතන හිමිටය.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දිවි තුරා සිර ගෙයි තැබු මිනීවරුවෙකු නිදහස් කිරීම සඳහා සුවිශාල අල්ලසක් ලබා ගැනීම පිළිබඳව ය.

ජනාධිපති මෛත්‍රිපාල යුගයේ දී සිදු වී තිබෙන ඒ ගණුදෙණුව පිළිබදව රූපවාහිනි සාකච්ඡාවක දී පසුගිය දා හෙළි කලේ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේනය.

භික්ෂූන් වහන්සේලා තුළ තිබිය යුතු සදාචාරය අවම ශිලාචාර ගුණාංගවත් නැති බව මින් පැහැදිලි නොවන්නේ ද?

ජනාධිපතිවරුන්ට තිබෙන මුක්තිය උපරිම ප්‍රයෝජන ගන්නා මෙවැනි යතිවර භික්ෂූ හූ නීතියේ ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය වෙනත් වැදගත් සමාජ ක්ෂේත්‍රවලට කර තිබෙන නස්පැත්තිය පියවරෙන් පියවර ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

නීතියේ සහ ආණ්ඩු බලයේ හයියෙන් බුද්ධාගම ආරක්ෂා කරනවා  , යැයි යතිවර ඇතැම් ප්‍රකාශ සමාජය මුලාවට තල්ලු කිරීමකි.

ධර්මයෙන් තොර හිස් සිවුරක් පැළඳ සිටින ඇතැම් බෞද්ධ භික්ෂූන්ව නිරුවත් කිරීම පොදු සමාජයේ යුතුකමකි.

පූජ්‍ය පක්ෂය සඳහා මගී බස් රථවල ආසන වෙන් කර ඇත.

බොහෝ විට වයෝ වෘද්ධ කාන්තාවන් ඉන් නැගිට භික්ෂුවට අසුන් ලබා දීම සිදු කරයි.

නමුත් ධර්ම රාජකාරිය මනාව ශ්‍රී ලංකාවට ඉටු නොකළ භික්ෂූන් වහන්සේලාට අපි තවදුරටත් ගරු කළ යුතු ද?

පොදු බස් රථයේ දී සිවුරට ගරු කර ඉන් නැගිට ධර්මයෙන් ගිලිහුණ භික්ෂූන්ට ලබා නොදීමට මහජනතාව ධෛර්යයමත් විය යුතුය.

එවැනි අවස්ථාවල දී පැවැදි පක්ෂයේ ධර්ම කාර්යය සමාජයට මනාව ඉටු වී නැති බවට උදාහරණ ඇතිව කරුණු ඉදිරිපත් කිරීමට මහජනතාව ඉදිරියට පැමිණිය යුතුය.      

  • සුමිත් කොඩිතුවක්කු විසිනි –

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න