විශේ වෛද්‍ය සනත් දීපක මහතා , ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශ්‍රී ලංකා ජාතික රෝහල ,ප්‍රදාන වෛද්‍ය නිලධාරී

ලාදුරු ඉතා පැරණි රෝගයක්, බැක්ටීරියාවක් නිසා ඇතිවේ. බගු ප්‍රතිකාර ක්‍රමය දැන් ක්‍රියාත්මකයි සජීව විකාශය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ යූ ටියුබ් නාලිකාව ශ්‍රී ලංකාවේ සැම වසරකම එක ලෙසම රෝගීන් වාර්තා වේ. කොවිඩ් කාලයේ ප්‍රතිකාර කිරීමට රෝගීන්ට නොහැකිවිය. කොවිඩ් කාලයේ ලාදුරු රෝගී වූ අය පැමිණියේ ප්‍රතිකාර පතා පසුවයි. ඒ නිසා ඔවුන්ගේ ආබාඪ්හිත තත්වයන් දැකිය හැකිය.

සනත් දීපක මහතා

ජාතික රෝහලේ 12 වන කාමරයට එන්න.එය චර්ම රෝග සායනයට එන්න.කෙලින්ම එන්න.කිසිම යොමුකිරීමක් අවශ්‍ය නැහැ. සැකයක් තිබේ නම් පරීක්ෂා කර ගන්න එන්න.සියලු පහසුකම් සහිතයි. මේ වසරේ මේ වන විට ලාදුරු ගෝගීන් රැසක් වාර්තා වේ. අලුතින් කොලඇබ් දිස්ත්‍රික්කය්‍යෙන් පමණක් නව රෝගීන් 127 වාර්තා විය .මේ දක්වා එම 127 න් වැඩි පිරිසක් මොරටුවේ ජාතික රෝහලේ පැරණි එන්නත් කාමරයේ අසල චර්ම රෝග සායනය පිහිටා ඇත.වඩා ඉඩ කඩ සහිත නව ගොඩනැගිල්ලේ වැනි ස්තානයක සායනය ලබා නොදෙන්නේ ඇයි යන පැනයට පිළිතුරු දෙමින් වෛද්‍ය වරයා පැවසුවේ එය සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කල යුතු දෙයක් බවයි. එසේ ඉඩකඩ වැඩි තැනකට යාමට හැකිනම් තමන්ද සතුටු බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේ අධ්‍යක්ෂ ,වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවේ මහතා පවසන්නේ මොටටුවේ මෙන්ම දිවයින පුරා මේ අවදානම පවතින බවයි වසරකට මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටශයෙන් පමණක් 120ක් වාර්තා වේ. 16% ක් ළමා ලාදුරු රෝගීන් වාර්තා වේ.

මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මංජුලා තිලකරත්න මහත්මිය පවසන්නේ මේ වසරේ මේ වන විට මොරටුවෙන් නව රෝගීන් 51 ක් වාර්තා වූ බවයි. ඉන් 08 දෙනෙක් ළමයින්‍ ය.

අවදානම් සහිත ග්‍රාම නිලධාරී වසම්වල පුද්ගලයින් ගෙයින් ගෙට ගොස් දැනුවත් කලා. කොරළවැල්ලෙන් සැක සහිත අය 44 ක් හදුනා ගෙන ඉන් 03 දෙනෙක් ලාදුරු බවට හදුනාගෙන ඇත. මේ වන විට සෞඛ්‍ය අංශයේ නව ප්‍රතිපත්තිය වන්නේ පාසැලක ළමයින් ලාදුරු යැයි රෝගියෙකු යැයි හදුනාගත් විට පාසලේ නිවාරණ කටයුතු සිදු නොකරයි.රෝගී දරුවා කොන් වීම වලක්වා ගැනීමට මෙසේ කරයි සමීප ලෙස ආශ්‍රයෙන් පමනක් ලාදුරු බෝවේ.එහෙත් පාසලේ ආශ්‍රය එතරම් සමීප යැයි මේ වන විට නොසැලකේ.

ලාදුරු රෝගීන්ගෙන් 60%ක් ඉන්දියාවෙන් වාර්තා වෙයි. ශ්‍රී ලංකාවත් ලාදුරු සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානය ලක් කල යුතු රටකි, එංගලන්තය 1200 ගනන් වල ලාදුරු රෝගය තිබිනි.ජීවන තත්වය උසස් වීම සමග ලාදුරු වාර්තා නොවේ. දියුණු රටවල වාර්තාවන රෝගීන්ගෙන් 100% ක්ම අපේ වැනි ලාදුරු සහිත රටවලින් සංක්‍රමණය වූ අයයි. විශේෂ. වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය කියන්නේ ලාදුරු සහිත දරුවන් 03 දෙනෙකුගෙන් එක් අයෙකුම නිවසේ ලාදුරු රෝගියෙකු සිටී. සමීප තමයින් දිඹුලාගල පාසලක මීට වසර 15 කට පමණ පෙර පාසැල් දරුවෙකුගෙන් තවත් පන්තියේ දරුවකුට බෝ වූ බව හදුනා ගැනින.

කොළඹ මහ නර සබා බල ප්‍රදේශයේ සහ මොරටුවේ රෝගීන් බහුලය. වයස 20 -45 අතර වැඩියෙන් ලාදුරු රෝගීන් වාර්තා වේ. මින් 60% ක් පුරුෂ පාර්ශවයේය.මූලික ලක්ෂණය දැනීම අඩු ලප වේ. කුඩා දරුවන්ගේ ලප ඉතා තුනීය. 25 % ක් පමණ රෝගීන්ගේ වැලමිට පසුපස ලප යක් තිමේ. මෙවැනි අස්තියක් මත ලප ඇති විට එම ලපය තැනක ගැටුනහොත් වේදනාවක් අධිකව ඇතිවේ’. නළලේ කුඩා ලප,ගැටිති හා ඇසිපිය ,ඇහි බැම වැටී යාම මුහුණේ ලාදුරු ලක්ෂණ ඇති අයයි. රත්තයා යැයි සිතන ලපයක කැසීමක් නැතිනම්, එහි කුඩා හිල් ඇත්නම් එය රත්තයා නොව ලාදුරු වීමට වැඩි ඉඩක් තිබේ. කන්පෙති වල ගැට නොව කන්පෙති ඝන වූ අයද ලාදුරු රෝගීන් විය හැකිය. ශ්‍රී ලංකාවේ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර මගින් සුවකර ඇත. සතියකට පැය 20 ක් 30 ක් එකට සමීපව තිබේනම් පමනක් රෝග්‍ය බෝවේ. ලාදුරු රෝගීන් සිතියම් ගතකිරීම ඇරබේ 0754088604 අංකයට වට්ස් ඇප් කරන්න. රෝගය හදුන්වා ගන්න එවන්න.

ලෝක චර්මරෝග සම්බන්ධයෙන් ලෝක සම්මේලනයට ලංකාවේ වෛද්‍යවරුන් 04 සහබාගී වුනා . ඉන් දේශන තුනක් ලාදුරු ගැනය. සමහර චර්ම රෝග ගැන දැනුවත් වීමට සුදුසු රටක් ලෙස ලෝකය එම සම්මේලනයේදී එකග වුනා. රූපලාවණ්‍ය ආලේපන සම්බන්ධ කටයුතු ආවරනය වන විශේෂ පණත ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග එක්ව චර්ම රෝග වෛද්‍ය වරුන්ගේ සංගමය දැන් සම්මත වන තැනටම රෑගෙන විත් ඇතවෛද්‍ය ඉන්දිරා කහවිට පවසයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න