ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව නෙරපා ගත් පසු තමන්ට අවශ්‍ය කෙනා අග්‍රාණ්ඩුකාරවරයා (වැඩබලන ජනපති) වන බව නීති සංගමයේ ඉහළ ක්‍රියාකාරීන් දැන සිටි නමුත් අරගලයට සම්බන්ධ ක්‍රියාකාරින් බහුතරයක් ඒ බව දැන සිට නැති බව ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය අත්කර ගැනීම සහ අත්හැරීම සම්බන්ධ සිදුවීම් පෙන්වා දෙයි. ඒ බව පැහැදිලි වන්නේ ජර්මන් ජාතික දාර්ශනික කෙල්සන්ගේ “Grundnorm” නීති මූලධර්මය පිළිබඳ අරගලකරුවන්ගේ නොදැනුවත් බවයි. මෙහි ප්‍රතිඵලය වන්නේ 1972 සිදුවූ නෛතික විප්ලවයද අපසු හැරවී 1948 සෝල්බරි ව්‍යවස්ථාව දක්වා වන ප්‍රති නෛතික විප්ලවයක් සිඳුවීමය. එනම් 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවට පෙර පැවති තත්ත්වයට රට යාමය. 1970 මැතිවරණයෙන් ජයගත් සමඟි පෙරමුණු ආණ්ඩුව එතෙක් පැවති සෝල්බරි ව්‍යවස්ථාව බැහැර කර නෛතික විප්ලවයක් එනම් Grundnorm මගින් 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගත්තේය. ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය රැක ගැනීම සඳහා සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතියද නිදහස් අධ්‍යාපනය ලැබූ පුරවැසියන්ට ලබා දුන්නේය. එසේ වුවත් රාජපක්ෂ ආණ්ඩු විසින් 2010 දී සහ 2020දී නීති පනවා සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඉවත් කළේය. (බලන්න 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය) ඒ අනුව සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම සහ නීති විභාග පැවැත්වීම වළක්වා ඇති හෙයින් සිංහල භාෂාවෙන් නඩු විභාග කිරීමට හැකියාව ඇති විනිසුරුවරු සහ නීතිඥයන් බිහිවීමද වළක්වා ඇත. ඒ අනුව මේ වනවිට 1972 සිදුවූ නෛතික විප්ලවයට එරෙහි ප්‍රති නෛතික විප්ලවයට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ සකස්කර ගෙන ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නෙරපා දැමූ අරගලකරුවන්ව එකී නීති වෙනස එනම් ප්‍රති නෛතික විප්ලවය කරගැනීමට සහාය කර ගැනීමට නීති සංගමයට හැකිවෙයිද යන්න කීමට තවම කල් වැඩිය. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න