3 කොටස

  1. ඔබ කාරක සභාව 2012 නොවැම්බර් මස 16 දින රැස්වන ලදී. ඔබ කාරක සබාව නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගමෙන් එවන ලද 2012 නොවැම්බර් 15 දිනැති ලිපිය පිළිබඳව සාකච්ඡා කරන ලද අතර ස්ථාවර නියෝග අංක 78අ (5) යටතේ තමා නියෝජනය කරනු ලබන තැනැත්තා නම් කිරීමේ අයිතිය ඇත්තේ අග විනිසුරුතුමියට පමණක් බවත් එම අයිතිය නිලකන්දන් සහ නිලකන්දන් නීතිඥ සමාගමට නොපැවරෙන බවත් තීරණය කරන ලදී. ඒ අනුව දැනටමත් මීළග රැස්වීම් දිනය වන 2012 නොවැම්බර් මස 23 වැනි දින කාරක සභාව හමුවේ පෙනී සිට යම් ඉල්ලීමක් ඇතොත් එය ඉදිරිපත් කරන ලෙසත් තමා වෙනුවෙන් යම් නියෝජිතයකු පෙනී සිටින්නේ නම් ඔහු නම් කරන ලෙසත් දැන්වීමට තීරණය කළාය.
  2. ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාිරාවය’ ප්‍රවෘත්ති පත්‍රයේ “වැඩබලන අගවිනිසුරු ගැන තෙරිම් කාරක සභාවේ මතභේද” යන ශීර්ෂය යටතේ පළ කරන ලද ප්‍රවෘත්තිය පිළිබඳව අදහස් පලකරමින් කාරක සභාවේ වැඩකටයතු පිළිබඳව වැරදි පුවත්පත් වාර්තා පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගත යුතු බව අවධාරණය කර සිටියේය. මේ පිළිබඳව ගරු කථානායකතුමා දැනුවත්කොට නිසි මාර්ගෝපදේශ මාලාවක් විද්‍යුත් සහ මුද්‍රති මාධ්‍යයන්ට නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගරු කථානායකතුමාගෙන් ඉල්ලීමක් කිරීමට සභාපතිතුමා එකග වූයේය.
  3. ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමා විසින් ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඔබ කාරක සභාව ස්වාභාවික යුක්තියේ මූලධර්ම සහ නීතියේ ආධිපත්‍යය අනුව කටයුතු කළ යුතු බව අවධාරණය කරන ලදී.
    ඉහත ප්‍රකාශය පිළිබඳව ගරු වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ අදහස වූයේ මීට පෙර අවස්ථාවකදීද අගවිනිසුරුවරයකු පිළිබඳ කාරක සභාව මේ ආකාරයෙන්ම කටයුතු කොට ඇති බවත් හිටපු කථානායක ගරු අනුර බණ්ඩාරනායක මැතිතුමාගේ තීරණය අනුව පාර්ලිමේන්තුව අත්තරීතර බවත් ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතු බවත් ය.
    සභාපතිතුමා අදහස් දක්වමින් පවසා සිටියේ මන්ත්‍රීවරුන් මහජනතාවගේ නියෝජිතයන් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව වෙත යම් බලතල පවරා දී ඇති බවත් මේ ආකාරයෙන් මහා බි්‍රතාන්‍යයේ, ඉන්දියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ද මේ හා සමාන ක්‍රියා පටිපාටි අනුගමනය කරන බවත් ඒ අනුව මන්ත්‍රීවරුන් වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීම හෑල්ලු‍වට පත් නොකළ යුතු බවත්ය.
    ඒ අනුව ඔබ කාරක සභාවේ මතය වූයේ මෙවැනි විමර්නයක් ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවෙන් පිටස්තර අය වෙත පැවරිය නොහැකි බවයි.
  4. ඔබ කාරක සභාව 2012 නොවැම්බර් මස 23 වැනි දින නැවත රැස්විය. එම අවස්ථාවේදී කාරක සභාවේ ලේකම්වරයා විසින් පහත සඳහන් ලේඛන සලකුණු කරන ලදී.
    මෙම පරීක්ෂණයේදී කාරක සභාව විසින් සලකුණු කරන ලද සියලු‍ම ලිපිලේඛන ලැයිස්තුවක් මෙම වාර්තාවේ 1 වැනි පරිශිෂ්ටය ලෙස දක්වා ඇත.
    ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා කාරක සභාවේ අවධානය යොමු කරමින් කාරක සභා මේසය මත තබන ලද ීක්‍ 3රැ2012 නඩුව පිළිබඳ ලිපිලේඛන නීත්‍යානුකූලව ලබාදී නොමැති බව අවධාරණය කරන ලදී. මෙම ලේඛන මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත යොමු කොට තිබියදී ඒවා පර්ලිමේන්තුව වෙත භාරදී කාරක සභාවේ මේසය මත තැබීම පාර්ලිමේන්තුවේ පිළිගත් සම්ප්‍රදාය නොවන බව ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කොට සිටින ලදී. මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව සභාපතිතුමා විසින් තීරණය කරන ලද්දේ මෙම ලිපි ලේඛන නිවැරදි ආකාරයෙන් ලැබී නොමැති බැවින් කාරක සභාවේ ලිපි ලේඛන වශයෙන් පිළිගත නොයහැකි බවයි. මේ තීරණය පිළිබඳව ගරු ජෝන් අමරතුංග මහතා, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, ගරු විජිත හේරත් මහතා, ගරු රාජවරෝදියම් සම්බන්දන් මහතා ඔවුන් එකග නොවන බව ප්‍රකාශ කරන ලදී.
    ගරු විජිත හේරත් මහතා සහ ජෝන් අමරතුංග මහතා තවදුරටත් ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇති පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඇති නීති කෘත්‍යය අවසාන වන තෙක් ඔබකාරක සභාවේ කටයුතු අත්හිටුවිය යුතු බවයි.
    මේ පිළිබඳව ගරු සභාපතිතුමා තම අදහස් දක්වමින් කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව වෙත ලබාදී ඇති බලතල අනුව සහ ස්ථාවර නියෝගවල පැහැදිලිව දක්වා ඇති පරිදි මෙම ඔබ කාරක සභාව පත්කොට ඇති බවත් කාරක සභාවේ කටයුතු පවත්වාගෙන යා යුතු පිළිවෙළ පිළිබඳව පූර්වාදර්ශ තිබෙන බවත් කාරක සභාව වෙත ඉතා සීමිත කාලයක් පාර්ලිමේන්තුව විසින් ලබාදී තිබෙන බවත් ඒ අනුව පාර්ලිමේන්තුව විසින් කාරක සභාව වෙත පවරන ලද වගකීවෙන් බැහැරවීමට කාරක සභාවට නොහැකි බවයි.
    ගරු ලක්ෂමන් කිරිඇල්ල මහතා සහ ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පළුදු නොවන අයුරින් කටයුතු කළ යුතු බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිලි නොගැනීමට ගත් තීරණය හා එකග නොවන බව ගරු ජෝන් අමරතුංග මහතා, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ විජිත හේරත් මහතා පවසන ලදී.
    ගරු සභාපතිතුමා විසින් නැවත වරක් පවසන ලද්දේ ඔබ කාරක සභාව ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කළ යුතු බවත් ස්වාධීනව සහ අපක්ෂපාතීව ගරු කථානායකතුමා විසින් කාරක සභාව වෙත පවරන ලද වගකීම ඉටු කළ යුතු බවත් ය.
    මේ අවස්ථාවේදී අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි ඒ. බණ්ඩාරනායක මහත්මියත් ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා කාරක සභාව ඉදිරියට කැඳවන ලදී.
    ගරු අගවිනිසුරුතුමිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට පැමිණිමේදී දක්වන ලද අනුග්‍රහය පිළිබඳව කාරක සභාව වෙත ස්වකීය ස්තූතිය පළමුව පළ කර සිටින ලදී.
    කාරක සභාවේ අවසරය ඇතිව පහත සඳහන් නීතිඥ මහත්වරුන් අගවිනිසුරුතුමිය වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතාට සහයාවීම පිණිස නම් කරන ලදී.
    ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා
    නීතිඥ සාලිය කේ. පීරිස් මහතා
    නීතිඥ සුගත් කල්දේරා මහතා
    නීතිඥ රියාස් අමීන් මහතා
    නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා
    නීතිඥ කන්දයියා නීලකන්දන් මහතා
    ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 3/2012 නඩුවේ නියෝගයක සහතික කරන ලද පිටපතක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අධිකරණය සහ පාර්ලිමේන්තුව අතර තිබෙන අන්‍යෝන්‍ය විශ්වාසය පදනම් කරගෙන අධිකරණ කෘත්‍යය අවසාන වන තෙක් කාරක සභාවේ කටයුතු අත්හිටුවීම සඳහා ඉල්ලීමක් කොට ඇති බවයි.
    මේ පිළිබඳව කාරක සභාව විසින් දීරඝ වශයෙන් සාකච්ඡා කරන ලද අතර ගරු සභාපතිතුමා විසින් තීරණය කරන ලද්දේ ගරු කථානායකතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කරන ලද ඔබ කාරක සභාවට තම කටයුතු අත්හිටුවීම සඳහා බලයක් නොමැති බවයි.
    පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඔබ කාරක සභාව ඉදිරියේ පෙනී සිටි පළමු අවස්ථාවේදීම ගරු අගවිනිසුරුතුමිය විසින් ප්‍රතිඥාවක් ලබාගත යුතු බව සභාපතිතුමා විසින් දන්වන ලද අතර මේ අවස්ථාවේදී ප්‍රතිඥාවක් ලබා ගැනීම පිළිබඳව අගවිනිසුරුතුමිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා විරෝධය පළ කරන ලදී.
    කෙසේ වුවද, මේ හා සමාන විමර්ශනයක් මීට පෙර පවත්වන ලද අවස්ථාවේදී එම අවස්ථාවf්දී අදාළ කාරක සභාව ඉදිරියේ පෙනි සිටි අගවනිසුරුතුමන් විසින් මුල් අවස්ථාවේදීම ප්‍රතිඥාව ලබාගත් බව එම කරක සභාවේ සාක්ෂ්‍ය සටහන්වල සඳහන් වී ඇති බව පෙන්වා දීමෙන් පසු සංශෝධිත ආකාරයෙන් ප්‍රතිඥාව ගැනීම සඳහා එකගතාවය පළ කර ඒ අනුව ගරු අගවිනිසුරුතුමිය විසින් කාරක සභාව ඉදිරියේ ප්‍රතිඥාව ලබාදෙන ලදී.
    අගවිනිසුරුතුමිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා විසින් විත්ති වාචකයක් ඉදිරිපත් කිරීම සඳහා සති 6ක කාලයක් ඉල්ලා සිටින ලදින්, එම ඉල්ලීම සලකා බැලූ කාරක සභාව ලිඛිත විත්ති වාචකයක් ඉදිරිපත් කිරීම සඳහා 2012 නොවැම්බර් මස 30 වැනි දින තෙක් කාලය ලබාදීමටත් මීළග රැස්වීම 2012 දෙසැම්බර් මස 04 වැනි දින පැවැත්වීමටත් තීරණය කරන ලද අතර, එම අවස්ථාවේදී මූලික විරෝධතා වශයෙන් ඉදිරිපත් කොට ඇති අධිකරණ බලය සහ පක්ෂග්‍රාහී තත්ත්වය පිළිබඳව විත්ති පක්ෂය විසින් කරුණු ඉදිරිපත් කළ හැකි බව විත්ති පක්ෂයට දන්වා සිටින ලදී.
    කාරක සභාවේ විමර්ශනය සඳහා අවශ්‍ය ලිපි ලේඛන පාර්ලිමේන්තුවේ මහ ලේකම් මගින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව සභාපතිතුමා කාරක සභාවට දන්වා සිටියේය.
    ගරු අගවිනිසුරුතුමියගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කාරක සභාව රහස්‍ය භාවය රැකීමේ කොන්දේසියට යටත්ව තත් කාරක සභාවේ සාක්ෂ්‍ය සටහන් ලබාදීමට එකගතාවය පළ කරන ලදී.
    ඔබ කාරක සභාව 2012 දෙසැම්බර් මස 04 වැනි දින නැවත රැස්වූ අවස්ථාවේදී ගරු විජිත හේරත් මහතා කියා සිටියේ මෙම කාරක සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යාන්ත්‍රණයක් සැකසිය යුතු බවයි. මෙම අවස්ථාවේදී ගරු ජෝන් අමරතුංග මහතා ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කාරක ෂබාවේ කාර්ය පටිපාටිය සහ ඔප්පු කිරීමේ කාරය යනාදි කරුණු පිළිබඳව යම් එකගතාවයක් ඇති කරගත යුතු බව දන්වා සිටියේය.
    ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා කරුණු දක්වමින් කාරක සභාවේ කටයුතු සඳහා අවශ්‍ය ස්ථාවර නියෝග සහ නීති පාර්ලිමේන්තුව මගින් සම්පාදනය කළ යුතු බව ප්‍රකාශ කොට සිටින ලදී.
    ඉන්පසුව තත් කාරක සභාව ගරු අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි ඒ බණ්ඩාරනායක මහත්මිය ඇතුළු නීතිඥ මහත්වරුන් කාරක සභාව ඉදිරියට කැඳවන ලදී. ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වාමහතා තම සහාය පිණිස ඉදිරි දිනයේදීකාරක සභාව ඉදිරියේ පෙනී සිටි නීතිඥ මහත්වරුන්ට අමතරව නීතිඥ සරවනන් නීලකන්දන් මහතාද පෙනී සිටින බව දන්වන ලදී. එම නීතිඥ මහතාට ද කාරක සභාව ඉදිරියේ පෙනී සිටීම සඳහා අවසර දෙන ලදී.
    ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉල්ලීමක් කරමින් ස්ථාවර නියෝග 78ආ (8) වගන්තිය යටතේ කාරක සභාවේ කටයුතු වාර්තා කරන තෙක් එළිදරව් කළ නොහැකි බව සඳන් වන නමුත් එම අයිතිය තම සේවාදායකයාගේ ආරක්ෂාව සඳහා ඇති කරන ලද්දක් බැවින් තම සේවාදායක වන ගරු අගවිනිසුරුතුමියගේ එම අයිතිය අත්හැර දැමීමට ඇය විසින් උපදෙස් දෙන ලද බවත් ඒ අනුව මෙම කාරක සභාවේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මහජනතාවටත් නිරීක්ෂකයාටත් අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලදී.
    ඉහත ස්ථාවරය පිළිබඳව ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ ගරු විජිත හේරත් මහතා සහයෝගය පළ කරන ලදී. ගරු සභාපතිතුමා විසින් මේ පිළිබඳව තීරණයක් දෙමින් ස්ථාවර නියෝග 78ආ (8) නියෝගය උල්ලංඝනය කිරීමට කාරක සභාවට හැකියාවක් නොමැති බව දන්වන ලදී.
    ජනාධිපති නීතිඥ ජේ. රෝමේෂ් ද සිල්වා මහතා විරෝධතාවයක් ඉදිරිපත් කරමින් කාරක සභාව වෙත අවශ්‍ය ලිපි ලේඛන ගෙන්වාගැනීම සඳහා යොදාගන්නා ලද ක්‍රමවේදය පිළිබඳ තම විරෝධය පළ කරන ලදී. මේ පිළිබඳව ගරු සභාපතිතුමා විසින් දන්වා සිටියේ පාර්ලිමේන්තු සම්ප්‍රධානය අනුව පාර්ලිමේන්තු කාරක සභාව විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය මේ අවස්ථාවේදී අනුගමනය කොට ඇති බවයි.
    ගරු සභාපතිතුමා විසින් කර්ක සභාව විසින් දැනටමත් කැඳවා ඇති ලිපිලේඛණ පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලදී.
    තත් කාරක සභාව 2012 දෙසැම්බර් 05 වැනිදින රැස්වන ලදී. කාරක සභාවේ ඉදිරි රැස්වීම් පිළිබඳව සාකච්ඡා කළ හැකි බව ගරු සභාපතිතුමා සභාවට දන්වන ලදී. ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හා ගරු රාජවරොදියම් සම්පදන්දන් මහතා දන්වා සිටියේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව අයවැය විවාදයෙන් පසු පාර්ලිමේන්තු රැස්වීම් හෝ කාරක සභා රැස්වීම් නොපැවැත්වෙන බවත් මේ කාලය ඇතුළත ඔවුන් විසින් පෞද්ගලික වැඩකටයුතු යොදාගෙන ඇති බවත්ය. ගරු විජිත හේරත් මහතා වැඩිදුරටත් දන්වා සිටියේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හතර දෙනා මේ පිළිබඳව ඉල්ලීමක් දැනටමත් ඉදිරිපත් කොට ඇති බවයි. තත් කාරක සභාව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2012 දෙසැම්බර් මස 12 වැනි දින තෙක් කාරක සභාවේ කටයුතු පවත්වාගෙන යෑමටත් ඉන්පසු ඉදිරි රැස්වීම් පිළිබඳව තීරණයක් ගැනීමටත් එකගවන ලදී.
    කාරක සභාවේ කටයුතු පිළිබඳව පුවත්පත්වල පළවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ගරු වෛද්‍ය සේනාරත්න මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගරු සභාපතිතුමා දන්වා සිටියේ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකොට ගරු කථානායකතුමාගෙන් තීරණයක් ලබාගැනීමට පියවර ගන්නා බවයි.
    මේ දක්වා කාරක සභාව වෙත ලැබී ඇති ලිපි ලේඛන කාරක සභාවේ මන්ත්‍රීවරුන් අතර බෙදාදෙන ලද අතර මෙම ලිපි ලේඛන මහ ලේකම්වරයා විසින් නිත්‍යානුකූලව ලබාගෙන ඇති ලිපිලේඛන බව ගරු සභාපතිතුමා විසින් කාරක සභාවට දන්වන ලදී.
    මීට අමතරව ගරු අගවිනිසුරුතුමියගේ, ඇයගේ සැමියා සහ දරුවාගේ වත්කම් සැසඳුම් ප්‍රකාශ සහ ලැබීම හා ගෙවීම් ගිණුම් විස්තර ද ලබාගත යුතු බව ගරු නියෝමාල් පෙරේරා මහතා කාරක සභාවෙන් ඉල්ලා සිටියේය.
    තත් කාරක සභාව 2012 දෙසැම්බර් 06 වැනි දින යළි රැස්වන ලදී. ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා, ගරු ජෝන් අමරතුංග මහතා, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ ගරු විජිත හේරත් මහතා 2012 දෙසැම්බර් 08 වැනි සිට 2013 ජනවාරි 08 වැනි දින තෙක් කාරක සභාවේ කටයුතුවලට සහභාගිවිය නොහැකි බව ගරු කථානායකතුමා වෙත දන්වා ඇති බවත් එම කාලසීමාව තුළ කාරක සභාවේ රැස්වීම් නොපවත්වන ලෙසත් ඉල්ලා සිටියේය. ඊට පිළිතුරු දෙමින් ගරු සභාපතිතුමා දන්වා සිටියේ 2012 දෙසැම්බර් මස 05 වැනි දින ගත් තීරණය අනුව දෙසැම්බර් මසාය තුළ හැකිතාක් දුරට රැස්වීම් පවත්වා පාර්ලිමේන්තුවෙන් කාලය දිගු කරගැනීම සඳහා අවසර ඉල්ලා සිටිය යුතු බවය.
    අනතුරුව, අගවිනිසුරු ගරු (ආචාර්ය) ශිරානි ඒ. බණ්ඩාරනායක මහත්මියටත් ඇයගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමටත් කාරක සභාව ඉදිරියට එන ලෙස ආරාධනා කරන ලදී.
    ඔබ කාරක සභාවේ සභාපතිතුමා නිවේදනයක් කරමින් පක්ෂග්‍රාහීත්වය පිළිබඳව අගවිනිසුරුතුමිගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතා විසින් ඉදිරිපත් කරන ලද වාචික කරුණු ප්‍රතික්ෂේප කරමින් ඒ පිළිබඳව එතුමාගේ නියෝගය සභාගත කරන ලදී.
    කාරක සභාව වෙත ලැබී ඇති සියලු‍ ලිපිලේඛන ලැයිස්තුව මේ අවස්ථාවේදී කාරක සභාවේ ලේකම් විසින් කියවන ලද අතර පිටපත් ගරු අගවිනිසුරුතුමියගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතා වෙත ලබාදෙන ලදී.
    මේ අවස්ථාවේදී ගරු අගවිනිසුරුතුමියගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතා විසින් මෙම ලේඛන හැදෑරීම සඳහා කාලය අවශ්‍ය බව පවසන ලද අතර මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා කාරක සභාව සුළු කාලයකට තම කටයුතු අත්හිටුවා කාරක සභාවේ සාමාජිකයන් පමණක් රැස්වී සාකච්ඡා කරන ලදී.
    ඉන්පසු කාරක සභාව නැවත රැස්වන ලද අතර ගරු සභාපතිතුමා විසින් අගවිනිසුරුතුමියගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතාට දන්වා සිටියේ දෝෂාභියෝග යෝජනාවේ 1 සහ 2 චෝදනා සම්බන්ධයෙන් හෙට දින පස්වරු 1.30ට විමර්ශනය පැවැත්වෙන බවත්, එහිදී එකී චෝදනා විසාදනය කිරීම සඳහා කරුණු ඉදිරිපත් කිරීමටත් සාක්ෂ්‍යකරුවන් කැඳවීමටත් අවසර තිබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය සාක්ෂ්‍යකරුවන් නම් කරන්නේ නම් ඔවුන් කාරක සභාව ඉදිරියට කැඳවිය හැකි බවත් ය.
    මේ අවස්ථාවේදී මෙම තීරණයට විරෝධය පළ කළ අගවිනිසුරුතුමියගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතා විත්ති පාර්ශ්වයට අවශ්‍ය කාලය ලබානොදෙන බැවින් සහ කාරක සභාවේ ක්‍රියාපටිපාටිය පිළිබඳව නිවැරදි දැනුවත් කිරීමක් නොකරන බැවින් තවදුරටත් කාරක සභාවේ කටයුතුවලට සහභාගි නොවන බව දන්වා, ගරු අගවිනිසුරුතුමිය ඇතුළු නීතිඥ මඩුල්ල කාරක සභාවෙන් ඉවත්ව ගියහ.
    ඔබකාරක සභාව 2012 දෙසැම්බර් මස 07 වැනි දින නැවත රැස්වන ලදී. 2012 දෙසැම්බර් මස 06 වැනි දින කාර්ය සටහන් මේ අවස්ථාවේදී සූදානම්වී නොතිබීම පිළිබඳව ගරු විජිත හේරත් මහතා සහ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය විරෝධය පළ කරන ලදී.
    ගරු ජෝන් අමරතුංග මහතා ලිඛිත සැලකිරීමක් ඉදිරිපත් කරන ලද අතර එහි සඳහන් කරුණු කාරණා පිළිබඳව මෙම කාරක සභාව සැලකීමක් දක්වන්නේද යන්නත්, ගරු අගවිනිසුරුතුමියට අවශ්‍ය කාලය ලබාදී නැවත වාරයක් කාරක සභාව ඉදිරියට පැමිණෙන ලෙස ආරාධනා කරන්නේද යන්නනත් සභාපතිතුමාගෙන් විමසා සිටියේය.
    සභාපතිතුමා දන්වා සිටියේ නීලකන්දන් සහ නීලකන්දන් නීතිඥ සමාගම විසින් කථානායකතුමා වෙත යොමු කොට ඇති ලිපියෙන් පැහැදිලිව සනාථ වනුයේ ගරු අගවිනිසුරුතුමිය නැවත කාරක සභාව ඉදිරියේ පෙනි නොසිටින බවයි. මෙම අවස්ථාවේදී ගරු ජෝන් අමරතුංග මහතා, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා සහ ගරු විජිත හේරත් මහතා කාරක සභාවෙන් ඉවත්ව ගියහ.
    තවත් කොටසක් හෙට බලාපොරොත්තු වන්න

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න