මේ ඛේදවාචකයෙ විවිද පැතිකඩ අනාවරණය කලාට🙏🏽
හිතවත් කතෘවරුන්ගේ කාරුණික අවධානයට
සංවේදී සහ ආචාර ධර්මීය වාර්ථාකරණය අගයමු!
සියලු දෙනා කම්පා කරවමින් මොනම හෝ රටක සිදුවන හදිසි ඛේදවාචකයක් අපිට බලපාන්නේ විවිද ආකාරයෙන්:
1) මානසික ආතතිය – එවැනි සිද්ධීන් අහන, දකින හැමෝටම කම්පනයක්. ආවේගශීලී වාර්ථාකරණය/sensationalize නොකරන්න.
2) සමාජ ආකල්ප වෙනස් කිරීම – සෑම සිද්ධියකින්ම උගත යුතු වැදගත් කරුණු බොහොයි. දත්තානුකූලව කරුණු ඉදිරිපත් කරන්න.
3) මානූෂීය සහකම්පනය – විශේෂයෙන් දරුවන් සම්බන්ද අපරාධ වලදී වින්දියාත්, චූදිතයාත් දෙපාර්ශවයේම අයිතීන්, පෞද්ගලිකත්වය සහ රහසිගතභාවය රකින්න.
4) සංවේදී දර්ශන ඉදිරිපත් කිරීම – හැකි සෑම විටම shocking images බොඳ කරන්න. විශ්වසනීය විදෙස් මාධ්‍ය කරනවා වගේ Warning එකක් දාන්න.
5) සමාජ සත්කාරය – ප්‍රවෘත්තිය නිසා අසීරුතාවයට පත්වන කෙනෙකුට වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට උදා. උපදේශන සේවා හෝ වෙනත් වෘත්තිමය සේවා වෙත යොමු කරන අංකයක්/ලින්ක් එකක් ලබා දෙන්න.
අපි හැමෝම ධනාත්මක යමක් කරන්න උත්සාහ ගන්න නිසා, ආන්දෝලනාත්මක සමාජ කථිකාවක් ඇති වෙනවා කියන්නෙම එය මනුස්සයෙක්ගෙ මනසට, හිතට හෝ ගතට වේදනාවක් ඇති වෙලා කියන එක මතක තබා ගෙන ‘සුව පුවත්’ වාර්ථාකරණය ගැන කාරුණිකව අවදාරණය කරමු.
බොහොම ස්තුතියි🙏🏽