ලංකාවේ රාජ්‍ය පරිපාලනයේ ප්‍රබලම පුද්ගලයා ජනාධිපතිවරයා.
රට කරවීමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ප්‍රදර්ශනය වන්නේ අදාළ රටේ විධායකයේ හැසිරීම හා භාවිතය තුළින්.
ජනතාවට හා පාර්ලිමේන්තුවට වගකීමට බැඳෙන රාජ්‍ය නායකයා ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ගැන පැහැදිලි වටපිටාවක් පරිපාලනමය යහපත් තත්ත්වයක් නැති තැන රාජ්‍ය අංශයේ විවිධ ගැටලු මතු වෙනවා.
හැබැයි ඒ ගැටලු මතු වන්නේ බොහෝ විට මහජනතාවගේ සුබසිද්ධිය තකා නොව රාජ්‍ය අංශයේ නිලධාරියෙකුට යම් අසාධාරණයක් ඇති වූ අවස්ථාවකදී පමණයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව තමාට ලබාදී ඇති අනීතික ස්ථාන මාරු නියෝගය ක්‍රියාත්මක කිරීමට තමා බැඳි නොමැති බව සඳහන් කරමින් දකුණු පළාත භාර හිටපු පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට මේ වන විට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
මේ අවස්ථා බොහෝ විට උදා වන්නේ තමන්ට පමණක් කෙළවූ අසාධාරණයක් වූ අවස්ථාවලදී පමණයි.
අජිත් රෝහණ යනු සාමකාමී හා බෞද්ධ මතයට අනුව බොහෝ විට ජනප්‍රිය ජනමාධ්‍ය සමඟ හැසිරෙන ක්‍රියා කරන රාජ්‍ය නිලධාරියෙක්.
ඔහු ලංකාවේ පරිපාලන නීතිය තුළින් ඒ සම්බන්ධව හිමිකම් ලබාගනිමින් තමයි මේ අභියෝගය සිදු කරන්නේ.
පොලිස් කොමිසමේ අනුමැතියක් නැතිව මාරුවීම් භාරගන්නේ නැති බව ඔවුන් පවසා තිබුණා.
රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිස් නිලධාරින්ට ස්ථාන මාරු කිරීම් සිදු කිරීමට බලය ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවට බව අජිත් රෝහණ අවධාරණය කර තිබෙනවා.
එම කොමිසම් සභාව මගින් ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ්‍ය පොලිස්පතිවරු මාරු කිරීමේ අනුමත කිරිමට ඔබට කිසිදු බලයක් ලබා දී නැති අජිත් රෝහණ මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියානි ගුණතිලක මහතා වෙත යවා ලිපියක සඳහන් කර තිබෙනවා.
එතකොට ලංකාවේ පොදු මහජනතාවට ගැටලු‍ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිමිකම් රැකීමට අසමත් වන බොහෝ රාජ්‍ය නිලධාරින් තමන් අගතියට පත්වූ විට ජනමාධ්‍ය මගින් සුවිශාල ප්‍රචාරයක් ලබාදෙමින් යම්කිසි විදිහකට රාජ්‍ය ප්‍රධානින්ට බලපෑම් කිරීමට බොහෝ විට හුරු පුරුදු වී තිබෙනවා.
එය බොහෝ විට ඔහුගේ බලපැම් ජනමාධ්‍ය කලාව හා ඒ තුළින් ආණ්ඩුවට වන හානිය වලක්වාගැනීම සඳහා ඔහුගේ අගතිය පිළිබඳව ඇහුම්කන්දීමට සමහර විට ආණ්ඩුව පෙළඹෙන්නත් පුළුවන්.
දකුණ හා මධ්‍යම පළාත් භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පතිවරුන් වන නීතිඥ අජිත් රෝහණ සහ ප්‍රියන්ත වීරසූරිය යන නිලධාරින් දෙදෙනාම මේ සම්බන්ධව අභියාචනය කර තිබෙනවා.
පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකු අප්‍රේල් 25 වනදා ස්ථාන මාරු කර යැවීමට පියවර ගෙන තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ අනුමැතිය මත මෙකී ස්ථානමාරු සිදුකර තිබෙන බවට එම නියෝගයේ සඳහන් වී තිබුණා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ප්‍රියානි ගුණතිලක ලෙස අනීතික ස්ථාන මාරු නියෝග බලාභික්‍රමණය මැයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කර ඇත්තේ එකී අනීතික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට තමා බැඳී නොමැති බවය.
මෙවැනි සමාජ පරිසරයක් තුළ බොහෝ විට මහජනතාව අනන්තවත් අප්‍රමාණවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිමිකම් රැකදීමට මේ අගතියට පත් මෙවැනි නිලධාරින් සිය සේවා කටයුතු කාලතුළ දී ක්‍රියාකර තිබේද යන්න දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු අවස්ථාවක අප මේ වන විට පැමිණ තිබෙනවා.
කොහොම වෙතත් තනි පුද්ගලයකුට අද පවතින විශාල සංකීර්ණ විධායක තත්ත්වය තනියම පාලනය කිරීමට හෝ මෙහෙයවීමට බැහැ.
ආණ්ඩුවක අලු‍ත් ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කරන හෝ ආරම්භකරන පාර්ලිමේන්තුවේ හෝ කාරක සභාවල හෝ අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන තත්ත්වය මත ඒ පිළිබඳව අදාළ රාජ්‍ය නිලධාරින්ට සිය වගකීම් පවරලා තිබෙනවා.
විමධ්‍යගත කර තිබෙනවා.
අර්බුද පිළිබඳ කටයුතුවලදී පුවත්පත්වල ප්‍රසිද්ධියක් ලබන ඉහළ නිලධාරින් ඉන්නවා.
ඔවුන් ප්‍රතිරූපහදාගෙනත් ඉන්නවා.
මේ මෑතකදී මහාචාර්ය සුනිල් ආරියරත්න ජනමාධ්‍ය මගින් විශාල හඬක් නැඟුවා.
දැනට මාස 2කට පෙර.
ඒ ජයවර්ධනපුර පාලක මණ්ඩල සාමාජිකත්වයෙන් ඔහු ඉවත් කර තිබෙන බවට.
මීට විධායකය කලබල වී පස්සේ වුණේ මොකක්ද?
නමුත් ඒ පිළිබඳව අප සුනිල් ආරියරත්න පිළිබඳව ඊට දැක්වූ ප්‍රතිචාරය හා අවස්ථා පිළිබඳව විග්‍රහ කරමින් මීට පෙර ලිපියක් ලියල තියෙනවා.
එය ඔබ කියව්වොත් වඩාත් තේරුම්ගන්න පුළුවන් වෙයි.
කොහොමහරිම රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීමට ප්‍රමාණවත් බලයක් රාජ්‍ය නිලධාරින්ට තිබුණත් ඒවා ක්‍රියාවට නැංවීමේදී පොදු මහජනතාවට අගතියක් නොවන පරිදි ක්‍රියා කරන බොහෝ පරිපාලන ව්‍යුහයක් අපට දකින්නට ලැබෙන්නෙ නැහැ.
පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ඔවුන් බොහෝ විට වගකියන්නේ නැහැ.
නමුත් රාජ්‍ය ප්‍රතිපත්ති වැඩිපුරම සකස් කරන හා ක්‍රියාත්මක කරන ඇමැතිවරුන්ගේ සුපරික්ෂණයට යටත් විශාල පරිපාලන ආයතන වෙත මධ්‍ය ආණ්ඩුවේ හා පළාත් සභාවල ආයතන පද්ධතික් තියෙනවා.
රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නගන්නේ බොහෝ විට ආයතන ප්‍රධානීන් මගින්.
මධ්‍ය ආණ්ඩුවේ දෙපාර්තමේන්තු අතරට පොලිස් දේපාර්තමේන්තුව ප්‍රධාන තැනක් ගන්නවා.
සිවිල් නිලධාරින් දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ විය යුතුයි.
අමාත්‍යවරුන්ට උපදෙස් ලබාදිය යුත්තේ අපක්ෂපාතීවයි.
විධායකයේ ව්‍යවස්ථාමය තත්ත්වය තේරුම්ගැනීමට ඇමතිවරුන් හා සිවිල් නිලධාරින් අතර පවතින සම්බන්ධතාවය තේරුම්ගත යුතුයි.
මධ්‍ය ආණ්ඩුවෙන් බාහිරව මහජන සේවය සඳහා ඇමතිවරයාගේ අතේ දුරින් තිබෙන ආයතන ද තිබෙනවා.
එම ආයතන පිහිටුවා ඇත්තේ මහජන සේවය සඳහායි.
ඒ අනුව පෙනී යන්නේ විධායකය අධි විශාල පරිපාලන සංකීරණ පද්ධතියක් බව නොවේද?
අපි කැමැති වූවත් නැතත් ඒවා අපව පාලනය කරනවා.
මෙම සංවිධානයට දේශපාලන නායකත්වය දෙන ඇමැතිවරු හා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන විශාල නිලධාරින් පරිපාලන විධායකය ලෙස අපි දකිනවා.
රට පාලනය කරන විධායකය වැඩිවශයෙන් ප්‍රතිපත්ති සකස් කරනවා.
මේ සඳහා විධායකයට බල කිරීම සම්පත් රැස්කිරිම හා බෙදාහැරීමේ බලයක් කේන්ද්‍රගත වෙලා තියෙනවා.
එය හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්මයි.
එක්සත් රාජධානියේ විධායකය නෛතික ආයතනයක් නොවන බව එංගලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය නමැති කෘතිය මගින් මෙඩ්ලන්ඩ් දක්වා තිබෙනවා.
එය අනීතික ආයතනයක් බව එමගින් අදහස් කරන්නේ නැහැ.
එහෙත් එය නීතියෙන් පිට පවතින බව අපි තේරුම්ගන්න අවශ්‍යයි.
ඒ නිසා එය පහත් කොට සලකන්න බැහැ.
පාර්ලිමේන්තුව අවශ්‍ය විට බලය පවරන්නේ විධායකයටම නොවේ.
අදාළ ඇමැතිවරුන්ට ඒ නිසා නීතියෙන් පිළිගෙන ඇති ඇමැතිවරු දෙපාර්තමේන්තු සියල්ල එක්ව හැඳින්වීමට විධායකය යන්න පාවිච්චි කරන කෙටි නමක්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඓතිහාසික පරිනාමය හා එහි නොලියැවුණු ස්වභාවය නිසා විධායකය යන්න වෙනම පාවිච්චි කිරීම අපහසුයි.
නූතන රජයේ බලතල හා කාර්යයන් ඇමතිවරු රාජ්‍ය නිලධාරින් හා රාජ්‍ය ආයතනවලට පවරනවා මිස නීතිය අනුව නොපවතින විධායකයට කාන්දු වෙන්නේ නැහැ.
පාර්ලිමේන්තුව විධායකයට බලය පවරන විට සිදු කරන්නේ පෙරළා ඇමතිවරුන්ට බලය පැවරීමයි.
ඇමැතිවරයාට පවරා ඇති බලය තීරණ ගැනීම සඳහා රාජ්‍ය නිලධාරින්ට පවරනවා.
අවශ්‍ය සියලු‍ම තීරණ ගැනීම් තනි පුද්ගලයකුට ප්‍රායෝගික වශයෙන් සිදු කරන්න බැහැ.
එය අති මහත් තියෙන සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් පෞද්ගලිකව ඇමැතිවරයා නොගන්නා අතර ඔහු නමින් කටයුතු කරන නිලධාරින් මගින් සිදු කරනවා.
එවැනි නිලධාරින් තමන්ගේ සේවා කටයුතු මනාව ඉටු නොකරන අවස්ථාවලදී අදාළ ඇමැතිවරයාට ඒ සඳහා පියවර ගන්න පුළුවන්.
ඒ අනුව මේ සංසිද්ධිය අරඹයා අමාත්‍ය ටිරාන් අලස් කියන්නේ කුමක්ද යන්න අපි පළමුවෙන් පැහැදිලි කරගත යුතුයි.
දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතාට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ නිත්‍යානුකූල ක්‍රමවේදය අනුව බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා තිබෙනවා.
අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ පූර්ණ ආවරණ අනුමැතියට යටත්ව බව අදාළ අමාත්‍යවරයා පවසා තිබෙනවා.
එවැනි මාරු කිරීම් කිරීමට ඒ කොමිසම අමාත්‍යංශ ලේකම්වරයාට බලය දී තිබෙන බවත් ටිරාන් අලස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
අජිත් රෝහණ මහතා ස්ථාන මාරුවීම නොපිළිගන්නා බවට කර ඇති ප්‍රකාශය අනුව මේ වන විට ඒ සම්බන්ධව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පූර්ණ පසු පරීක්ෂණයක් කිරීමට කටයුතු සංවිධානය වෙලා තියෙනවා.
අජිත් රෝහණ මහතා දකුණු පළාතට මාරු කර යවා ඇත්තේ ද ඉහත ක්‍රමවේදයට අනුව බව අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
දකුණු පළාතට ගිය අජිත් රෝහණ මහතා එම ක්‍රමවේදය යටතේම නැගෙනහිර පළාතට මාරු කළ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි ටිරාන් අලස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
සේවා අවශ්‍යතා මත උසස් පොලිස් නිලධාරින් රැසකට මාරුවීම් ලබාදී ඇති අවස්ථාවක අජිත් රෝහණ මහතා පමණක් එම මාරුවීම් ප්‍රතික්ෂේප කිරීම ගැටලු‍ සහගත කාරණයක් බව පැවසූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒ පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන අධිකාරිය ජනතාව පරමාධිපත්‍යයෙන් යුක්ත බව දක්වා තිබෙනවා.
පරමාධිපත්‍ය යන්නෙන් කුමක් සඳහන් වෙනවාද?
ජනතාවට අභ්‍යන්තර හෝ බාහිර බලපෑමක් තොරව රට කරවීමට ඇති පරම තනි අයිතියයි.
ජනතාව රජයක් පිහිටුවන්නේ කුමක් සඳහාද?
රජයේ බලතල මොනවාද?
ජනතාවගේ අයිතිවාසිකම් මොනවාද?
ආරවුල් විසඳීමට බලය ඇත්තේ කාටද?
ආදී වශයෙන් ප්‍රජාවට තීරණය කිරීමට අයිතියක් ඇති බව තහවුරු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(අ) සහ (ඇ) විධානවලින් රජයක් පිහිටුවන්නේ කෙසේද?
ඒවායේ බලතල මොනවාද කියා දක්වා තියෙනවා.
බලතල පංගු කිරීමේ න්‍යාය ජනතාවගේ අයිතිවාසිකම් රැකිම සඳහා ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙනවා.
ව්‍යවස්ථාවට නීතියෙන් බලාත්මක කළ නොහැකි වූවත් නමුත් නීතියෙන් පිළිගත් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් ඇතුළත් කර තිබෙනවා.
මේ සම්බන්ධව රාජ්‍ය මූලධර්ම හා රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව අප මීට පෙර විග්‍රහයක් කර තියෙනවා.
ඒ පිළිබඳව මනා අවබෝධයක් ලබාගන්නට නම් ඔබ එම ලිපිය සම්පූර්ණයෙන් කියවිය යුතුයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු හා මාර්ගෝපදේශවල වැදගත්කමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන තිබෙනවා.
මෙම උපදේශවල අරමුණ රජයේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී උපයෝගී කරගෙන ජනතා සුබසිද්ධියට කටයුතු කිරීමයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) උපවගන්තියෙන් රාජ්‍ය ආයතන මූලික අයිතිවාසිකම් ගරු කිරීමට බැඳී ඉන්නවා.
ආරක්ෂා කිරීමට හා වර්ධනය කිරීමට බැඳී තිබෙනවා.
ඒවා සංෂිප්ත කිරීමට සීමා කිරීමට හෝ අහිමි කිරීමට රාජ්‍ය නිලධාරින්ට බැහැ.
මූලික ආයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයෙන් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවකින් කඩ නොවීමට එය වැලැක්වීමට ආණ්ඩුක්‍රම ව්‍යව්සථාවෙන් කටයුතු කර තිබෙනවා.
රජයේ කටයුතු විවිධ හේතු නිසා වර්ධනය වුනේ කොහොමද කියලා අපි තවදුරටත් විමසමු.
කාර්යන් වර්ධනයේ සමාජ ආර්ථික සංස්කෘතික කාර්යයන් වර්ධනය වීමත් සමඟ රජයේ බලය ද අධික ලෙස වර්ධනය වී තිබෙනවා.
දේශපාලන විධායකයට දේශපාලනික නොවන පහළ මට්ටමේ නිලධාරින්ට වැඩි වැඩියෙන් බලය පැවරීම සිදුවී තිබෙනවා.
නමුත් ඒවා අභිනියෝජනය නමින් දක්වන්නට පුළුවන්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 (2) ට අනුව පුද්ගලයන්ට හෝ ආයතනවලට බලය පැවරීමට නීති සම්පාදනය කරන්න හිමිකමක් තියෙනවා.
පාර්ලිමේන්තුවට දේශපාලන විධායකය පාලනය කළ හැකියි.
විධායකය ජනතාවගේ නියෝජිතයන් ලෙස සුබසෙත සඳහා කටයුතු කළ යුතුයි.
ඔවුන්ට ඡන්ද දායකයින් සතුටු කළ නොහැකි වුවහොත් ඔවුන්ගේ පාර්ලිමේන්තු අසුන් අහිමි වෙන්න පුළුවන්.
ජනමාධ්‍ය හා ජනමතයට රජයේ ප්‍රතිපත්ති ඉටු කිරීමට පෙළඹවීම් ඇති කරන සුළුයි.
නමුත් ව්‍යවස්ථාදායකයේ බහුතරයක් රජයට හිමිවන අවස්ථාවක විධායකයට ව්‍යවස්ථාදායක මුළුමනින් මෙහෙයවන්න පුළුවන්.
රජයේ කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් නිර්නාමික වශයෙන් කටයුතු කරන රජයේ නිලධාරින් විසින් ඉටු කරනවා.
මෙම නිලධාරින්ගේ සහයක් නොමැතිව තනි ඇමැතිවරයකුට අමාත්‍යංශයක් පාලනය කරන්න බැහැ.
මේ නිසා ස්ථිර විධායක හෝ පරිපාලන විධායකය ලෙස හඳුන්වනු ලබන නිලධාරින්ට බලය පැවරීමට ඇමැතිවරයාට හැකියාව තිබෙනවා.
අධ්‍යාපන, පොලිසිය, සෞඛ්‍ය වැනි දෙපාර්තමේන්තු දීපව්‍යාප්තව ජනතාවට සමීප ආයතන.
වැදගත්කම යුතුකම වන්නේ පරමාධිපත්‍යයෙන් යුත් ජනතාවගේ යහපතට රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වනවාද යන්න සොයා බැලීමය.
නමුත් බොහෝ විට රාජ්‍ය නිලධාරින් කඩේ යන සංස්කෘතියක් අපට දකින්නට ලැබෙනවා.
තමන්ට පමණක් පෞද්ගලික අභිමතාර්ථ ඉටු කරගැනීමට නොහැකි වූ විට පමණක් ඔවුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිහිපත් වෙනවා.
ඒ සිහිපත් කිරීම සිදු කරන්නේ අදාළ ඡේද උපුටා දක්වමින්.
එවැනි අවස්ථාවකට මේ වන විට හිටපු නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පත් වී තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිස් නිලධාරින්ගේ ස්ථාන මාරුකිරීම් සිදු කිරීමට බලය ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිසමට බව අප දන්නා සත්‍යයක්.
නමුත් එම කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දුගේ ඉතිහාසය මෑත කාලීන දේශපාලනික ගැතිකම් පිළිබඳ මනා චිත්‍රයක් ජනතාව තුළ ඇඳිල තිබෙනවා.
ඒ චිත්‍රය අනුව වඩාත් ළඟම උදාහරණය නම් ශ්‍රී ලංකා ප්‍රජාවගේ මහත් චෝදනාවට ලක්ව සිටින බැසිල් රාජපක්ෂ විදේශ රටක සිට පැමිණීමේදී ඔහුව බැලීම සඳහා ගුවන්තොටුපොළට ගොස් ඔහුට දෙකට නැමී ආචාර කිරීමේ චිත්‍රය ඡායාරූපය ජනතාව තුළ මනාව සටහන් වී තිබෙනවා.
එවැනි කොමිසමක මොන තරම් ස්වාධීනව කටයුතු කළ නිලධාරියෙක් එවැනි ගැතිකම් කිරීම සඳහා මැදිහත්වීම ඇත්තටම ජනතාවගේ දෝෂාරෝපණයට ලක් වූවක්.
කොමිෂන් සභාව විසින් සිදු කළ යුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්වරුන් ස්ථාන මාරු කිරීම් අනුමත කිරීමට කිසිදු බලයක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට බලයක් නැති බව අදාළ ලිපියෙන් අජිත් රෝහණ අවධාරණය කර තියෙනවා.
අදාළ ස්ථාන මාරුවීම් නියෝගය අනීතික හා නීතියට පටහැනි බව ද දීර්ඝ වශයෙන් ඔහු කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර අජිත් රෝහණ විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත්තේ මහජන ආරක්ෂක ඇමැතිවරයා විසින් වසර තුනහමාරක පමණ කාලයක් බස්නාහිර පළාතේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ආරක්ෂා කරගැනීම සඳහා තමන් පීඩාවට පත් කර සිටින බවය.
ඒ සමඟම තවත් ප්‍රශ්නයක් මතු වෙනවා.
අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා කවුද යන්න ඔහුට ප්‍රකාශ කිරීමට කොන්දක් නැති බව ඉන් ප්‍රදර්ශනය වෙනවා.
ඒ පිළිබඳ යම් දුරකට පැහැදිලි කිරීමක් මහජන ආරක්ෂක අමාත්‍ය පොලිසිය භාර අමාත්‍ය ටිරාන් අලස් ද කරුණු පැහැදිලි කරලා තිබුණා.
පසුගිය අප්‍රේල් 18 දා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ස්ථාන මාරු කර යවන ලෙසට මහජන ආරක්ෂක ඇමැතිවරයා ලේකම්වරයාට උපදෙස් දී තිබෙන බව ද මේ අතර වාර්තා වෙනවා.
දකුණු පළාතේ අපරාධ වැඩි බවට පොලිස් පතිවරයා තමන් හා පැවසූ බවත් අජිත් රෝහණ කොමිසමට යවන ලද ලිපියේ සඳහන් කර තිබෙනවා.
බස්නාහිර පළාතේ සිදුවූ වෙඩි තැබීම් හා අපරාධ සහ දකුණේ පළාතේ සිදු වූ අපරාධ හා වෙඩි තැබීම් පිළිබඳ සංඛ්‍යා ලේඛන සසඳා බලන ලෙසත් අජිත් රෝහණ පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.
මෙහිදී ඇත්තටම පසුගිය කාලය තුළ දකුණු පළාතේ කිසියම් දුරකට අපරාධ සහ දූෂණ වර්ධනය වූ බව අප දන්නා කරුණක්.
පාසල් ශිෂ්‍යයින් සමලිංගත්වයට යොදාගැනීම සම්බන්ධව යම් කපු මහතෙකුගේ හැසිරිම හා භාවිතය සම්බන්ධයෙන් ද කරුණු වාර්තා වුණා.
එහිදී ඒ සම්බ්නධව ද අප පුළුල් විග්‍රහයක් කර තිබෙනවා.
ඒ ගැන ඔබට අපගේ පී.එෆ්.පී. වෙබ් අඩවිය තවදුරටත් සොයා බැලීමේදී කියවන්න පුළුවන් වෙයි.
කොහොම වෙතත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ තවදුරටත් අවධාරණය කර ඇත්තේ මහජන ආරක්ෂක ඇමැතිවරයා විසින් ආරක්ෂා කර සිටින බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයාට පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම, කොටුව පොලිස් ස්ථානාධිපතිට තර්ජනය කිරීම, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයාට බලපෑම් හා තර්ජනය කිරීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට ආරක්ෂාව ලබාදෙන්නැයි වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ නියෝග නොසලකා හැර ආරක්ෂාව ලබා නොදීම, ගාලු‍ මෝදරයට අරගලයට පහරදීම වැනි චෝදනා ගණනාවක්ම එල්ල වූ අයකු බව අජිත් රෝහණ සිහිපත් කර තිබෙනවා.
නමුත් ඔහු අවංක නිලධාරි මහතෙක් නම් ඔහුගේ භූමිකාව විය යුත්තේ අදාළ කාල වකවානුවලදීම ඒ පිළිබඳව යම් විවිරණයක් ලබාදීම නොවේද?
තමන්ගේ පෞද්ගලික කාර්යභාරයක් ඉටු කරගැනීම සඳහා ඊට මෙවලම් වශයෙන් ඉහත සිද්ධීන් යුක්තිය වෙනුවෙන් ඉදිරිපත් කිරීම හා ඒ පිළිබඳව සිහිපත් කිරීම පිළිබඳව අජිත් රෝහණගේ සදාචාරය පිළිබඳව ගැටලු‍වක් ඉන් මතු වන්නේ නැද්ද?
මේ තත්ත්වය හමුවේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වෙත ලබාදී තිබූ ස්ථාන මාරුව පොලිස්පතිවරයා විසින්ම පසුගියදා අවලංගු කර තිබෙනවා.
ඒ අනුව මේ පිළිබඳව තවදුරටත් අපි සාකච්ඡා කළ යුතු වෙනවා.
බලාපොරොත්තු වන්න තවදුරටත් ඒ පිළිබඳව ලංකාවේ පරිපාලන නීතිය අරඹයා අදාළ විවරණ.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න