වෙහෙසවීමකින් තොරව උපයන ධනය ජනාධිපතිවරයකු නැතිනාස්ති කරන්නේ නම් ඔහුව නම් කළ යුත්තේ කෙසේද?
75 වැනි නිදහස් සැමරුම අවසන් වූයේ වැදගත් කිසිම පළදායි දෙයක් සිදු නොවීමෙනි. ජනාධිපතිවරයකු ජාතිය ඇමතීමේ කතාවත් එදින සිදු වුණේ නැහැ.
විදේශ හා දේශීය ආරාධිතයින් රාශියකට ඇරයුම් කර ඔවුන් ගාලූ මුවදොරට ගෙන්වා ප‍්‍රදර්ශනය කරවා හමුදා පෙළපාලියක් හා ආචාර වෙඩි මුර සංදර්ශනයක් පෙන්වා ගෙදර පිටත් කිරීම පමණක් සිදු වුණා.
75 වැනි නිදහස් සැමරුම ගැන ආණ්ඩුවට එහෙම නැත්නම් ජනාධිපතිවරයාට පමණක් සුවිශේෂයි. ජනතාවට කිසිම සුවිශේෂ බවක් හෝ ජාතික ස්වෛරීභාවයක්වත් දකින්නට නැහැ.
ඇල්මැරුණු ස්වභාවයක් තුළ කිසිම වැසියකුට වැදගත්කමක් නැති රාජ්‍ය සංදර්ශනයක් ලෙස එය පසුගියදා අවසන් වුණා.
සිදුවුණු එකම දෙය රටේ ජනාධිපතිවරයා හැටියට රනිල් වික‍්‍රමසිංහගේ මමත්වය ප‍්‍රදර්ශනය කිරීම පමණයි.

නිදහස් උළෙලේ ප‍්‍රධාන තාරකාව වීමට ඔහුගේ තිබෙන බාල මානසිකත්වය යම් දුරකට ඔහු ඉටු කරගත්තේ මහජනතාවගේ බඩට ඍජුවම ගසමින්.
ඒ බව තවදුරටත් සනාථ කරන්නේ මතුවෙමින් තියෙන ඉදිරියට ගොනුවෙමින් තිබෙන බදු සංස්කෘතිය නිසා.

තමා රටේ ජනාධිපතිවරයා හැටියට සිටි බවට ඉතිහාසගත කරන්න රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා මේ
ගත් උත්සාහය ඇත්තටම ලංකාවේ සිටි දේශපාලන පක්ෂවල හා රැුඩිකල් පක්ෂවල නොදනුවත්කම ප‍්‍රධාන සාධකයක්.

ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් වර්ධනය වීම තුළ ජනාධිපතිවරයා සඳහා බලතල දියත් වුණේ ලංකාවේ විධායක ජනාධිපතිවරයාගේ බලතල කාර්යයන් පිළිබඳව ව්‍යවස්ථානකූල සහතිකය ලැබී තිබෙන්නේ 1978 ව්‍යවස්ථාව මගින්.
ශක්තිමත් හා ස්ථිර විධායකයක් ගොඩනගා පවත්වාගැනීමට එදා ජේ. ආර්. ජයවර්ධන 78 ව්‍යවස්ථාව තුළ බලය විධායක ජනාධිපතිවරයාට කේන්ද්‍රගත කර තිබෙනවා.
ආණ්ඩුවක ස්ථාවරත්වය ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක ප‍්‍රධානම වාසිය වෙන්න පුළුවන්.

ව්‍යවස්ථාදායකයේ ඍජු බලපෑමට විධායකය හසු නොවීම නිසා ඒ පිළිබඳව විරුද්ධ දේශපාලන පක්ෂ හෝ ආණ්ඩු පක්ෂය හෝ ක‍්‍රියාශීලී මෙහෙවරක නොයෙදී ප‍්‍රතිඵලය ගුණවත් බවින් තොර ජනාධිපතිවරයකු මේ වන විට රටට එක්වීම පමණයි.
ජනාධිපතිවරයා ඉවත් කරන්න හැකියාව ඇත්තේ දෝෂාභියෝගයකින් පමණයි. එයත් පහසු කාර්යයක් නොවේ.
ඉතාම දුෂ්කර කාර්යයක්.

ඉක්මණින් තීන්දු ගැනීමට හා ක‍්‍රියාවට නැංවීමට හැකිවීම නිසා ලංකාවේ මේ වන විට සිටින ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අත්තනෝමතික කාර්යක්ෂම (ඔහුටම පමණක් ආවේණික* මහජනතාවට හානිදායක ක‍්‍රියාමාර්ග
ගනිමින් ඉන්නවා.

ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක මෙය යහපත් ලක්ෂණයක්ද?

විධායක බලය එක් පුද්ගලයකු අත ඒකාරාශි වී තිබීම මේ තත්ත්වය ප‍්‍රවර්ධනයට ප‍්‍රධාන සාධකයක්.

2024 හැත්ත හය වෙනි නිදහස් සමරුව සඳහා මනා පසුබිමක් සංවර්ධනය කර ගැනීම සඳහා 75 වැනි නිදහස් සමරුව මහ ඉහළින් පැවැත්වීමට රනිල් වික‍්‍රමසිංහ ගත්තු උත්සාහයේ අවසාන පරිච්ෙඡ්දය කුමක් විය හැකිද?
රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන ජීවිතයේ අවසානය එය විය හැකිද?

ඇත්තටම මේ රටේ ජනතාවට දේශපාලන සාක්ෂරතාවය නැතිකම නිසා ඉදිරියටත් ශක්තිමත් ජනාධිපතිවරයකුගේ භූමිකාව මේ වන විට රනිල් වික‍්‍රමසිංහ රඟපාමින් හා නියැළෙමින් ඉන්නවා.
ජනාධිපති ආණ්ඩුක‍්‍රමය දේශපාලන විචාරකයින්ගේ අදහසට අනුව නම් බහු පක්ෂ ක‍්‍රමය ඉතා යෝග්‍ය බවයි. බහු පක්ෂ ක‍්‍රමයක් පවතින විට අස්ථාවර ආණ්ඩු බිහිවෙන්නේ නැති එක පැහැදිලිව පෙනෙන දෙයක්.
අස්ථාවරත්වය ජනාධිපති ආණ්ඩුක‍්‍රමය නිසා වළක්වාගන්න පුළුවන් කියන මතයක්ද රට තුළ ආත්මගත වී
තිබෙනවා බොහෝ දේශපාලනඥයන් තුළ.

තනි පුද්ගලයකු හදිසි තීරණ ඉක්මන් තීරණ ගැනීමට හැකි නිසා හදිසි අවස්ථාවන් හා දේශපාලන අර්බුදවලට වඩාත් ශක්තිමත් ලෙස මුහුණ දීමේ හැකියාව ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක ජනාධිපතිවරයා ලබන තවත් වාසියක්.
ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක කාර්යක්ෂමතාවය හා වැඩකිරීමට දේශපාලන පක්ෂ උපකාරි වන්නේ බොහෝ විට විවිධ වරප‍්‍රසාද හමුවේ යැයි කීම වඩාත් නිවැරදියි.
දේශපාලන පක්ෂ නොමැති වූවත් ආණ්ඩු ක‍්‍රියාවලිය නංවන්න ජනාධිපතිවරයාට බලය කේන්ද්‍රගත වීම නිසා පහසුවෙන් කරගන්න පුළුවන්.
අමාත්‍යංශ ලේකම්වරුන් මගින් පරිපාලන කටයුතු කරගෙන යෑමේ හැකියාව ජනාධිපතිවරයා මේ වන විට ප‍්‍රදර්ශනය කරමින් ඉන්නවා.
ඒ මැතිවරණ කොමිෂන් සභාවට බලපෑම් ඍජුව හා අනියම්ව කරන සාධක මතයි.

ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමට රටේ සමස්ථ ජනතාවම සහභාගි වන ඉතිහාසයක් ලංකාව තුළ පසුගිය කාලය තුළ තිබුණා.
නමුත් මේ වන විට වර්තමාන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ බලයට පත් වී ඉන්නේ ව්‍යවස්ථාදායකයේ එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ඡුන්දය මතයි.
අනුප‍්‍රාප්තික ජනාධිපතිවරයා ඔහුගේ ක‍්‍රියාකාරකම් අයුතු ලෙස අදාළ මන්ත‍්‍රීවරුන්ගේ ආස්වාදය පිණිස හැසිරෙන බව මනාව ප‍්‍රදර්ශනය වන තත්ත්වයක්.
නිදහස් උත්සවය සඳහා කළ වියදම් තවමත් කිසිවකුට පැහැදිලි චිත‍්‍රයක් ලැබී නැහැ. දල වශයෙන් කෝටි 37කට මුලින් ඇස්තමේන්තු කර තිබුණා.
ආණ්ඩුව පසුව පැවසුවේ කෝටි 20කට එම වැය මුදල පහත බස්සවා ගත් බවයි.

දේශපාලකයින් සහ රජයේ නිලධාරින්ගේම මතය අනුව මේ කොටි 20 ඇතුළත මල්මාලාවක් සඳහා රුපියල් 95 දාහසක් හා ජයමංගල ගාථා කීම සඳහා ලක්ෂ ගණනින් වැය කිරීම පිළිබඳව පැහැදිලිව ප‍්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාමයි.
උත්සවය සඳහා කීයක් වියදම් වුණාද කියල පැහැදිලිව ජනතාවට ලබාගැනීමට තිබුණු අවකාශය මේ වන විට වැසී ගොස් තිබෙනවා.
කරුණු කෙසේ වෙතත් රටට බරක් වූ අනවශ්‍ය වියදමක් නිදහස් උත්සවය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ සිදුවුණා.
වැය කළ මිනිස් පැය ගණන හමුදා හා පොලිසියේ පෙරහුරු නිසා පොදු ජනතාවට සිදුවූ බාධා සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා ජීවිතවලට කරපු බලපෑම මුදල් ලෙස ගණන් කර බැලූවොත් එය ඇත්තටම කෝටි 20ක් නොව කෝටි 1000ක් ඉක්මවන සුළුයි.
ජනාධිපතිවරයාගේම වචනවලින් නැවත නැවත පෙන්වා දෙන පරිදි ආර්ථික වශයෙන් කවදාවත් නැති අගාධයක සිරවී සිටින ලංකාව ඒ අර්බුදයේ ගැඹුර ගැන හරිහැටි වැටහීමක් නැති වැසියන් සිටින රටක් බවට ඔහුගේම අදහස් වලින් ප‍්‍රකාශ වෙනවා.
නමුත් ඔහු එසේ කියන ගමන්ම ඒ තුළ අන්තර්ගත වන්නේ වැදි බණ බව සාමාන්‍ය ජනතාව හා උගත් ජනතාව තේරුම්ගත යුතු කරුණක්.
මරණ ලක්ෂයක් තියාගෙන පැණි කන මේ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා පිළිබඳව පැහැදිලි චිත‍්‍රයක් රටට නම් පේනමානයක නැහැ.
රනිල් වික‍්‍රමසිංහ ඔහු පොළොඹවන ලද්දේ කුමන කාර්යභාරයක් සඳහාද එහි යථාර්ථය කුමක්ද යන්න පැහැදිලි ඇකඩමික් චිත‍්‍රයක් රටට පේනමානයකවත් පේන්න නැහැ.
රටේ ආර්ථික අර්බුදය නිසා සියලූම අමාත්‍යංශ ඇතුළු රාජ්‍ය ආයතන එදිනෙදා ආණ්ඩුව හා ජන ජීවිතයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්න නොහැකි බව විටින් විට ප‍්‍රකාශ වන සත්‍යයක්.
මේ වන විට රජයේ රෝහල්වල හදිසි සැත්කම් ගණනාවක් නවතා තිබෙනවා. අත්‍යවශ්‍යම සැත්කමකට පමණක් සීමා වෙලා තිබෙනවා.
රටේ පුරවැසියන්ගේ ජන ජීවිතය මරුවා සමඟ වාසේ සඳහා ගෙන ගිය ගෙන යන ජනාධිපතිවරයකු හා ආණ්ඩුවක් සමඟ දීග කන්න පුරවැසියන්ට සිදුවෙලා තියෙනවා.
ජනාධිපතිවරයා මේ අවුරුද්ද මුලදීම ප‍්‍රකාශ කළ නිදහස් උත්සවය එහෙම නැත්නම් පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹීම යන වියදම් ද කිසිම වැදගැම්මකට නැති අනවශ්‍ය වියදම් ලෙස නම් කරන්න පහසුවෙන් පුළුවන්.

ඒ වගේම මහනුවර ජනාධිපති නිල නිවසේදී රටවල් කීපයක රාජ්‍ය තාන්ත‍්‍රිකයින්ගේ අක්තපත‍්‍ර පිළිගැන්වීමේ උත්සවය රනිල් වික‍්‍රමසිංහගේ තවත් අනවශ්‍ය වියදමක් බව රජයේ නිලධාරින්ම නිගමනය කර තිබෙනවා.
නමුත් එය බොහෝ විට ඔවුන් තිරය පිටුපස සිට ප‍්‍රකාශ කරනවා මිසක කිසිම විවෘත භාවයකින් හැසිරෙන සමාජ සංස්කෘතියක් අපට දකින්න ලැබෙන්නේ නැහැ.
තානාපතිවරුන් සඳහා අක්තපත‍්‍ර පිළිගැන්වීමේ උත්සවය කොළඹ පවත්වන්නට හොඳින්ම හැකියාව තිබියදී රනිල් වික‍්‍රමසිංහ මහනුවර ගියේ ඔහුගේ දේශගුණික ශාරීරික සුවපහසුව සඳහා යැයි කිව්වොත් වඩාත් නිවැරදිය.
ජනාධිපතිවරයාට සිය විනෝදසමය ගත කිරීම සඳහා කන්ද උඩරට යෑම තුළ රටේ ජනතාවගේ බඩට ඍජුවම පහර ගහන තත්ත්වයක් ඔහු ප‍්‍රදර්ශනය කරමින් ඉන්නවා.
සම්ප‍්‍රදායානුකූලව රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරින් රාජ්‍ය නායකයා හමුවීමට කැඳවාගෙන යන්නේ ඇත්තටම ජනාධිපති මන්දිරයට විය යුතුයි.
නමුත් ජනාධිපතිවරයාගේ අනවශ්‍ය දුර්වල මානසික මට්ටම නිසා සිදුවෙමින් පවතින්නේ ඉතාම නොහොබිනා ක‍්‍රියාකලාපයක්.
මෙවැනි තවත් අවස්ථා අපමණ ඇතත් එය එකින් එකට පැහැදිලි කරන්න අපහසුයි.

මහනුවර විදේශ රාජතාන්ත‍්‍රික නිලධාරින් සුඛෝපභෝගී රථවලින් පොලිස් ආචාර පෙළපාලි සහිතව කැඳවාගෙන යාම තුළ මහනුවර ජනතාවට ඒ දිනවල ඇතිවූ ගැටලූ ඇත්තටම ජනමාධ්‍යය විවෘතව කතා නොකිරීම තවත් ගැටලූවක්.
මහනුවර වැව රවුමේ පරාවල් වසා ජන ජීවිතය ඇණහිටුවා මේ රාජතාන්ත‍්‍රික උත්සවය රනිල් වික‍්‍රමසිංහ පැවැත්වූවා.
කොළඹ සිට වාහන නිලධාරින් සියල්ලක් කැඳවාගැනීම තුළ (නවාතැන් හා ආහාර* අනවශ්‍ය තෙල් වියදම් කිරීමෙන් රටේ ආර්ථිකයට සිදුවූ අගතිය සුලූපටු නොවේ.
මේ වැය දරන්නේ ජනාධිපතිවරයාගේ මුදල්වලින්ද? ජනාධිපතිවරයා නිවසින් ගෙන දෙන මුදල්වලින්ද?
තැපැල් මුද්දරය මුල් පිටපත ජනාධිපතිවරයාට භාර දෙන්නටත් ඇමතිවරයා ප‍්‍රමුඛ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරිහු ඉන්ධන, අතිකාල, වාහන, කාලය වැය කරමින් මහනුවරට ගොස් සිටියා.
මේ රට ඉතාම අමාරු තැනක තිබෙන බව නැවත නැවත කියන්නෙත් රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා.

ඒ නිසා අමාරු තීන්දු ගන්නට තමා පසුබට වන්නේ නැතැයි නිතර නිතර ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය පරස්පර විරෝධී තත්ත්වයක් සටහන් කරනවා.
බදු වැඩිකිරීම වැනි දේ අමාරු තීරණ බවත් ඒවා විඳ දරා ගැනීමට ජනතාව අමාරුවෙන් වුණත් පුරුදු විය යුතු බව ඔහුගේ විනෝද සමය වෙනුවෙන් ඔහු ක‍්‍රියා කරන බවත් රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා ප‍්‍රදර්ශනය කරමින් ඉන්නවා.
ජනාධිපතිවරයා මහනුවරදී අක්තපත‍්‍ර පිළිගැන්වීම, තැපැල් මුද්දර පිළිගැනීම වැනි සිල්ලර වැඩ අත්හිටුවීමේ පහසු නිවැරදි තීරණයක් නොගැනීමට ඇත්තටම රනිල් වික‍්‍රමසිංහට යම් මානසික ගැටලූවක් තිබෙනවාද යන්න පසු විමර්ශනය කළ යුත්තේ රනිල් වික‍්‍රමසිංහ සමඟ යැපෙන ඔහුගේ ඇසුර පවත්වන හිතවතුන් හා නිලධාරින්.
ඔහුගේ තීරණ නිසා අපසුතාවට පත්වන්නේ පොදු ජනතාව බව ඔහුට තේරුම්ගැනීමට හැකියාවක් නැති බව ඉතාම ගැටලූ සහගත තත්ත්වයක්.
නිදහස් උත්සවයේදී ජාතිය අමතා ජනාධිපතිවරයාට කතා කිරීමට නොහැකි වූයේ කුමක්ද?

රට අගාධයට පත් වී තිබෙන පරිසරයක ඉතාම කනගාටුදායක තත්ත්වයක් තුළ විදෙස් නියෝජිතයින් හමුවේ ඔහු විහිලූවක් බවට පත් වන සුලූ යම් අවබෝධයක් රාජ්‍ය තාන්ත‍්‍රිකයින්ගෙන්ම මතු වූ නිසාද යන ප‍්‍රශ්නයත් මෙහිදී පැන නගිනවා.
නමුත් නිදහස් දින සවස සියලූ මාධ්‍යය හරහා ඔහු දේශනයක් පැවැත්වූවා. ඒ දේශනයේදී ඔහුට කියන්නට විකල්ප අදහස් තිබුණාද?
වසර 50කින් රට ඉදිරියට මතු කරන්නේ මේ මේ අදියරයන් යටතේ යයි කියන්න තරම් කිසිවක් රනිල් වික‍්‍රමසිංහ විධායක ජනාධිපතිවරයාට තිබුණේ නැහැ.
අවුරුදු 25කදී රට ගෙන යන තැන පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියවත් කියන්න එහෙම නැත්නම් ඉදිරි වසර 5 තුළ රට මතු කරන්නේ කුමන තත්ත්වයකටද යන්න කීමට ඔහුට හැකියාවක් තිබුණේ නැහැ.
ඒ ඔහුගේ හෘද සාක්ෂිය මනාව තේරුම්ගත් නිසා විය හැකියි. හෘද සාක්ෂියෙන් තොරව රනිල් විඳින සතුට කුමක්ද?
ජනතාවගේ විපත හමුවේ ජනාධිපතිවරයා නැවත නැවත ප‍්‍රකාශ කරමින් ඉන්නේ තමන්ට කිසිම විකල්ප නව අදහස් නැති බව ඔහුගේ ප‍්‍රකාශවලින්ම මතු නොවන්නේද?
ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුමක් යෝජනා කරන්න බලාපොරොත්තු වන බව 2022 අයවැය විවාදයෙන් පසුව සර්වපාක්ෂික රැුස්වීමක් ජනාධිපතිවරයා කැඳවා තිබුණා.
මුලින් ඔහුගේ උත්සාහය ගැන බලාපොරොත්තු සහගතව සිටි දෙමළ ජාතික සංධානය සති කීපයක් ගත වන විට ජනාධිපතිවරයා කරන්නේ ඍජු බොරුවක් බව තේරුම්ගෙන දැන් විවිධ මත ප‍්‍රකාශ කරමින් ඉන්නවා.
අවසානයේ ලංකාවේ රජය කෙරෙහි අවිශ්වාසය උතුරේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තුළ ගොනු වෙමින් තිබෙනවා.
ඒ කොහොම වෙතත් පසුගියදා ජනාධිපතිවරයා නිදහස් දිනෙන් පසුව යාපනයට ගොස් ඒ තත්ත්වය මකා
ගැනීම සඳහා ඉන්දියානු ආධාර යටතේ ගොඩනැගුණු සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කර තිබුණා. එහිදී උතුරේ කළු කොඩි උසවා හර්තාලයක ස්වරූපයක් රටේ විවිධ පැතිවලින් දියත් වෙමින් තිබුණා.
සදාචාරයෙන් තොර දේශපාලන ව්‍යාපාරයක රනිල් වික‍්‍රමසිංහ නියැලී තිබෙන බව උතුරේ සංචාරය තුළින් ද පැහැදිලි සත්‍යයක් පෙන්නුම් කළා.
ප‍්‍රතිපත්තියෙන් තොර දේශපාලනයක නියැලී සිටින රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා ඇත්තටම පාර්ලිමේන්තුව වාරඅවසාන කිරීම ද දැඩි විවේචනයට බඳුන් වුණා.
කිසිදු අවශ්‍යතාවයක් නැතිව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතා අලූතින් කියන්නට එහිදීද ඔහුට අවකාශයක් හෝ අදහසක් තිබුණේ නැහැ.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු රැුස්වීම්වලට පැමිණ සභාව ඇමතීමට ජනාධිපතිවරයාට ඕනතරම් අවකාශය
තිබෙනවා.

ලංකාවේ මීට පෙර ජනාධිපතිවරයකුටත් වඩා රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති හැටියට පාර්ලිමේන්තුව අවභාවිතයට
ගනිමින් ක‍්‍රියා කරන බව ඒ තුළින් ද ප‍්‍රදර්ශනය වූවා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මාස තුනකට වරක්වත් අඩු ගණනේ පාර්ලිමේන්තු රැුස්වීම්වලට සහභාගි විය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.
මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඔහු අවශ්‍යයි.

කිසිම ජනාධිපතිවරයෙක් ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට නොගත් පසුබිමක රනිල් වික‍්‍රමසිංහ විටින් විට පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවට පැමිණ රැුස්වීම්වලට සහභාගි වුණා.
ඇත්තටම එය හොඳ කරුණක්.

මීට පෙර ජනාධිපතිවරු සිදු කළේ පාර්ලිමේන්තුවට පිටතින් සිටිමින් එයට සංදේශ එවීම පමණයි. අවශ්‍ය විට පැමිණ ඇමතීම් සිදු කරපු අවස්ථාද තිබුණා.
පාර්ලිමේන්තුවට යම් සුවිශේෂ කරුණක් කියන්නට තිබුණ නම් ජනාධිපතිවරයාට කළ යුතුව තිබුණේ මෙතෙක් පාර්ලිමේන්තුව කල් නොතබා පාර්ලිමේන්තු රැුස්වීමට ආණ්ඩු පක්ෂයේ ආසනයක වාඩිවී අදාළ ප‍්‍රකාශ සිදු කරන්න තිබුණා.
නමුත් ඒ අවස්ථාවෙන් ඔබ්බට ගොස් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමෙන් සිදු වූ අවැදගත් කරුණු අනන්තයි, අප‍්‍රමාණයි.
පාර්ලිමේන්තුවේ මුලසුනේ සිට ජනාධිපතිවරයාට තිබුණු මානසික ආශාව නිසා එහි අසුන් ගෙන සැසිවාරය අවසන් කර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් කිරීමේ අවස්ථාව ලබාගැනීම ඔහුගේ අරමුණ වුණා.
පෙබරවාරි 8 වනදා පාර්ලිමේන්තුව නව සැසිවාරය ආරම්භ කරමින් මුලසුනේ වාඩි වී රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා අලූතෙන් රටට ඉදිරිපත් කරපු යමක් තිබෙනවාද?
එහෙයින් පත්කරගැනීමේ ජනාධිපතිවරයාගේ උවමනාව මෙහිදී කැපී පෙනෙයි.

ඇත්තටම පාර්ලිමේන්තුව වාර අවසාන කරන විට එහි පවත්වාගෙන ගිය කාරක සභාවල නිල කාලය අවසන් වුණා.
ඒවා නැවත අලූතෙන් පත් කිරීමට දැන් සිදුවෙලා තිබෙනවා.

කෙටුම්පතක් හැටියට පාර්ලිමේන්තුව ඉදිරිපත් කර තිබෙන නීතිවල බලය අහෝසි වෙනවා. ඒවා නැවත පාර්ලිමේන්තුවට ගෙනෙන්න අවශ්‍යයි.
එතකොට නව සැසිවාරය ආරම්භ කරන විට රජයේ බොහෝ නිලධාරින් එහි සිටිය යුතුයි. රාජ්‍ය තාන්ත‍්‍රිකයින්ට ආරාධනා කිරීම සිදු කරා.
මේ සියල්ලට වැය වූ ඉන්ධන, කාලය, ශ‍්‍රමය, වෙනත් දීමනා ආදිය ගැන රනිල් වික‍්‍රමසිංහ සිය නිවසින් අදාළ ප‍්‍රාග්ධනය රජයට ලබාදෙනවාද?
නමුත් ඔහුගේ බොළඳ මානසික චිත‍්‍රය නිසා ඒ චිත‍්‍රය මවාගැනීම, හැසිරීම, ක‍්‍රියා කිරීම සඳහා මහජනතාවට දරා ගැනීමට සිදුවූ අප‍්‍රමාණ නාස්තිය දැන් පුරවැසියන් භුක්ති විඳිමින් ඉන්නවා.
මේ අනවශ්‍ය වැඩ කිහිපයක් පමණයි.

රටේ වියදම් වැඩි යැයි කියන ජනාධිපතිවරයාම මෙවැනි නාස්තිකාර වියදම්වලට යොමු වන්නේ ඔහුගේ මානසික ගැටලූවක් මත ද යන්න පෙරළා ප‍්‍රශ්න කිරීමට රටේ පුරවැසියන්ට අවකාශයක් නැහැ.
ඔහුගේ අණ නිසා නැවත නැවත පැහැදිලිව ඔහුගේ පොහොට්ටු මන්ත‍්‍රීවරුන් නඩත්තු කරන්නටත් ඔවුන්ගේ නාස්තිකාර වියදම් කරන්නටත් ලාංකික බදු ගෙවන ජනතාවට පුරවැසියන්ට සිදුවී තිබෙනවා.
සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේදී රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා අලූතින් කියපු කිසිවක් නැහැ.

අඩු ගණනේ පසුගිය දවස්වල ඔහු කියමින් සිටි 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීමටවත් ඍජු ප‍්‍රකාශයක් ඔහුගෙන් ඉටුවූයේ නැහැ.
13 ගැන ඔහු කළේ ඈතින් සිට බලා නොබලා යෑම පමණයි.

මේ ඉදිරි අවුරුදු කාලය තුළ රාජ්‍ය ප‍්‍රතිපත්තිය හදන්නට එහෙම නැත්නම් මහජනතාවගේ අදහස් ඒ සඳහා සහභාගිත්ව ක‍්‍රියාවලියක් සඳහා රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ අන්තර්ගත වූයේ නැහැ.
මේ නිසා රට තුළ උද්ඝෝෂණ විරෝධතා පවත්වමින් රටේ පොදු ජනතාව ක‍්‍රියා කරන පරිසරයක් හමුවේ ඔහු බලහත්කාරය ප‍්‍රකාශ කිරීම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේදී මනාව සිදුවූ කරුණක්.
කරුණු කෙසේවෙතත් රට අරාජික තත්ත්වයට තල්ලූවෙමින් ජනතාව පොදු මහජනතාවටත් විදේශ තාන්ත‍්‍රික නිලධාරින්ටත් තේරුම් යන සත්‍යයක්.
රට ආර්ථික වශයෙන් ගොඩ එනතුරු උද්ඝෝෂණ, විරෝධතා නවත්වන්නට යැයි රටේ නායකයා කියන්න
තරම් තිබෙන අයිතිය කුමක්ද?

ආණ්ඩුව දැනටමත් ගෙන ඇති සමහර තීරණවලින් මහජනතාව නිරාදුකක වැටෙද්දී ඒවාට විරුද්ධව විරෝධතා දැක්වීම වරදක් යැයි ජනාධිපතිවරයාට කීමට තරම් සදාචාරයක් තිබෙනවාද?
මනුෂ්‍යත්වයෙන් තොර පාලනයක් ගෙන යෑම සඳහා රනිල් වික‍්‍රමසිංහගේ හැසිරීම හා භාවිතය ඒ තුළින් ප‍්‍රදර්ශනය වන සුලූයි.
පරිත්‍යාගයෙන් තොර ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂය මේ වන විට ප‍්‍රදර්ශනය කරමින් ඉන්නේ ගුණවත් බවින් තොර පාදඩ දේශපාලන සංස්කෘතියක්.
මේ තත්ත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මරු පහරක්.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න