ගෝඨාභය මහින්ද ආණ්ඩුවට ලාංකික ප‍්‍රජාව සෘජුව හා අනියම් ලෙස විරුද්ධත්වය හා ප‍්‍රතික්ෂේප කිරීම 98% ක් බව දිවයින පුරා කරන ලද සමාජ සමීක්ෂණයකදී හෙළි වේ තිබේ.
2022 අපේ‍්‍රල් මාසයේ දී දිවයින පුරා කර තිබෙන සමීක්ෂණයකදී මහින්ද ගෝඨාභය සෘජුව ප‍්‍රතික්ෂේප කරන පිරිස 48% කි. මරණ බය, අගතියට පත්වීමට ඇති ඉඩකඩ නිසා සෘජුව නොව අනියම්ලෙස විරුද්ධවන පිරිස 50‍% කි. භාෂාව, ආගම, ජාතිය, නොසලකා ලාංකික සෑම ක්ෂේත‍්‍රයකම ජනතාව නියෝජනය වන පරිදි සමීක්ෂණය මෙහෙයවා තිබේ. දුර්වල ආර්ථික කළමණාකරනය, පාදඩ දේශපාලනය නිසා වර්තමාන අර්බුදය උත්සන්න වූ බව අදහස් දක්වා ඇති පිරිස 62% කි. 1956 දේශපාලන හා සමාජ භාෂා ඛේදවාචකය පසුකාලීනව ශී‍්‍ර ලංකාවේ විද්වතුන් විග‍්‍රහ කර ඇත්තේ හා විශ්වවිද්‍යාල වල අධ්‍යනය හා ඉගෙනුම් සදහා අධ්‍යාපන පද්ධතිය තුළට මතුපිටින් ගොනුකර ඇත්තේ සමාජ විප්ලවයක් ලෙසය. සැබෑ ප‍්‍රශ්නය වූයේ එදා සිට අදත් එදත් උපදින නොදරුවා දක්වා ඉංගී‍්‍රසිය නොදත් සමාජ ධූරාවලියක් දිගින් දිගටම සංවර්ධනය වීම පමණි. සංවර්ධනය ඉලක්ක කරගත් අපේකම වෙනුවට ඒ මතින් යැපෙන භික්ෂු හා පාදඩ දේශපාලන සංස්කෘතියක් ආගම, ජාතිය, භාෂාව පදනම් කරගත් ආගම්වාදී, ජාතිවාදී රටක් සංවර්ධනය වීමේ දීර්ඝ කාලීන උප ප‍්‍රතිඵලවල වර්තමාන අර්බුදයයි. දේශීය ආර්ථික ශී‍්‍ර ලංකාවක් සදහා නව ඥාණාලෝකයක් වෙනුවට පාදඩ පොදු දේපළ ගසාකන්නා දේශපාලඥයින් බිහිකිරීමේ සමාජ සංස්කෘතියක් වර්ධනය වීම පංච මහා බලවේගයේ තවත් ප‍්‍රතිඵලයකි. 56 සිට එසේ බිහි වූ පාදඩ දේශපාලන චරිත අතර වර්තමාන හොදම සාක්ෂිය අගමැති මහින්ද රාජපක්ෂ වේ. ඔහුගේ පාදඩ රාජ්‍ය දුරාචාර අතරින් කිහිපයක් පමණක් මතු කෙරෙන විශේෂාංගයක් රාජ්‍ය දුරාචාර කලාපය යටතේ මේ සමග පල වේ.
ලෝක ආර්ථික සමාජ සංස්කෘතිය සමග සුසංගත වීමට අංග සම්පූර්ණ ඉංගී‍්‍රසි අධ්‍යාපනය උපායශීලි ලෙස වසා දැමූ 56 සග, වේද, ගුරු, ගොවි, කම්කරු යන පංච බලවේගය තේමාකරගත් සංඝ සමාජය හා ීග උග ඍග ෘග බණ්ඩාරනායක, ව්‍යාජය සැබෑ පිළිතුර ලබා දී ඇත්තේ අගතියට පත් තරුණ ජනබලයයි.
එනම් මහසයුර දෙස බලා සිටින බණ්ඩාරනායකගේ ඇස් දෙක නුදුරේදීම වසා දැමීමෙන් ය.
ඒ තුළින් සංකේතවත් කරන සමාජ ප‍්‍රපංචයන් අපමණ වනු ඇත. ඔහුගේ පිළිරුව අබියස අවධිවන්න යනුවෙන් ද දැවැන්ත බැනර ප‍්‍රදර්ශනය වනු ඇත. මේ කි‍්‍රයා දෙකෙන්ම සමාජ විචාරය සදහා අදාළ තරුණයන් නව වේදිකාවක් ගොඩනගා තිබේ. එහි විචාරක වගකීම සැබැවින්ම ඇත්තේ බුද්ධිමතුන් යැයි කියා ගන්නා ප‍්‍රජාවටය. ඉතිහාසයේ සමාජ ව්‍යවසනයට කඩයිම් ඇති කල ඛේදාන්ත තීරණ අපමණය. සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දී පොදු සමාජ ආර්ථික, සමාජීය හා සංස්කෘතික, දේශපාලන ලෙස සූරාකෑමට ලක්කර සමාජ පථිත සමාජගත වීම පිළිබදව සැබෑ විවරණ මෙතෙක් සිදු නොවීය.
ඒ සදහා සැබැවින් විචාරශීලි සමාජ සමීක්ෂණ සිදුකිරීමට අසමත් විශ්වවිද්‍යාල උගත්යැයි සම්මත සමාජ සංස්ථා එදා සිට අද දක්වා අනුගමනය කරන්නේ නිහඩ පිලිවෙත්ය. වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ මතුවී ඇති සමාජ විරෝධයේ සමාජ විද්‍යාත්මක සමීක්ෂණයක් සදහා මැදිහත් මෙහෙයක් කිරීමට ලියුම්කරු මේ ලියන මොහොත දක්වා අදාළ අංශ අසමත් වී තිබේ.
මේ නිසා මේවැනි අවස්ථා ප‍්‍රයේජනයට ගන්නේ රාජ්‍ය නොවන සංවිධානය වේ.
ඉහත අප විසින් හෙළිදරව් කරන ලද රාජ්‍ය නොවන සංවිධානය පිළිබද දැනට අදාළ ආයතනය පිළිබද ප‍්‍රශ්න ගත තත්වයන් ද තිබේ. බොහෝ විට රාජ්‍ය නොවන සංවිධානවලට දේශපාලන, ආගමික, ජාතික සැගවුණු ඉලක්ක ඇත.
ඒ නිසා ඉහත සමීක්ෂණය සිදුකර තිබෙන ආයතනය පිළිබ`දව වැඩි දුරටත් අප වෙබ් අඩවිය පසුවිපරමකට ලක්කරමින් තිබේ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න