දේශපාලන, සමාජ, ආර්ථික හා ජනාධිපතිවරයාට අවාසි දායක තත්ත්වයක් හමුවේ පාර්ලිමේන්තු වාර අවසන් කිරීමේ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුය.
නමුත් මෙවර 2021 අවසානයේ දී පාර්ලිමේන්තුව වාර අවසන් කළේ පෞද්ගලිකව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දේශපාලන අර්බුදයක් තිබුණේ නැත.
සැබෑව නම් ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් පත් කල කාරක සභා කෝප් කමිටුව ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ ජනප්‍රියතාවය පසුගාමී කිරීමට සමත් වූ නිසා ද? පිටතින් එන හැම අභිබවා ආණ්ඩුව ඇතුලේ ගැට ලිහා ගැනීමට ජනාධිපතිවරයා අසමත් නිසා ද?
ජනාධිපතිවරයා මහින්ද ආණ්ඩු කරන සමයේ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ හා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාය. ඒ කාලයේ දී ගෝඨාභයට එරෙහිව ගැට ගැහුවේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග හරහා ය. එහෙත් ගෝඨාභය ප්‍රවේශමෙන් අදාල සියල්ලක් නිහඬව දරාගෙන කළමණාකරණය කළේ සියල්ලක් පුදුමයට පත් කරමින් ය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පමණක් නොව කෝප් කමිටුව ආණ්ඩුවේ පැවැත්මට හිසරදයක් වූවා ද?
එසේ වූවත් රජයේ ආයතන වල දූෂිත බව වැළැක්වීම සඳහා නෛතික පියවර ගැනීමේ හිමිකම අදාල කමිටු සතු නොවීය.
රාජ්‍ය ආයතනවල දූෂිතබව පසුවිපරමට ලක් කිරීම පමණක් ප්‍රමාණවත් ද? පසුගිය කාලවලදී කළමණාකරණය කල බලධාරීන්ගේ කළමණාකරණ චින්තනය පිළිබඳ පසු විපරමක් කර අදාල නිබන්ධන සකස් කිරීම ප්‍රසිද්ධ කිරීම වඩාත් සුදුසුය. කෝප් කමිටුව හඳුනාගන්නා දූෂණ පිළිබඳ විමර්ශනයක් කිරීමට අමාත්‍යංශ ලේකම්වරයාට භාර දීම ගවේෂණාත්මක ද? එය ඵලදායීත්ව කළමණාකරණ සහක්‍රියාවක් ද?
අමාත්‍යංශයේ ගණන් ගැනීමේ ප්‍රධාන නිලධාරියා අන්ත දූෂිත නම් තත්වය කෙබඳු ද? කළමණාකරණයේ අර්ථය, භාවිතාව හා විකාශය තේරුම් ගැනීමට නොහැකි කැසිනෝ දුරාචාර මාෆියා ව්‍යාපාර පවත්වාගෙන ගිය ධම්මික පෙරේරා වැනි අය පත් වූ අමාත්‍යංශයක තත්වය ඛේදනීය නොවේ ද?
නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර මෙතෙක් ස්වභාවික යුක්තියේ මූලධර්ම පිළිබඳ අවධානය යොමුකර හෝ ඇති පියවර කවරේ ද?
නිවැරදි දේ නිවැරදි ලෙස කිරීමට නොහැකි මහජන චෝදනා ලත් නීතිපතිවරයෙකු පත් වී ඇති අවකාශයක් තුළ සමාජ සාධාරණත්වය සිදුවේද?
මෙවැනි පසුබිමක් හමුවේ පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමෙන් ජනාධිපතිවරයා ලබන වාසිය කුමක් ද? පසුගිය කාලය තුළ දී සංවාදය වූ ප්‍රධාන කරුණ නම් පාර්ලිමේන්තුවේ අදාළ කාරක සභා වාර අවසානයත් සමඟ අහෝසිවීම සඳහා ජනාධිපතිවරයා අදාළ පියවර ගත් බවය.
බල අරගලය සඳහා සිය පැවැත්ම වෙනුවෙන් පාර්ලිමේන්තුවාර අවසන් කළ පෙර ජනාධිපතිවරු සමඟ අදාළ කරුණු සැසදේද? අදාල කාරක සභා වල සාමාජිකයින් පත්කොට යාවත්කාලීන වීමට අවම වශයෙන් මාස 6 ක් ගතවේ. ඒ වාසිය ඇතත් පහත සඳහන් කරුණු විමසීමේ දී ඔබේ මතය කුමක් ද? අධික ලෙස විදේශීය ණය බර ඉහළයාම මහා බැංකුවේ අවාසිදායක මූල්‍ය කළමණාකාරීත්වය නිසා ඩොලර් හිඟය. මේ නිසා ආනයන සීමා කිරීම නිසා අත්‍යවශ්‍යය භාණ්ඩ වල හිඟයක් පැවතීම. විදේශ භාණ්ඩ වල අධික ලෙස මිල ඉහළ යාමට සමගාමීව දේශීය නිෂ්පාදන මිල ඉහළ යාම. එළවඵ කිලෝවක මිල රුපියල් දහස ඉක්මවා යෑම මෙවැනි සංසිද්ධීන් නිසා නොසිතූ විරූ ලෙස අර්බුද රැසක් වර්ධනය වීම. හෙට දවසේ ගමනා ගමන අර්බුද හා වෙනත් කුමකින් කුමක් වේද ප්‍රශ්නාර්ථ දිගු වෙමින් පැවතීම. ඩොලර් අර්බුදය හමුවේ නාගරික හා ග්‍රාමීය දේපල පිටරැටියන්ට විකිණීමේ රජයේ ජාවාරම. මෙසේ පෙළගැසෙමින් එන අර්බුද වලට විකල්පයක් වශයෙන් පාර්ලිමේන්තු වාර අවසන් කිරීම තත්වය දිගු කිරීමක් නොවේ ද? පාර්ලිමේන්තුව මූල්‍යය පරිපාලනයේ මර්මස්ථානයයි. 2022 ජනවාරි 18 දක්වා වූ වසා තැබීමෙන් තාවකාලික තෘප්තියක් ජනාධිපතිවරයා අපේක්ෂා කළේ ද? පවතින අර්බුද වලට තාවකාලිකව අඟුලු දැමීම ඉතාම අසාර්ථක ප්‍රයත්නයකි. ලංකාවේ ජනගහනයට ඔරොත්තු නොදෙන රාජ්‍යය සේවයක් ශ්‍රී ලංකා ආණ්ඩු උරුම කරගෙන තිබේ. එවන් තත්ත්වයක් හමුවේ රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැනීම වයස 65 දක්වා දීර්ඝ කිරීම අනාගතයේ දී අතුරු ප්‍රශ්න ගණනාවක තවත් අඵත් ආරම්භයකි. ඒ පිළිබඳ පසුව විවරණය කෙරේ.
1948 ශ්‍රී ලංකාව නිදහස ලබනවිට ස්වදේශියත්වය මත යැපෙන ශක්තිමත් ආර්ථිකයක් ශ්‍රී ලංකාවට තිබුණි. නිදහස ලබන විට ප්‍රජාව තුළ එදා ඇති කළේ පැහැබර දැක්මක්. දකුණු ආසියාවේ දියුණු රටක් බවට පත්කරන එදා මෙදා දේශපාලන ධූරාවලියේ මූලාශ්‍ර වලට පමණක් සීමා වූයේ පාදඩ දේශපාලනය ක්‍රමික විකාශනයක් සමගය. දකුණු ආසියාවේ භූගෝලීය පිහිටීම (හැම අතින්ම සාගරය ආශ්‍රිතව) ලංකාව පිහිටීම නිසා එදා අපනයන ආදායමෙන් ආනයන වියදම් පියවාගත් රටක් විය. ජනගහන වර්ධනයත් පාරිභෝගික අවශ්‍යතා හා සංකීර්ණ නව සමාජ මෙවලම් ලංකාවට ප්‍රවේශ වීමේදී ඒ සඳහා විධිමත් අනාගත සමාජ සැලසුම් සකස් කිරීමට ප්‍රතිපත්ති කාර්්‍යක්‍ෂමව නීතිගත කිරීමට එදා මෙදා පාලකයින් අසමත් වීම වත්මන් අර්බුදයේ එක් කොටසකි.
නිෂ්පාදනය, මිල හා ගෙවීම් වලදී මේ සඳහා අදාල ප්‍රතිපත්ති නියැදි ක්‍රියාත්මක කිරීමෙන් ලබා ගන්නා අත්දැකීම් තුළින් දීර්ඝ කාලීන කාර්්‍යක්‍ෂම ප්‍රතිපත්ති වලට එදා පාලකයින් අසමත්වීම නොදැනුවත්කම ද? දේශපාලන අධිකාරීන්ගේ රුචි අරුචිකම් අනුව ගන්නා අත්තනෝමතික ක්‍රියාවන් නිසා වර්ධනය වූ සෘජු හා සෘජු නොවන ආර්ථික සමාජීය හා සංස්කෘතික ගැට`ඵ පසුව දීර්ඝ කාලීනව වර්ධනය කර තිබෙනවා.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න