අන්තර් ජාතික මූල්‍යය ආයතන වලින් ආධාර ලැබූ ශ‍්‍රී ලංකාව 2020 අවසන් වන විට බංගලදේශය ඉන්දියාව වැනි රටවල් වලින් ඩොලර් අර්බුදයට විසදුම් සොයා ගිය අවස්ථා සාර්ථක ද? ස්වාභිමානය පිළිබද කයිවාරු ගැසූ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රජය ලෝකය ලෝකය ඉදිරියේ මුතු ඇටය (ඉන්දියන් සාගරයේ) නමින් විරුදාවලිය ලබා තිබූ ශ‍්‍රී ලංකාව දනගස්වමින් තිබේ. අදාළ ආධාර පැකේජ වල නිවැරදි පැහැදිලි කිරීමක් මහජනතාවට මෙතෙක් රජය ලබා දීමට අසමත් වී තිබේ. (බංගලාදේශය හා ඉන්දියාවෙන් ලබා ගත් ලබා ගන්නා ආධාර පිළිබදව) ඉන්දියාවේ හා බංගලාදේශයේ කොන්දේසි කවරේද යන්න මහජනතාවට පැහැදිලි කිරීම පරම යුතුකමකි. කරුණු කෙසේ වෙතත් අත්‍යවශ්‍යය භාණ්ඩ හිගකම, ඖෂධ, පෙට්ට්‍රෝලියම්, ගෑස් හිගකම නිසා ප‍්‍රජාව තවමත් අවිනිශ්චිත තත්වයක ජීවත් වෙති. ඉන්දීය ආයෝජන ව්‍යාපාර ශ‍්‍රී ලංකාවේ ස්ථානගත වී ඇත්තේ කලක සිටය. දැනට තිබෙන කර්මාන්ත හා නව අපේක්ෂිත ව්‍යාපාර සදහා ඉන්දියාවේ උපායශීලී උපාය මාර්ග පිළිබද රජයට ලබා දී තිබෙන කොන්දේසි හෙළිදරව් වන්නේ ඇතැම්විට අනාගතයේදීය. කෙරවලපිටිය වංචනික ගිවිසුම හා සමාන හෝ ඉක්මවායන කොන්දේසි වලට යටත් ගිවිසුම් විය හැකිය. කෙටිකාලීනව ලැබෙන ආධාරයක් වෙනුවෙන් රටේ සම්පත් භූමිය හෝ ප‍්‍රජාවගේ ශ‍්‍රමය උගසට තැබීම වන්නේ නම් පාලනයේ අධර්මිෂ්ඨකම සගවන තවත් තැනකි.
එවන් කි‍්‍රයාකාරකම් පසුගිය වසර 73 ක කාලයක් තුල විදේශ රටවලට සමාගම් වලට විවිධ ආකාරයේ ලබා දී ඇති වරප‍්‍රසාද නිසා ජනතාවට වක‍්‍ර බදු හා සෘජු භාණ්ඩ හා සේවාවල ඉහළ යාම ජනතාව අද අත්විදිමින් සිටිති. රාජ්‍ය ආයතන වල දූෂිත හා අකර්මන්‍යතාවය තුළින් නිරූපනය වන සැබෑ සත්‍ය කවරේද? ශ‍්‍රී ලංකාව තුළ ආණ්ඩු කරන ලද දේශපාලන පක්ෂ වල ප‍්‍රතිපත්ති ආර්ථික විද්‍යාත්මක ප‍්‍රායෝගික නැතිකමද? අසම්පූර්ණ තොරතුරු හමුවේ ආර්ථික කළමණාකරණයද? රජයේ ආර්ථික විශේෂඥයින්ගේ හා ප‍්‍රතිපත්ති සම්පාදකයින්ගේ තර්කානුකූල හා විමර්ශණාත්මක ඇසින් බලා ක‍්‍රියාත්මක කිරීමේ නොහැකියාව ද? වෙනස්වන සමාජ හා වෙළදපොළ බාධක අවබෝධ කර නොගැනීමද? අමාත්‍යංශ ලේකම්වරු ලාංකික ආර්ථිකය විග‍්‍රහාත්මකව කළමණාකරණය සදහා සක‍්‍රීය දායකත්වයක් ලබාදීමට අසමත්වීමද? බලාපොරොත්තු දෙන ආර්ථික ප‍්‍රතිපත්ති සැලසුම්, ප‍්‍රායෝගිකව පරිපාලනය නොකිරීමද? ලාංකික මානවයාගේ ජීවන ගැටඵ, දේශපාලනික සමාජීය ස්වාභාවික පරිසරය හා ගෝලීය කාලීන ස්ථරයන් ඇතැඹුලක්සේ අයවැය ඉදිරිපත් කරන මුදල් අමාත්‍යංශය අදාල ශ‍්‍රාස්ත‍්‍රීය අවබෝධයක් මුදල් අමාත්‍යවරයාට ලබා දීමට අසමත්වීමද? රටේ සම්පත් මූල්‍යමය අන්තර්ජාතික වෙළෙදපොළ කරා ගෙනයාමේ උපාය මාර්ග මුදල් අමාත්‍යංශයේ විද්වතුන් සතු නොවීමද? පෙර සහ වර්තමාන මුදල් අමාත්‍යවරයාගේ අයවැය තුළ අන්තර්ගත සංයුතියන් පුඵල් විමර්ශනයකදී පැහැදිලි කරන්නේ මානව හිතවාදී විසදීම් සදහා විකල්ප ක‍්‍රියාමාර්ග නැතිබවය. දීර්ඝ කාලීන මානව හිමිකම් ලාංකික සමාජයේ පිරිහීමට වර්තමාන ආර්ථික අර්බුදය උත්සාහ කර ඇත. දේශපාලන නිමිති පදනම් කරගෙන 2022 අයවැය අදහස් හා ක‍්‍රියාකාරකම් අපමණය.
ලාංකික ආර්ථික අවබෝධය රාජ්‍යය නිලධාරීන් තුළ වඩවන උත්තේජනයක් හා කාර්්‍යක්ෂමතාවය නිර්වචනය කරන පූර්ව අවබෝධයක් නැතිකම ප‍්‍රධාන අඩුපාඩුවන් අතර කිහිපයක් පමණි. ප‍්‍රජාවට පීඩාකාරී නොවන විසදුම් සොයා ගැනීම පාලකයන්ගේ වගකීමක්. මිල තීරණය කිරීමේ අයිතිය ව්‍යාපාරිකයින් සතුකර ඇති ලාංකික ආර්ථික පරිසරය මේ වන විට බදු මත බදු ගැසීමේ න්‍යායක් ප‍්‍රවර්ධනය වෙමින් තිබේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික ගුණාංග මේ වන විට උල්ලංගනය වෙමින් තිබේ. දුර්වල විදේශ මූල්‍ය තත්ත්වය ප‍්‍රවර්ධනය කර ඇත්තේ ප‍්‍රජාව නොවේ. මේ නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 – 1 යටතේ මූලධර්ම ප‍්‍රජාවට අහිමි වෙමින් තිබේ. ………. අද ආණ්ඩුව හා පැවති ආණ්ඩුවලට කඬේ ගිය මහ බැංකු නිලධාරීන් සහ ප‍්‍රතිපත්ති තීරකයින්ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික මූලධර්ම ප‍්‍රජාවට අහිමි කිරීමට එරෙහිව විපක්ෂය සිය වගකීම ඉටුකල යුතුය. මේ නිසා විකල්ප විසදුම් ඉදිරි පස් අවුරුද්ද සදහා සොයා ගත යුත්තේ ද පාදඩ දේශපාලනය සදහා කඬේ ගිය නිලධාරීන්ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අසිපතක් පළිහක් කර ගැනීමේ අයිතිය ජනතාව සතුය. කෙටි කාලීන ඩොලර් සහන හිගා කමින් අවට රටවල් වලට අයැදීමේ සංස්කෘතියක් අද රජය වර්ධනය කරමින් තිබේ. එවැනි නිවට කමට රජය පත්ව ඇත්තේ දූෂිත පාඩුලබන දූෂිත රාජ්‍ය ආයතන නිසාය. එය රටේ ෙසෙවරීත්වය අභිමානය හා ස්ථාවරය කෙලෙසීමකි. ආණ්ඩුවේබංකොලොත්භාවය රටේ රටේ ද ව්‍යවසනයකි. එහි දොරටු විවෘත කර ඇත්තේ පසුගිය කාලය තුළදී හා වර්තමාන රාජ්‍ය ආයතන වල පාඩු ලැබූ ආයතන ප‍්‍රධානීන් හා අමාත්‍යංශ ලේකම්වරුන්ය. හිටපු ජනාධිපතිවරුන්ගේ සිට අදාල අමාත්‍යමණ්ඩලය වගකිව යුතුය. ඒ සදහා විධිමත් නාම ලේඛනයක් සකස් කර අදාල නීති සම්පාදනය කල යුතුය. දේශපාලඥයින් හා නිලධාරීන් විශ‍්‍රාම ගියද (පවුල් ආශ‍්‍රිත) ඔවුන්ගේ ප‍්‍රාග්ධන ව්‍යාපාර වල සුලමුල සොයා ගත යුතුය. රැකියාවෙන් ඉපයීමට ඇති මුදල ඉක්මවා දේපල ව්‍යාපාරය ඥාතීන් සතුව ඇත්නම් ඒ සියල්ලක් රාජ සන්තන කල යුතුය. කාලීනව වහාම ගත යුතු පියවර සදහා පොලිස් දෙපාර්තමේන්තුවේ ඒ සදහා ඒකකයක් ද ඇත. එය නම් නීති විරෝධී දේපොළ විමර්ශන කොට්ඨාසයයි.
මත්ද්‍රව්‍ය වෙළදාමෙන්, ගණිකා වෘත්තියෙන්, බලහත්කාරයෙන් දේපොළ රැස් කිරීම පාදඩ දූෂණ මාෆියාවට පමණක් සීමා කළ යුතු ද? දේශපාලනය, නිලධාරීවාදය තුළද දූෂිත මාෆියාව සමාජගතව ඇත. එය පසුගිය දෙවසරට හෝ රනිල් මෛතී‍්‍ර ආණ්ඩුවට පමණක් සීමා කල යුතු නොවේ. ජාත්‍යන්තර මූල්‍යය ආයතන වලින් හෝ වෙනත් රටවලින් ඩොලර් හෝ හුවමාරු ක‍්‍රම යටතේ ලබාගත් ණය වල ප‍්‍රාරම්භක දිනය දක්වා පරීක්ෂණ දිගු විය යුතුය. දීර්ඝකාලීන සැලසුම් වෙනුවට කෙටිකාලීන ඩීල් දමාගෙන ණය ලබා ගත් ආණ්ඩු හා නිලධාරීන් පිළිබද පශ්චාත් පරීක්ෂණ වහාම ඇරඹීම සදහා අදාල නෛතික පියවර ගැනීම ගෝඨාභය රජයේ පරම වගකීමකි. ඒ සදහා අවංක කැපවීමක් ජනාධිපතිවරයා සතුද?
1978 න් පසුව මේ දක්වා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 20 ගණනක් සංශෝධනය කර ඇත. ජනාධිපතිවරයා ගෙන ඒමට අපේක්ෂිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ස්ථායීතාවයක් අනාගතයේදී ලබා දීම අවංකවම සිදු කරයිද?
එවන් පරිසරයක් පෞරුෂයක් ගරු ජනාධිපතිවරයා සතුනම් න්‍ග ඍග ජයවර්ධන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ උපරිමය ප‍්‍රයෝජනයට ගන්නේ ඇයි? දුර්වල විපක්ෂයක් හමුවේ පාර්ලිමේන්තු වාර අවසන් කල යුතු ද? බැවින් කෙරවළපිටිය වංචනික ගිවිසුම ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක පළමුවැනි හෙළිකිරීමෙන් පැහැදිලි වන්නේ සැබෑ දේශපාලන විපක්ෂය ජනතා විමුක්ති පෙරමුණද යන්නය. මධ්‍යම රාත‍්‍රියේ බොහෝ විට සිදුවන්නේ සිල්ලර හොරකම්ය. ප‍්‍රජාව සතු දේපල රහසිගතව මධ්‍යම රාත‍්‍රියේ හොර රහසේ ගිවිසුම් ගත වන්නේ නම් එය හුදෙක්ම පාදඩ දේශපාලනයේ ක‍්‍රියාකාරකම්ය. ඉන් මතු වූ විරෝධය උච්ච තත්ත්වය දක්වා ගෙන ගියේ මුදල් අමාත්‍යංශය සගවාගෙන සිටි රහස් ගිවිසුම අනුර කුමාර පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් සමගය (කෙරවලපිටිය ගිවිසුම) මේ සදහා පාර්ලිමේන්තුව තුළ හරවත් සංවාදයක් ඇති වීම වැළැක්වීමේ අරමුණින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම සිදුවිය. ජනාධිපතිවරු මෙවැනි දේශපාලන උපායමාර්ග උපක‍්‍රම ඉතිහාසය 1991 දක්වා දිව යයි. ලලිත් ගාමිණී හවුල එදා ජනාධිපති ඍග පේ‍්‍රමදාසට එරෙහිව ගෙනආ දෝෂාභියෝගය නිශ්ප‍්‍රභා කිරීම සදහා ගත් එක් වෑයමක්ය.
එවකට කතා නායක ඵග ්‍යග මොහොමඞ් පසුගාමී පිළිවෙතක්ද අනුගමනය කරමින් දෙබෙඩි පිළිවෙතක් අනුගමනය කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. ඉන්පසු අවාසනාවන්ත සිදුවීම් ගණනාවක් විය.
x ලලිත් ඇතුලත්මුදලිගේ අවාසනාවන්ත මරණය කිරුළපනේ දී සිදුවීම.
x ජනපති ඍග පේ‍්‍රමදාසගේ ඝාතනය කොළඹ ආමර් වීදියේ දී සිදුවීම.
x පසුව වසර 17 ක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිද වැටීම. x එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම. x ගාමිණී දිසානායක තොටලග බෝම්බ ප‍්‍රහාරයකට ගොදුරුව අවාසනාවන්ත මරණයකට ගොදුරු වීම. x එක්සත් ජාතික පක්ෂ නායකත්වයට නපුංසක දේශපාලඥයෙකු පත් වීම. සිය නපුංසක දේශපාලන නායකත්වය තේරුම් ගෙන ක‍්‍රියා කරන බව රනිල් වික‍්‍රමසිංහ සනාථ කරන්නේ එතෙක් මෙතෙක් පැවති ජනාධිපති අපේක්ෂක තනතුරු සදහා පසුගාමී හා ඉදිරිපත් නොවීමෙන්ය. රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති කරන බවට මුහුණ දීම මගහැරියා පමණක් නොව අසමාර්ථ වූ අවස්ථා අපමණය. එක්සත් ජාතික පක්ෂයේ ජීවයේ සිද බි`ද ඇටකටු බවට පත් කරන්නේ 2019 මහ මැතිවරණ ප‍්‍රතිථල වලින්ය. සමස්ථ ශ‍්‍රී ලංකාවේම එකම මැතිවරණ ආසනයක් හිමිකර ගැනීමට අසමත් වීමෙන්ය.
න්‍ග ඍග ජයවර්ධනට පින් සිද්ධවෙන්න ඔහුගේ සමානුපාතික ඡුන්ද ක‍්‍රමය නිසා රනිල්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයක් ලබා දෙන්නේ ඔහු වටා සිටින නපුංසක එක්සත් ජාතික පක්ෂ නඩ නිසාය.

පාර්ලිමේන්තු වාර අවසානය කොට කල් තැබීමේ ඛේදවාචකය එක්සත් ජාතික පක්ෂයට අත් වූ ඉරණම එසේය. පොදු ජන පෙරමුණේ අවසානය ජනපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය පාර්ලිමේන්තු වාර අවසානය කොට කල් තැබීම මගින් ආරම්භ කලාද? යන්න මතුවන්නේ සාපේක්ෂ කරුණු නිසාම පමණක් නොවේ. 2001 අවසානයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය සිය ආණ්ඩුව අහිමිකර ගත්තේ පහත පසුබිම හමුවේය.
ලාංකික සමාජයේ කුහකත්වය ගසට පොත්ත මෙන් බැදී තිබෙන සමාජ ධර්මතාවයකි. ආයතන වල, සමාගම් වල, විවිධ සමාජවල මෙන්ම දේශපාලන පක්ෂවල බොහෝ විට මතභේද වර්ධනය වන්නේ පොදු අරමුණු සදහා නොවේ. වෛරය, ඊරිෂ්‍යාව මෙන්ම අයුතු ලාභ ලැබීම සදහා මතභේද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වර්ධනය වීම නිසා ආණ්ඩුවේ බහුතරය ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක සහාය අපේක්ෂා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේන්ය. මේ අතර චන්ද්‍රිකා ආණ්ඩුවේ ප‍්‍රබලයන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට එක් විය. රජය පවත්වාගෙන යාම අපහසුතාවයට චන්ද්‍රිකා පත්වෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ කොන්දේසිය වන්නේ පොදු සමාජ ඉල්ලීමකි. එනම් මහජන මුදල් අප‍්‍රමාණ වැයවන අමාත්‍යය මණ්ඩලය 20 දක්වා සීමා කරන්නේ නම් ජ. වි. පෙරමුණේ සහාය ලබාදීමට සූදානම් වීමය.
මේ වන විට ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී සංඛ්‍යාව 109 ක් වේ. විපක්ෂයේ බහුතරය 115 ක් වේ. මේ පරිසරය හමුවේ විශ්වාසභංගය ආණ්ඩුවට එරෙහිව රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් සැකසේ. මේ පසුබිම නිර්මාණය කරන්නේ පාදඩ දේශපාලන හැඩ රුව ඇති ඉතිහාසය විසිනි. ඒ ඉතිහාසය පාදඩ දේශපාලන නියමුවන් පොදුජන එක්සත් පෙරමුණ රජය තුළද ලැගගෙන තිබේ. ඔවුන් බටර්ගාමින් ප්‍රශස්ති ගයමින් පසුගිය දෙවසර තුළ ගෝඨාභය රවටා ගැනීමට 2021 දෙසැ. අවසන් සතිය දක්වා ඒ පාදඩ චරිත නොයෙක් උත්සාහ ගන්නා ලදී. ගෝඨාභය ඉන්ද්‍රඛීලයක්සේ රැල්ලට ගොදුරු නොවී සිටීමද අගය කල යුත්තකි. ආණ්ඩු විනාශ කල පාදඩ එකී දේශපාලන චරිත නව මුහුණුවරකින් ඉදිරි කාලයේදී මතුවිය හැක්කේ වර්තමාන ආණ්ඩු විරෝධීන් ලෙසය. එම චරිතවල පශ්චාත් ඉතිහාසය නම් ගම් සමග හෙළිදරව් කිරීමේ හිමිකම ලියුම්කරු පසුවට තබා ගැනේ. එස්. බී. දිසානායක ඇතුඵ නඩය චන්ද්‍රිකාගේ රජයෙන් ඉවත් වෙද්දී චන්ද්‍රිකා බණ්ඩාරණායක අභියෝගාත්මකව මුහුණ දීමට ගත් උත්සාහයන් පිළිබද තොරතුරු ලියුම්කරුට එදා හෙළිකලේ ජනමාධ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජනදාස පීරිස්ය. එම තොරතුරු වැඩිදුර ප‍්‍රකාශ කිරීමටද මෙය අවස්ථාව නොවේ. වාමාංශික දේශපාලන නායකයෙකු වූ පානදුරේ හෙන්රි පීරිස්ගේ පුතා වූ ජනදාස පීරිස් වාමාංශිකයෙකි. දේශීය විදේශීය විත්ති විචාරකයෙකි. නමුත් ඔහු සැබැවින්ම ස්වාධීන විචාරශීලී වාමාංශික මාධ්‍යකරුවෙක් ද? ඒ පිළිබදව නිර්මාණශීලී ලේඛනයක් පසුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.
ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක රවුෆ් හකීම් අමාත්‍යය මණ්ඩලයෙන් ඉවත් කරන්නේ මේ අතරතුරය. අමාත්‍යධූරය අහිමිවන හකීම් සිය පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් මුස්ලිම් කොංග‍්‍රස් සියලූම මන්ත‍්‍රීන් විපක්ෂයට රැගෙන යති. ආගමික හා වතුකර දේශපාලන කුඩා පක්ෂවල නායකයින් සිය පංගුව සදහා ආත්මාර්ථකාමී ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන ගියේ රනිල් වික‍්‍රමසිංහ වැනි පාදඩ දේශපාලඥයන් නිසාය. එම ඉතිහාසය වෙනස් කලේ 2019 ජනාධිපතිවරණය හා පසුව පැවති මහමැතිවරණ වලදීය. එම කඩ ඉම විකෘති කිරීම ඉදිරි කාලයේදී කෙසේ සිදුවේ දැයි අනාවැකි දැනට පළකළ නොහැකිය. මේ වන විට පාර්ලිමේන්තුවේ කථානායක වූයේ චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ සොහොයුරු අනුර බණ්ඩාරණායකය. පසුගිය වසර 73 කට ආසන්න කාලයක් ශ‍්‍රී ලංකාව පාලනය කර ඇත්තේ පවුල් 3 ක් විසිනි. එනම් සේනානායක පවුල, බණ්ඩාරණායක පවුල, රාජපක්ෂ පවුල. න්‍ග ඍග ජයවර්ධන, ආර් පේ‍්‍රමදාස පවුල් වශයෙන් රට කාබාසිනියා කිරීමට තවමත් පවුල් වශයෙන් මැදිහත් වී නැත. ඒ නිසා පුද්ගල ඒකක වශයෙන් දැනට සදහන් කිරීම ප‍්‍රමාණවත් වේ.
ලාංකික පවුල් අතර එකිනෙකා පරයා යන සංස්කෘතියක් තිබේ. එය කේලම් ඇසීමෙන්ය. වෛරයෙන්ය. ක්‍රෝධයෙන්ය. මතුපිටින් කිසිවක් නොපෙනේ. දිය යටින් ගින්දරක් ගමන් කරනවා සේ කුහකත්වය පවුල් සාමාජිකයින් අතර අභ්‍යන්තරව නිහ`ඩව හැසිරෙන පරිසරයක් තුළ චන්ද්‍රිකා බණ්ඩාරණායක විසින් සිය සොහොයුරු කථානායක අනුර බණ්ඩාරණායක විශ්වාස කලේ නැත. දෝෂාභියෝගය ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාව කථානායක අනුර සතුව පැවතියත් චන්ද්‍රිකා ව්‍යවස්ථාවෙන් ලැබී ඇති හිමිකම වහාම ප‍්‍රයෝජනයට එදා ගෙන තිබේ. පාර්ලිමේන්තු වාර අවසානය නිම කරමින් නැවත රැස්වන දිනය සැප්තැම්බර් 7 වැනි දින ලෙස ප‍්‍රකාශයට පත් කළාය. අවසානයේ සිදුවූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. 2001 දෙසැ. 9 වැනි දින පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පත් විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න