මීට වසර ගණනාවකට පෙර නාගරික ප්‍රදේශ වල මහජනතාව රැස්කරගෙන රසකතා, වීර කතා, ජාතක කතා, විචිත්‍ර ලෙස ප්‍රකාශ කරමින් මහජනතාව අන්දවපු පිරිසක් හිටියා.
රජයේ හා පෞද්ගලික අංශයේ රැකියාවල නියැලී සවස් භාගයේදී නිවස කරායන බහුතරයක් මේ කථා කරුවන්ගේ කථා ඇසීමට දැඩි රුචියක් දැක්වූවා.
පුරාණ දේව කතාවක් ආශ්‍රිතවය සිය නිශ්පාදන අලෙවි කිරිම මෙහි ප්‍රධාන අරමුණක් වූවා. කථාකරුවාගේ ඉලක්කය තෙල් බෙහෙත් …….. අලෙවි කිරීමය.
සමහර විට බොල් නිසරු තෙල් වර්ගයක් අධික මුදලට අලෙවි කිරීම සාර්ථකව මේ තෙල් බෙහෙත්කරුවන්ගේ භූමිකාව රඟපාන ඇතැම් දේශපාලඥයින් සිය අතීත අත්දැකීම් ආශ්‍රිතව ප්‍රතාශ කරන්න ගොස් සැබෑ නිරුවත හෙලිවන අවස්ථාද තිබේ. පොදුජන පෙරමුණ විපක්ෂයේ සිටියදී යහපාලන ආණුඩ කාලයේදී තෙල් බෙහෙත් ……. ගැහුවා.
වර්තමාන රජය යටතේ විපක්ෂයද එවනි කථා අපූර්වව පාර්ලිමේන්තුවෙන් ඉනි පිටදීත් ප්‍රකාශ කරමින් සිටිනවා.
පුඵල් දැක්මක් වැඩපිළිවෙළක් එදා මහින්ද විපක්ෂයේ සිටියදී සිදුකළ රංගනය අද විපක්ෂය මනාව සිදුකරනවා. විදේශ ණය හමුවේ එදා විපක්ෂයේ සිටි මහින්ද කීවේ “අපි බලයට ආවම සල්ලි විදේශ වලින් ගලනවා” කියාය. වර්තමාන ඩොලර් මායාව හමුවේ අගමැති මහින්ද රාජපක්ෂයේ භාවිතය හා හැසිරීමෙන් යථාර්ථය පැහැදිලියි. අවස්ථාවාදී දේශපාලනයට මූල්‍යය ස්ථාවිතාවය සඳහා මූල්‍ය පද්ධතිය හසුරුවන්න …….. මූල්‍යය අවධානය තේරුම්ගෙන හෙට දවස සඳහා ගෙවුම් සහ පියවුම් පද්ධතිය තේරුම්ගෙන විදේශ විනිමය මනාව කළමණාකරණය කළ නොහැකිය. බොරුව සහ ප්‍රෝඩාව ආත්මය කරගත් ශි්‍රී ලංකා දේශපාලන අධිකාරීන්ගේ භාවිතය සහ හැසිරීම දන්න විදේශ රටවල මේ වන විට හැල්ලුවට ලක්කරමින් උපක්‍රමික වචන යොදා යෙදුම් වාක්‍යය නිර්මාණය කරන්නේ අවධානයෙන් යුතුවය. පොදුජන පෙරමුණ කඹයේ නිසරු හරයක් නැති කතාකරුවන් අතර අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරියෙන් ඉන්නවා. වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ………. ක්‍රමයට ඩොලර් ලබාගන්න බංගලදේශයට පළමුවෙන් ගියේ අග්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා ළදබොලද කථා ප්‍රමාණවත් නොවේ. සැබෑ රටක සංවර්ධනයට ආර්ථික සම්පත් සහ භාණ්ඩ හා සේවා නිශ්පාදනය වෙළඳාම උපයෝජන ආශ්‍රිත මූර්ත අංශය සාර්ව ආර්ථික ක්‍රියාකාරීත්වයේ මූර්ත අංශයයි. සංඛ්‍යාව, මෙටි්‍රක් ටොන් ලීටර්, බැරල් ආදී විවිධ ප්‍රමාණවත් ……. ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන විදේශ ණය මූර්තිමත් කරයි. ……. ආර්ථික ගණුදෙනු මුදල් ඒකක හරහා සිදුවේ. සමස්ථ මූර්ත ගණුදෙනු වල හරය මුදල්ය. පපුවට ගසාගෙන, මහපොළවට නමස්කාර කරන සංවේදී අවස්ථා ශ්‍රව්‍ය දෘෂ්‍යය මාධ්‍යවලින් ප්‍රදර්ශනය ආත්මයකරගත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යය වරයාට ඩොලර් හිගයට පුරෝකථන දේශපාලන විජ්ජා කල හැකි ද? ගෝලීයකරණය හා ආයෝජන ප්‍රවාහයක් තුළින් ඇතිවන ප්‍රතිවිරුද්ධ විදේශ මුදල් ශුන්‍යභාවය කරා රට ගෙනගියේ සංවේදී විවිධ චරිතාංග රංගන නිසාය. අන්තර් ජාතික ගණුදෙනු වලදී ශ්‍රී ලංකා මුදල් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා ඇමරිකා ඩොලරය, යුරෝපීය ආර්ථික හවුලේ යුරෝ බි්‍රතාන්‍ය එක්සත් ජනපද ස්ටාර්ලින් පවුම්, ජපානයෙන් ආදී අන්තර් ජාතික ව්‍යවහාර මුදල් අවශ්‍ය වේ. 1997 න් පසු ශ්‍රී ලංකාව විවෘත භාවයට ඇතුළත් විය. ලංකාවේ මූල්‍යය වෙළඳ පොල අන්තර් ජාතික මූල්‍යය පද්ධතියට ඒකාබද්ධ විය. සෝවියට් දේශයේ වැටීමක් සමඟ ඩොලරයේ හා යුරෝ මුදල් ව්‍යවහාරය ප්‍රවර්ධනය විය. ජාතික අභිලාශ වෙනුවෙන් පෙනීසිටින දේශපාලන මායාව අප්‍රමාණ බොරුවෙන් යැපීම වර්තමාන ගැටඵවේ සැබෑ ස්වරූපය වසාගෙන බහුතරය සංවාද කිරීම ගැටඵ සහගතය. …… ශක්ති ස්වදේශීය ආර්ථිකය පසුගිය වසර 73 කට වැඩි කාලයක් ………. පමණක් සීමාවිය. ආණ්ඩුකල දේශපාලඥයින්ගේ අනුව දශකය අවසානය දක්වා අසල්වැසි ඉන්දියාව විවෘත ආර්ථික ප්‍රතිපත්තියකට එකවර ගියේ නැත. විවෘත ආර්ථික ප්‍රතිපත්තියට ගැලපෙන ආර්ථික, සාමාජික, සංස්කෘතික සමාජ පරිසරය වර්ධනය කිරීමෙන් පසුව විවෘත ආර්ථිකයට ඉන්දියාව ප්‍රවේශ වී තිබේ. ලංකාවේ විදේශ ප්‍රතිපත්ති, මානව හිමිකම්වලට අඩු තක්සේරුවක් ලබාදීම …….. ශ්‍රී ලංකාවේ වර්තමාන කැඩපත බවට පත් වී තිබේ. ලංකාවේ පාදඩ දේශපාලන සංස්කෘතිය සංවර්ධනය වූයේ සාමාන්‍යය ජනතාවගේ සාමාන්‍යය බුද්ධියට නිගාදෙන පරිච්ඡේදයක් තුළය. ස්වදේශීය ජාතිකවාදී මුහුණවරින් අන්තර්ජාතික වෙළඳ පොළ දේශපාලනය දැකීම ඔවුන්ගේ කාර්්‍යයය භාරය විය. …… බවට ආර්ථික න්‍යායක් කරගත් දේශපාලනය සුදූවක් බවට පත්විය. ඇත්ත නොකියන බොරුව තුළ යැපෙන සමාජ ආර්ථික හැඩරුව ජාත්‍යන්තරයට දිරවන්නේ නැත. සම්ප්‍රදායික, වැඩවසම් …….. සංස්කෘතියට ගැති වූ ලංකා සමාජයට වසර 73 ක් තිස්සේ දිරවා ඇත. නමුත් ඉදිරි කාලය අජීර්ණ වන සමාජ පරිසරයක් උද්ගත වෙමින් තිබේ. වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ලාංකික ප්‍රජාවගේ කාය ශක්තිය පහළට ගොස් ඇත. යම් නිශ්චිත මුදල් ප්‍රමාණයකින් එනම් 2018 වර්ෂයේදී මිලදී ගත් භාණ්ඩ හා සේවා සඳහා ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වී තිබේ. මුදලේ වටිනාකම පහළයෑම අතුරු ප්‍රතිවිපාක ගණනාවක් මේ වන විට වර්ධනය වී තිබේ. උද්ධමනයට සරිලන ආදායම් මාර්ග අහිමිවීම නිසා මිලදී ගැනීමේ ප්‍රතිශතය බිංදුවට තල්ලුවී තිබේ. රාජ්‍ය හා පෞද්ගලික අංශවල වැටුප් ලබන මාසික ආදායම් ලබන බහුතරය පිළිබඳව රජය නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම ආණ්ඩුවේ නපුංශකත්වය ද? ආර්ථික සමාජීයිය හා සංස්කෘතික ප්‍රතිවිපාක හමුවේ වෘත්තිය සමිතිවල ප්‍රබල නැතිවිමක් 2022 වසර තුළදී අපේක්‍ෂා කළ හැකිය. වෘත්තිය සමිති වල උද්ඝෝෂණ හමුවේ අසරණ වන්නේ සාමාන්‍යය ජනතාවය. කල් ඉකුත්වී රජය විකල්ප ක්‍රියා මාර්ග ගන්නා විට ආණ්ඩුවේ දුරාචාරය ප්‍රදර්ශනය වී අවසන්ය. ඉකුත් දෙවසර තුළ එය මනාව ප්‍රදර්ශනය විය. ආර්ථිකයේ සැපයුම් අංශය සීමා වූ විට ව්‍යුහාත්මක ආර්ථික සාදක කොයිබව ද? රාජ්‍යය නියාමක පද්ධතිය තුළින් ව්‍යාපාරික සීමාවන් අපමණලෙස වලංගු දමා ඇත. ගෙවුම් ශේෂ වියදම් අයවැය හිඟය ඉහළ මට්ටමකට ගොස් ඇත. දේශීය ඉතුරුම් සහ ආයෝජව කිරීමට දේශීය හා විදේශීය ව්‍යාපාරික ප්‍රජාව උකටලී වීම. දේශීය වෙළඳපොළ එකතැන පල්වීම නව සොයා ගැනීම් නැතිකම හා නොදියුණු තාක්ෂණික වෙළඳපොල, අඛණ්ඩ විදේශ වෙළඳ හිඟය ශ්‍රම වෙළඳපොලේ උද්ගත වෙමින් පවතින අනම්‍යතාවය සේවා නියුක්තිය සඳහා නව ව්‍යාපාර සංවර්ධනය නොවීම. සමස්ථයේ ……… ඵලදායිතාවය පහළ මට්ටමකට තල්ලු වීම. අත්‍යාවශ්‍යය භාණ්ඩ නැතිකම, පරිභෝජන නිෂ්පාදන සඳහා අවශ්‍යය අමුද්‍රව්‍ය නැතිකම. ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරිපත් වී ඇති යෝජනා ඩොලර් ඉපැයීමේ සංවර්දන මාවතක් ගොනු නොවීම. පාරිභෝගික ගොවියාගේ හා පොදු මිනිසාගේ සමෘද්ධිය සඳහා ඉදිරිපත් කළ ……… පෙරළා අණ්ඩුවට ආපස්සට හකුළවා ගැනීම, ඉවත් කිරීම, ආදී තීරණ නිසාම ආණ්ඩුව අරාජික වී තිබේ. ආණ්ඩුවේ පෞරෂය බිදදමාගෙන ඇත්තේ අන්තර් ජාතිකවය. දුර්වල විදේශ මුදල් සංචිත හමුවේ චීනය ඉන්දියාවට ඉන්දියන් සාගරයේ මුතු ඇටය බාල්දු වෙමින් තිබේ. ආණ්ඩුව හත්පොළේ ගාගෙන නාගන්නේ වසර 73 කට පසුව ස්වභාවධර්මතාවයේ න්‍යාය නිසාද? ඇතැම් ආගම්වලින් ගොඩනගා ඇති මිථ්‍යාවන් අභිබවා සමාජ ධර්මතාවයේ සැබෑව මෙයට නොවේ ද? නමුත් අවමානයට ලක්වන්නේ ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්දගේ නාමය නොවේ. විදේශ රටවල තානාපතිවරු ……… නිකුත් කිරීම ලංකාවේ භූමියේ සිටම ක්‍රියාත්මක කරමින් සිටිති. විදේශ වෙළඳ හිගය ඉහළයාම හා විනිමය අනුපාතය අවප්‍රමාණය අත්දැකීමෙන් සම්සථ රටට ගසක පොත්තක් මෙන් බැදී ඇත. ශ්‍රි ලංකා රුපියල් 240රැ- 250රැ- දක්වා ඩොලරයට අවප්‍රමාණය වී තිබේ. මේ නිසා වෙළඳ ශේෂ හා ගෙවුම් ශේෂ හිඟය වර්ධනය වී ඇත. පාරිභෝගික ආරක්ෂාව සඳහා ආණ්ඩුව පනවා තිබු ගැසට් නිවේදන ආපසු හැරවීම නිසා රටේ උද්ධමනය උච්චකර ඇත. නිෂ්පාදන රැ ව්‍යාපාරික රැ කර්මාන්ත රැ අලෙවි අංශ සියල්ලක් මේ නිසා සිය නිෂ්පාදන දෛනිකව මිල ගණන් ඉහළ නංවමින් තිබේ. වෙළඳ පොළ තුල අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහාමත් පාලනයක් නැතිනිසා වෙළඳ අලෙවි අධිකාරිත්වය සංවර්ධනය වෙමින් තිබේ. මේ නිසා ව්‍යාපාරික ප්‍රජාවේ ආදායම ඉහළයමින් තිබේ. නිරපේක්ෂ දරිද්‍රතාවය රට තුළ මතු කිරීමට රජය මේ අනුව විශාල කාර්්‍යය භාරයක් කර තිබේ. ආදායම් විෂමතාවය මීට ප්‍රධාන සාධකයයි. ලාංකික උද්ධමනය අඛණ්ඩව ඉහළයාමේ භාවිතය තුළ ස්වදේශීය මුදල් පිළිබඳ මහජන විශ්වාසය පඵදු වෙමින් තිබේ. මෙවැනි තත්වයක් කලක් මැලේසියාව තුළ වර්ධනය වෙමින් තිබුණි.
දේශීය මුදල් ප්‍රතික්ෂේප කර විදේශ මුදල් ලංකාවේ භාවිතය සඳහා සමාජ උත්තේජය ප්‍රවර්ධනය වෙමින් තිබේ.
20000 දශකය තුළ සිම්බාම්බේ පැන නැගුණ උද්ධමන අර්බුද හමුවේ මහජනතාව ඩොලර් භාවිතා කිරීමට උනන්දු විය. ලංකාවේ තත්වය ඊට ප්‍රතිවිරුද්ධය. හේතුව සුවිශාල ඩොලර් හිගයක් රටතුළ දැනට දකින්නට ලැබීමය. නමුත් ඩොලරයට ලැබෙන ශ්‍රී ලංකා මුදලේ වටිනාකම දෛනිකව ඉහළයමින් තිබෙන නිසා ප්‍රජාව ඩොලර් ඉපැයිමේ මාර්ග සොයාගෙන ශ්‍රී ලංකා රුපියල් ප්‍රතික්ශේපකරන යුගයකට ශ්‍රී ලංකා වාසීන් පත්වීමේ ඉඩකඩ වැඩි ඈතක නොවේ.
මේ නිසා රජයට උද්ධමන පාලන ප්‍රතිපත්ති හෝ ඒ සඳහා ආචාර ධර්ම පද්ධතියක් අලුතෙන් හඳුන්වාදීමට අනාගතයේදී සිදුවෙනු ඇත.
කෝවිඩ් වසංගතය තුළින් ඇති කරන ලද ආර්ථික බංකොලොත්භාවය ශ්‍රී ලංකාවට පමණක් නොව සෙසු රටවල් වලට ද බලපා තිබෙන බව වර්තමාන දේශපාලඥයින්ගේ (ආණ්ඩු පක්ෂ) තේමාව වී තිබේ.
පෙර සහ පසු වර්තමාන ආණ්ඩුවේ අදූර දර්ශී හා දැක්මක් නැතිකම අර්බුදයේ සැබෑ ස්වරූපයයි. ආසියාවේ අසමනතාවය රජකරන රට ශ්‍රී ලංකාවය.
2019 සමීක්‍ෂණයකින් හෙළි වී ඇති නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය සඳහා රජය විශාල මුදලක් වැය කළ ද සෑම පවුලක්ම විශාල වශයෙන් මුදල් වැය කරති.
අයවැය පරතරය සෘණ තත්වයේ ගමන් කිරීම දිගින් දිගටම වර්ධනය වන පරිසරය හමුවේ උද්දමනය උපරිමයට ගොස් තිබේ. මූල්‍යය ආයතන අධීක්ෂණය, නියාමනය මූල්‍යය විනයකට කළමණාකරණය කිරීමට පැවති හා වර්තමාන ආණ්ඩු අසමත් වීම සමස්ථ ශ්‍රී ලංකාවම ආර්ථික අර්බුදයකට තල්ලු වී තිබේ.
ලෝක බලතුලනයේ දී චීනයට ශ්‍රී ලංකාව වැදගත්බව ආණ්ඩුව කියයි.
හුදෙක් එය ආණ්ඩුවේ හිත්ලු උපකල්පනයකි. චීනය වානිජවාදී හා ලෝක බලපරාක්‍රමය ව්‍යාප්ත කිරීමේ මෙහෙයුමක යෙදී සිටිති. චීනවාදී පක්‍ෂපාති ක්‍රමවේදයක් අනුගමනය කල ශ්‍රී ලංකා ආණ්ඩුව වරෙක ඉන්දියාව දෙසටත් තවත් වරෙක ඇමරිකාව දෙසින් යැපීමේ මාවතක් හරහා ලංකාව අසරණ සරණ වී තිබේ. ඉන්දියාවේ ලංකාව සම්බන්ධ ………. සමඟ චීනයේ හෙළිදරව් ………. ඉදිරි කාලයේ දී යනු ඇත.
ලංකාව පුරාම ඉන්දීය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ මාවතක් ගොඩනැගෙමින් තිබේ. චීනය අත්හැරදමන ලද විදුලිය සම්බන්ධ ව්‍යාපෘති සඳහා ඉන්දියාව මැදිහත්වීමක් සමගම චීන තානාපතිවරයා හැරෙන තැපැලෙන් අදාළ දූපත්වලට නිරීක්ෂණ චාරිකාවකින් පසුව ඔහුකල ප්‍රකාශය ඉතාමත් විවාදාත්මකය.
“මගේ මේ නිරීක්ෂණය ආරම්භයක් හෝ අවසානයක් විය හැකිය”
මේ පිළිබඳ ලංකාවේ දේශපාලන හෝ විද්වද් සමාජ සංවාදයට ලක් නොකිරීම ඉතාම කණගාටුවට කරුණකි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න