යුද සමයෙන් පසු නැගෙනහිර පළාතේ ඉඩම් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් භාවිතා කර තිබේ නම් ඒ පිළිබඳව ඉඩම් අමාත්‍යවරයා සහ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

නැගෙනහිර පළාතේ ඉඩම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ 2024.02.24 දින මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

යුද සමයෙන් පසු නැගෙනහිර පළාතේ ඉඩම් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් භාවිතා කිරීම් ඇතුළු ජනතාවට පවතින ඉඩම් ගැටලු සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ඇමතිවරයා අතර පැවති සාකච්ඡාවේදී ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ඇමතිවරයාගේ අවධානයට යොමු කළ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් ඇමතිවරයාම ඒ බව සඳහන් කළේය.
ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ප්‍රාදේශය ලේකම්වරුන්ට තිබෙන නීතිමය බලතල සහ හැකියාවන් පිළිබඳවද ඇමතිවරයා විසින් මෙහිදී ඔවුන්ගේ අවධානයට යොමු කරන ලදී.
අධිකරණ, බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනෙිසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ. මුරලිදරන් මහත්මිය, නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය ලේකම්වරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න