- අධිකරණ ඇමතිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්.
- ඕනෑම කෙනෙක් කොහේ හිටියත් තරා තිරම කුමක් වුවත් නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වනවා කියන එක ජනාධිපතිවරයාගේ පොරොන්දුවයි.
- ඉතිහාසයේ ලැබු ලොකුම ජන වරම කවුරුහරි ඔය වගේ පොඩි පොඩි කෙනිත්තීම්වලින් රිද්දීම්වලින් හොල්ලන්න හදනවා නම් ඒ සේ කළ නොහැකි බව අපි ඒ අයට පෙන්වා දෙනවා .
අධිකරණ ඇමති පවසයි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කිරීම සදහා අද ( 16) පෙරවරුවේ එහි පැමිණි අවස්ථාවේදීයි.
පාර්ලිමේන්තු වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කිරීම පිළිබදව පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණ අමාත්‍යවරයා අදාළ පැමිණිල්ල මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ඉල්ලීමක් කර තිබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
මමත් මගේ නීතිඥ කණ්ඩායමක් සමඟම සී.අයි.ඩී. එකට පැමිණිල්ලක් කරන්න පැමිණියා. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මගේ නම ආචාර්ය හර්ෂණ වශයෙන් හඳුන්වා දී තිබීමත්, ඉන් පසුව මගේ පැමිණිල්ලකින් පසුව ඉවත් කිරීම තමයි, මේ පැමිණිල්ලට අදාල වෙන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ වන විටත් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් එම නම් ඇතුලත් කිරීමේදී වෙච්ච දෝෂයක් හැටියටත්, එයට සමාව ඉල්ලා ලිපියක් නිකුත් කරලා තිබෙනවා. මට වු අපහසුතාවය සහිතවම. හැබැයි ඒ සියල්ලම එසේ තිබියදී එම කරුණු නිවැරදි කරන්න පුවත්පත් ක්‍රියාත්මක වුණා. නමුත් එය මුද්‍රිත මාධ්‍ය සමාජ මාධ්‍ය තුළ මගේ පුද්ගලික කීර්තියටත් මගේ දේශපාලන ව්‍යාපාරයටත් විශ්වාසනීයත් කඩවන ආකාරයේ බරපතළ මාධ්‍ය ප්‍රචාරණයක්, ඒ දවස් දෙක තුන තුළ ගිහින් තිබුණා. ඉතින් පැහැදිලිව කියනවා නම් මම අවුරුදු 25ක නීතිඥ ක්ෂේත්‍රයේ යෙදී ඉන්න උසාවි ගිය නීතිඥවරයෙක්. මම කවදාවත් මගේ නම ඉදිරියේ ආචාර්ය කියලා පාවිච්චි කරලා නැහැ. ඒ වගේම එහෙම විස්ටින් කාඩ් එකක්වත් ගහලා නැහැ. එදා මම පුරවා ලබා දුන් ජීවදත්ත පත්‍රිකාවත් මා පැහැදිලිව නිවැරදි ලබා දුන්නා. එහි ආචාර්ය පදවියක් සදහන් කර තිබුනේ නැහැ. එසේනම් කුමන අවස්ථාවක කොහොමද මේ ආචාර්ය කියන එක එන්නේ? මගේ පැමිණිල්ල හේතුවෙන් එය ඉවත්කලා. නමුත් අපි තේරුම් ගන්නට ඕන මේ එක සිද්ධියක්වත්, වෙනම වෙන දෙයක් නෙමෙයි. ඒ සිද්ධින්වල තිබෙන පරිවේෂණයන්, මේ කාලවකවානුව අනුව සියලුම සන්දර්භයන් සමස්තයක් ලෙස ගෙන බලන කොට ඕනෑම සාධාරණ පුද්ගලයෙක්ට සැකයක් මතු වෙනවා.
ඉතින් මා අද දින පැමිණිල්ලෙන් සී.අයි.ඩී යෙන් ඉල්ලා සිටියේ. යම් අයෙක් මා අපකීර්තියට පත් කරන්න එහෙම නැත්නම් මගේ දේශපාලන ව්‍යාපාරයට තියෙන විශ්වාසනීයත්වය බිදවන්න ව්‍යාජ දත්ත ඇතුලත් කිරීමක් කළාදැයි සාධාරණ සැකයක් ඕන කෙනෙකට මතු වෙනවා. කිසියම් වරදක් කර ඇත්නම් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසත් ,කිසියම් කෙනෙක් වරදක් කර ඇත්නම් සුදුසු පියවර ගන්නා ලෙසත් මෙයින් ඉල්ලා තිබෙනවා. කිසිසේත්ම පුද්ගලයෙක් ඉලක්ක කරගෙන කරනවා නොව හුදෙක්ම මේ වැරදි ක්‍රියාව සිදුවූයේ කෙසේද යන්න සොයා බැලීම වටිනවා. මට මේ සිද්ධිය නිසා ඇතිවෙච්ච මානසික පීඩාවන්, මගේ චරිතයට වෙච්ච, නින්දා අපහාස සියල්ලම මාධ්‍යවල පළ වුණා. ඒ අනුව කිසියම් විදියකින් හෝ සිවිල් නඩුවක් පැවරිය හැකි දැයි සලකා බැලීම සඳහා මොන යම් විදිහක හෝ සිවිල් නඩුවක් පැවරීමට හැකිද යන්න අලාභය අය කර ගැනීමට. මා නීති කණ්ඩායමට උපදෙස් දුන්නා. ඔවුන් මේ දවස්වල එය අධීක්ෂණය කරමින් පසුවෙනවා. ඉතින් මට කියන්න අවශ්‍යයි මේ රටේ ජනතාවට ඔබ පත් කරපු ජාතික ජන බලවේගය කියන්නේ අවංක හොඳ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක්. මෙච්චර කාලයක් පාර්ලිමේන්තුවේ මොනවද තිබුණේ, තිබුණ ප්‍රශ්න මොනවද? මිනී මරලා දවස් පහකට පස්සේ මන්ත්‍රී වෙච්ච අය ඔය පාර්ලිමේන්තුවේ හිටියා. කප්පම් ගත්ත අය වැරදිකාරයා වෙලා රාජ්‍ය ඇමතිලා වෙලා ඔය පාර්ලිමේන්තුවේ හිටියා. නමුත් අද ඒ පාර්ලිමේන්තුවේ බාර් පර්මිට් ගැන හෝ කාර් පර්මිට් ගැන කවුරුත් අහන්නේ නෑ. අද ජනතාව ප්‍රශ්න කරනවා පුද්ගලයින්ගේ අධ්‍යාපනික සුදුසුකම් ගැන. අධ්‍යාපන සුදුසුකම ගැන අහනවා. මේක තමයි ජාතික ජන බලවේග රජයක් යටතේ අපි ලබා තිබෙන ප්‍රගතිය. මෙන්න මේකම ජයග්‍රහණයක්. දැන් අහනවා මෙයා මෙතන ඉන්න අධ්‍යාපනිකව සුදුසුද නැද්ද ඉස්සර ඇහුවේ මෙයා කසිප්පු විකුණුවාද නැද්ද? කුඩු විකුණුවා නැද්ද? හොරකම් කළාද නැද්ද? ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තත් මම හිතන්නේ අපි විශාල ප්‍රගතියක් ලබා ගෙන තිබෙනවා. පුද්ගලයන්ගේ අධ්‍යාපන සුසුකම් ගැන ප්‍රශ්න කරනවා. ඉස්සර මිනි මරපු මන්ත්‍රීලා ඇමතිලා වෙලා ඉන්නවා. ඒ නිසා, එහෙම තත්ත්වයක, අපි ජාතික ජන බලවේගය ලෙස ඉතාමත් සතුටු වෙනවා . අපිට මේ ප්‍රජාතන්ත්‍රවාදය ඔසවා තැබීමට හැකිවීම පිළිබදව, අපි ජාතික ජන බලවේගය ව්‍යාපාරයක් වශයෙන් ඉතාමත් සතුටු වෙනවා,
මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දුන් අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
මාධ්‍යවේදියා – ඇමතිතුමා ඔබතුමා හිතනව ද මේක කුමන්ත්‍රණයක ආරම්භයක්ද ?
පිළිතුර-
තුමන්ත්‍රණයක්ද එකේ එය ආරම්භය ද? අවසානය ද? කියන්න මා දන්නේ නෑ. හැබැයි මේ සැලසුම් සියලුම පරිවේශනයක් සහ බලද්දී කාලවකවානුව සිද්ධිදාමයන්, පරිවේශණයන්, එයට ලබාදුන් ප්‍රචාරයන් මේ සියල්ල බැලීමේදී මේක ද්වේශ සහගතව, සැලසුම් සහගතව යම් පිරිසක් විසින් මෙහෙයවීමකින් සිදුවීදැයි යන්න තමයි සැකය පවතින්නේ. ඒ සැකය දුරු කර ගැනීම සඳහා තමයි නිසි විමර්ශනයක් පොලිසිය මගින් කරන්නේ. මම එකක් මෙහෙමත් කියන්න ඕනේ. දැන් අපි රාජපක්ෂවරු වේවා, රනිල් වේවා අවුරුදු 70 ක දූෂිතයෝ පැන්නුවා.
දූෂිතයෝ පැන්නුවයින් පස්සේ. මේක තමයි ප්‍රතිවිප්ලවයේ ආරම්භය. ඔවුන්ට අපිට එහෙම කියාගන්න දෙයක් නැතුව මෙවන් වැඩ කරන එක. ඉතින් මම මේ ඊළඟ වචන කිහිපය හරි පරිස්සමින් කියන්නේ මේක වැරදි විදිහට දාන්න එපා. මේක හුදෙක් යෙදුමක් පමණයි. කරුණු පැහැදිලි කරන්න. දැන් බල්ලා ලැගලා ඉන්නවානේ යම් තැනක. බල්ලා එලෙව්වා අපි. හැබැයි කිනිතුල්ලෝ හැම තැනම ඉන්නවා. ඒගොල්ලෝ යන්නේ නෑ. බල්ලා ගියාට ඉතින් ඒගොල්ලෝ තැනින් තැන ඉන්නවා. අනික කිනිතුල්ලා පොඩියි.පේන්නේ නැහැ.ඒ වගේ ඉන්නවා. ඉතින් ඒක නිසා අපි ඒක එකෙන් එක අධ්‍යයනය කරමින් ඒ කිණිතුල්ලන් රාජ්‍ය තන්ත්‍රයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියකුත් සිද්ධ කරන්න වෙනවා. මොකද බල්ලා පැන්නුවට කිණිතුල්ලන් එහෙම යන්නේ නැහැ.
ප්‍රශ්නය – ඔබතුමා හිතන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය තුළම තියෙනවද ඇතුලේ යම් යම් දේවල්?
පිළිතුර – නෑ මෙහෙමයි, මම කිසි කෙනෙක්ට ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. නමුත් පසුගිය අවුරුදු 25, 30, 70 තුළ නොයෙකුත් දේශපාලන මත දරණ අය මේ රාජ්‍ය තන්ත්‍රය තුළ ඉන්නවා. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් හැකියාවක් තිබෙනවා රාජ්‍ය යාන්ත්‍රණය තුළත් ප්‍රතිවාදීන් විසින් ස්ථානගත කරන ලද හෝ රැකියා දී පත් කරන ලද අය ඉන්න පුළුවන්. ඒ අය දැනට ඉතාම හොඳට තමන්ගේ රාජකාරිය කරනවා වෙන්නත් පුළුවන්. තවත් සමහරෙක් ද්වේශ සහගතව යම් සැලසුම්වල කොටස්කරුවෝ වෙන්නත් පුළුවන්. මට ඒක හරියට කියන්න බැහැ.
ප්‍රශ්නය – ඇමතුමා දැන් අපි අපි දැනුවත්ව නම් 32ක් හෝ 34 දෙනෙක්ගේ නම් වෙනස් කරලා තියෙනවා. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ . මේක අත් වැරදීමක් නොවෙන්නත් පුළුවන් නේද ?
පිළිතුර – ඒක තමයි, දැන් පාර්ලිමේන්තුව කියන්නේ පුරුදු වෙන්න ඕවා කරන තැනක් නෙමෙයිනේ. දැන් මේ රටේ පාර්ලිමේන්තුව කොච්චර කල් පරණ ද නේද. මේ පළවෙනි වතාවටනේ මේවා ඇහෙන් ගන්නේ .මම කාටවත් ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. මම පුරවැසියෙක් වශයෙන් සහ රජයේ වගකිව යුතු ඇමතිවරයෙක් වශයෙන් මට කළ හැකි දේ තමයි මේ පැමිණිලි කරලා මේක සොයන්නේ. ඒක ඉතින් පොලිසියෙන් හොයා ගනීවි. මේක අහිංසක අත්වැරදීමක් ද නැත්නම් සැලසුම් සහගතව කරපු ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ද කියලා. ඒක පොලිසිය අතේ තියෙන්නේ.
ප්‍රශ්නය – ඔබතුමන්ලා හිතනවද මේ රාජ්‍යට යටින් පාරා රාජ්‍යයකුත් ක්‍රියාත්මක වෙනවා කියලා.
පිළිතුර – එසේ විය හැකියි. නමුත් ඒක අදාලා නැහැ. මොකද අපි කරන දේ ගැන අපිට අවබෝධයක් තියෙනවා. අපි කරන දේ ගැන විශ්වාසයක් තිබෙනවා. මේ සියලු දෙනා දැනගන්නට ඕන අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ මහජන වරමක් ඇතුවයි. ඒ මහජන වරම මේ ඉතිහාසයේ ලැබු ලොකුම මහජන වරම. ඒක කවුරුහරි ඔය වගේ පොඩි පොඩි කෙනිත්තීම්වලින් රිද්දීම්වලින් හොල්ලන්න හදනවා නම් අපි ඒ ගොල්ලන්ට පෙන්වා දෙනවා ඒ සේ කළ නොහැකි බව. අපිට ආරක්ෂාව තියෙන්නේ. අපේ ජන වරම තුළයි. ඒ නිසා අපේ ජන වරම ක්‍රියාත්මක කරනවා. මොන වළල්ල තිබුණත්.
ප්‍රශ්නය – දැන් මේ වෙනකොට ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කර තියෙනවා. අපි දැනගන්න කැමතියි. යම් ගිවිසුම්ගත වෙන්න අවස්ථාවක් තියෙනවද?
පිළිතුර – මා ළග ඒ පිළිබදව තොරතුරු කිසිවක් මේ අවස්ථාවේ නැහැ.
ප්‍රශ්නය – හරි දැන් ඇමතිතුමා, ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීම වැරදියිනේ මේක අධිකරණයේ නඩු නිමිත්තක් කරන්න බැරිද ?
පිළිතුර- මෙහෙමයි, මේක ව්‍යාජ දත්ත ඇතුලත් කිරීමක් ගැන තමයි මගේ පැමිණිල්ල එන්නේ. නඩු පවරනවාද නැද්ද කියන එක තීන්දු වෙන්නේ පොලිස් විමර්ශන මතයි. අපි නීතියේ විධානය ආධිපත්‍ය ගරු කරන මිනිස්සු පොලිසියේ විමර්ශන වලින් අපරාධ අනාවරණය වෙනවා නම් ඒ වැරදි කරපු අය දඩුවම් විඳීවි.
ප්‍රශ්නය – ලෝකේ කථානායකවරුන් හිරේ දාලා තියෙනවා. අවුරුදු දෙකක් . අවුරුදු දෙකක් දඩුවම් දීලා තියෙනවා. මේකත් ඒ වගේ වෙයිද කියලා තමයි සැකයක් තියෙන්නේ .
පිළිතුර – අපි නීතියට වැඩේ බාර දුන්නා. නීතිය ක්‍රියාත්මක වීම කෙරෙහි විශ්වාසයක් තිබෙනවා. විමර්ශන වලින් අනාවරණය වන ඕනෑම කෙනෙක් කොහේ හිටියත් තරා තිරම මොකක් වුනත් අපේ ජනාධිපතිවරයාගේ පොරොන්දුව තමයි නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වනවා කියන එක. ඒක නිසා මම ඇතුළුව, මේ සියලු දෙනාම නීතිය කෙරෙහි විශ්වාසයෙන් ඉන්නවා.



