අද දින ගරු අග්‍රාමාත්‍යතුමිය විසින් දරුවන්ට අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අත්‍යවශ්‍ය වන්නා වූ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරලා තියනවා. ඒ හරහා දරුවන්ට ලබාදෙන සහන ලබා දෙන  බව ඇය පවසනු ලැබුවා. ඒ වගේම අප රට භාරගන්නා අවස්ථාවේ තිබූ සියුම් ආර්ථිකය ඒ ආකාරයෙන්ම පැවතුනත් මේ වන විට ආයෝජකයන් සහ අපට ණය ලබාදුන් අයගේ විශ්වාසය වැඩි වන ආකාරයට ආර්ථිකය ස්ථායීකරණය කරගන ඉදිරියට යන්න හැකි වෙලා තියනවා. ඒ වගේම ඩොලරය කඩාවැටෙයි කියලා කිව්වට රුපියල් දෙසිය අසූවක් දෙසිය අනූවක් අතර ප්‍රමාණයකට ඩොලරය තබා ගන්නත් හැකිවෙලා තියෙනවා වගේම කොටස් වෙළඳපලත් වාර්තාගත තත්වයෙන් ඉතා හොඳ දිශාවකට මේ ආර්ථිකය ගමන් කරනවා. ඒ අනුව ඒකෙන් පෙන්නුම් කෙරෙනවා මේ රජය කෙරෙහි සියළුම දෙනා තබා ඇති විශ්වාසය. කෙසේ වෙතත් මේ රට සාර්ථකව ඉදිරියට යාමේදී අපිට පේනවා සුපුරුදු ලෙස විපක්ෂය, විපක්ෂයට අයත් මාධ්‍ය සහ එය මෙහෙය වන පුද්ගලයින් විසින් වැදගත් රටට වැඩදායක තොරතුරු කථා කරනවා වෙනුවට සමාජයේ වෙනත් කථිකාවතක් නිර්මාණය කරමින් මේ ලබාගන්නාවූ ප්‍රගතිය විනාශ කිරීමට කටයුතු කරන බව,  ඒක සාමාන්‍ය දෙයක් අපට අලුත් දෙයක් නෙමෙයි අපි ජනතාවට පොරොන්දු උනා අපි අලුත් දේශපාලන සංස්කෘතියකට වගවෙන ජනතාවගේ හඬට කන්දෙන ආණ්ඩුවක් අපි නිර්මාණය කරනවා කියලා කිවුවා. ඒ වගේම පිරිසිදු පාර්ලිමේන්තුවක් නිර්මාණය වන බව කිවුවා. තුනෙන් දෙකක බලයක් තිබිලත් ඉතාම නිහතමානීව ජනතාවට කන්දෙන අත්තනෝමතික ලෙස කටයුතු නොකරන ආණ්ඩුවක් ජාතික ජනබලවේගය පිහිටුවලා තියෙනවා. නමුත් ඒ අතරවාරයේ දැන් මේ පාර්ලිමේන්තුව තුළත් ඒ කාලේ මාධ්‍ය තුළත් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහතික පිළිබඳ උපාධි පිළිබඳ නොයෙකුත් ව්‍යාජ තොරතුරු සමාජගත වුණා. සමාජගත වුණා නෙවෙයි සමාජගත කලා මේකෙන් සිද්ධ වුණේ වෙන මොකුත් නෙවෙයි ඔවුන්ට රටට වැඩදායක ලෙස ප්‍රයෝජනයට ගන්න තිබුණු කාලය විනාශ වෙමින් ඔවුන්ට ඒ කරුණුවලට යන්න සිදුවීම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉස්සර මේ පාර්ලිමේන්තුව ගැන මිනිස්සු ප්‍රශ්න කළේ මොනවද අපි සන්තෝෂ වෙනවා. ඉස්සර මේ පාර්ලිමේන්තුවට පත් කළේ කවුද එතනෝල් ගෙනාවේ කවුද? කවුද කුඩු වික්කේ? මොකද පාර්ලිමේන්තුව තුළ මහාධිකරණයෙන් වරදකරුවෙලා දවස් පහක් යන්නත් කලින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීපු කාලයක් තිබුණා. ඒ වගේම මිනිසුන්ගෙන් කප්පං අරන් මහාධිකරණයෙන් වැරදිකාරයෝ වෙලා ඇඟ බැදපු මිනිස්සු රාජ්‍ය ඇමතිවරුන් වෙලා තිබෙනවා. ඉතිං ජනතාව ඉතාම සාධාරණ ලෙස ඒවා ප්‍රශ්න කරනු ලැබුවා. හැබැයි අද සත්‍ය වශයෙන්ම කියනවනම් ඒක ජාතික ජනබලවේගය ලබපු ජයග්‍රණයක්. ප්‍රජාතන්ත්‍රවාදය යුරෝපීය මට්ටමට ඔසවා තබන්න තරම් සංවේදී වෙච්ච ආණ්ඩුවක් අපි නිර්මාණය කරලා තියනවා. ජනතාව වෙනස් වුණා. ඉස්සර හොරු පස්සේ එලවපු ජනතාව අහනවා අධ්‍යාපන සුදුසුකම් ගැන. හොදයි අපි කැමතියි. ඒ නිසා ජනතාවට අපිව ප්‍රශ්න කිරීමේ ශුද්ධ වූ අයිතියක් තිබෙනවා. මහ ජනතාවට  සවන් දෙන හිතුවක්කාර නොවන ආණ්ඩුවක් බවට අපි දැනටමත් අපේ ක්‍රියා කලාපයෙන් හරහා ඔප්පු කරලා හමාරයි. නමුත් මූහුණු පොතේ යන හැම අවලාදෙටම උත්තර දෙන්න හෝ එව්වට බයේ යන්නත් අපි සූදානම් නැහැ. අපි සාමුහිකයත්. අපි වැඩ කරන්නේ එකට. අපි කවුරුත් තනි තනිව නෑ. මෙතන නමුත් මට තියන ප්‍රශ්නේ සාමාන්‍ය ජනතාවට ඒ තියන ප්‍රශ්නෙ නෙවෙයි. ඔවුන්ට ශුද්ධවූ අයිතියක් තියනවා.නමුත් අපිව ප්‍රශ්ණ කරන්නෙ කවුද? කුණු කන්දක් කඩා වැටිලත් මිනිස්සු මැරිලත් ඒකට දුක් නොවිච්ච සමාව නොදුන් මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුව අපිව ප්‍රශ්න කරනවා. බාල බෙහෙත් ගෙන්නලා මිනිස්සුන්ගෙ ඇස් අන්ධ කරලා මැරිලා ඒ ඇමතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනාපුවම ඒ දෝෂාභියොගයේදී ඒ හොරාව ආරක්ෂා කළා. ඒකත් ඒ දේශපාලන සංස්කෘතියේම කොටසක් ඔය ටික තමයි අපිට වෙනස් කරන්න බැරි වුණේ.. අපි යවන්න පුලුවන් ප්‍රමාණය ගෙදර ඇරියා තව පොඩ්ඩක් ඉතුරුයි. අපි බලමු ඒ ඒගොල්ලන්ගෙ හැසිරීමත්. වෙන රටක නං මිනිස්සු සංවේදී පාලකයෝ කියන දේ අහනවා. ලැජ්ජා වෙනවා සමාව ඉල්ලනවා. අන්න එවන් පාර්ලිමේන්තුවක් අද අපි මෙතන ජනතාවට වග වන ආණ්ඩුවක් අපි නිර්මාණය කරලා තිබෙනවා. අපි මහජනතාවට කන්දීම අතින් ඉතාම ඉහල තැනකට මේ පාර්ලිමේන්තුව ගෙනත් තියනවා. අද මහජනතාව මේ පාර්ලිමේන්තුව විශ්වාස කරන්නෙ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් තියන නිසා. නැත්නම් වෙන කිසිම හේතුවක් නෑ. මා පෙර කිව්වා සේම විවේචනය කරන්න හැමෝටම ශුද්ධ වූ අයිතියක් තිබෙනවා. හැබැයි මේ ක්‍රියාදාමය හරහා බංකොළොත් වෙච්ච දේශපාලනිකව ගොක්කොල සහ සුදු කොඩි පේන දේශපාලකයන් විසින් සහ ඔවුන්ගේ හෙංචයියන් විසින් අසත්‍ය මඩ අවලාද අපේ සහෝදර මන්න්‍රීතුමන්ලා, තුමියන්ලා වෙත එල්ල කරනවා. මෙහි එක වින්දිතයෙක් වෙන්නෙ බැහැ. මොකද හේතුව මට ආචාර්ය උපාධියක් පිරිනමලා තියනවා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්. මම ඒකට කාටවත් දොස් කියන්නෙ නැහැ.

එය වුනේ කොහොමද එය සිදු වුණාද සිදු කලාද ප්‍රවෘත්තිය නිර්මාණය වෙන්නෙ ඒ නම දාපු එකෙන් නෙමෙයි නම මම කියලා ඉවත් කරන එකේ අන්න එතනයි ප්‍රවෘත්තිය මතු වෙන්නේ. මෙන්න මේ හේතුව හින්දා තමයි මම ඊයේ දිනයේදී සී.අයි.ඩියට පැමිණිල්ලක් කලේ.

මේ අහිංසක අත් වැරදීමක්ද . නැත්නම් හිතාමතා සැලසුම් සහගතව කරන ලද මාගේ ප්‍රතිරූපයත් මාගේ ආණ්ඩුවේ සහ පක්ෂය ප්‍රතිරූපයක් හානි කිරීම සඳහා වූ සැලසුම් සහගත ක්‍රියාවලියක්ද යන්න සී. අයි. ඩියට පරීක්ෂණ කරලා වාර්තා කරන ලෙස ඉල්ලීමක් මා කලේ. ඒ අනුව සී. අයි. ඩිය පරීක්ෂණ ආරම්භ කරලා ඇති. මම දන්නවා  පාර්ලිමේන්තුව තුළත් යම් පරීක්ෂණයක් ආරම්භ කරලා ඇති. වෙනස්වීම තමයි ගැටලුව මතු වෙන්නේ. මම ඇත්තටම මේ කතාව කියන්නේ සිද්ධ වෙන්නෙ. මෙතන මහලේකම්තුමිය නෑ. නමුත් සහකාර ගරු ලේකම්තුමා ඉන්නවා ඔය වෙබ් අඩවියේ දාන කරුණු රීප්‍රඩියුස් කරන්න පුළුවන් අවුරුදු දහයක් විතර,  මට දැනගන්නට ලැබුණා මගේ නම පමණක් නෙවෙයි වෙනත් කට්ටියගෙ නමුත් ඔය ආකාරයට ඔය වෙබ් අඩවියෙ නිර්මාණය කරන්නේ. ඔය වැරදි තොරතුරු ටික නිවැරදි කරනකල්. සියයට සීයක් නිවැරදි කරගන්න කල් ඔය වෙබ් අඩවිය තාවකාලිකව වහන්න වහල වැරදි හදාගෙන විවෘත කරන්නේ කියලා. මට ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ නම වෙනස් කරන්න බොත්තම ඔබපු පුද්ගලයාත් එක්ක නෙවෙයි ඔය බොත්තම ඔබන්න කියපු පුද්ගලයත් එක්ක. ඒක හොයාගන්න එක තමයි මගේ අරමුණ වෙන්නේ. ඒ වගේම අපි දන්නවා මම අවුරුදු 25ක් නීතිඥවරයෙක් විදියට හිටියා කවදාවත් එහෙම ආචාර්ය කියලා පාවිච්චි කරලා නෑ. හැබැයි දැන් කතා කරනවා ඇඟිල්ල දික්වෙනවා ජාතික ජනබලවේගයට. ඔබලාට නැති දේවල් ඔබලා කියනවා. මම ඉල්ලා සිටිනවා එහෙම කියන අයට පොඩ්ඩක් තමන්ගෙ දෙපැත්තත් බලන්න ඒ ඉන්නෙ කවුද කියලා බලන්න. මෙතන අපි නීතිඥ වෘත්තියේ 1973 ඉදලා අපි ඔක්කොම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරු.1973 ට කලින් මේ වෘත්තියේ ඇඩ්වකේට් සහ ප්‍රොක්ටර් කියලා වර්ග දෙකක් තිබුණා .ඒ එංගලන්තයේ බැරිස්ටර් හා සොලිසිටර් කියන ආකාරයට වෙන් කරලා තිබුණේ .  මම කියන්නේ ගල් ගහන කොට වීදුරු ගෙවල්වල ඉදලා ගල් ගහන්න හොද නැහැ. තමන්ගේ දෙපැත්තේ ඉන්න අය ගැනත් බලන්න. මෙතන මම බලා ගෙන හිටියා ගරු අජිත් පී . පෙරේරා මැතිතුමා මෙතන ඉදිවි කියලා. පාර්ලිමේන්තු මැතිවරණය 2024 . මම පත්‍රිකා 9 ක් ගෙනත් තියෙනවා සභා ගත කරන්න. ඒකෙ හැම තැනම අජිත් පී පෙරේරා මහතාගේ නම තියෙන්නේ අධි නීතිඥ අජිත් පී. පෙරේරා කියලා. අධිනීතිඥ කියලා කියන්න නම් ඔහු 1973 ට කලින් විභාගය කරලා තියෙන්න ඔ්න. 1973 න් පස්සේ ඔක්කොම ඇටර්නි ඇට්ලෝ. 1973 ට කලින් අජිත් පී. පෙරේරා මහතා විභාගය කළා නම් වෙන්න බැහැ. එතකොට එයාට අවුරුදු පහක් වෙන්නේ වයස. ඡන්දයක් එනකොට හැමදාම හැම තාප්පයකම අධිනීතිඥවරුන් ඇති තරම් ඉන්නවා. ඒකත් වංචාවක් මොකද ඒක පාවිච්චි කරන්න බැරි තනතුරක්. යමෙක් කියන්න පුළුවන් බැරිස්ටර් කෙනෙක් වෙලා එංගලන්තයේ ඉදලා ආව නිසා ඒකේ සිංහල පරිවර්තනය අධිනීතිඥ නිසා එහෙම පාවිච්චි කළා කියලා.ඒක අයිති එංගලන්තයට. ඒක පාවිච්චි කරන්න බැහැ. ඒක වංචාවක්. ඒ නිසා මම අභියෝග කරනවා අජිත් පී. පෙරේරාට. ඔබගේ ඔය අධිනීතිඥ තනතුර ලැබුණේ කෙසේද .ඔබ ඒ විභාගයට වාඩි වුණාද . එහෙම නැත්නම් ඔබ කොහොමද ඒ අධිනීතිඥ තනතුර පාවිච්චි කරලා තියෙන්නේ .ඔබ අසත්‍ය කියලා ඡන්දය දිනපු පුද්ගලයෙක්. මම ඒවා සභාගත කරනවා . ඒවා අජිත් පී පෙරේරා මහතාට බලා ගන්න පුළුවන්. අපි මේ තරම් පහත් තත්වයකට වැටෙන්න අවශ්‍ය නැහැ. අපි දේශපාලනයෙන් ගැටෙමු. මොකක්ද මේ ලැජ්ජ නැති ජීවිතය. මම අහනවා විපක්ෂයෙන් . ඔබලා පැරදුනු හේතුව දැන්වත් පැහැදිලි කරන්න. වෙනස් වෙන්න. යථාර්ථයට මුහුණ දෙන්න. මඩ ගහනවා වෙනුවට සත්‍යවාදීව කථා කරලා මේ පාර්ලිමේන්තුවේ නීති හැදීමේ ක්‍රියාවලියට ප්‍රතිපත්ති හැදීමේ ක්‍රියාවලියට සක්‍රියව දායක වෙන්න. ඔබලාගේ අදහස් අපට වැදගත්. ඒ වැදගත් වෙන්නේ මඩ අවලාද නැත්නම් පමණයි. මඩවලින් අවලාද වලින් හොල්ලන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි ජාතික ජන බලවේගය. අඩුම ගානේ අපි කථා කරන කොට අහන්නවත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න