ආදිවාසී ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට අදාළ නව පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය රටේ පවතින සෙසු නීතීන් සමග ගැටෙන තැන් තිබේදැයි පරීක්ෂා කර බලා ඒ පිළිබඳ වාර්තාවක් සිය අමාත්‍යාංශයට භාර දෙන ලෙස අධිකරණ ,බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද දහඅට බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය
ඇමතිවරයා එම උපදෙස් ලබා දුන්නේ මෙම පනත සකස් කිරීම සඳහා නීතිය අංශ නිලධාරීන් සහ අමාත්‍යාංශ නියෝජිතයන් ඇතුළු පිරිස සමඟ අධිකරණ අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදීය.
මෙරට ආදිවාසී ජනතාවට දීර්ඝ කාලීනව පවතින ගැටලු රැසකට විසඳුම් ලබාදීමේ අරමුණින් නව රෙගුලාසි පද්ධතියක් සකස් කිරීම අධිකරණ ඇමතිවරයාගේ මූලිකත්වයෙන් මේ වන විටත් ආරම්භ වී ඇති අතර වනජීවී අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් දැනටමත් ඊට අදාළ කෙටුම්පත සකස් කර ඇත.
උතුරු නැගෙනහිර යුධ සමයේ එම පළාත්වලින් පලා ගිය ආදිවාසී ජනතාවට යළි එම ප්‍රදේශවල සිය සාම්ප්‍රදායික කටයුතු කිරීමට තිබෙන බාධාවන් සම්බන්ධයෙන්ද මෙම අවස්ථාවට සහභාගි වූ නියෝජිතයෙක් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.එය මෙරට ආදිවාසී ජනතාවට පමණක් නොව සිංහල මුස්ලිම් ජනතාවටද පොදු ප්‍රශ්නයක් බැවින් ඊට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව අධිකරණ ඇමතිවරයා සඳහන් කළේය
මෙම අවස්ථාව සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ මෙන්ම වනජීවී වන සංරක්ෂණ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශ නියෝජිතයින් මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ නීති අංශ නිලධාරීන් අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රීය නියෝජිතයන් සහභාගි වී සිටියහ.