යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව ඉටු කිරීමට දැනුමින් පිරිපුන් නීතිඥයින් අවශ්‍යයි.
අධිකරණ නිලධාරීන් සහ නීතිඥයින් අවබෝධයෙන් ක්‍රියා කිරීම නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට ශක්තියක්.

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

“ සියවසකට එහා වැජඹී මාතොට උරුමය “ මාතර කොටවිල නව අධිකරණ සංකීර්ණ නීති පුස්තකාලය විවෘත කිරීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන අමාත්‍ය ,ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධාන්තවයෙන් අද (24) පෙරවරුවේ සිදු විණි.

එහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේද සදහන් කළේය.
1736 මාතර අධිකරණ සංකීර්ණය ආරම්භ කර තිබෙනවා. 1837 වර්ෂයේ පමණ එහි නීති පුස්තකාලය ආරම්භ වී ඇති බව සදහන් වුණා. මෙරට අධිකරණ අතර නීති වාර්තාවක් නිකුත් කළ පළමු අධිකරණය මාතර අධිකරණය විය හැකියි. නීතිඥ වෘත්තියේ කටයුතු සාර්ථකව සිදු කිරීමට අධිකරණ නීති පුස්තකාලය අත්‍යවශ්‍ය දෙයක් බව කිව යුතුයි. මාතර නව අධිකරණය සදහා නීති පුස්තකාලයක් අවශ්‍ය බව නීතිඥ සංගමයේ නිලධාරීන් අවස්ථා කිහිපයක ඉල්ලීම් කළා. ඒ අනුව කඩිනමින් එය ලබා දෙන ලෙස උපදෙස් දුන්නා. අපි සෑම අයෙක්ම අපේ ජීවිතය පවතිනතුරු ඉගෙන ගන්නවා. විශේෂයෙන් වෘත්තිය ජීවිතයක් ගත කරනු ලබන නීතිඥයින්ගේ දැනුම වැඩි දියුණු කිරීම සදහා පුස්තකාල පරිශීලනය කළ යුතුයි.නීතිඥ වෘත්තිය රටක ඉදිරි දියුණුවට මෙන්ම පරිහානියට හේතුවන වෘත්තියක් බව සදහන් කළ යුතුයි. නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත වීම රටෙහි දියුණුවට අතිශයින්ම වැදගත් වෙනවා. යුක්තිය කාර්යක්ෂම ඉටු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා දැනුම අවබෝධය සහිත පිරිපුන් නීතිඥයින් අවශ්‍යයි. විශේෂයෙන් නීතිඥයින් සහ අධිකරණ නිලධාරීන් අතර පවතින සුහදශීලීත්වය අවබෝධයෙන් ක්‍රියා කිරීම යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කළ හැකි බව ද අමාත්‍යතුමා සදහන් කළේය.
.
1736 මාතර අධිකරණය ආරම්භ කර ඇති අතර, 1837 වසරේ එම අධිකරණ සංකීර්ණය තුළ නීති පුස්තකාලයක් ආරම්භ කර තිබේ.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( නීති) පියුමන්ති පීරිස්,ජනාධිපති නීතිඥවරුන් වන රසීක් සරූක්, ආනන්ද වික්‍රමසේකර, උපාලි මොහොට්ටි, කපිල මනම්පේරි, මාතර නීතිඥ සංගමයේ සභාපති නීතිඥ, රංගජීව ගමගේ, එහි ලේකම් රංජිත් අබේසුන්දර, ගාල්ල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ,දුමින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුහ. අධිකරණ අමාත්‍යතුමා විසින් රචිත ග්‍රන්ථ කිහිපයක් මාතර අධිකරණ නීති පුස්තකාලය සදහා පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු විණි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න