නව පරිසර ආමාතාංවරයා ලෙස ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තම ධූරයෙගහි රාජකාරි කටයුතු අද (24) පරිසර අමාත්‍යාංශයේදී රාජකාරී කටයුතු ආරම්භ කළේය.

“මිනිසුන්‌ ජීවයන්‌, සතා සිව්පාවන්‌, වනය, මහපොළොව සියල්ල එකට එක්කාසු කරපු තැන නමයි අපේ පරිසරය. පරිසරය ගැන කතා කරන්න තරම්‌ අධ්‍යයනයක්‌ කරලා නෑ තාම. කෙසේ වෙතත්‌ පරිසරය ලෝකයේ අපි ගත්තොත්‌ න්‍යාය පත්‍රයක්‌ හැටියට ඒ න්‍යාය පත්‍රය ඇතුළත වසර 10, 15ක්‌ ඇතුලත ඉතාමත්ම ඉදිරියට ආපු විෂයක්‌. ලෝකයේ පළමුවෙනියෙන්ම මං ගිතන්නේ දැනට තියෙන්නේ ලෝකයේ භූ ආරක්ෂාව සම්බන්ධව එහෙම නැත්නම්‌ අපි කියනවා ඔවුන්ගේ යුධ ශක්තිය ගැන නමයි පළමුවෙන්ම රටවල්වල සාකච්ඡා කරන්නේ. දෙවැනි තැනට අද ඇවිල්ලා තියනවා පරිසරය.පරිසරය සම්බන්ධව, ආරක්ෂාව සහ මූලාම ශක්තියත්‌ එක්කම එයත්‌ සමග හානි කරගන්න බැරි තත්ත්වයකට පරිසරය පත්වෙනවා.එතකොට මොන තරම්‌ මූල්‍යමය ශක්තියක්‌, භූ ශක්තියක්‌, මහපොළොවේ ශක්තියක්‌ තිබුනත්‌ පරිසරය හරි විදියට හැඩගස්වලා ඒ සම්බන්ධව අවබෝධයකින්‌ කටයුතු නොකලොත්‌ ඒ එන හානිය කිසිම චිටෙක මුදල්‌ වලින්‌ අනෙක්‌ සියල්ල අභිබවා යන්න පුළුවන්‌.

මිනිසුන්‌ විසින්‌ පරිසරය විනාශ කරනවා. අනිත්‌ එක නමයි ස්වාභාවිකවම.ඔය දෙකම තරගයට ඉදිරියට යනවා. ගොඩක්‌ දුර මේ ගැන කතා කරන්න යන්නේ නෑ. ලෝකයේ වෙන තත්ත්වයන්‌ තූල ලොකු සංවාදයක්‌ මේ වෙනකොට සිදු වෙමින්‌ පවතිනවා. මං ගිතනවා අමාත්‍යාංශයක්‌ හැටියට ඉතාමත්ම වැදගත්‌ දෙපාර්තමේන්තු 2ක්‌ පමණක්‌ තියනවා. අපි කියන්න උත්සග කරන්නේ මේකේ තියෙන දෙපාර්තමේන්තු ගැන ආයතන ගණන නෙවෙයි මේකේ තියෙන රාජකාරි එයින්‌ රටට දේශයට ඇතිවන ලංකාවට භූමියට ලෝකයට වන බලපෑම තමයි වැදගත්‌ වෙන්නේ.අපි උත්සගය විය යුත්තේ පරිසරය ආරක්ෂා කරමින්‌ ඒ වගේම පරිසරය ගරහා රටේ ඉදිරි වැඩපිළිවෙලවල්‌ වලට දායකත්වයක්‌ ලබා දෙමින්‌ එය ආරක්ෂා කරන අතරතුර මේ යම්කිසි විදිහේ ප්‍රගතියක්‌ ලබාගන්න උත්සහයක්‌ තමයි බලාපොරොත්තු වෙන්නේ.” රාජකාරි ආරම්භ කල අවස්ථාවේදී පැමිණ සිටි මන්ත්‍රීවරු සහ මාධාංවේදීන්‌ ගමුවේ අමාතාවරයා විසින්‌ තම අදහස්‌ ප්‍රකාශ කළේය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න