මහින්දගේ රාජ්‍ය දුරාචාරයට උත්තේජනය දුන් පාර්ශව

සමස්ත ශී‍්‍ර ලංකාවම සුවිශාල ආර්ථික අර්බුදයක !
රාජපක්ෂ දේශපාලනයට එන්නේ සිය පියාගේ අභාවයෙන් ඒ 1967 වර්ෂයේදී ය.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත ආසන සංවිධායකයා වශයෙන් වසර 55 ක දේශපාලන ගමන්මග ඉචිචාබංගත්වයට (බලාපොරොත්තු සුංකර ගැනීමට) පත්වුණේ 2022 මැයි 9 වන දින. මහින්දගේ 55 වසරක දේශපාලන කාලය තුළ මතුපිටින් ආපසු හැරී බලනකොට ඔහුගේ දේශපාලන ජීවිතය පරිච්ඡේද තුනකට ගොනු කරන්න පුඵවන්.

1967 හා 1994 දක්වා,
1994 හා 2015 දක්වා,
2015 හා 2022 දක්වා,

සම්ප‍්‍රදායික ක‍්‍රමවේදයට පිටතින් ඔහු නීති විද්‍යාලයට ඇතුල්වෙන්නේ ය.
ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලපරිච්ඡේදයේදී.
එය සිදුවන්නේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද අයුතු ලෙස මන්තී‍්‍රවරුන්ට ලබාදීමේ ක‍්‍රමවේදය හමුවේ.
පොදු මහජනතාවට අහිමි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට සුවිශේෂ වරප‍්‍රසාද හමුවේ රට තුළ ඇති වී තිබෙන අගාද මහා ඛේදවාචක අපි පසුවට කතාකරමු.
ඔහුගේ පුත‍්‍ර නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විභාග වලට මුහුණ දුන්නේ ජනාධිපති මහින්ද තාත්තගේ සුවිශේෂ වරප‍්‍රසාද යටතේය.
එයත් අපි පසුවට කතා කරන්න තියාගමු.

මහින්ද පාර්ලිමේන්තුවට එන්නේ ඞී.ඒ රාජපක්ෂයේ අභාවයත් සමගය. අදාළ හිමිකම ලැබීමට තිබුණේ වැඩිමහල් පුත් චමල්ටය. චමල් පොලිස් පරීක්ෂක ධූරයෙන් සමුගෙන තම පියාගේ තැන ගැනීමට බලාපොරොත්තු තිබුණත් වාසනාව හිමි වූයේ මහින්දට. මේ සදහා මැදිහත් වී සිරිමාවෝ බණ්ඩාරනායක, ඞී. ඒ. රාජපක්ෂ මැතිණිය මහින්දගේ හැරවුම් ලක්ෂයේ නිමිත්තයි.
පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්තී‍්‍රවරයා වීමට ඔහු එසේ භාග්‍ය උදාකරගත්තා
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නිල පාට වූයේ නිල් පාටයි.
කුරහන් සාටකයටත් වඩා එදා මහින්ද වාමාංශික ව්‍යාපාරයේ රතු පාටට ඇලූම් කලා.
හුදෙක් එම ඇලූම් කිරීම වාමාංශික ව්‍යාපාරයේ නියෝජනය ප‍්‍රදර්ශනය කරත් ඔහුගේ ඇතුළත තිබුණේ ආත්මාර්ථකාමිත්වයක්.
ඒ බව මනාව ප‍්‍රදර්ශනය වන්නේ අසූව දශකයේ නැගී ආ ජනතා විමුක්ති ව්‍යාපාරය උපායශීලි ලෙස කඩාකප්පල් කිරීමට දායක වු ආකාරය ආපසු හැරී බලන විට පෙනී යන නිසා.
මතුපිටින් නිර්ව්‍යාජ භාවිතයක් හා හැසිරීමක් ප‍්‍රදර්ශනය කිරීම මහින්දගේ ආත්මගත ජනපි‍්‍රයවාදී ක‍්‍රමයක්.

ඇතුළතින් ඔහුගේ සියඵ දේශපාලන කුහකකම් අන්තර්ගතව කොතරම් දුරට තිබුණාද යන්න මේ තුළින් අප හෙළිකරන ඉදිරි සංදේශ බිගුව තුළින් තේරුම්ගන්න පුඵවන් වේවි. 2022 අපේ‍්‍රල් 26 වන දින අග‍්‍රාමාත්‍ය කාර්යාලය ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරා. ඉන් කියවුනේ පළාත් සභා හා ප‍්‍රාදේශීය නාගරික මහනගර සභාවලින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉවත් වීමට විරුද්ධ බවයි. පළාත් සභා නියෝජිත සංසදය ඒකමතිකව තීරණය කර තිබෙන බව ද ඉන් සදහන් වුණා.
මාස 18 ක් ඇතුළත තුනෙන් දෙකක ආණ්ඩුවක් 69 ලක්ෂයක ජනතා කැමැත්ත සෝදා පාලූවට යන්න පටන් ගත්තේ මෑතකදී.
ගෞතම බුදුරජානන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශී‍්‍ර සද්ධර්මයට මුවා වී හැසිරුන කි‍්‍රයාකල මහාසංඝරත්නයේ හැසිරීම හා භාවිතය නිසා මහින්දගේ දේශපාලන කුහක, කූට උපාය මාර්ග වැසී ගොස් තිබුණා. ඒ පිළිබද සග ගැට අපගේ සංදේශ වලින් ඔබට ඉදිරියේ දි කියවන්න හැකිවේවී.
ලංකාවට ලැබෙන ඩොලර් හා විවිධ ව්‍යාපෘති ණය මහින්දගේ නඩය හරහා විවිධ රටවලට කාන්දු වීම නිසා ලංකාවේ ආර්ථික අර්බුදය පුපුරාගියා.
පොහොර, තෙල්, ගෑස්, සහල්, පරිප්පු, දේශීය බහුලව හිග වෙන්න පටන් ගත්තා මිල ඉහළ ගියා. දෛනිකව පොළිම් විවිධ පාරිභෝගික භාණ්ඩ අරඹයා බිගු වෙන්න පටන්ගත්තා.
ඇතැම් පාදඩ භික්ෂූන්ගේ වැදිබණ නිසා ලංකාවේ ඉරණම ඛේදවාචකයක් කරා බිගු වෙන්න පටන්ගත්තා. ඔවුන් නම්,

ශී‍්‍ර ලංකා රාමඤ්ඥ මහ නිකායේ මහානායක නාපාණේ පේමසිරි මානාහිමි, ශී‍්‍ර පාදස්ථානාධිපති හා ඌව විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙංගමේ ධම්මදින්න, ගාලූ කෝරලයේ ප‍්‍රධාන සංඝනායක මාපළගම බුද්ධ සිරි ස්ථවිර, අමරපුර මහ නිකායේ අනුනාහිමි පල්ලේ කන්දේ රතතසාර ස්ථවිර, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ ජේ්‍යෂ්ඨ කාරක සංඝ සභික අඵත්ගම ධම්මානන්ද නායක ස්ථවිර, කෝට්ටේ ශී‍්‍ර කල්‍යානි සාමගි‍්‍ර ධර්මමහා සංඝ සභාවේ කර්මවාදචාර්ය අමරපුර මහ නිකායේ ඉද්දමල්ගොඩ විහාර පාර්ශවයේ මහනායක කුරුවිට සරණංකර, සියම් මහ නිකායේ මල්වතු පාර්ශව අනුනායක නියංගොඩ ශී‍්‍ර විජිත සිරි ස්ථවිර, වයඹ දිශාවේ උපප‍්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත පූජ්‍ය කඩහපොළ තේමානන්ද ස්ථවිර, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාගමිමන ප‍්‍රඤ්ඥානන්ද ස්ථවිර, අමරපුර සද්ධමිම යුත්තික මාතර නිකායේ අනුනායක ආචාර්ය පාතෙගම ඥානාරාම, තයිවානේ ප‍්‍රධාන සංඝ නායක ආචාර්ය බෝදාගම සංඝ නාහිමි, කටුගම්පළ හත්පත්තුවේ ප‍්‍රධාන සංඝ නායක කහටවිල පියරතන රාජවන්නි, කුමාරවන්නි දෙපළාතේ ප‍්‍රධාන සංඝ නායක ඔටිටුකුලමේ ප‍්‍රඤ්ඥා නන්ද නායක ස්ථවිර, පහළ දොළොස්පත්තුවේ ප‍්‍රධාන සංඝනායක පුනාහැල සද්ධානන්ද, උඩරට අමරපුර මහ නිකායේ මහනායක තෙරිපැහැ සෝමානන්ද, කුරුණෑගල මහ නිකායේ ප‍්‍රධාන සංඝනායක හේනේගෙදර සිද්ධාර්ථ, ඇමරිකාවේ ප‍්‍රධාන සංඝනායන ආචාර්ය වල්පොළ පියනන්ද, අමරපුර නිකායේ සම්බුද්ධ ශාසනෝදය මහනායක වස්කඩුව මහිංදවංශ, දේවමැදි හත්පත්තුවේ ප‍්‍රධාන සංඝනායක හේනේගෙදර හේමසිරි, වයඹ දිශාවේ ද්විතීය අධිකරණ සංඝනායක වේගොල්ලේ රතනසාර,
ශී‍්‍ර ලංකා රාමඤ්ඥ මහ නිකායේ නියෝජ්‍ය ලේඛනාධිකාරී නැදගමුවේ විජය මෛතී‍්‍ර, අමරපුර මහ නිකායේ කොසුගොඩ ධම්මවාද අනුනායක, තිස්ස මහරාම රජමහා විහාරධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන, රුහුණු රට භික්ෂු පෙරමුණේ ඕමාරී කප්පක, කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි ධර්ම මහ සංඝ සභාවේ දක්ෂිණ පාර්ශවයේ ප‍්‍රධාන සංඝනායක කෑගල්ලේ රතනසාර, සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති කුඹුරුගමුවේ වජිර, උඩරට අමරපුර මහනිකායේ අනුනායක ජපානයේ ප‍්‍රධාන සංඝනායක, යාලගමුවේ ධම්මිත්තර, පහළ දොළොස්තට්ටුවේ උපප‍්‍රධාන සංඝනායක කුබල්වල පියතිස්ස, ජාතික සංඝ සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් දුටුවැවේ ලංකානන්ද, කැළණි විශ්වවිද්‍යාලයේ පෙර කුලපති වූ වැළමිටියාවේ කුසල ධම්ම, පහළ දොළොස්තට්ටුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක මගුලාගම උපතිස්ස, රජාවෙළ නන්දජෝතී නාරාහේන්පිට අභය රාමධිපති මුරුත්තෙට්ටුයේ ආනන්ද, ශී‍්‍ර ලංකා රාමඤ්ඥ මහානිකායේ බස්නාහිර පළාත් ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය නාගොඩ අමරවංශ, මිරිසවැටිය චෛත්‍යරාමාධිකාරී, ඊතල් වැටුන වැවේ ඥාණතිලක මාඔය ප‍්‍රාදේශීය ශාසනාරක්ෂක ලේකනාධිකාරී ඉද්දපොළ සුබෝද ඇඹිලිපිටිය චන්ද්‍රිකාවැව බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඉත්තදෙමනියේ ධම්මසිරි, ප‍්‍රදේශීය සභා මන්තී‍්‍ර ආනමඩුවේ සෝමානන්ද,
ශී‍්‍ර ලංකා රාමඤ්ඥ මහනිකායේ මහෝපාද්‍ය ඉත්තදෙණියේ සීවලි, වන්නි දෙමළ හත්පත්තුවේ උප ප‍්‍රධාන සංඝනායක සරණජෝති දේවමිත්ත සද්ධානන්ද, අස්ගිරිමහ නිකායේ කාරක සංඝ සභික මැදගත ධම්මානන්ද විචිත‍්‍ර ධර්මකතික උඩුවේ ධම්මාලෝක, කොළඹ දිශාවේ ප‍්‍රධාන සංඝනායක අරධ ධම්මතිලක, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මාගම්මන ප‍්‍රඤ්ඥානන්ද අධ්‍යාපනපති උඩුගම්පල නන්ද, වයඹ පළාතේ අස්ගිරි පාර්ශවයේ ප‍්‍රධාන සංඝනායක සුඹුල්ලේ සීලක්කන්ද මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, උතුරු ඇමරිකාවේ ප‍්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි අක්මීවන දායාරතන, ඌරුගමුවේ වාචිස්වර, ශී‍්‍ර ලංකා රාමඤ්ඥ මහනිකායේ පිලිප්ත දෙණියේ සීවලී, දොඩම් පහළ රාහුල මැදිමාල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරල විමලජෝති ආදී භික්ෂූහු මහින්දගේ දේශපාලන ගමන්මගට 2015 දී කඬේ ගිය අය අතරින් කිහිපදෙනෙක් පමණයි.

කවරදාවටත් වඩා දැවැන්ත මහාපරිමාණ භීෂණ වළල්ලකට රට ගොදුරු කිරීමට මේ යතිවරුන් දක්වා ඇති සහයෝගය සුඵ වශයෙන් අමතක කළ යුතු ද? මහින්දගේ රාජ්‍ය දුරාචාරය සුඵ වශයෙන් සරල ලෙස සලකා සිය ධර්මදේශනාවලින් මහජන මොළවලට කිදා බැස්සුවේ මේ උන්වහන්සේලාය.
සමස්ත රටේ ආයතන කුණුවීමේ හා අගාදයට මේ අය පමණක් නොව තවත් අප‍්‍රමාණ සංස්ථා දායක වූ ආකාරය ඉදිරි සංදේශවලින් බලාපොරොත්තු වන්න.

මහානායක නාපාණේ පේමසිරි මානාහිමි
කුඹුරුගමුවේ වජිර හිමි
බෙංගමේ ධම්මදින්න හිමි
වල්පොළ පියනන්ද හිමි
වැළමිටියාවේ කුසලධම්ම හිමි
මැදගොඩ අභයතිස්ස හිමි

විවරණ 1

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න