ඔබ දැනටමත් දන්නා ආකාරයට, කැබිනට් මණ්ඩලය 2023 ජුලි 01 වැනිදා IMF ඉල්ලීම මත සම්මත කරගත් යෝජනාව මගින් EPF සහ ETF අරමුදල් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යෙදවීමට තීන්දු කර ඇත.
EPF/ETF අරමුදල් හිමි ලක්ෂ 25 ක් වන ගිණුම් හිමියන්ගේ එකම විශ්‍රාමික ඉතුරුමයි. ආර්ථික විශේෂඥයන් අනතුරු හඟවා ඇති පරිදි, මෙම දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම EPF/ETF ගිණුම් මත පැටවූ විට, සෑම සේවකයෙකුගේම ඉතුරුම්වලින් 50%ක් ඉදිරි වසර 16ක කාලය තුළ අහිමි වනු ඇත. මෙම වසරේ දී පමණක් මෙම අරමුදල් වලින් රජය කොල්ලකෑමට නියමිත මුදල රුපියල් කෝටි 13500ක් පමණ වේ
මෙම EPF/ETF මංකොල්ලය සේවකයන්ට සිදු කරන්නේ අධික ජීවන වියදම, දරාගත නොහැකි ආහාර වියදම්, 200%කින් වැඩි වූ විදුලි බිල, 50% -300% ප්‍රමාණයකින් වැඩි වූ ජල බිල, වැටුප මත එක් කළ අධික බදු සහ මහජන ආයතන මහජන දේපළ පෞද්ගලිකකරණය වන පසුබිමකය. මෙමගින් පෞද්ගලික සහ රාජ්‍ය සේවයේ, සේවකයන්ට සිදුවන බලපෑම දරාගත නොහැකි තරම් වනු ඇත. සෞඛ්‍ය අර්බුදය වර්ධනය වන්නේ අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිකම, නිසි ප්‍රමිතියේ ඖෂධ නොමැතිකම නිසාය. එයට අමතරව දැන් රජය විසින් නිදහස් අධ්‍යාපනය විනාශ කර දමන රනිල් විජේදාස කොමිසම කරලියට පැමිණ ඇත.
මෙරට ජනතාවට බඩට අහරක් නැත. පවුල් සිටින්නේ මහ අඳුරේය. සිසුන් පාසල්වලින් දොට්ට වැටී ඇත. තරුණ පරපුර සහ වැටුප මත අය කරන අධික බදු හේතුවෙන් වෛද්‍යවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු වෘත්තිකයන් මහා පරිමාණයෙන් රටින් පිටමංවෙමින් සිටින්නේ මේ රට තවදුරටත් ජීවත් වෙන්නට නොගැලපෙන තැනක් වන නිසාය.
මෙම පසුබිමෙහි රජය EPF/ETF මංකොල්ලයකට සැරෙසයි. අප මෙයට මංකොල්ලයක් කියන්නේ එය සිදු වන්නේ වචනයේ පරිසමාප්ත අර්‍ථයෙන්ම වැඩකරන ජනතාව වෙත තුවක්කු එල්ල කරමින්, වැඩකරන ජනතාවගේ වීදියේ විරෝධතා මිලිටරි- පොලිස් බලයෙන් මර්දනය කරමින් වන නිසාය.
මෙවැනි පසුබිමක අප ඔබ සියලුදෙනාගෙන් ඉල්ලන්නේ, අගෝස්තු 28 වැනිදා දහවල් 12ට කොටුව දුම්රිය ස්ථානයට පැමින

# *ETF/EPF මංකොල්ලය # කම්කරුවා වහලුන් කරන නීති සංශෝධනයන් ට එරෙහිව # මහජන දේපල විකිණීම # වැටුප මත එක්කල අධික බදු වලට එරෙහිව # නිදහස් ධ්‍යාපනය වැනසීමේ රනිල් විජයදාස කමිටුවට # ජනතා සහන අහිමි කරන අස්වැසුම වැඩසටහනට # සෞඛ්‍ය සියලු කඩා දැමීම වලට එරෙහිව # ගොවි ජනතා වතුර පොහොර වන්දි ඉඩම් ගැටළු නො විසඳීමට එරෙහිව # විදුලි බිල් වැඩි කරමින් ජනතාව සූරා කෑමට එරෙහිව
සටන් වදිමු රාජපක්ෂලාගේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබන රනිල් වික්‍රමසිංහ සිදු කරන මේ ජනතා පීඩනයන්ට එරෙහිව තනි පුද්ගලයින් සහ කණ්ඩායම් ලෙස පැමිණ ඔබේ විරෝධය පෙන්වන ලෙස ඉල්ලා සිටිමු.
මෙයට සහයෝගයෙන්,
අගෝස්තු 28 විරෝධය සඳහා එකතුව
ETF/EPF මංකොල්ලය වහාම නවතනු !
සියලු ජනතා පීඩනයට එරෙහිව නැගී සිටිමු !
ජනතා ද්‍රෝහී සියලු පාලකයන් පලවා හරිමු!

(EPF කොල්ලයට සහ ශ්‍රී ලංකාවේ රජය විසින් සිදුකරන ආර්ථික පීඩනයට එරෙහි වෘත්තිය සමිති සහ සිවිල් සංවිධානවල එකතුවකි.)

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න