ජාතික හා ජාත්‍යන්තර නියෝජිතයින් මෙන්ම් මාධ්‍යවේදීන් රැසක් එක්වී සිටිති. මවුකිරි ලබාදීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නෛතික රාමුව ඉතා ශක්තිමත් බව පවුල් සෞඛ්‍ය කාර්‍යාංශයේ අධ්‍යක්ෂ වි වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය කියයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පවසන්නේ දෙවන වර්ගයේ දියවැඩියාව සහ ස්ථුල බව දරුවන්ගෙන් තුරන් වීමට මවුකිරි දීම වැදගත් වන බවයි. 800000 ක් ලෝක වාසී දරුවන්ගේ මරණ වලක්වා ගැනීමට මවුකිරි හේතු වූ බවයි. ශ්‍රී ලංකාවේ මවුවරුන් මවුකිරි දීම අධර්‍යමත් වීමට හේතුව වැඩ පරිසරයේ ගැටලු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. ශ්‍රී ලංකාවේ වැඩබිම් කාර්‍යාලවල ගැටලු. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වි වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පවසන්නේ මවු කිරි දීම සම්බන්ධව උනන්දු කරවීමට වඩාත් සංවිධාන ගත වූ වැඩපිලිවෙලක් අවශ්‍ය බවයි.

අපි අපේ වැඩසටහන් ගැන යලිත් වරක් සිතා බැලිය යුතුව තිබේ. පිටි කිරි කර්මාන්තය අප දෙස විමසිල්ලෙන් බලා සිටී. ඔවුන්ට අපව යටකර ගන්නට ඉඩ නොදීමවැදගත්. වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ මවු කිරි දීම සම්බන්ධව දිගු ඉතිහසයක් අපට තිබෙන බවයි.එහෙත් ආර්ථික අර්බුද හමුවේ ඉතා සැලකිල්ලෙන් එය ආරක්ෂා කර ගත යුතු බවයි. අපි සියලු දෙනා මවු කිරි වල සහනය හා ජීවය ලැබූවෝ වෙමු.

ශ්‍රී ලංකාව වැනි රටවල මවුකිරි ලබාදීමේ පුරුද්ද ආරක්ෂා කර ගැනීමට දේශපාලන අංශයේ මැදිහත්වීම, අත්‍යවශ්‍යයි .දේශපාලන නායකත්වයේ කැපවීමෙන් විවිධ ජාත්‍යන්තර බලපෑම් යටපත් කිරීම හෝ කළමනාකරණය කල හැකිවේ..ලෝක සෞඛ්‍ය සංවිධාන ය කියයි. ලොව බොහෝ රටවල ළමා රෝග පිලිබද විශේෂ.වෛද්‍ය වරුන්ගේ සංවිධාන වලට කිරිපිටි සමාගම් අනුග්‍රහය දක්වයි. ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත පවසයි .

ශ්‍රී ලංකාවේ ළමා රෝග විශේෂ වෛද්‍යවරුන් ගේ සංගමයේ හිටපු (2016) සබාපති වි වෛද්‍ය රම්‍යා ද සිල්වා මහත්මිය අනාවරණය කලේ එකල පවා කිරිපිටි සමාගම් අනුග්‍රහය ලබාදීමට තමා පසුපස පැමිණි බවයි.එහෙත් ශතයක්වත් තම සංගමය ලබා නොගත් බව ඇය කීවාය. තම සංගමයට විශාල ආදායමක් ලබා ගැනීමට තිබුණු අවස්ථාව අහිමි කල බවට තම සාමාකයින් පවා තමන්ට එකල චෝදනා කල බව ඇය අනාවරණ කලාය

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න