ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා පුරෝගාමී මෙහෙවරක් ප්‍රතිපත්තීන් දියත් කිරීමට ඉන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අප්‍රමාණව වාර්ෂිකව වාර්තා සකස් කරනවා.
ඒ වාර්තා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනවා.
හැබැයි ලියුම්කරුට දැනගන්නට ලැබී තිබෙන ආකාරයට කිසිදු ජනාධිපතිවරයෙක් එකී අදාළ අධ්‍යාපන නව ප්‍රතිසංස්කරණ කාලීනව සකස් කරන සැලසුම් මනාව කියවා අධ්‍යයනය කර සිය අත්සන ඉදිරිපත් කිරීමේ සමාජ භාවිතයක් පරිසරයක් නැහැ.
මේක සැග’විලා තියෙන දෙයක්.
අධ්‍යාපනය ඉතාම වැදගත් කරුණක්.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අවශ්‍ය පසුබිම දැන් නැවතත් ඇවිල්ල තිබෙනවා.
2023 මැයි මාසයේ ඉඳලා නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න තිබුණා.
ජනාධිපතිවරයා යටතේ තිබුණු අධ්‍යාපන කොමිෂන් සභාව මෑතක සිට ජනාධිපතිවරයාගෙන් ගලවා අධ්‍යාපන අමාත්‍යංශයට යොමුකරගෙන තිබෙනවා.
මෙතෙක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති සැලසුම් සකස් කිරීමේදී හිටපු ජනාධිපතිවරුන්ගේ ඍජු මැදිහත් වීම සිදු නොවූ නිසා බොහෝ විට සිදුවන්නේ අධ්‍යාපන කොමිෂන් සභාව වෙහෙස කර මහන්සිවී ගොඩනගන ප්‍රතිපත්තීන්වලින් කිහිපයක් එකතු කරගෙන අධ්‍යාපන අමාත්‍යංශයත් ජාතික අධ්‍යාපන ආයතනයත් සිය නව ප්‍රතිපත්ති දිගු කිරීමේ මෙහෙවරක් ගෙවී ගිය කාලය තුළ දකින්නට ලැබුණා.
මේ අවශ්‍ය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති අධ්‍යාපන කොමිෂන් සභාව සකස් කරල ඒ රාමුව ජනාධිපතිවරයාට මේ වන විට ඉදිරිපත් කරල කාලයක් ගත වෙනවා.
සාමාන්‍ය අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපන වෘත්තීය පුහුණු අධ්‍යාපනය ආදීසියලු‍ අංශයන් මෙවර ප්‍රතිසංස්කරණයන් යටතේ ගොනු වී තිබෙනවා.
ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පත් කළ කැබිනට් අනු කමිටුවකින් මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව විශ්ලේෂණය කරල තීරණයක් දෙන්න අවශ්‍යයි.
නමුත් ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට තාවකාලිකව අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විට නතර කරල තියෙනවා.
ප්‍රතිපත්ති රාමුව වෙනස් වුණු රටක වෙනස් විය හැකි බොහෝ දේවල් වෙනස්වීමට හා සමාජයේ යම්කිසි විප්ලවීය පෙරළියක් හෝ එහෙමත් නැත්නම් අයුතු සමාජීය සංස්කෘතියකට ප්‍රජාව තල්ලු‍ වෙන්නත් පුළුවන්.
ඒ නිසා අධ්‍යාපනයේ වටිනාකම කුමක්ද කියලා අපි පළමුවෙන් තේරුම්ගත යුතුයි.
රටක සංවර්ධනය, සමෘද්ධිය හා මානව ජීවිතයේ ප්‍රගතිය නිර්මාණය කරන්නේ යම් රටක අධ්‍යාපනයයි.
නිර්මාණ පුරවැසියන් බිහි කරන්නේ රටක යහපත් අධ්‍යාපනයක්.
පෙරදිග මෙන්ම අපරදිග මුතු නොව මැදපෙරදිග රටවල පවා ඉතිහාසය ගවේශනය කිරීමේදී ලෝක සියලු‍ රටවල්වල සැබැවින් යථාර්ථයන් මනාව අධ්‍යයනය කිරීමෙන් ඒ බව මැනවින් පසක් වෙන සුළුයි.
යම් රටක රජු තමාගේ දේශයේ පිදුම් ලබනවා.
ශාස්ත්‍රවන්තයා මුළු ලොවින්ම පිදුම් ලබන බව දාර්ශනිකයින්ගේ මතයක්.
රටක් මනාව පාලනය කිරීමට නම් අධ්‍යාපනය ඒ රටෙන් ඉවත් කළ යුතු යැයි පාදඩ දේශපාලනය තුළ ගොනු වී ඇති මතයක්.
ඈත කාලයක සිට ඒ බව මේ රට තුළ තහවුරු වී තිබෙනවා.
ඒ නිසා ලාංකික පුරවැසියාගේ මිනිස් චින්තනය හා ක්‍රියාකාරිත්වය පිළිබඳව ප්‍රබල ගැටලු‍ අප සතුයි.
එහිදී රටක පාලකයින් තෝරාගැනීමේදී පුරවැසියන් දක්වන බයාදු ස්වරූපය හා මිනිසුන්ගේ ගැහැණුන්ගේ දේශපාලන ශාස්ත්‍රා ඥානය තුළින් ඒ බව සනාථ වෙන සුලු‍යි.
නිර්මාණකරුවා, දාර්ශනිකයා, චින්තකයා, පර්යේෂකයා, සමාජ විද්‍යාඥායා හා වෙනත් විවිධ පැතිවලින් ඉංජිනේරුවන් කාර්මික ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් සමාජ ආර්ථික සංස්කෘතික සියලු‍ම සමාජ පද්ධතිය ගොඩනැගෙන්නේ රටක මනා අධ්‍යාපනික පරිසරයක් තුළයි.
නමුත් එහෙයියන්ගේ වැඩිහිටි පරම්පරාවේ වැරදි ආදර්ශ හේතුකොටගෙන බාල පරම්පරාව අතර පැතිර යන සම්ප්‍රදායික වැඩවසම් අධ්‍යාපන රටාව තවදුරටත් ලාංකික පුරවැසියන් ගෙන යන්නේ කොහාටද?
අධ්‍යාපන නිර්මාණී රටාවක් අධ්‍යාපන විචාර සංස්කෘතියක් අපට පේනදුරකට තවමත් නැහැ.
තවදුරටත් නිෂ්ප්‍රයෝජන යැයි පවසන සුළු වගකීම් පැහැර හරින පුරවැසියන් දිනෙන් දින රාජ්‍ය ආයතනවල බිහි වන්නේ එවැනි වටපිටාවක් තුළයි.
ඒ නිසා ලංකාවේ අනාගත පරම්පරාව බිහිසුණු අගාධකට තල්ලු‍ වෙමින් තියෙනවා.
පෞරාණික ඥානය වනපොත් කරමින් ඉතිහාසයට ආවඩවමින් වැඩවසම් ක්‍රමය පිළිබඳ උගන්වමින් ගොඩනැගෙන අධ්‍යාපනයට වඩා නව ලෝකය කාලීනව දකින අධ්‍යාපන රටාවක් අද ශ්‍රී ලංකාවට අවශ්‍ය වී තිබෙනවා.
ඒ බව සනාථ කරන සුළු යම් රටාවක් ගොඩනැගී තිබෙනවා නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ.
නමුත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මතු නොවන්නට සියලු‍ මාවත් අවහිර වෙලා තියෙනවා.
එය අවුල් සහගත තත්ත්වයක්.
අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ තිබෙන වෙනස්කම් 21 වන සියවසට ගැලපෙන හතරවන කාර්මික විප්ලවයට මුහුණ දිය හැකි දේශීය ආර්ථිකයකට සහ ප්‍රාදේශීය සංවර්ධනය ක්‍රියාශීලීව දායක විය හැකි දරුවෙක් හැදීම ඉතාම කාලීන අවශ්‍යතාවයක්.
ශිෂ්‍යයින්ට ඇගයිම් ලකුණු ලබාදෙන්න ප්‍රශ්නපත්‍රයකට ලබාදෙන පිළිතුරු අනුව නමුත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී සම්ප්‍රදායික ප්‍රශ්නවත්‍රවලට ලැබෙන ලකුණු ප්‍රමාණය 30%ක් පමණයි.
එය හුදෙක් න්‍යායාත්මකව ලැබෙන තක්සේරු කිරීමක්.
අනෙක් සියලු‍ ලකුණු ලැබෙන්නේ සිසුන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට.
ඒ ලකුණු දීමේ පූර්ණ බලතල ලැබෙන්නේ ගුරුවරුන්ට.
නමුත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මේ වෙනස්කම ඉතාම හොඳයි.
නමුත් ලබැඳියාවන් තුළ ගුරුවරුන්ගේ භූමිකාව කොතෙක් දුරට සංයුක්ත වේද යන්න ගැටලු‍ සහගත තත්ත්වයක්.
ඒ නිසා ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුමන මාවතකට ඉදිරි කාලයේදී යැයිද?
මේ වන විටත් ලංකාවේ අධ්‍යාපනය සඳහා ගුරු භූමිකාව යම් දුරකට රාජකාරියක් බවට පත් වී හමාරයි.
මේ රාජකාරිය මනාව ගුරුවරුන්ගෙන් රාජ්‍ය පාසල්වල සිදුවන්නේ නැති නිසා බොහෝ විට ලංකාවේ බහුතරයක් ශිෂ්‍ය පිරිස ටියුෂන් මාෆියාවට ගොදුරු වී තිබෙනවා.
නමුත් ටියුෂන් මාෆියාව පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය යම් චක්‍රලේඛයක් නිකුත් කරල තියෙනවා.
ඒ චක්‍රලේඛකය මනාව රට තුළ ක්‍රියාත්මක නොවීම ගැටලු‍ සහගතයි.
ඒ පිළිබඳව අපි පසුවට විවරණය කිරීමේ ඉලක්කය තබාගෙන ලංකාවේ ගුරුවරුන්ගේ ගුරු භූමිකාව පිළිබඳව සැක හිතෙන සුළු දේවල් තිබෙනවාද නැද්ද යන්න තේරුම්ගැනීම වැදගත්.
රජයේ විභාගවලට මුහුණ දෙනකම් පාසල් විභාගවල ලකුණු දුන්නේ පසුගිය කාලය තුළම ගුරුවරුන්.
එතැනින් සිසුන්ට අසාධාරණයක් වෙන්න පුළුවන්ද නැද්ද කියන්න තේරුම්ගැනීමට බැරි තත්ත්වයක් දැනට තිබෙනවා.
හැමදාම සිසුන් මොනතරම් වැඩ කළත් විභාගයට තමයි ලකුණු දුන්නේ.
ඒ වසර පුරා ඉගෙන ගත් දේවල් පැය කීපයකින් ලියන න්‍යායත්මක ක්‍රමයක්.
නමුත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලංකාවේ අධ්‍යාපනය යම් පරිවර්තනයකට ලක් වන සුළු තත්ත්වයක් දැනට පෙනෙනවා.
ශිෂ්‍යයාගේ ක්‍රියාකාරකම්වලට ලැබෙන ලකුණු 70 වම පාසලේ වටපිටාව අරඹයා ගොඩනැගෙනවා.
ශිෂ්‍යාගේ බාහිර ක්‍රියාකාරකම්වලට ළමයා කොතෙක්දුරට සම්බන්ධ වෙනවාද යන්න පාසල් පද්ධතිය තුළ විමසිලිමත් වීම ඉන් එක් කරුණක්.
නියමිත වෙලාවට දරුවා පාසලට එනවාද?
කණ්ඩායම් වැඩවලට සහයෝගය දෙනවාද?
සියලු දේ පාසලේ විදුහල්පති ගුරුවරුන් දෛනිකව නිරීක්ෂණය කරන සැලැස්මක් ඉදිරි කාලයේදී සැලසුම් වෙන්න නියමිතයි.
විභාගයකදී එවැනි කාරණා ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් දැනට නැහැ.
මේ අලුත් ක්‍රමවේදය යටතේ ශිෂ්‍යයන් සම්බන්ධව සියලු කාරණාවලට ලකුණු ලැබෙනවා.
ඒ නිසා ඉදිරි කාලයේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ දරුවාගේ පෞරුෂය වර්ධනය කරන ප්‍රායෝගික
යථාර්ථවාදී පුරවැසියකු බිහි කිරීමේ ප්‍රවේශ සහගත අධ්‍යාපන රටාවක් ගොඩනැගෙන්න ඉඩකඩ වැඩියි.
මූලික අධ්‍යාපන ක්‍රමවේදයක් ලංකාවට නොතිබීම නිසා නිසි අධ්‍යාපන ක්‍රමයක් මේ වන තුරු රට තුළ ගොඩනැගීමට අවකාශය ලැබුනෙ නැහැ.
ඒ නිසා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට මේ මොහොත වන විට තාවකාලිකව නතර කිරීමත් ඇත්තටම ගැටලු සහගතයි.
රජය බොහෝ වෙලාවට සියලුම කරුණු සඳහා මුදල් නැති කම ඉදිරියට දමනවා.
නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය මුදල් සම්බන්ධයෙන් හෝ වෙනත් කාරණයක් සම්බන්ධයෙන් ගැටලුවක් නැති බව ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රකාශ කරනවා.
නමුත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව විශ්ලේෂණය කිරීම ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් මේ වන විට සිදු වෙනවද යන ගැටලුව අප තුළ සැක සහිතයි.
ලංකාවේ පාසල් 108ක් තෝරාගෙන නියමු ව්‍යාපෘතියක් විදියට මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරල තිබුණ.
ජනාධිපතිවරයා විසින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව විශ්ලේෂණය කර ඒ සඳහා මනා උනන්දුවකින් ක්‍රියා කරයිද යන ගැටලුවක් ද උද්ගත වෙලා තියෙනවා.
කොහොම වෙතත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට දේශපාලනික හෝ නිලධාරිවාදි බලපෑම් යම් දුරකට තිබෙනවද යන්න ඉදිරි ලේඛනවලින් විශ්ලේෂණාත්මකව කරුණු ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
අධ්‍යාපන අමාත්‍යංශය මෙහිදී ප්‍රකාශ කරන්නේ කිසිම දේශපාලන බලපෑමක් නැහැ කියල.
ඇත්තටම අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් හදන එක යහපත් දෙයක්.
අධ්‍යාපන ක්‍රමවේදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා ඊට අදාළ සංයුක්ත මණ්ඩල අධ්‍යාපන ඇමතිවරයා මේ සඳහා දක්වන සැලකිල්ල ගැන උගත් ප්‍රජාව අවබෝධයෙන් සිටිය යුතුයි.
දියුණු රටවල අධ්‍යාපනයේදී භාවිතා වන ක්‍රමවේදය එක්ක බැලුවම අපේ රටේ ඒ ආසන්නවයටවත් ගිහිල්ල නැති තරම්.
ඒ නිසා වැඩවසම් සම්ප්‍රදායික ආකල්ප මත යැපෙන අධ්‍යාපන රටාවක් අපට උරුම වෙලා තියෙනවා.
මේ ගැන නැවත නැවත විස්තර සොයා කරුණු දැක්වීම ඉතාම වැදගත්.
ඒ වැදගත් බව තහවුරු කර ගැනීමට නම් උගත් ප්‍රජාව සියලු දෙනාම ඒ ගැන සොයා බැලිය යුතුයි.
අධ්‍යාපනය යන්නෙන් අදහස් වන්නේ ලස්සන දෙයක්ද?
අධ්‍යාපනය පිළිබඳව යම් විචාරයක් කරන්න යැයි යමෙකුට කිව්වොත් නැත්නම් ඒ ගැන සිය දෙනකුට කිව්වොත් ලැබෙන පිළිතුරු සීයක් වෙන්න පුළුවන්.
අධ්‍යාපනය කෙනෙකුට විචාරාත්මක වෙන්න පුළුවන්.
තව කෙනෙකුට කිසිම විචාරයක් නැති හුඹස් තත්ත්වයක් වෙන්න පුළුවන්.
ලෝකයේ සියලුම සංකල්ප වස්තුූන් හා දේවල් සම්බන්ධයෙන් එක්තැන් වෙන්නේ අධ්‍යාපනය නැමති සැබෑව මතයි.
කෙනෙකු තමා අසන දකින දේ එක් ආකායකින් විග්‍රහ කරන අතර තවත් අයෙක් එයම වෙනස් ආකාරයකින් විග්‍රහ කරන්න පුළුවන්.
ලෝකය යනු අර්ථකතන රාශියක්.
ඒ අර්ථකතනය දිගින් දිගටම සංවර්ධනය වන්නේ අධ්‍යාපනය තුළින්.
ඊට සැබවින්ම ඒ සඳහා අවශ්‍ය මනා පරාසයක් ගොඩනැගිය යුතුයි.
නිශ්චිත පරම යුක්ති සහගත අධ්‍යාපනයක් තුළින් සත්‍යය මතුවිය යුතුයි.
ලෝකයේ සැබවින්ම ඇත්තේ අර්ථකතන ගොනු සමඟ විචාරාත්මකව දැකීමේ කලාවක්.
තම ණැන පමණින් විවිධ දෑ අධ්‍යානයේ පරාසය තුළ ඔහු හෝ ඇය විග්‍රහ කර ගන්නවා.
ඒ නිසා ඒ අර්ථකතන කෝටි ප්‍රකෝටි ගණනාවකින් උපදින බීජවල ඇත්තේ කුමක්ද?
යහපත් හෙට දවසක්.
ලොව පවතින්නේ අර්ථකතන පමණක් නොවේ.
පීඩනයත් ඒ තුළින් ජයගත යුතු ආකාරයත් අවශ්‍යයි.
නමුත් අපේ අධ්‍යාපනය තුළ ගුණ ගායනා කරන සොම්නසක් ඇති කරගන්නා අධ්‍යාපන රටාවක් අන්තර්ගතයි.
ඒ නිසා දන්දීම එහෙමත් නැත්නම් අනුන්ගේ ගුණ ගායනා කිරීම අනුන්ගේ දේපළ තමන් සතු කරගන්නට සිතෙන උත්සාහයන් අප සමාජය තුළ විවිධ ආකාරයෙන් දෛනිකව ජනමාධ්‍ය තුළින් දකින්නට ලැබෙනවා.
එසේ සිදු වන්නේ හොඳ අධ්‍යාපන රටාවක් නැතිකම නිසයි.
ලංකාවේ පූජ්‍ය පක්ෂය සිය යුතුකම වගකීම සැලකිය යුතු සාධක සහිතව ඉටු කරන්න අසමත් වීමේ ප්‍රතිඵලය ලංකාවේ බොහෝ පුරවැසියන් දුරාචාරය සමඟ ආත්මගත වීමයි.
ඊට දේශපාලනික සාධකත් හේතු සාධක වෙනවා.
අධ්‍යාපනය පුළුල්ව සංකීර්ණ ලෙස දියත් නොවීම නිසා ඇති කරන හොඳ වෙනුවට නරක ප්‍රතිඵල දිනෙන් දින දක්නට ලැබෙනවා.
ඒ නිසා එය දිගුකාලීන ගැටලු සහගත තත්ත්වයන් මතු කර තිබෙනවා.
මේ ගැන වඩාත් පැහැදිලි කරන්න ලංකාවේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ තුළින් ඊට අදාළ සංකල්පවලින් අපට තේරුම්ගන්න පුළුවන්.
සයිමන් නවගත්තේගම මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව තුළ තිබෙන මේ ඡේද ටික අප කියවා බලමු.
“මොන විදියෙන් සැරසිලා සිටියත් මොන සුවඳවිලවුල් මුහුණේ තවරාගෙන සිටියත් හැම ගැහැනියකුගේම හැම මිනිසෙකුගේම මුහුණක් දිහා බලපුවහම එකපාරටම පේන දෙයක් තමා ඒ හැම මූණකම මහ හිස්කමක් ගෑවිලා තියෙන බව. අපි මේ සේරම කරන්නේ මේ හිස්කම වහගන්න තේරුණාද? මහත්මයා පොත්පත් බලනව ඇති ඉගෙන ගන්නව ඇති තව කෙනෙක් ආගම ධර්මය ඉගෙන ගන්නව. සිල් ගන්නවා. තව කෙනෙක් සිනමා බලන්න යනවා. තව කෙනෙක් ගණිකා මඩුවේ පැය 24ම ගෙවනවා. මම බෝතලය තුරුළු කරන් දවස් ගත කරනවා. අපි සියලු දෙනාම සියල්ලම කරන්නේ අර හිස් බව වසාගන්න. ඒ හින්ද සිල් රකින කෙනෙකුත් මාත් අතර පරමාර්ථ වශයෙන් කිසිම වෙනෙසක් නැහැ නේද මහත්මයා හිං…. හිං…. හිං…. සිනාසෙමින් ඔහු බෝතලය කම්මුලට තබා තද කළේය. තව උගුරක් බිව්වේය.”
සයිමන් නවගත්තේගම සිය කෘතිය තුළ නුවර වැව අසල රාත්‍රියේදී තමන්ට හමුවන බේබදු පුද්ගලයෙකුගේ මුවට සයිමන් නවගත්තේගම නංවන යථෝක්ත වදන් තුළින් කියැවෙන්නේ කුමක්ද?
එක් එක් මිනිසුන් තමන් වටා ස්ථාපිත වූ සංකල්ප මත ජීවත්වන ආකාරය නොවේද?
පරමාර්ථ වශයෙන් ඒවා අතර වෙනසක් නොමැති ආකාරය පිළිබඳව නොවේද?
සයිමන් සියලුම මිනිසුන්ගේ මුහුණු තුළ දකින සාරය නම් හිස් බවයි. ශුන්‍යයි.
මිනිසුන් සියලු කටයුතුවල යෙදෙන්නේ තමන් වටා ඇති තමා ගිලී ඇති හිස් බව වසා ගැනීමට බව ඔහු ප්‍රකාශ කරනවා.
ඒ අනුව එක් එක් අය එක් එක් දේ කරත් ඒවායේ මූලික පරමාර්ථය හිස් බව වසා ගැනීම පමණයි.
මේ උපුටා ගැනීම දැක්වූයේ ලංකාවේ අධ්‍යාපනයේ හිස් බව ඇතඹුලක් සේ පෙන්වීමට එක් උපමාවක් පමණි.
මේ පිළිබඳ වැඩි විස්තර තවදුරටත් බලාපොරොත්තු වන්න.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න