11 කොටස
2012 දෙසැම්බර් 06 වැනි බ්‍රහස්පතින්දා
පැමිණ සිටි අය
ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා (සභාපති)
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
ගරු ඩිලාන් පෙරේරා මහතා
ගරු විමල් වීරවංශ මහතා
ගරු නියෝමාල් පෙරේරා මහතා
ගරු ජෝන් අමරතුංග මහතා
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ගරු විජිත හේරත් මහතා
ගරු රාජවරොදියම් සම්පන්දන් මහතා
පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ කාරක සභාවේ ලේකම්, ධම්මික දසනායක මහතා,
කේ. ඒ. රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම්

  1. කල් තැබීමෙන් අනතුරුව කාරක සභාව රැස්විය. කාරක සභාවේ සභාපති ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා මුලසුන ගත්තේය.
  2. 2012 දෙසැම්බර් 08 සිට 2013 ජනාවරි 08 දක්වා තමන්ගේ සේවය ලබාදිය නොහැකි බව දන්වමින් ගරු රාජවෝදියම් සම්පන්දන් මහතා, ගරු ජෝන් අමරතුංග මහතා. ගැ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ ගරු විජිත හේරත් මහතා ගරු කථානායකතුමාට ලිපියක් ඉදිරිපත් කර ඇති බව එකී මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ. ගරු කථානායකතුමා කාරක සභාවේ සභාපතිවරයා සමග එකඟතාවයෙන් මෙම කාලය තුළ රැස්වීම් නොපැවැත්වීමට කටයුතු කරන ලෙස එම ලිපියෙන් යෝජනා කරන ලද බව එම මන්ත්‍රීවරු සඳහන් කළහ.
    2012 දෙසැම්බර් 05 රැස්වීමේදී තීරණය කළ ආකාරයට 2012 දෙසැම්බර් මස දී හැකි තරම් වාර ගණනක් කාරක සභාවේ රැස්වීම් පැවැත්වීමටද ඉන්පසු පාර්ලිමේන්තුව වෙතින් කාලය දීර්ඝ කිරීමට ඉල්ලා සිටින බව ද සභාපතිතුමා සඳහන් කළේය.
  3. පෙරදිනයේදී මන්ත්‍රීවරුන් අතර බෙදා දුන් ලේඛන පහත සඳහන් පරිදි සුචිගත කර ඇති බව කාක සභාවේ ලෙකම් දැනුම් දුන්නේය.
    (අ) ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩානායක මහත්මියගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය X1-(1) සිට X2-1(12) දක්වා ප්‍රකාශන ඇතුළත් වේ. (ආ) ජාතික සංවර්ධන බැංකුවේ බැංකු ප්‍රකාශන X2 ලෙස X2-1(1) සිට X2-1(24) දක්වා ප්‍රකාශන ඇතුළත් වේ.
    (ඇ) ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ බැංකු ප්‍රකාශ X2-2(1) ලෙස
    (ඇ) මහජන බැකංුවේ බැංකු ප්‍රකාශ X2-3(1)
    (ඉ) ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලේඛන X3-1 සිට X3-4 ලෙස
    (ඊ) සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරි ලේඛන X4-1
    (උ) නඩු වාර්තා X5 සහ X5-2
    (ඌ) අධිකරණ සේවා කොමිසමෙන් ලබාගත් ලේඛන X6-1 සිට X6-11 ලෙස
    (එ) ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ලේඛන X7-1 ලෙස
    (ඒ) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ගත් ලේඛන X8-1 ලෙස
    (ක) මාධ්‍ය ආයතනවලින් ලබාගත් ලේඛන X9-1 ලෙස
    (ග) ටි්‍රලියම් රෙසිඩන්සිස් ලිමිටඩ්වලින් ලබාගත් ලේඛන X10-1 සිට ඞX10-15 ලෙස
  4. 2012 දෙසැම්බර් 04 පැවැත්වූ රැස්වීමේ කාර්ය සටහන් කියවන ලදී.
    කාර්ය සටහන් හි 5 වන විෂය පිළිබඳ සඳහන් කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා “සමහර චෝදනාවන්හි නීතිපතිවරයාට පාර්ශ්වයක් වී ඇත” යනුවෙන් තමා කළ ප්‍රකාශය මෙම කාර්ය සටහන්වල අන්තර්ගත වී නොමැති බව සඳහන් කළේය.
    ඒ අනුව කාර්ය සටහන් සංශෝධනය කරන ලෙස සභාපතිතුමා ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.
    කාර්ය සටහන් සංශෝධිත ආකාරයෙන් සම්මත විය.
  5. ගරු (ආචාර්ය) ශිරානි බණ්ඩාරනායක මහත්මියව පහත සඳහන් නීති උපදේශකයන් සමග කාරක සභාව කැඳවන ලදී.
    ජේ. රොමේෂ් ද සිල්වා මහතා, ජනාධිපති නීතිඥ
    ජනාධිපති නීතිඥ නලීන් ලද්දුහෙට්ටි මහතා, ජනාධිපති නීතිඥ
    සාලිය කේ. එම්. පීරිස් මහතා, ජනාධිපති නීතිඥ
    සුගත් කල්දේරා මහතා, නීතිඥ
    රියාස් අමින් මහතා, නීතිඥ
    කන්දයියා නීලකන්දන් මහතා, නීතිඥ
    ඉරාජ් ද සිල්වා මහතා, නීතිඥ
    සරවනන් නීලකන්දන් මහතා, නීතිඥ
  6. පක්ෂාග්‍රාහීත්වය සම්බන්ධ ගැටලු‍ව සම්බන්ධයෙන් අග්‍රවිනිශ්චයකාරතුමියගේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම කාරක සභාව ප්‍රතික්ෂේප කළ බව සඳහන් කළ සභාපතිවරයා තම තීරණය පහත සඳහන් පරිදි ප්‍රකාශ කළේය.
    සාධාරණ ලෙස ක්‍රියා කිරීමට ඇති බැඳීම අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් සිය බලය ක්‍රියාවෙහි යෙදවිය යුතු බවත්, එසේ කිරීමේදී සාමාජිකයින් පක්ෂාපතී බවින් තොර බවට සහතික කරගැනීම වැදගත් බවත් පෙන්වා දෙමින් විත්තියේ උගත් නීතිඥවරයා විසින් කරුණු ඉදිරිපත් කරන ලදී. කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙකු, එනම් ගරු විමල් වීරවංශ මහතා සහ ගරු ඩිලාන් පෙරේරා මහතා ඉන් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව පුද්ගලිකව උනන්දුවක් දක්වන අතර එම නිසා “පක්ෂපාතී බවට” එරෙහිව ඇති රීතිය උල්ලංඝනය වන හෙයින් ඔවුන් සිය අධිකාරි බලය පාවිච්චි කිරීම නුසුදුසු බවටද පෙන්වා දෙන ලදී.
    යෝජනාවෙහි දක්වා ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර, සිය නිගමන සහ සොයාගත් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීම සඳහා මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට බලය පවරා ඇති බව ආරම්භයේ සිටම සිත්හි තබාගත යුතු කරුණකි. සම්මත ක්‍රියාදාමය අනුගමනය කරමින්, යෝජනාවෙහි දක්වා ඇති පරිදි චෝදනාවල පිටපතක් කාරක සභාව විසින් වගඋත්තරකරු වෙත යවා ඇත.
    ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට කාරක සභාව ඉදිරියේ පෙනී සිටීමට සහ වාචිකව කරුණු ඉදිරිපත් කිරීමට වගඋත්තරකරු හට අවස්ථාව ලබාදී ඇත. විමර්ශනය අවසානයේදී කාරක සභාව විසින් අනාවරනය කරගත් කරුණු පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන අතර, පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කිරීමට සුදුසු යැයි එය විසින් සලකන වෙන යම් කාරණා පිළිබඳව ද වාර්තා කරනු ඇත.
    එසේ හෙයින් එකී වාර්තාව සහ එහි නිර්දේශ සම්බන්ධනේ ගත යුතු ක්‍රියාමාර්ග (එවැන්නක් ඇත්නම්) කවරේද යන්න පිළිබඳ අවසාන තීරණය, පාර්ලිමේන්තුව විසින් සුදුසු යැයි තීරණය කරනු ලබන ආකාරයට එකී නිර්දේශ සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් තීරණයකට එළැඹීම මත පමණක් රඳා පවතී. වෙනත් වචනවලින් කිවහොත්, මෙම කාරණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට එළැඹය යුතු ආකාරය තීරණය කිරීම මුළුමනින්ම පාර්ලිමේන්තුවට අදාළ කරුණකි.
    මෙකී කරුණු පසුබිම් කොට ගෙන, “යුක්තිය ඉටු කරනවා පමණක් නොව, එය ඉටු කරනු ලබන බව පෙනී යා යුතුය.” යන සංකල්පය මත පදනම්ව නීතිඥවරයා විසින් සිදු කරන ලද පක්ෂග්‍රාහීත්වය හා සම්බන්ධ කරුණු දැක්වීම පිළිබඳව සලකා බැලීමට අපි කටයුතු කරමු.
    ව්‍යවස්ථාදායකය තුළ දක්නට ලැබෙන දේශපාලනික මතයන්හි හරස්කඩයක් නිරූපණය කරනු ලබන මෙම කාරක සභාව තුළ සාමාජිකයන් දස දෙනෙකු සිටින බව අවධානයට ගත යුතුය. සියලු‍ දෙනා විසින් හැමවිටම රැකගනු ලබන, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යන ධර්මතාවය තුළ මනා ලෙස ගැලපෙන පුළුල් වූ දේශපාලන අදහස් පරාසයක් හරහා ව්‍යාප්ත වී ඇති ඔවුන්ගේ දේශපාලන මතවාදයන් මගින් වගඋත්තරකාරිය හට තම කරුණු දැක්වීම සඳහා සාධාරණ ඉඩ ප්‍රස්ථාවක් සමාන ඉඩ ප්‍රස්ථා ඇති තත්ත්වයක් සහතික කරනු ලැබේ.
    “පක්ෂග්‍රාහීත්වයට එරෙහි රීතිය” සම්බන්ධයෙන් වන විශේෂ මත සලකා බැලීමේදී, පක්ෂග්‍රාහීත්වය ඇතිවීම හා සම්බන්ධයෙන් සලකා බැලිය යුතු නඩු ප්‍රභේද තුනක් පවතින බව පෙනී යයි.
    පළමු ප්‍රභේදය සැබෑ පක්ෂග්‍රාහිත්වය සහිත නඩු වන අතර, මෙකී නඩු ඉතා විරල වනවා සේම සැබෑ පක්ෂ ග්‍රාහීත්වය මගින් අපවිත්‍ර වූ තීන්දුවක් වලංගු වන්නේ ද නැත. කෙනෙකු අප ඉදිරියෙහි ඇති නඩුව සලකා බැලුවේ නම් එය සැබෑ පක්ෂග්‍රාහීත්වය සහිත නඩු හා සමාන වීමක් හෝ එසේ වන බවට ආසන්න වශයෙන් ඇඟවීමක් හෝ නොකරන බව අප විසින් කරුණු සලකා බලා එළඹි මතයයි. අප ඉදිරියෙහි ඇති කාරණාව වන්නේ පක්ෂග්‍රාහීත්වය පිළිබඳ වූ පහසුවෙන් බිඳ හෙළිය හැකි, ශුන්‍ය, නිරවද ්‍යතාව ඔප්පු කළ නොහැකි, ස්වභාවික ලෙස පැවතීමට ඉතා අපහසු, නිර්ථක ආකාරයේ පැමිණිල්ලකි. මෙම පැමිණිල්ලෙහි ස්වභාවය වන්නේ වගඋත්තරකාරියගේ දේශපාලන සබැඳියාව හා අනුගත නොවන දේශපාලන සබැඳියාවක් සහිත, සභාව නියෝජනය කරන සෑම මන්ත්‍රීවරියකට හා මන්ත්‍රීවරයකුටම පක්ෂග්‍රාහී වීමේ වරද ආරෝපණය කළ හැකි වීමයි.
    දෙවන නඩු ප්‍රභේදය වන්නේ තීරණ ගන්නා පුද්ගලයාට ඍජු මූල්‍යමය ප්‍රතිලාභයක් සහිත වන නඩු වන අතර ඒවායේ ස්වරූපය කෙබඳුද යත් එමගින් කාරක සභාව කෙරෙහි ඇති මහජන විශ්වාසය බිඳ වැටීමට ලක්වේ. අප ඉදිරියෙහි ඇති කාරණය සම්බන්ධයෙන් ගත්විට කිසිදු සාමාජිකයකු කුමන ආකාරයක හෝ මූල්‍යමය ප්‍රතිලාභයක් ලබාගැනීමට උත්සාහ කිරීමක් පිළිබඳව පැමිණිල්ල මගින් සඳහන් කිරීමක් හෝ ඇඟවීමක් සිදු නොකරන හෙයින් මෙම නඩු ප්‍රභේදය සමග සසඳා බලා පක්ෂග්‍රාහී වීම පිළිබඳ විශ්වාසනීය පැමිණිල්ලක් පැන නැගීම සිදු නොවීම හේතු කොටගෙන මෙම කාරණය සම්බන්ධයෙන් අප විසින් තවදුරටත් සිතා බැලීම අවශ්‍ය නොවේ.
    තුන්වන නඩු ප්‍රභේදය වන්නේ පක්ෂග්‍රාහීත්වය පිළිබඳ පූර්ව නිගමනයකට එළඹීම සඳහා හේතු පාදක වන සැබෑ පක්ෂග්‍රාහීත්වයක් හෝ ඍජු මූල්‍යමය ප්‍රතිලාභ නොමැති නඩුය.
    පක්ෂග්‍රාහීත්වය ඇති බව පෙනී යන බවට කරුණු දක්වා තිබුණ ද පවතින කරුණු සම්බන්ධයෙන් නීතිඥවරයා විසින් සිදු කරන ලද කරුණු දැක්වීම සලකා බලා එලෙස ඇතැයි කියනු ලබන පක්ෂග්‍රාහීත්වය මගින් අයුක්තියක් සිදු කිරීමට හැකියාව ඇති බවට වූ සැකයක් නොමැති වගට කාරක සභාවට සෑහීමකට පත්වීමට හැකි නම්, පක්ෂග්‍රාහී වීම යන පදනම මත අභියෝගයකට ලක් කරන ලද පත්කිරීමට හා අදාළ විරෝධතාවය පිළිනොගත යුතුය යන්න අපගේ අදහසයි.
    දැනට පවතින අදාළ සියලුම කරුණු විමර්ශනය කොට, විමර්ශන ක්‍රියාවලියේදී ඇතැයි කියනු ලබන පක්ෂග්‍රාහීත්වය මගින් වගඋත්තරකාරිය හට කිසියම් අගතියක් ඇති කිරීමේ හෝ අයුක්තියක් සිදු කිරීමේ සැකයක් දැනට නොමැති බවට කාරක සභාවට පත් විය හැකි හෙයින් නම් කරන ලද කාරක සභා සාමාජිකයින් දෙදෙනා විමර්ශනයට සහභාගි නොවිය යුතු බවට සෑහීමකට පත් විය හැකි ලෙසින් පක්ෂග්‍රාහිත්වය ඇති බව පෙනී යන බවට වූ කරුනු දැක්වීම සිදුකර නොමැත යන්න ද අපගේ අදහස වේ.
    පක්ෂපාතීත්වය පිළිබඳ සැබෑ අවදානමක් පෙන්නුම් කිරීමට කරුණු නොමැති බව තවදුරටත් අපගේ අදහස වෙයි.
    යම් සුවිශේෂි ආකාරයකට ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුව විසින් සිය මන්ත්‍රීවරුන්ට බලය පවරා ඇති අප කාරක සභාව වැන්නකදී, අප වෙත පවරා දී ඇති බලතල ප්‍රකාරව කටයුතු කිරීමක් බියකින් හෝ පක්ෂපාතීත්වයකින් තොරව වගකීම ඉටු කිරීමත් අවශ්‍ය වේ. පක්ෂපාතීත්වය පෙන්නුම් කළ හැකි සාක්ෂියකින් හෝ පක්ෂපාතිත්වය පිළිබඳ සැබෑ සැකයක් සාක්ෂියකින් තහවුරු නොවී පක්ෂපාතීත්වය පිළිබඳ දුර්වල විරුද්ධත්වයක් මගින් නිෂ්ඵල කිරීම සඳහා පාර්ලිමේන්තු ක්‍රියාදාමය නොවැදගත් ලෙස සැලකීමට යම් අයෙකුට ඉඩ දිය නොහැකි බව සිත්හි තබාගත යුතුය.
    මෙම කාරක සභාව වෙත හුදෙක් බලය පවරා දී ඇත්තේ, කාරක සභාව විසින් අසනු ලබන සාක්ෂි සහ සලකා බලනු ලබන ලේඛන මත විමර්ශනය සිදු කිරීමට සහ වාර්තා කිරීමටය යන කරුණ අපි අවධාරණය කර සිටිමු. එම ඉලක්කය කරා යාමේදී කාරක සභාවේ ක්‍රියා පටිපාටියන් අවශ්‍ය ප්‍රමාණයට වඩා අධිකරණමය ස්වරූපයක් ගැනීම වළකිනු ඇත.
    ඉහත දක්වා ඇති හේතු අනුව, ගරු රාජිත සේනාරත්න මහතා සහ ගරු විමල් වීරවංශ මහතා පත්කිරීම සහ ඔවුන්ගේ සහභාගිත්වය පිළිබඳ මතු වූ විරෝධතා කරුණු නිසිලෙස වටහා නොගෙන සහ අදාළ නොවන ආකාරයෙන් ඉදිරිපත් වී ඇති බවටත් සහ එබැවින් එම කරුණු තහවුරු කළ නොහැකි බවටත් අප විසින් සලකනු ලැබේ. එබැවින් විරෝධතාවය ප්‍රතික්ෂේප කරනු ලැබේ.
    මෙම තීරණයට තමන් එරෙහි බව සඳහන් කළ ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ ගරු විජිත හේරත් මහතා එය සටහන් කරගන්නා ලෙස දැන්වීය.
    ජනාධිපති නීතිඥ ජේ. රොමේෂ් ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව සභාපතිතුමාගේ උපදෙස් මත අවශ්‍ය ලිපි ලේඛන ඉල්ලමින් විවිධ ආයතනවලට යවන ලද ලිපි ලැයිස්තුවක් කාරක සභාවේ ලෙකම්වරයා විසින් කියවා පහත සඳහන් ආකාරයට ලකුණු කරන ලදී.
    ලලිත් වීරතුංග මහතා, අතිගරු ජනාධිපතිතුමාගේ ලේකම් E1
    රසල් ඩී මෙල් මහතා, ප්‍රධාන විධායක නිලධාරි, ජාතික සංවර්ධන බැංකුව E2
    අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති E3
    ජනක රත්නායක මහතා, සභාපති/ප්‍රධාන විධායක නිලධාරි, ට්‍රිලියම් රෙසිඩන්සිස් E4
    ජී. ඒ. එල්. ඩී. ගනේපොල මහතා, ඉඩම් රෙජිස්ට්‍රාර් E5
    ලේකම්, අධිකරණ සේවා කොමිසම E6
    ඩබ්. ඒ. සී. පෙරේරා, පාලක, ආගමන සහ විගමන E7
    සභාපති, තොන්ඩමෝනියම් මැනේජ්මන්ට් එතෝරිටි E8
    එම්. සමරසේකර මහතා, කොමසාරිස් ජනරාල්, දේශීය ආදායම් E9
    සිසිර පරණතන්ත්‍රි මහතා, සංස්කාරක, රිවිර පුවත්පත E10
    සාමාන්‍යාධිකාරි, සම්පත් බැංකුව E11
    සාමාන්‍යාධිකාරි, සෙලාන් බැංකුව E12
    සාමාන්‍යාධිකාරි, ලංකා බැංකුව E13
    සාමාන්‍යාධිකාරි, මහජන බැංකුව E14
    සාමාන්‍යාධිකාරි, හැටන් නැෂනල් බැංකුව E15
    සාමාන්‍යාධිකාරි, ජාතික ඉතිරි කිරීමේ බැංකුව E16
    ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් E17
    ලලිත් වීරතුංග, අතිගරු ජනාධිපතිතුමාගේ ලේකම් E18
    රෙජිස්ට්‍රාර්, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය E19
    ලේකම්, අධිකරණ සේවා කොමිෂන් සභාව E20
    සාමාන්‍යාධිකාරි, සම්පත් බැංකුව E21
    සාමාන්‍යාධිකාරි, ලංකා බැංකුව E22
    සාමාන්‍යාධිකාරි, මහජන බැංකුව E23
    සාමාන්‍යාධිකාරි, හැටන් නැෂනල් බැංකුව E24
    සාමාන්‍යාධිකාරි, ජාතික ඉතිරි කිරීමේ බැංකුව E25
    සාමාන්‍යාධිකාරි, සෙලාන් බැංකුව E26
    සාමාන්‍යාධිකාරි, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව E27
    සාමාන්‍යාධිකාරි, එච්. එස්. බී. සී. E28
    සාමාන්‍යාධිකාරි, රක්ෂණ සංස්ථාව E29
    සාමාන්‍යාධිකාරි, ජනශක්ති රක්ෂණ සමාගම E30
    සාමාන්‍යාධිකාරි, එලයන්ස් ඉන්ෂුවරන්ස් කොම්පැණි E31
    සාමාන්‍යාධිකාරි, ඒසියන් එලයන්ස් ඉන්ෂුවරන්ස් කොම්පැණි E32
    සාමාන්‍යාධිකාරි, අවයිවා එන්. ඩී. බී. ඉන්ෂුවරන්ස් කොම්පැණි E33
    සාමාන්‍යාධිකාරි, සෙලින්කෝ රක්ෂණ සමාගම E34
    සාමාන්‍යාධිකාරි, සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම E35
    සාමාන්‍යාධිකාරි, කොපරේටිව් ඉන්ෂුවරන්ස් සමාගම E36
    සාමාන්‍යාධිකාරි, සී/ස. කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා E37
    සාමාන්‍යාධිකාරි, ලයිෆ ඉන්ෂුවරන්ස් කෝපරේෂන් E38
    සාමාන්‍යාධිකාරි, එල්. ඕ. එල්. සී. ඉන්ෂුවරන්ස් E39
    සාමාන්‍යාධිකාරි, සී/ස. යුනියන් ඇෂුවරන්ස් පී.එල්.සී. E40
    සාමාන්‍යාධිකාරි, සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැණි, පී.එල්.සී. E41
    සාමාන්‍යාධිකාරි, සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැණි, පී.එල්.සී. E42
    එම්. සමරසේකර මිය, කොමසාරිස් ජනරාල්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව E43
    එස්. එම්. හරිස්චන්ද්‍ර මහතා, කොමසාරිස් ජනරාල්, මෝටර් රථ ගමනාගමන E44
    ජී. එල්. ඩී. එස්. ගනේපොල මහතා, ඉඩම් රෙජිස්ට්‍රාර්, ඉඩම් ලියාපදිංචි කිරීමේ E45
    අසංග උඩුවෙල මහතා, මහ කළමනාකරු (මෙහෙයුම්) හැටන් නැෂනල් බැංකුව E46
    කළමනාකරු, සෙලාන් බැංකුව, තිඹිරිගස්යාය ශාඛාව E47
    කළමනාකරු, සෙලාන් බැංකුව, කොටුව ශාඛාව E48
    කළමනාකරු, හැටන් නැෂනල් බැංකුව, ඩාලි පාර ශාඛා කාර්යාලය E49
    කළමනාකරු, ජාතික සංවර්ධන බැංකුව, කොළඹ 07, ශාඛා කාර්යාලය E50
    කළමනාකරු, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, කොළඹ 4 ශාඛා කාර්යාලය E51
    කළමනාකරු, හැටන් නැෂනල් බැංකුව, කිරුළපන ශාඛා කාර්යාලය E52
    දිලු‍කා විතානාච්චි මිය, ඉඩම් රෙජිස්ට්‍රාර්, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, දෙල්කඳ E53
    සාමාන්‍යාධිකාරි, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව E54
    සාමාන්‍යාධිකාරි, ඒ. බී. එන්. ඇම්රෝ බැංකුව E55
    කළමනාකරු, ලංකා බැංකුව, යෝක් වීදිය, ශාඛා කාර්යාලය E56
    කළමනාකරු, ලංකා බැංකුව, තිඹිරිගස්යාය ශාඛා කාර්යාලය E57
    කළමනාකරු, තමහජන බැංකුව, තිඹිරිගස්යාය ශාඛා කාර්යාලය E58
    කළමනාකරු, ලංකා බැංකුව, යෝක් වීදිය ශාඛා කාර්යාලය E59
    ඉහත ලිපිවල පිටපත් නීතිඥවරයා වෙත ලබාදෙන ලදී.

තවත් කොටසක් බලාපොරොත්තු වන්න

පාර්ලිමේන්තුවේ ලේඛන අන්තර්ගතයන් ආශ්‍රයෙන් ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු විසිනි

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න