(ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබ දෙන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවිවාදයක් අවස්ථාවේදී 2021.08.17 දින කථානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර, එකී ඉල්ලීම ඉටු කිරීමට පාර්ලිමේන්තුවට නොහැකි විය. ඒ සම්බන්ධයෙන් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන නීති අධ්‍යයනයක් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ අධිකරණ භාෂාවෙන් ලබා නොදීම හේතුවෙන් සමාජයට, ජනතාවට අයුක්තියක් වී ඇති බවත්, එය කාරණා 6කින් දැක්විය හැකි බවත් නිරීක්ෂණය කර ඇත.) 1. රටේ බහුතර ජනතාවට නීතිය දැන ගැනීමේ අයිතිය අහිමි කර ඇත. 2. දෙමළ ජනතාවට දෙමළ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා ගැනීමට නොහැකි වී ඇත. 3. දේශීය නිෂ්පාදකයන් බහුජාතික සමගම් ඉදිරියේ නෛතිකව අසරණ වී ඇත. 4. ජනාධිපතිවරයා නීති විශාරයන්ගේසහ නීතිපති දෙපාර්තමේන්තුවේ ග්‍රහණයට පත් වී ඇත. 5. අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීම සහ තීන්දු ලබා දිය යුතුවීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානය උල්ලංඝනය වී ඇත. 6. විදේශීය රටවල නීති අධ්‍යයන ආයතනවලට ශ්‍රී ලංකාවේ සිසුන් වැඩි වශයෙන් බඳවා ගැනීමට අවස්ථාව ලැබී ඇත. (සම්පූර්ණ අධ්‍යයන පත්‍රිකාව බලාපොරොත්තුවන්න) මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. 

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න