ජූලි 09 ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුලු වූ  බවට සහ ඒ සඳහා පෙළඹවූ බවට සාක්ෂි ඇති සියලු දෙනාට නඩු නොපවරා තෝරා ගත් අයට පමණක් නඩු පැවරුවොත් ඒ තෝරාගත් අයට පවරන නඩු සාර්ථක කර ගැනීමට නොහැකි වන්නේ නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද, නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුතුය යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 ව්‍යවස්ථාව පිළිගෙන ඇති හෙයිනි. එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති විධිවිධානය සහ දණ්ඩ නීති සංග්‍රහයේ ඇති ප්‍රතිපාදන අනුව ජනාධිපති මන්දිරයට අනවසරයෙන් ඇතුලු වූ තෝරාගත් තැනැත්තන්ටඑරෙහිව පවරන නඩුවල සැකකරුවන් වරදකරු බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම පොලීසියට අසීරු වේ. (මෙහිදී ජනතාව තේරුම්ගත යුත්තේ විමර්ශන අවස්ථාවේ බන්ධනාගාරගත කිරීම සඳහා මේ නීති ප්‍රතිපාදන අදාල නොවන බවත් මේ නීති ප්‍රතිපාදන අදාල වන්නේ නඩු විභාගයේදී වන බවත් ය.) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩ සටහන. 

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න