රටේම ජනතාව එකතු වී ඉල්ලීම කළද අලි සබ්‍රි, සාලිය පීරිස් සහ නීති නිඝන්ටයන් සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙනවට කැමති නැත. ඔවුන්ගේ පටු අරමුණු සහ ලංඩන් නීති උපාධි අලෙවි කිරීම ඇතුළු අවශ්‍යතා ඉටුකර ගත හැක්කේ සිංහල භාෂාවට නීතියේ හිමි මූලිකත්වය සහ ස්ථානය අහිමි කිරීම තුළය. 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමත් සමග සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම ආරම්භ වූ අතර රහුෆ් හකීම් සහ අලි සබ්‍රි අධිකරණ ඇමති සමයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නතර කරන ලදී. එකී නීති නිඝන්ටයන්ගේ අවශ්‍යතාවය නිදහස් අධ්‍යාපනයෙන් පිටින් එන ඉංග්‍රීසි දන්නා අදක්ෂයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දොර විවෘත කර දීමත්, නිදහස් අධ්‍යාපනය ලබා පැමිණෙන සිංහල දන්නා දක්ෂයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දොර වසා දැමීමත් ය. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තීන්දු රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන්, අධිකරණ භාෂාවෙන් ලබා දීමට මේ නීති නිඝන්ටයන් ඉඩ දෙන්නේ නැත. මොවුන්ගේ ඊළග උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව, අධිකරණ භාෂාව ඉංග්‍රීසි බවට පත් කිරීමය. රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන්, අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වා ඇත්තේ, ඉංග්‍රීසි දන්නා අදක්ෂයන්ට නීතිය උගන්වා සිංහල දන්නා දක්ෂයන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියෙන් පිටමන් කරන රවුෆ් හකීම්, අලි සබ්‍රි ඇතුළු නීති නිඝන්ටයන්ගේ පටු අරමුණු වෙනුවෙන් වන අතර, මෙම සිංහල භෂා විරෝධී සැළසුම් පැරදවීමට විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිට දුර දක්නා දැක්මක් නැති අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන එකී නීති නිඝන්ටයන් සමග සමාන්තර ගමනක් යාම ඔහුගේ පුරුද්ද බව ඔහුගේම දේශපාලන භාවිතය සාක්ෂි දරයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න