මෙවැනි කොමිසමක් සසඳා බලන විට කැකිල්ලේ රජ්ජුරුවො අති ශ්‍රේෂ්ඨ නඩුකාරයෙක් කියා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 1980 ඔක්තෝබර් 10 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ජේ. ජී. ටී. වීරරත්න (සභාපති වි), එස්. ශර්වානන්ද (වි) සහ අභියාචනාධිකරණ විනිසුරු කේ.සී.ඊ. ද අල්විස් (වි) සමන්විත විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් 1980 අගෝස්තු 29වන දින ඉදිරිපත් කළ වාර්තාවේ පරිදි සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක විසින් කරනු ලැබූ බලය අනිසි ලෙස හෝ අයථා ලෙස පාවිච්චි කිරීම හේතු කොට ඇය ප්‍රජා අශක්නුතාවයට යටත් කළ යුතු බවට 1978 අංක 07 දරණ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 9 වැනි වගන්තිය මගින් නිර්දේශ කර තිබුණි. ‘‘විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය” අතීතයටද බලපාන ක්‍රියාකාරකම් පාලනයට සහ දඩුවම් නියම කිරීමට ඇති හැකියාව අභියෝග කරමින් නඩු ව්භාග කරමන් තිබියදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81.2 අනුව්‍යවස්ථාව අනුව වසර 7කට අහිමි කිරීමට එවකට පාර්ලිමේන්තුව ක්‍රියා කළේය. ප්‍රජා අයිතිය අහෝසි කරනු ලැබූවද සිරිමාවෝ එදා පාර්ලිමේන්තු සභා ගර්භයේ සිට පිළිමළුන්ටත් ජනතාවටත් ඇසෙන්නට කළ අවසන් කතාව ඇය  අපරාජිතව සිටින බව තහවුරු කළේය. “ගුරු කතානායකතුමනි, පුරා වසර 20ක් මම මන්ත්‍රීවරියකව සිටියෙමි. ඉන් 12 ක් අගමැති ධුර දැරීමි. අධර්මිෂ්ඨ පාලකයන්ගේ නීතියටත් රීතියටත් නැති මෙම ක්‍රියාව හේතුවෙන් දැන් එළැඹ තිබෙන්නේ ඔවුන්ගේ දුෂ්ට චේතනා සපිරුණේ නම් මා මෙහි කරන අවසාන කථාවයි. මේ සභාවෙන් මා ඉවත් කරනු ලැබුවද පොදු ජනතා අරගලය තිබෙන තුරු මා ඉවත් කිරීමට කිසිවකුටත් ඉඩ ලැබෙන්නේ නැතිබව පැහැදිලිය.” 1980 ඔක්තෝබර් 10 හැන්සාඞ්  ඒ ආකාරයේ තත්ත්වයක් වර්තමානයේදීද දක්නට ඇත. ඒ නීතියේ අධික බලයක් අත දරා සිටින සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ වැරදි ක්‍රියා කලාපයයි. එහි සාමාජිකයන් කිහිප දෙනෙකු අධිකරණ බලය සහ විධායක බලය යන බල දෙකම දරමින් අධික බලයකින් යුක්තව ක්‍රියා කරයි. ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ජනරජයක් වූ 1972 සිට පැවති සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් අගවිනිසුරු ඇතුලු පහත දැක්වෙන සාමාජිකයන් විසින් අහිමි කර ඇත. 1) ගරු ජයන්ත ජයසූරිය  (අගවිනිසුරු, ජනාධිපති නීතීඥ) 2) ගරු ඩී. ද ලිවේරා (නීතිපති) 3) ගරු බී.පී. අලුවිහාරෙ (ජනාධිපති නීතීඥ) 4) ගරු කේ. සිසිර ආබෲ 5) එම්. එම්.පී. කේ.මායාදුන්නේ මහතා (ලේකම්,අධිකරණ අමාත්‍යාංශය) 6) සන්ජේ රාජරත්නම් මහතා (වැඩබලන සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ) 7) ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා (ජනාධිපති නීතීඥ) 8) මහාචාර්ය වී. ටී. තමිල්මාරන් 9) ප්‍රියන්ත නවාන මහතා (ජනාධිපති නීතීඥ) 10) කේ. නවරත්න මහතා 11) කේ. ඉන්ද්‍රතිස්ස මහතා (ජනාධිපති නීතීඥ) 12) තිසත් විජේගුණවර්ධන මහතා (ජනාධිපති නීතීඥ) 13) ධම්මික දසනායක මහතා 14) Ms සාවිත්‍රි විජේසේකර Ms ඉන්දිරා සමරසිංහ (ජනාධිපති නීතීඥ, විදුහල්පති, ලේඛකාධිකාරී (සංස්ථාගත නීති අධ්‍යාපන සභාව සිංහලෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම තහනම් කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ ක්‍රියාව නිදහස් ස්වෛරී ජනරජයක් වීමේ අරමුණු නැවත අහිමි කිරීමකි. එමෙන්ම එකී සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයේ 2වන වගන්තියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගය විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්විය යුතු බවයි. “ගහෙන් වැටුනු එකාට ගොනා ඇන්නා සේ” එකී ගැසට් පත්‍රයේ විධිවිධාන පවා කඩ කරමින් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ක්‍රියා කර ඇති බවට පොලීසියට පැමිණිලි කර ඇති බව මාධ්‍යයේ දැක් වේ. “වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරුව” කියා පැරන්නෝ කීවේ මේ නිසා ය. අවසාන වශයෙන් කිව හැක්කේ “නඩුත් බඩුත් දෙකම ඔවුන්ගේ නම් ජනතාවට නීතියේ පිහිටත් නොවන බවය”. සිංහලෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම තහනම් කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව වැරදි ක්‍රියා කළාපයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවා කතා කර ඇත. සිංහලෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම තහනම් කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව කැකිල්ලේ සභාවක් බව මේ වන විට පැහැදිලි වී ඇත. නීතියේ සිංහල නුගමුල” ෆීනික්ස් නීති සාර සංග්‍රහය. දුරකථන 0342256066, 0342256067, 0712063394. 

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න