1. දෝෂාභියෝග කිහිපයක්ම ආ සරත් නන්ද සිල්වා අගවිනිසුරු, රවුෆ් හකීම් අධිකරණ ඇමති සමග එක් වී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම බෙදුම්වාදය යුද්ධයෙන් පරාජය කළ 2009න් පසු 2010 සිට නතර කළේය.

2. බෙදුම්වාදී දේශපාලන පක්ෂ, වාමවාදී සංවිධන,බටහිරෙන් ආධාර ලබන නීතිවේදීන් සහ සිංහල සංවිධාන කිහිපයක් එකතු වී ජිනීවා යුධ අපරාධ විභාගය සෑම වසරකම සාකච්ඡාවට ගන්නා ජිනීවා සංචාරක කර්මාන්තය පවත්වා ගෙන යාම.

3. විදේශීය විනිසුරුවරු ශ්‍රී ලංකාවේ නඩු ඇසීමට ගෙනා යුතු බවට වන යෝජනාව ක්‍රියාත්මක කිරීමට පසුබිම සහ මාර්ගය තනමින්, ජයන්ත ජයසූරිය අගවිනිසුරු සහ අලි සබ්‍රි අධිකරණ ඇමති ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම සහ නීති විභාග පැවැත්වීම නතර කිරීමේ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් අනු නීති හැදුවේය.

4. ශ්‍රී ලංකාව විශාල ලෙස ජාත්‍යන්තර ණය උගුලක සිරකරමින් දැන් ඇත්තේ බෙදුම්වාදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඉල්ලීම් ඉටු කිරීම, රාජ්‍ය දේපල පැවරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදුකිරීම, විදේශීය රැකියාවලට යාම, තව දුරටත් ණය ගැනීම බවට මත සමාජ ගත කළේය. (සිංහලයන්ට සියල්ල මතක තියෙන්නේ පැය 24යි කියන්නේ ඒකය)

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න