1. ශ්‍රී ලංකාවේ අධිකරණ භාෂාව සහ නීති පැනවීමේ භාෂාව සිංහල භාෂාව වන අතර පනත් අතර අනනුකූලත්වයක් ඇති වවහොත් සිංහල භාෂා පාඨය යොදා ගත යුතුය.

2. වෛද්‍ය පීඨයේ ඉංග්‍රීසි  භාෂාවෙන් පමණක් උගන්වන අතර විභාග වෙනත් භාෂාවලින් පවත්වන්නේ නැත.

3. වෛද්‍ය පීඨවල උගන්වන්නේ නැති භාෂාවලින් විභාග පවත්වන්නේ නැත්තේ වෛද්‍ය අධ්‍යාපනයේ සහ වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතීන් ආරක්ෂාවටය.

4. 1972 සිට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රමිතියෙන් ඉහළ නීති අධ්‍යාපනයක් සිංහල භාෂාවෙන් ලබා දුන් අතර  ඒ අනුව නීති විභාගද සිංහල භාෂාවෙන් පැවැත් වීය.

5. නීති විභාග වලට පෙනී සිටීමට හැකි සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නෛතික යුතුකමක් වන අතර, එමගින් නීති අධ්‍යාපනයේ සහ නීති වෘත්තියේ ප්‍රමිතීන් ආරක්ෂා වෙයි.

6. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා නොදී නීති විභාග සිංහල භාෂාවෙන් ලිවීමට අවස්ථාව සළසා දීම එහි අධ්‍යාපන ගාස්තු ලෙස ගන්නා මුදල් අවභාවිත කිරීමට අවස්ථාව සළසා ගැනීමක් සහ ප්‍රමිතියෙන් උසස් නීති අධ්‍යාපනය ලබා දීමක් නොවේ.

7.නීති විභාග පවත්වන භාෂාවෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් නීති අධ්‍යාපනය ලබාදීම ප්‍රමිතියෙන් ඉහළ නීති අධ්‍යාපනයක් ලබා දීමක් වන අතර ප්‍රමිතියෙන් යුත් ඉහළ නීති වෘතියකට දායකත්වය සැපයීමකි.

“නීතියේ සිංහල නගමුල” ෆීන්ක්ස් නීති සාර සංග්‍රහය 0342256066, 0342256067, 0712063394 (2023.03.05)

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න