නීති පැනවීමට කැමැත්ත දීම අතීතයේදී ජනතාවට සෘජුවම සිදුකිරීමට තාක්ෂණික පහසුකම් නොතිබුණි. ඒ හේතුවෙන් ජනතාවගේ නියෝජිතයන් පාර්ලිමේන්තුව නම් ව්‍යුහයකට මැතිවරණයකින් ඇතුල්කර පාර්ලිමේන්තුව මගින් නීති පැනවීම සිදුකර ගන්නා ලදී. එහෙත් අද තත්ත්වය වෙනස් ය. තාක්ෂණය බොහෝ දියුණුය. කෘතිම බුද්ධිය පවා පාසල් විෂයක් වෙමින් ඇත. පරිගණක සාක්ෂරතාවයෙන් යුත් සමාජයක් බිහිවී ඇත. එසේනම් අතීතයේ නොතිබූ ජනතාවගේ සෘජු කැමැත්ත ලබා ගැනීමේ යාන්ත්‍රණය පාර්ලිමේන්තුව මගින් නොව ජනතාව මගින්ම කෙළින්ම යොදා ගැනීමට හැකිය. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නැත. ඒ නීති දැනටමත් පැනවී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85.2 ව්‍යවස්ථාව මගින් ජනමතවිචාරණය නීතිගත වී ඇත. වර්තමානයේ දියුණු තාක්ෂණය යොදාගෙන ජනතාවගේ සෘජු කැමැත්ත ලබා ගෙන නීති පැනවිය හැකි ක්‍රමයට මාරු වි. එමගින් ඇමෙරිකාවට, එංගලන්තයට ඕනෑ ආකාරයට, වරප්‍රසාද, මුදලට පක්ෂ මාරු කරමින්, ඇමතිධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් නීති සාදන වර්තමාන අසාර්ථක ක්‍රමය වෙනස් කළ හැකිය. නීති පනවන වර්තමාන ක්‍රමයේදී නීති සම්මත කිරීම පාර්ලිමේන්තුවෙන් කිරීම අසාර්ථක බව පැහැදිලි වී ඇත. එය ජනතාවගේ සෘජු ඡන්දයෙන් කළ යුතුය. ජනතාව විසින් සෘජුව නීති සම්මත කරන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණ කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85.2 ව්‍යවස්ථාව ඒ සඳහා දැනටමත් ඇත. අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ  නීති ග්‍රන්ථ කර්තෘ, මුද්‍රිත/විද්‍යුත් මාධ්‍ය ලේඛක සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0342256066, 0712063394

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න