සඟ ගැට යටතේ ලංකාවේ විහාරස්ථාන ආශ්‍රිතව සිදුවෙන අප්‍රමාණ ළමා අපයෝජන සම්බන්ධව බොහෝ කරුණු අප වෙබ් අඩවිය පසුගිය දිනවල කරුණු ඉදිරිපත් කලා.
ඇත්තටම ළමා පැවිද්ද මොන තරම් රටට අහිතකර ද කියන කරුණ සැඟවී තිබෙන දැවැන්ත ගැටලු සහගත තත්ත්වයක්.
ශ්‍රී ලංකාවේ සෑම ආණ්ඩුවක්ම තමන්ට ගැතිකම් කරන ආවඩන හිමිවරුන්ට කෝටි ගණන් වැය කර ගොඩනැගිලි ඉදිකර දෙනවා. වෙනත් විදියට ඔවුන්ට උපකාර කරනවා. පන්සල්වල විශාල සම්මන්ත්‍රණ ශාලා හදනවා. ඵ්වා පොදු දීමනා නොවේ. පෞද්ගලික දීමනා ශාසනයට කරන සේවාවක් ඵයින් මතු වෙන්නේ නෑ.
ආණ්ඩුවට ගැතිකම් කරන භික්ෂූන් විවිධ අපචාරවල යෙදෙනවා. ඵයින් ළමා පැවිද්ද අරඹයා කරන අකටයුතුකම් අප්‍රමාණයි. ඒසම්බන්ධව බොහෝ විට මහා නායක හිමිවරු නිහඬතාවක් අනුගමනය කරනවා.
මේ මෑතකදී මේ ගෙවී යන්නේ ඇසළ මාසයයි. පසුගිය 11 වෙනිදා බාල වයස්කාර සාමණේර හිමිනමකට වසර 03ක් තිස්සේ සිදුකළ අපයෝඡනයක් පිළිබඳව වාර්තා වුණේ පානදුර ආශ්‍රිතවයි. බාල වයස්කාර සාමණේර හිමිනමකට වසර 03ක පමණ කාලයක සිට බරපතල ලෙස අපයෝඡනය කළ විහාරාධිපති හිමිනමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා තෙනමක් මැයි 11 වෙනිදා අත්අඩංගුවට ගැනීමට පයාගල පොලීසිය සමත් වුණා. මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කළුතර පයාගල ගොරකාදෙනිය විහාරස්ථානයක වැඩ වසන 43 හැවිරිදි විහාරාධිපති හිමියන් හා 10 වියැති දෙනමක්. අගතියට පත් 11 වියැති සාමණේර හිමිනමගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව පොලීසිය පරීක්ෂණ සිදුකර තිබෙනවා. සැකකාර හිමිවරුන් තිදෙනාම ඵවිට විහාරස්ථානයෙන් පළා ගොස් තිබෙනවා.
ඉකුත් මැයි 04 නීතීඥයෙකු මාර්ගයෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුම්පතක් මේ භික්ෂූන් තෙනම ඉදිරිපත් කර තිබුණා. ඵය ප්‍රතික්ෂේප කරපු අධිකරණය, ඵම භික්ෂූන් අත්අඩංගුවට ගන්නැයි පොලීසියට නියෝග කර තිබුණා. ඒ අනුව පලාගොස් සිටි ස්වාමීන් වහන්සේලා තුන්නම පසුගිය 11 වෙනිදා පොලිසියට භාර වුණා.
2021 සිට විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු සෙසු ස්වාමීන් වහන්සේලා දෙනම සිය කාමර වලදී සාමණේර හිමිනමව වරින් වර ලිංගික අතවර සිදුකළ බව අගතියට පත් සාමණේර හිමිනමගේ මව විසින් සිදුකළ පැමිණිල්ලේ සඳහන් වෙනවා.
අතවරයට පත් සාමණේර හිමි වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කඵතර ශික්ෂණ රෝහලට මේ වන විට යොමු කර වෛද්‍ය වාර්ථාවක් ලබා ගෙන තිබෙනවා. සැකකාර හිමිවරුන් වැඩි දුර විමර්ශන සඳහා ළමා හා කාන්තා කාර්යංශ මූලස්ථානය වෙත මේ වන විට භාර දී වැඩි දුර පරීක්ෂණ සිදු වෙමින් පවතිනවා. පයාගල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් වැඩි දුර මේ පිළිබඳ මේ වන විට පරීක්ෂණ පවත්වාගෙන යනවා. ඇත්තටම මෙවැනි සිද්ධීන් දෛනිකව දිවයින පුරා සිදු වෙනවා. නමුත් පොලිස් අත්අඩංගුවට ගැනීම් සිදු වෙන්නේ ඉතාමත් සුළු වශයෙන්. මව්පියන්ට මේ කරුණු කාන්දු වෙන්නේ ඉතාමත්ම සුළු වශයෙන්. හේතුව වන්නේ දැවැන්ත විශ්වාසයක් විහාරස්ථාන ආශ්‍රිතව ගොඩනගා ගෙන තිබෙන භික්ෂු සමාඡය මව්පියන් ඵවැනි බාල අපචාරයක් විහාරස්ථාන තුළින් සිදු වේ කියා විශ්වාස කරන්නේ නෑ
ළමා අපචාර සිද්ධීන් දිවයින පුරා වසර පුරා සිදු වෙනවා. දඹුල්ල ළමා අපචාර සිද්ධියේ සැකකාර ප්‍රාදේශීය දේශපාලඥවරයාගේ සහෝදරයා අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් දඹුල්ල පොලිස් ස්ථානාධිපතියාගෙන් ප්‍රශ්න කිරීමට පසු ගිය කාලයේ දී ළමා ආරක්ෂණ අධිකාරිය මැදිහත් වුණා. එය හොඳ ආරම්භයක්. ඒ සම්බන්ධව විවිධ පාර්ශ්වයන්ගෙන් නැගෙන චෝදනා සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති උදය කුමාර මහතා පැවසුවේ සැකකරුගේ දේශපාලන සබඳතා හෝ කවර තරාතිරමක අයෙක් ද යන්න එම සිදුවීමේ ඉදිරි විමර්ශනවලට බාධාවක් නොවන පරිදි පොලීසිය ක්‍රියාත්මක විය යුතු බවයි. මේවගේ දේශපාලන අධිකාරියේ දඹුල්ලේ මන්ත්‍රීවරු කවුද යන්න ඔබට සිතාගත හැක. දඹුල්ලේ නගරාධිපතිගේ සහෝදරයෙක් තමා ළමා අපචාර සිද්ධියේ සිට ඇත්තේ.
භික්ෂූන් සම්බන්ධයෙන් ද මෙවැනි සිදුවීම් අපමණ සිදු වුවද ඒවා සම්බන්ධව ළමා ආරක්ෂණ අධිකාරියේ මැදිහත් වීම අවම මට්ටමක පැවතීම කණගාටුවට කරුණකි. පන්සල් ආශ්‍රිතව සිදුවෙන බොහෝ අපචාර සිද්ධීන්වල දී ක්‍රියා නොකිරීම පොලීසියට ඒ සඳහා උපදෙස් ලබා දීම ඉතාම අඩු තත්වයකින් පැවතීම කණගාටුවට කරුණකි.
දොළොස් හැවිරිදි පිරිමි දරුවාගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත්ද කියා ළමා ආරක්ෂණ අධිකාරිය විමසා ඇත. අධිකරණ වෛද්‍යවරයාට යොමු කර ඇත්ද යන්න ද විමසා ඇත. ඒ කරුණුවල ප්‍රතිඵලයක් වශයෙන් සැකකරු අත්අඩංගුවට නොගැනීමට හේතු මොනවද යන්නත් ළමා ආරක්ෂණ අධිකාරිය පොලීසියෙන් ප්‍රශ්න කර ඇත. සැකකරු වසරක පමණ කාලයක් තිස්සේ අදාළ දරුවා වරින් වර අපයෝජනයට ලක්කර ඇත. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලද පැමිණිල්ලක් මත මෙහි ඉදිරි විමර්ශන දඹුල්ල පොලීසිය වෙත යොමු කර ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් සැකකරුගේ නිවසට අවස්ථා කිහිපයකදී ම ගොස් ඇති බව පොලිසිය ළමා ආරක්ෂණ අධිකාරියට පවසා ඇත. පළා ගිය පුද්ගලයා පිළිබඳව වැඩිදුරටත් කරුණු විමසීමට පොලිසිය ඉන් පසුව සමත් වී ඇත.
පොලීසියට අවශ්‍ය නම් අදාළ සැකකරුව අත්අඩංගුවට ගත හැකි බව පැහැදිලිය. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ පනතේ හැට හතරවන වගන්තියට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීම හා විමර්ශන කටයුතු නියාමනයට ඇති බලතල අනුව ඒ පිළිබඳව දඹුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කරුණු ළමා ආරක්ෂණ අධිකාරිය විමසා ඇත්තේ. ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අංශය වෙත වගකීම පැවරේ. ඒ අනුව මේවන විට අදාළ දේශපාලඥයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි අපට විශ්වාස කළ හැක.
ඒ වගේම ළමා වින්දිතයින් හෙළි කිරීම වළක්වන්න ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසඳය පසුගිය දා තීරණය කරනවා. ඒ ඔවුන්ගේ හමුවකදී ය. වින්දිතයින්ට යම් කිසි අපහසුතාවයකට පත්වෙනවා හෝ මෙය මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම නිසා ළමුන්ගේ අනාගතයට බලපෑමක් වීම ඔවුන්ගේ මූලික ඉලක්කය වී ඇත.
නමුත් මේ රටේ ආරාම, විහාරස්ථාන ආශ්‍රිතව වෙනත් පූජ්‍ය පක්ෂවල පවා සිදුවෙන ළමා ලිංගික තර්ජනය සඳහා ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය සාකච්ඡා නොකිරීම කණගාටුවට කරුණක්. මෙහි සභාපති වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මියයි. ළමා අපයෝජන සහ ළමා අපචාර සිදුවන අවස්ථාවලදී ළමයින්ගේ අනන්‍යතා මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීම අදාළ දරුවන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල වන බව සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන් පෙන්වා දී ඇත. නමුත් දවස පුරා, සති පුරා, මාස පුරා, වසර පුරා වසර ගණන් පුරා විහාරස්ථාන ආශ්‍රිතව ළමා අපචාර සිද්ධීන් පිළිබඳව මනා විමර්ශනයක් වෙන්න අවශ්‍ය අවකාශය සාකච්ඡාව වසා ගෙන ක්‍රියා කිරීම කණගාටුවට කරුණක්. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයට මේ සඳහා මැදිහත් වීමට තිබූ අවකාශය පුළුල් යැයි අප හිතනවා. දරුවන් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමේ දී තම ආයතන නිසි ප්‍රමිතියකින් කටයුතු කළ යුතු බව මෙම සංසදය මාධ්‍ය ආයතනවලට කියනවා. අපි ළමයින් පිළිබඳව ළමයින්ගේ පුද්ගලික තත්වය හෙළි කරලා නැහැ. සංඝ සමාජය තුළින් සිදුවන ළමා අපචාර සිද්ධීන් සම්බන්ධව ඒ අදාළ සිද්ධිය තමයි අප නිමිති කරගෙන තොරතුරු හෙළි කරන්නේ. ඒ දරුවගේ එහෙම නැත්නම් සාමණේර හිමියන්ගේ හිමිවරුන්ගේ පෞද්ගලික අනන්‍යතාවය අප කොහෙත්ම හෙළි කරන්නේ නැත.
බොහෝ වෙලාවට පොදු මාධ්‍යත් එහෙම තමා නමුත් අවශ්‍ය තැනට නිසි කලට නිසි වේලාවට යොමු විය යුතු ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසඳය මීට වඩා පසු විමර්ශනයක් කළ යුතුයි කියලා අපි කියනවා. මේක ළමා නිවාස ගත දරුවන්ගේ තත්වය වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සංසදය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තියෙනවා. ඒක හොඳයි. අවම ප්‍රමිතිමාලාවන්ට අනුව අදාළ ආයතන පවත්වා ගැනීම, ළමුන් රැක බලා ගන්නා කාර්ය්‍ය මණ්ඩලවල හිඟකම, එම ස්ථානවල සනීපාරක්ෂාව ප්‍රමාණවත් නොවීම, දරුවන්ට ප්‍රමාණවත් පරිදි මනෝ සමාජීය ප්‍රතිකාර ලබා නොදීම වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විට ළමා නිවාසගත දරුවන් සමාජගත කිරීමේ ක්‍රියාවලිය, ළමා නිවාසවල සිටින දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සහ ළමා නිවාස නිසි අධීක්ෂණයට යටත් කිරීම ආදි කරුණු සංසදයේ අවධානයට යොමු වුණු බව වාර්තා වෙනවා.
නමුත් මීට වඩා පාර්ලිමේන්තු සංසදයට කළ හැකි කාර්ය්‍ය භාර්ය්‍ය අපමණයි. ළමා අපචාර සිද්ධි අනන්තවත් අප්‍රමාණවත් විහාරස්ථාන හා වෙනත් පූජ්‍ය ස්ථානවලින් දිගු කාලයක සිට වාර්තා වෙනවා. ඒ බව සනාථ කරන කරුණක් තමයි දැන් අදාළ විහාරස්ථානාධිපතිවරුන්ට එරෙහිව පාතාලයත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ තුළින් පෙන්නුම් වෙන්නේ මොකක් ද? රට පුරා සාමණේර හිමිවරුන් අපචාර ක්‍රියාවන්ට යොමු කරන විහාරස්ථාන සංස්කෘතියක් දියත්වෙලා තියෙනවා කියලා. දෙණියායේ හිමිවරුන් දෙදෙනෙකුගෙන් ලක්ෂ 52 ක් කප්පම් ඉල්ලා ඇත. මෙයින් ලක්ෂ 20 ක් ගන්න ආවාම, තිබෙන පොලිස් සබඳතා මත ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත. ළමා හා කාන්තා කාර්යංශ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ කාර්යංශ නිලධාරින් ලෙස පෙනී සිටිමින් තමයි හිමිවරුන්ට අපචාර චෝදනා එල්ල කොට කප්පම් ලබා ගැනීමට රට තුළ කල්ලි බිහි වෙලා තියෙන්නේ. මේ කල්ලි මෙසේ බිහි වන්නේ ඇයි? ළමා අපචාර එහෙම නැත්නම් භික්ෂු හිමිවරුන්ට සාමණේර හිමිවරුණ්ට අපචාර නොකරන තත්වයක් තුළ එවැනි කප්පම් ගැනීමේ රටාවක් වර්ධනය වෙන්න පුළුවන් ද? ඒ පිළිබඳවත් වෙනම පරීක්ෂණ කළ යුතුයි. පොලීසිය ඒ සඳහා අධිකරණයට ඒ තොරතුරු වාර්තා කරගන්න ඕනා. එවැනි පරිසරයක් තියෙන නිසා තමයි එවැනි කප්පම්කරුවන් බිහිවෙන්නේ අනිත් පැත්තෙන් මේ සඳහා පොලිසිය ඒ සම්බන්ධව ක්‍රියාත්මක නොවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ පිළිබඳව හොඳින් දන්නා මේ වංචනිකයින්, කප්පම්කරුවන්, පාතාල සාමාජිකයින් භික්ෂූන්ගෙන් මුදල් ලබා ගැනීමේ රටාවකට කප්පම් ගැනීමේ තත්වයකට තල්ලු වෙලා තියෙනවා. ලක්ෂ 52 කතාව වාර්තා වුණාට ඔයිට වඩා යටගිය වාර්තා තිබෙන්න පුළුවන්. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වයස අවුරුදු 20, 30 අතර පසුවන පුද්ගලයින්. එක් අයෙකු කලක් මහණ වී සිට පසුව සිවුරු හැර ගොස් සිටි අයෙක්. ඒ කියන්නේ පන්සල ආශ්‍රිතව සිදුවෙන බාල අපචාර සිද්ධීන් ඔවුන් හොඳින් ම දන්නවා. තවත් පැත්තකින් කියනවා නම් බාල අපචාර සිදුවෙන්නේ අසවල් අසවල් භික්ෂූන්ගෙන් බවත් ඔවුන් දන්නවා. ඒ අනුව තමයි ඔවුන් සිය උපාය මාර්ග ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව තමයි ඔවුන්ගේ හැකියාවන් අනුව තොරතුරු දැන ගැනීම මත තමයි මෙය සිදුවෙන්නේ. මේ විහාරස්ථාන ආශ්‍රිතව සුවිශාල මුදල් සම්භාරයක් පවතින බව පේන්නේ ලක්ෂ 52 ක් වැනි විශාල මුදලක් ඉල්ලීම තුළින් ඒ මුදල් දීමට හැකියාව මේ විහාරස්ථාන භික්ෂූන්ට තිබෙන බව ඔවුන් දන්නවා. මේ සිද්ධිය සුළුවෙන් තැකිය යුතු නැත. ඒ කියන්නේ මේ කල්ලිය අත්අඩංගුවට අරගෙන එතනින් මේ සිද්ධිය නිමා කළ යුතු නොවේ. මේ පිළිබඳව ළමා ආරක්ෂණ අධිකාරිය මනා පසු විමර්ශනයක් සමාජ සමීක්ෂණයක් සිදු කළ යුතු අවස්ථාවකට දැන් එළඹිලා තියනවා. ඒ එළඹිම තේරුම්ගන්න සෙසු ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ආයතනත් කටයුතු කරන්න ඕනා.
සිවුරු හැර ගොස් සිටි අයත් මේ වංචාවට භික්ෂූන්ගෙන් මුදල් සොරා ගන්න මැදිහත් වෙලා තිබීමෙන් ම පෙනී යනවා මේ විහාරස්ථාන ආශ්‍රිතව සිදුවෙන දෛනිකව, මාසිකව, සතිය පුරා, වාර්ෂිකව මේ ළමා අපචාර සාමණේර හිමිවරුන්ට සිදුවෙන බව. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව විහාරස්ථානවල ස්වාමීන්වහන්සේලාගේ අපචාර ඇතුළු නොයෙක් චෝදනා පිළිබඳව පොලිසිය ක්‍රියාත්මක නොවීම නිසා වංචනිකයින්ට අවස්ථාව ලැබිලා තියෙනවා. උදාහරණයක් විදිහට රාජ්‍ය අංශයේ මත්පැන් අධික මිල ගණන් වෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සයකුට අරක්කු ටිකක් බොන්න හුරුපුරුදුව අනුව වෙහෙස මහන්සිය අනුව ඔහුට රුපියල් 5000 කට ආසන්න මුදලක් යට කරන්න වෙනවා හොඳ යහපත් යම්කිසි මද්‍යසාර පානයක් භුක්ති විඳින්න. නමුත් එවැනි තත්වයක් නැති පරිසරයක් රජය ගොඩනගලා ඇති නිසා රුපියල් 3500 -5000 ක් අතර සාමාන්‍ය මත්පැන් බෝතලයක් ගන්න වැය කිරීමේ පරිසරය නිසා නිර්මාණය වෙලා තියෙනවා කසිප්පු නැත්තන් විස මත්ද්‍රව්‍ය බොන්න. එතකොට මේ රජය මොකක් ද කරන්නේ? රජය පැහැදිලිවම විෂ මත්ද්‍රව්‍ය කසිප්පු වැනි දේවල් රට පුරා ගෘහස්ථ මට්ටමෙන් ව්‍යාප්ත කිරීමේ ක්‍රමයක් අනුගමනය කරනවා නේද? ඒ වගේ ලංකාවේ හොරුන් කප්පන්කරුවන් පමණක් අත්අඩංගුවට ගැනීමෙන් මේ සිද්ධිය සමතය විය යුතු නැත.
මේ පිළිබඳව පශ්චාත් පරීක්ෂණ දිගින් දිගටම සිදු වෙන්න අවශ්‍යයි. බදුල්ල, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය විහාරස්ථාන තමයි දැනට මේ කප්පම් මුදල් සම්බන්ධව පැමිණිලි චෝදනා මතු වෙලා තිබෙන්නේ. කප්පන්කරුවන්ගේ ග්‍රහණයට ලක් වූ ස්වාමීන්වහන්සේලා අපමණ ප්‍රමාණයක් ඉන්නවා. සැකකරුවන් තර්ජනය කිරීමෙන් දෙණියායේ පිහිටි රාජ්‍ය බැංකුවකින් හා පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 30 ක මුදලක් පසුගිය දෙසැම්බර් මාසයේ දී අවස්ථා දෙකක දී සැකකරුවන්ගේ ගිණුම්වලට බැර කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණවල දී වැඩිදුරටත් අනාවරණය වන බව කිව යුතුයි. රුපියල් ලක්ෂ 20 ක මුදලක් කප්පම් වශයෙන් ලබා ගැනීම සඳහා පසුගිය 27 වන දා උදේ 11ට පමණ දෙණියාය පල්ලේගම ප්‍රදේශයට පැමිණෙන බවට අනෙක් ස්වාමීන්වහන්සේට දුරකතන ඇමතුමක් ගෙන ඇති අතර එම හිමිනම එදිනම උදේ දෙණියාය පොලීසියට ගොස් මේ සම්බන්ධව පැමිණිලි කර තිබෙනවා. දෙණියාය පොලිසිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් ස්වාමීන්වහන්සේ වැඩ සිටින විහාරස්ථානයට ගොස් සැඟවී ඉඳලා තියනවා. පසුව ස්වාමීන්වහන්සේට කප්පම්කරුවන් දුරකතන ඇමතුමක් ලබා දී කප්පම් මුදලත් රැගෙන මොරවක ප්‍රදේශයට පැමිණෙන ලෙස දන්වා තිබුණා. ඒ අවස්ථාවේ දී ස්වාමීන්වහන්සේ කප්පම්කරුවන්ට දන්වා ඇත්තේ තමන් එම ප්‍රදේශයට ගමන් කිරීමට නොදන්නා බවයි. පසුව කප්පම්කරුවන්ගෙන් එක් අයෙකු ස්වාමීන්වහන්සේ මොරවක ප්‍රදේශයට කැඳවාගෙන යෑම සඳහා යතුරු පැදියකින් විහාරස්ථානයට පැමිණ තියෙනවා. එම අවස්ථාවේ විහාරස්ථානයේ සැඟව සිටි පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තියෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුගේ මාර්ගයෙන් අනෙක් සැකකරුවන් දෙදෙනාට දුරකතන ඇමතුමක් ලබා දී ඔවුන් සිටින නිල්ලෑල්ල ප්‍රදේශයට පොලිස් නිලධාරීන් ගොස් ස්වාමීන්වහන්සේ එම සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20 ක මුදල ලබාදෙන අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙණියාය පොලීසිය මේ ගැන පරීක්ෂණ පවත්වනවා.
මේ තත්වයෙන් ඔබ්බට ගොස් ලංකාවේ රට පුරාම තියෙන පොලිස් ස්ථානවල මෙවැනි චෝදනා නැගෙන භික්ෂූන්වහන්සේලා පිළිබඳව විමසිලිමත් වීම ඉතාම වැදගත් කාර්ය්‍ය භාර්ය්‍යක්. ඒ කාර්ය්‍ය භාර්ය්‍ය ඉටු කරනවා නම් මේ තත්වය කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා ලංකාවේ සමාජීය යහපැවැත්මට බලපාන ප්‍රධාන සාධකයක් මේ බෞද්ධ භික්ෂු සමාජය. නමුත් ඒ බෞද්ධ භික්ෂු සමාජයම මෑතක සිට සමාජයේ සුවිශේෂ තැනක් හිමි වෙලා තිබුණා. නමුත් ඒ තත්වය සම්පූර්ණයෙන්ම විනාශ වෙන තත්වයකට භික්ෂු සමාජයේ මේ ලිංගික සාමණේර භික්ෂුන් ලිංගිකත්වයට එහෙම නැත්නම් දුරාචාර සිද්ධීන්ට යොමු කර ගැනීමෙන් ඔවුන්ගේ ගෞරවනීය භාවය නැති වෙලා තියෙනවා. ඒ නිසා මේ රටේ මිනිසුන්ගේ සාමූහිකත්වය ඒකරාශී භාවය අන්නෝන්‍ය සුහදතාවය ගරුත්වය සදාචාරාත්මක බැඳීම් සියල්ලක්ම අභියෝගයට ලක්වන තත්වයක් මේ සාමණේර හිමිවරුන් සම්බන්ධ ගැටලුවේ දී රට මුහුණ දී තිබෙනවා. වැඩි විස්තර ඉදිරි ලේඛනවලින් බලාපොරොත්තු වන්න.
සුමිත් කොඩිතුවක්කු ලියයි.